Monday 29 October 2012

අපොයි පොත්වලට ගිය සල්ලි හෙවත් සිව් වසරක් මරදානේ - You may not like this!


අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය හෙවත් අ.පො.ස. විභාගෙට ඉස්සර අපේ බාප්පාලා ගේ කාලේ හදලා තිබුණු සරදම් නමක් තමයි අපොයි පොත්වලට ගිය සල්ලි කියන එක.

දැනුත් ඔය අපොයි පොත්වලට ගිය සල්ලි කියලා සමහර වෙලාවකට කියවෙනවා සමහර පොත් සල්ලිවලට අරං කියවලා ඉවරවුණාට පස්සේ.

අද මේ හදන්නේත් පොතක් ගැන වචනයක් ලියන්නයි.

පොතේ නම: සිව් වසරක් මරදානේ.
රචකයා: රසික සූරියආරච්චි
ප්‍රකාශනය සහ බෙදාහැරීම: දයාවංශ ජයකොඩි සමාගම, මරදාන
පොත ගැන මගේ අදහස නං මෙච්චරයි.
"ෂාහ්, අපූරු පොත. කියල වැඩක් නෑ!"

මේ පොත කියවන්න ක්‍රම දෙකක් තියෙනවා.

එකක් දයාවංශ පොත් කඩෙන් මිලට අරං කියවන එක.

අනික තමයි ප්‍රාදේශීය සභා පුස්තකාලේට මේ පොත කවදා හරි එනකං ඉඳලා බරෝ කරලා කියවන එක.

මං ජීවිතේ මුල් කාලේ කියවපු පොත් බහුතරයක් කියෙව්වේ පුස්තකාලවලින් අරගෙනයි.

මොකද දන්නවද?

එතකොට අර අ.පො.ස. කියලා හිතෙන්නේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි:
ඔක්තෝම්බර් 27 දිනට යෙදුණු මගේ උපන්දිනයට සුභපැතුම් තැබූ සැමට මගේ ස්තුතිය පිරිනමමි.

43 comments:

  1. මමත් ඉඳල හිටල මාසෙකට දෙකකට වතාවක් පොතක් ගන්නවා... ඒත් මට නම් තාමත් අ.පො.ස. කියල හිතිල නැහැ... :)
    කකා ඇත්තටම පොතක් පල කලා නම්, මගෙන් සුබ පැතුම්... :D මනුස්සයෙක්ගේ ජීවිතේ කරන්න ඕනෙ කාරනා ටික සම්පූර්ණයි නොවැ... (මං හිතන් ඉන්නෙ මේ කකාගේ පලවෙනි පොත කියල)

    ප.ලි. :- කකාගෙ වයසට ආවම මමත් පොතක් ලියනවා, "අට වසරක් මරදානේ" කියල... ;)

    ReplyDelete
    Replies
    1. //අට වසරක් මරදානේ// නියමයි !

      රසික මහත්මයා ලියාවිද "සිව් වසරක් හන්තානේ" කියලා ;)

      Delete
    2. අහවලාට වැරදී ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇත.
      (මං හිතන් ඉන්නෙ මේ කකාගේ පලවෙනි පොත කියල)

      Delete
    3. උඩින් තියෙන comment එකේ නම් ඒක පිලි අරන් නැහැ... sure නැති නිසා තමයි එහෙම ලිව්වෙ... ඔන්න දැන් මං පිලි ගන්නවා මට වැරදුනා කියලා (ඒ කතාව වැරදියි කියලා Mobileman කියන නිසා)... :)

      Delete
  2. හපොයි අර පාටියේ පින්තූරු එකක්වත් දාන්නේ නැද්ද?:)

    පොත බලන්ට තවත් ක්‍රමයක් තියනවා. කතුවරයා ඒක තෑග්ගක් හැටියට එවනකල් බලා ඉන්න එක. :D

    කවුද අනේ ඔය හිනාවේගන ඉන්නේ?:D:D:D

    ReplyDelete
  3. කකා ට මගෙන් සුබ පැතුම්.මේ පොතේ කවරෙ ගැන නම් හරිම දුකයි-දුප්පත් සහගතයි.පොත කියෙව්වට පස්සේ අර කාකා ගේ සමහර පෝස්ටු කියෙව්වම වගේ අපරාදෙ සුපියල් පහ කියලා වගේ හිතෙන්නේ නැතිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. රතු කියලා තියෙන එක ඇත්ත.. කවරේ නම් අන්තිමයි... මේක දැක්කම හරියට කියවන්න තියා අතට අරං බලන්නවත් හිතෙන්නේ නැති පරණ කවි පොතක් වගේ මට නම්.... ( කවි වලට ආස අය ගනීවි...)

      Delete
    2. don't judge a book by its cover කියලා පරණ සිංහල කියමනක් තියනවනේ... ඉතිං අපි උඩ ඔහොම උනාට ඇතුල එහෙම නෑලු කියලා හිතමු.

      Delete
  4. මේකට තමයි අවුරුදු තුනක් බ්ලොග් කට්ටක් ඇද්දෙ එහෙනම්!

    කොහොම උනත් සුභපැතුම්!

    අස්ප ගානක් දාල නැත්නම් මේපාර ලන්කාවට ගියාම අරගන්නම්.

    ReplyDelete
  5. මේ කොමෙන්ටු දිහා බලපුවහම පේන්නේ, මේ පොත කතන්දරකාරයාගේම පොතක් බවයි (මම ඉතිං අලුත්නේ)... ඒක එහෙම නම්, කතන්දරකාරයයි මමයි.. එකම රටේ වෙන්න ඕනේ... මොකද මේ ලේඛකයගේ (රසික සූරියඅරච්චි) ලිපිනම් මේ රටේ පලවෙන සිංහල පත්තර වලින් මම කියවනවා. බොහෝ දෙනා අතීතකාමයෙන් මත්වෙලා වර්ණනා කරන තමන්ගේ පාසල්කාලය පිළිබඳ අත්දැකීම්, සත්‍යවාදී කෝණයකින් දකින්නට උත්සහකරන රසවත් ලිපිපෙලක් ඒ පුවත්පත්වලින් මම කියවලා තියනවා.

    හැබැයි මේ බ්ලොග් එකට එන එක නම් හරි දුෂ්කර ක්‍රියාවක් බව කියන්නම ඕනේ. කීපදෙනෙක්ම මේ බ්ලොග් එක පිළිබඳව මට කිව්ව නිසයි අමාරුවෙන් එන්නේ. මොනවදෝ ස්ක්‍රිප්ට් දුවනවා කියලා මේක නිතර හිරවෙනවා.

    ReplyDelete
    Replies
    1. අර අන්තිම ප්‍රශ්නයට මොස්සිල්ලා ගිනි නරියා පාවිච්චි කරලා බලන්ඩ

      Delete
  6. තමන් ගැන වර්ණනා කරගන්නවද මෙහෙම
    පොත ගැන මගේ අදහස නං මෙච්චරයි.
    "ෂාහ්, අපූරු පොත. කියල වැඩක් නෑ!"
    අපි නොදන්නා කතන්දර ...

    ReplyDelete
  7. අපොස කියල හිතෙයිද කතන්දර.

    ReplyDelete
  8. kaka is this primary narcissism or healthy self-love? hey bootleg e-book copy already in pirate bay as a torrent file. just kidding

    ReplyDelete
  9. අඩ්ඩඩ්ඩා........මේ කකාද ඈ???

    මොනවා උනත් මම අදටත් සතුටු වෙන එක දෙයක් තමයි ආනන්දීයයෙක් වීම.බලමුකෝ ලොවෙත් ගාණක් නොවුනොත් පොත අරගෙන බලමු.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ ඔය දිලිසි දිලිසි පේන තට්ටේ දැක්කේ නැද්ද ? ඔය ඉන්නේ කකා නේන්නම් :)

      Delete
  10. "ෂාහ්, අපූරු පොත. කියල වැඩක් නෑ!"
    එහෙනම් කියවන්නම වටින පොතක් නොවැ......අතේ හැටියට පොතේ මිල වෙතොත් බලමුකෝ.......නැත්නම් ඉතිං පුස්තකාල සරණම තමා.... :)

    ReplyDelete
  11. //පොත ගැන මගේ අදහස නං මෙච්චරයි.
    "ෂාහ්, අපූරු පොත. කියල වැඩක් නෑ!"//

    තමා විසින් තමාගේම පිට කසා ගැනීම...

    ReplyDelete
  12. ඉස්කෝලේ විත්ති වෙන්න ඇති. අර පින්තුරේ තියෙන්නේ පසු කවරෙද. කතන්දරගේ නිරෝගී දත් දෙපලට සහ අලුතින්ම ලියු පොතට සුබ පැතුම් . ඊ බුක් වලින් කියවන්න බැරිද

    ReplyDelete
  13. බින්දි ඇහුව දේම තමා අහන්න තියෙන්නේ.. නැද්ද මේකේ ඊ බුක් එකක්... අපිටත් ළඟ නවන්න.. එතකොට අ.පො.ස. වෙන්නේ නැහැනේ... ආයේ මොකටද නිකං අවදානමක් ගන්නේ... :D

    අහු උනොත් අපොස හරි කරමුකෝ...

    ReplyDelete
  14. ආන්න හරි, මටත් හරියන්නෙ ඊබුක් තමා. ඒත් පව් නේද ලොක්කා

    ReplyDelete
  15. හැමදාම එක්සිබිෂන් එකෙන් එක සිංහල පොතක් (බොහෝවිට සන්නගේ පොතක් ) ගන්න එකේ ලබන පාර ඒ තැන මේ පොතට දෙන්නම්... ( ආනන්දේ ඉතිං අපෙ එහා වැටේ ඉස්කෝලෙ නොවැ... ඒක නිසා... )

    ReplyDelete
    Replies
    1. හිරු 'ආ.බා.' ද නැත්තං 'ගෝ.බා.' ද.?? :)

      Delete
    2. ගෝතමී බාලිකාවේ.

      Delete
  16. Poth kiyawana krama 2k thiyanawalu. 1k kaden ganeem, aneka pustha kalayakin nayata ganeema. Api danne nathuwa hitiye. Kiya dunnata bohoma isthoo thi.











    ReplyDelete
    Replies
    1. poth neweyi machan, me "POTHA"... :)

      Delete
  17. මේ පාර ලංකාවට ගියාම ගන්න ඕන. අවුරුදු ගානක් හිටපු තැන නොවැ :)

    ReplyDelete
    Replies
    1. P.S.

      Happy belated B'day wishes kaka ! :)

      Delete
  18. පුස්තකාලෙට ආවම බලමු. නැත්තං කොලඹ ආපු දවසක ගන්න බැරිය!

    ReplyDelete
  19. කකා ඔබ දන්නා කෙනෙක් නම් රසිකට මගේ සුබ පැතුම් දෙන්න! පොතේ තියන දේ ගැන නොදැන කතා කරන්න බැරි උනත් රසික ලියන දේවල් මා කියවලා තියන නිසා නරක වෙන්නම බැහැ. ඔබට බැරිද ඔය රසිකට කියන්න බ්ලොගයක් ලියන්නය කියලා!

    ReplyDelete
  20. අපි ඉතින් තවත් අවුරුද්දක් මරදානේ තමයි.. :D තාම අපොස ඉවර නෑනේ (ඔරිජිනල් අපොස)

    ReplyDelete
  21. සාමාන්‍යයේන් පොත් 10/12 දොරට වැඩුමෙ දී බෙදලා දෙනවා නේද? අපිවත් දා ගන්න ඒ ගොඩට.

    ReplyDelete
    Replies
    1. එහෙම පොත් ගන්න දානපතියෝ, පොත ලියපුකෙනට තෑගි දෙනවා පොතෙගන වගේ කීපගුනයක වටිනා තෑගි. (එහෙම නැත්නම් පොතගන වර්ණනා කරලා විචාරයක් වත් ලියන්න පුළුවන් කෙනෙන්ක් වෙන්න ඕනි)

      Delete
  22. පොතේ ගාන කීයද රසික මහත්තයෝ ?

    ReplyDelete
  23. අරන් කියෝලා බලලම හොද නරක කියන්නම්

    (මම එව්ව රික්වෙස්ටුවට මොකෝ උනේ )

    ReplyDelete
  24. සැක හැර කකාව දැකගත්තනේ
    ඒකත් මදැයි.

    බලමුකෝ අපේ පුස්තකාලේටත් ඕක එයිද කියලා නැත්තම් අ.පො.ස :)

    ReplyDelete
  25. මට නම් පොතට වඩා ආස හිතුනේ කකාගේ දිලිසෙන තට්ටෙට...

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් කතන්දර මහත්තයෝ...

      Delete
  26. කතන්දරට සුභ පැතුම්..පොත කියවන්න කැමති ලිස්ටුවට ඇතුලත් කර ගතිමි..
    සිනා බෝ වේවා..!!

    ReplyDelete
  27. රසික සූරියාරච්චි ගොයියගේ හිනාව තමා හිනාව :ඪ් අනිවා කියවලා බලන්න ඕනේ...

    ReplyDelete
  28. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    පසුව හමුවෙමු.

    ReplyDelete
  29. @ All
    සුභ පැතුම්වලට ස්තුතියි!

    ReplyDelete
  30. Mona gobba pothakda meka?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.