Sunday 2 September 2012

අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day


විවිධ හේතු නිසා අද මට මගේ තාත්තාව සිහිවුණා. පුතාගෙනුත්, දුවගෙනුත් ආදරය සමග තෑගි, උම්මා සහ කඩ්ල්ස් ලැබීම එයින් එක හේතුවක්.

ලෝකේ සදාකාලික පොදු නියමයක් තමයි අපේ තාත්තලා ගේ පරම්පරාව අපිට වඩා වෙනස් ය කියන එක. ඒක අපේ තාත්තලාට, අපිට වගේම අපේ දරුවන්ටත් පොදු දෙයක්.

අපේ තාත්තලා ළමයින්ට ඇති ආදරය පෙන්නුවේ උම්මා දීලා, බදා ගෙන කඩ්ල්ස් දීලා, හුරතල් කරලා නෙමෙයි.

දුරින් ඉඳලා, හිනාවකින් සංග්‍රහ කරලා, ඔළුව අත ගාලා, හොඳයි කියලා වගේ සරල දේවලින් තමයි ඒ පරම්පරාවේ අය දරුවන්ට තමන්ගේ ආදරය පෙන්නුවේ.

පොඩි කාලේ තාත්තා ගේ සරමේ ඔන්චිල්ලා පැද්දාට පස්සේ මං තාත්තාට තුරුළු වෙලා හිටිය දවසක් මට මතක නෑ.

මං හිතන්නේ කාලයත් එක්කම සේරම වෙනස් වෙනවා. අපේ පරම්පරාවේ තාත්තලා ඊට වෙනස්.

තාත්තා ගැන මං කතන්දර කීපයක්ම ලියල තියෙනවා, නමුත් ඒවායින් වැඩි හරියක් දුකෙන් ලියපු ඒවා.

මෙන්න පොඩ්ඩක් හරි ජොලියක් තියෙන එකම කතාවට පාර.
http://kathandara.blogspot.com.au/2009/11/blog-post_11.html

තාත්තා ගැන සඳහන් වෙන ඉතාමත් පැරණි සින්දුවක නව ගායනයක් අද අහන්න ලැබුණා. මේ පෝස්ට් එක ලියවෙන්නේ ඒ සින්දුව හින්දායි.

මේ සින්දුව අක්කයි, නංගියි අතර දෙබසක්. අන්තිමේ දී තාත්තාත් සම්බන්ධ වෙනවා.

මෙන්න ගී පද.

පුංචී නංගී එයි දැන් තාත්ත අපේ
පුංචී නංගී එයි දැන් තාත්ත අපේ
ඔව් අක්කේ ඇත්තක්මයි කිව්වේ
ඔව් අක්කේ ඇත්තක්මයි කිව්වේ
අර එන්නේ තාත්තා අපේ
පුංචී නංගී එයි දැන් තාත්ත අපේ

ටොෆී සීනි බෝල චොකලට් තාත්තා අතේ තිබේ
ටොෆී සීනි බෝල චොකලට් තාත්තා අතේ තිබේ
හා, හා මගෙ හොඳ අක්කට චොකලට් තමයි අගේ
හා, හා මගෙ හොඳ අක්කට චොකලට් තමයි අගේ
ඇයි පුංචි නංගි කළබළ තාත්ත මෙ ආවනේ
ඇයි පුංචි නංගි කළබළ තාත්ත මෙ ආවනේ
ටොෆි සීනි බෝල ඉල්ලගන්න නොකර කරදරේ
ටොෆි සීනි බෝල ඉල්ල ගන්න නොකර කරදරේ

මාගෙ දෝනී අක්කට සහා අයියට දෙන්න පංගුවක් ඔයින්
මාගෙ දෝනී අක්කට සහා අයියට දෙන්න පංගුවක් ඔයින්

අම්ම ගැහැව්ව තාත්ත මට
කාරි නැ දූට අම්ම ආදරෙයි
අම්ම ගැහැව්ව තාත්ත මට
කාරි නැ දූට අම්ම ආදරෙයි

ආල පාන තාත්තාට දිගායු හා හැම සැපත්වෙවා
ආල පාන තාත්තාට දිගායු හා හැම සැපත්වෙවා
හා එන්න එන්න නංගී තාත්තාට වඳින්න

වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ඣං සුපතිට්ඨං
පීතුපාදං නමාමහං

වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ඣං සුපතිට්ඨං
පීතුපාදං නමාමහං

සාදු, සාදු!

මේ සින්දුවේ ට්‍රැක් එක ක් ලැබුණු වහාම මෙතනට දාන්නම් හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩ ගේ උදව්වෙන් මෙන්න දැම්මා.



-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරය මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ප්‍රයාමයේ තවත් එක පියවරකි.

74 comments:

  1. මෙන්න මේ ගැන අපේ තිස්ස අයියා කාලෙකට පෙර ලියපු පෝස්ට් එකකින් උපුටාගැනීමක්.. ඔය සිංදු ලැයිස්තුවේ හත්වන සිංදුව 'පුංචි නංගී'..

    අමුතු සිංදු

    ReplyDelete
  2. තාත්තා කියන කෙනාට සමාන කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් ඒ අම්මා පමණයි.

    ReplyDelete
    Replies
    1. අම්ම කියා කියත හැකී එකම ලඳකටයි!

      Delete
  3. කකා මාත් අපේ තාත්තා ගැන ලියලා කරක් ගහන කොට තමයි මේක දැක්කේ. ඔබේ තාත්තා ගැන ලියලා තියෙන දේවල්, මගේ තාත්තටත් පොදුයි. ඔබගේ සටහන කියවලා මගේ සිත තවත් කනගාටුවෙන් පිරුනා. අපට (අපේ පරම්පරාවට) පොදු ගොඩක් දේවල් තියනවා.

    ReplyDelete
  4. ලියුම පුරාම දුක් මුසු ගතියක් දැනුන..

    කතන්දර මහත්තයගේ හිතද මගේ හිතද කියල තේරෙන්නේ නෑ ඒකට හේතුව..

    ReplyDelete
    Replies
    1. මගේ නං දැන් දුක තුනීවෙලා ගිහින්. අපි කාටත් ඔය ටික වෙනවා නේ. තාත්තා නැතිවෙලා මේ දෙසැම්බරේට අවුරුදු දෙකක්!

      Delete
  5. තාත්ත මට ඇනපු ටොක්ක
    දවාලෙ තරු පෙනුනා.........
    [ජිප්සීස්ලගේ]http://www.youtube.com/watch?v=o-sLevyhxC0

    ඒකත් මාර සැන්ටිමැන්ටල් නේද...?

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවන් මං අද යූ ටියුබ් එකේ ඇහැව්වා. ඒකේ තියෙන සමහර දේවල් (කට්ටි පැනීම වගේ) මට අදාල නැති හින්දා හිත ගියේ නෑ.

      සුනිල් පෙරේරා ගේ පුතා පස්සේ කාලෙක හෙඳ සින්දුවක් කියයි තාත්තා ගැන.

      Delete
  6. ලෝකෙ හැම තාත්තෙක්මත් හරිම ආදරනීයයි කාකා. අපි හැමෝගෙම තාත්තලා ඒ වගේ. මාත් උපරිමෙන්ම පිය සෙනෙහස අදටත් ලබන දියනියක්. මගෙ තාත්තා කිසිම දවසක මට නෑ බෑ කියන වචන පාවිච්චි කරලා නෑ. දෙනෙතේ කඳුළු පිරෙනවා ඒ ගැන හිතනකොට. තිස්ස මල්ලිටත් පින් ලස්සන ගීතයක් තිලින කලාට.මගේ තාත්තා ටත් ජීවත්ව සිටින අනෙක් තාත්තලාටත් දීර්ඝායු වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ වාසනාවන්තයි. ජයවේවා!

      Delete
  7. පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී.......

    ReplyDelete
    Replies
    1. මදි නේන්නම්, මාත් කවියක්වත් ලියලා නෑ තාම!

      Delete
  8. "පොඩි කාලේ තාත්තා ගේ සරමේ ඔන්චිල්ලා පැද්දාට පස්සේ මං තාත්තාට තුරුළු වෙලා හිටිය දවසක් මට මතක නෑ"
    ඇත්ත තමයි කකා. මගෙත් අත්දැකීම ඒකයි. ඒකාලෙ තාත්තලගෙ හැටි වෙන්න ඇති. ලින්ක් එක දිගේ ගිහිල්ල මකබාස්ගෙ තාත්ත ගැනත් දැනගත්ත. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මකබාස් ගේ කතාව නියම එකක්.

      Delete
    2. මීට අවුරුදු 10 කට පමණ පෙර හීත්‍රෝ ගුවන් තොටුපලෙන් එලියට බැසගත් මම අතින් කටින් එල්ලාගෙන ට්‍රොලියක්ද තල්ලුකරගෙන හීතල රැජිනගේ රටට පා තැබුවෙමි. පලමු වරට නොරටක "අතරමං වීම" මා සිත තුල ඇතිකලේ සාංකාවකි. හිතතුල රැව්දුන්නේ නන්දා මාලිනි ගේ " හෙල දෙරනේ කඳුල-සුසුම " ගීතයයි. සුප්‍රසිද්ධ රතු දුරකථන කුටියකට රිංගාගෙන පවුම් දෙකක් "මකර කටට" දමා ගෙදරට ඇමතුමක් ගත්තෙමි. තාත්තාගේ හඬ ඇසෙනවාත් සමඟම කඳුලු කැට සට සට ගා එලියට පනින්නට විය. කතාකර ගත නොහී රිසීවරය අල්ලාගෙන හඬ පාදාගන්නට තතනද්දී තාත්තා මගේ නම කියා ඇමතුවේය.
      -----------------------------------------------------------
      කලකට පසු ලංකාවට සැපත් වී යාලුවන් හා මතින් සප්පායම් වුයෙමි. තාත්තාට මගේ යහලුවෝ අමුත්තෝ නොවෙති. උන්ද මා මෙන් තත්තාගේ මතයට විරුද්ධය. එතරම් "ඉස්තරම් නොවන" බෝතල් දෙකක් වාෂ්ප වී ගිය මුත් උනුසුම් වාදය දිගට ඇදෙද්දී තාත්තා පසෙකට මා කැඳවා "ඉස්තරම්" බෝතලයක් මා අත තැබුවේය. ඉන් පැයකට පමණ පසු තාත්තා එවැනිම බෝතලයක් සමඟ පැමින තම "දේශපාලන විරුද්ධවාදීන්ට" පිදුවේ සතුටිනි.
      -----------------------------------------------------------
      තාත්තා සමඟ "ඉස්තරම්" බෝතලයක් හිස් කරන්නට මඟ බලා සිටිමි.

      මේ ප්‍රතිචාරයත් බොන-නොබොන සියලුම හොඳ තාත්තලා වෙනුවෙන්මය.

      Delete
    3. මීට අවුරුදු 10 කට පමණ පෙර හීත්‍රෝ ගුවන් තොටුපලෙන් එලියට බැසගත් මම අතින් කටින් එල්ලාගෙන ට්‍රොලියක්ද තල්ලුකරගෙන හීතල රැජිනගේ රටට පා තැබුවෙමි. පලමු වරට නොරටක "අතරමං වීම" මා සිත තුල ඇතිකලේ සාංකාවකි. හිතතුල රැව්දුන්නේ නන්දා මාලිනි ගේ " හෙල දෙරනේ කඳුල-සුසුම " ගීතයයි. සුප්‍රසිද්ධ රතු දුරකථන කුටියකට රිංගාගෙන පවුම් දෙකක් "මකර කටට" දමා ගෙදරට ඇමතුමක් ගත්තෙමි. තාත්තාගේ හඬ ඇසෙනවාත් සමඟම කඳුලු කැට සට සට ගා එලියට පනින්නට විය. කතාකර ගත නොහී රිසීවරය අල්ලාගෙන හඬ පාදාගන්නට තතනද්දී තාත්තා මගේ නම කියා ඇමතුවේය.
      ---------------------------------------------------
      කලකට පසු ලංකාවට සැපත් වී යාලුවන් හා මතින් සප්පායම් වුයෙමි. තාත්තාට මගේ යහලුවෝ අමුත්තෝ නොවෙති. උන්ද මා මෙන් තත්තාගේ මතයට විරුද්ධය. එතරම් "ඉස්තරම් නොවන" බෝතල් දෙකක් වාෂ්ප වී ගිය මුත් උනුසුම් වාදය දිගට ඇදෙද්දී තාත්තා පසෙකට මා කැඳවා "ඉස්තරම්" බෝතලයක් මා අත තැබුවේය. ඉන් පැයකට පමණ පසු තාත්තා එවැනිම බෝතලයක් සමඟ පැමින තම "දේශපාලන විරුද්ධවාදීන්ට" පිදුවේ සතුටිනි.
      ----------------------------------------------------
      තාත්තා සමඟ "ඉස්තරම්" බෝතලයක් හිස් කරන්නට මඟ බලා සිටිමි.

      මේ ප්‍රතිචාරයත් බොන-නොබොන සියලුම හොඳ තාත්තලා වෙනුවෙන්මය.

      Delete
    4. @මකබාස්,
      දකින්න ලැබීම සතුටක්. ඒත් ඇයි ලියන්නෙ නැත්තෙ. ලඟදි මම බ්ලොග්එක ඔක්කොම කියෙව්ව.

      Delete
  9. ඔය උඩින් තියෙන්නේ මගේ තාත්තා වයස දහනමයේදී ගුරුවරයෙකු ලෙස තලල්ලේ සේවය කරන්න යන්න කළින් ගුරු හැඳුණුම් පත සඳහා ගත්තු ෆොටෝ එකයි.

    මාර හැණ්ඩියෙක් නේද?

    මගේ ජාන සේරම තාත්තාට ගිහින්!

    ReplyDelete
    Replies

    1. මගේ ජාන සේරම තාත්තාට ගිහින්!

      this is the best :D

      Delete
  10. මගේ පියාත් අප අතරින් වෙන්වෙලා අදට මාස 6යි. ඒත් තාම හිතෙන්නෙ නැහැ එයා අප අතර නැහැ කියලා.

    සිංදුව අහැව්වා...පොඩි කාලෙ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කාටත් පොදු උරුමය - මරණය - අපිටත් මතු දිනක එනවා!

      Delete
  11. අපිත් තාත්තලා වෙයිනේ ඉස්සරහට :)

    ReplyDelete
    Replies
    1. හොඳ තාත්තෙක් වෙන්න!

      Delete
    2. @ Kathandara Karaya

      දරුවන්ට අභිමානයෙන් මේ මගේ තාත්තා කියලා කියන්න පුලුවන් වෙන විදිහේ තාත්තෙක් වෙන්නයි මගේ බලාපොරොත්තුව... :)

      Delete
  12. තවත් පරණ සින්දුවක් මතක් වුනා.

    කෝ අද ඇනොවා කොහෙද මගේ
    පිදුරු ගොඩේ සැඟවිලා වගේ
    මා හා අමනාපෙන් ද සුදූ
    ඕනෑ, නෑ මට කඳුළු බිඳූ

    ReplyDelete
    Replies
    1. Annos will throw flowers for 'well' posts and throw stones for 'wal' posts...
      Anyway you deserve what you get!

      Delete
  13. පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇත්දෝ....

    ReplyDelete
    Replies
    1. සින්දුවක්ද? මං නං අහලා නෑ. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
    2. දීපිකා ප්‍රියදර්ශනිගේ සින්දුවක් .

      Delete
    3. අද ඕස්ට්‍රේලියාවේ පියවරුන්ගේ දිනය නේද . මේ රටවල ජුනි 17 වගේ මතක . සම්පුර්ණ ඇත්ත . කලින් පරම්පරාවේ කලාතුරකින් කෙනෙක් තමයි උම්මා දෙන තාත්ත කෙනෙක් වුනේ . මගේ මතකත් ඔය වගේමයි . පොඩි කාලේ කකුල් දෙකේ තියන් අශ්වයා පද්දපු හැටි සහ කම්මුලේ ඇඟිල්ල තිබ්බම මන් ඒ පැත්තට උම්මා දීපු හැටි මතකයි. ටිකින් ටික ඒ පුරුදු නැති වෙලා දුරස්ථ බවක් ඇති වුනේ අපිත් නොදැනම

      Delete
    4. ස්තුතියි හැමෝටම.

      Delete
  14. අනේ කතන්දර, ඔයාගෙ තාත්තාත් තාත්තෙක්ද, ඈං?

    ඔන්න බලන්න එක තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවන්ට සලකපු හැටි.

    1. ලොකු පුතා කිව්වා කාර් රේස් යන්න ඕන කියලා. සල්ලි සල්ලි බලන්නෙ නැතුව රෑට පාරවල් වහලා කාර් රේස් දැම්මා. ලොකු පුතාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම්බර් වන්ට ටී වී චැනල් එකක්ම දුන්නා. පුතාට එයා මදි වෙච්චි නිසා ඉන්දියාවෙන් මොඩ්ල්ස්ලා ගෙනත් දුන්නා පොඩි සැපක් ගන්න.

    2. මද්දුමයා කිව්වා නේවි එකට යන්න ඔන කියලා. යැව්වා. සල්ලි සල්ලි බලන්නෙ නැතුව ලන්ඩන් යවලා ඉගැන්නුවා. රට යන්න ඕනැ කිවාම යන ඕනැ තැනක අරගෙන යනවා. රගර් ටීම් එකේ කැප්ටන් වෙන්න දුන්නා. ජ්‍යෙෂ්ඨයින් කපලා.

    3. අන්තිමයා කිවා ඌට හඳට යන්න ඕනැ කියලා ඒකත් කොහොම හරි කරනවාමයි.

    අනේ කතන්දර ඔයාගෙ තාත්තා ඔය මොකවත් කළාද? හූ හූ හූ.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත බං! අන්න තාත්තල!

      Delete
  15. හැමෝගෙම තාත්තා ගැන තියෙන හැඟීම් එක වගේ නෑ.උදාහරණයක් මම.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි, සෘණාත්මක සිතුවිලි ගැනද මේ කියන්නේ?

      Delete
  16. කලින් පෝස්ට්වල අවස්ථාවාදීව ඇනෝ කමෙන්ට් දාන් ඇත්තේ කකාමයි කියල තහවුරු වෙනවා මේ පෝස්ට් එකේ ඇනෝ නැති නිසා.

    හිට්ස් ගන්න එවන් වැඩ නොකරේවා.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මිනුමෙන් ද අනුන්ව මනින්නේ?

      Delete
  17. සංවේදීයි ලිපිය :) පිස්සු කතා ලියනා කෙනෙකු තුළ සිටිනා සංවේදී මනුස්සයකු දුටිමි :) මට හිතුනේ එක දෙයයි අනේ මටත් තාත්තා කෙනෙක් හිටියා නම් !

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා යන්න සාපේක්‍ෂ අගැයීමක් නේද? අනික මොකක්ද ඔයා ගේ නියැඳිය. සමස්ත ගහනයම සැලකුවාද?

      තාත්තෙක් නැති කරුණ ගැණ අසා ලොකු දුකක් දැණුනා. අපේ ජීවිතවල ගොඩක් දේ අපිට වෙනස් කරන්න බෑ. මගේ තාත්තාත් තව දුරටත් මෙලොව නෑ.

      Delete
    2. හ්ම්ම්ම් සාපේක්ෂමත් නෑ.මං කතන්දර බ්ලොග් එක කියවන්න ආපු කාලේ ඉඳලා ..නෑ මං ඊට වඩා පැරණි ඒවාත් කියවලා තියෙනවා කතන්දර බ්ලොග් එකේ.
      අවංකවම මම කියන්නම් I enjoy ur blog :) ඒකයි මම පිස්සු කතා කියලා කීවේ.කතන්දරී ගැන ලියූ ඒවා නම් හරි අගෙයි.ඒවාට මං කැමතියි :)කවි වලටත් කැමතියි.සමහර වෙලාවට කතන්දරගේ පෝස්ට් එක හරහා වැටෙන කොමෙන්ට්ස් වල හොඳ සංවාද යනවා.වෙලාවකට ඒවාට හිනා යනවා වෙලාවකට ඒවායේ අලුත් දැනුමකුත් එකතු වෙනවා.සමහර ඒවා නම් ඉතිං කොමෙන්ට්ස් තුන හතර කියවනකොට පෝස්ට එක මතකත් නෑ මොකද කොමෙන්ට්ස් යන්නේ පෝස්ට් එක ගැන නොවෙන නිසා :)

      ආදරණීය දෙමාපියන් ලබන්න දරුවෝ පින් කරන්න ඕනේ :) මම එහෙම කරලා නැතිව ඇති :)

      Delete
    3. බ්ලොග් වැල ඇති හොඳම දේ ඔය කමෙන්ට් කීරීමේ හැකියාවයි. ඒවා ලියන්නාට හරි ම ප්‍රයෝජනවත්.

      ඔබේ පවුලේ තත්වය ගැන කියනවා නම් මං හිතන්නේ වැදගත් අපි තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමයි, ඒ සමගම අපට වූ වරදක්, අඩුවක් හැකිකමක් ඇති නම් අන් අයෙකුට නොවෙන්නට වග බලා ගැනීමයි. මා කරන්නේ එයයි මෙවැනි අවස්ථාවල.

      Delete
    4. :) මේ වගේ පෝස්ට් දකින කොට සමහර ඒවා මතක් වෙනවා ඒකයි ලියවුනේ .ස්තූතියි කතන්දර :)

      Delete
  18. මං පොඩි කාලේ කල නොමනාකම්
    දැක තරවටු කල අප්පච්චි
    වේවැල් පාරට පෑරුණු හදවත
    බිඳුණා සෙනෙහස අප්පචි

    මා තුරුලට ගෙන නැලවිලි ගීයක්
    ගැයුවේ නෑ අපෙ අප්පච්චී
    නින්දට ගිය පසු මා තුරුලට ගෙන
    සිපගත්තාදෝ අප්පච්චී

    හිරු කිරණක් සේ ඔබෙ තේජස දැක
    වැරදි කලේ නෑ අප්පච්චී
    ඔබගේ සෙනෙහස දැණුනේ මට අද
    මමත් පියෙකි අද අප්පච්චි...

    මං පොඩි කාලේ කල නොමනාකම්
    දැක තරවටු කල අප්පච්චි
    වේවැල් පාරට පෑරුණු හදවත
    දැණුනා සෙනෙහස අප්පචි......................

    ReplyDelete
    Replies
    1. මටම ලිව්වා වගේ!

      ස්තුතියි!

      Delete
  19. ක කා ගෙ තාත්තා තලල්ලෙ වැඩකරාද?. අපේ වැයික්කියනේ, අපේ තාත්තත් මම මෙහෙ ඉදන් ස්ක්යිප් කාරාම මම කියන ඕන දේකට ,හ්ම්, කියනව ඇරෙන්න වෙන වචනයක් බාවිතා කරන්නෙ නෑ. පියකුගෙ සෙනෙහස මට තාම තෙරුම් ගන්න අමරුයි මම පියෙක් නොවෙන හින්ද. අනෙ මන්දා. මේක ගැන මොකද කියන්නෙ http://www.youtube.com/watch?v=8IKck2Y9mAs අපේ තාත්තට මේ සින්දුව 100% සාධාරනයි

    ReplyDelete
    Replies
    1. තාත්තා ගේ මුල් පත්වීම තලල්ලේ කියා අසා තියෙනවා.

      තාත්තලා ගේ මෙහෙය ගැන වැඩි වැඩියෙන් දැනෙන්නේ තව තවත් වයසට යන කොටයි.

      Delete
  20. කතන්දරට සුබ පියවරුන්ගේ දිනයක් වේවා...:)

    ReplyDelete
  21. Thathata, niwansepa labewa. Mema sinduwa Siri Iyage ?

    ReplyDelete
    Replies
    1. කවදාකවත් මේ ගීතයේ ගායක, ගායිකාවන් ගේ නං අහලා නෑ.

      Delete
    2. ගයන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ සෙල්සියා ද සිල්වා බාලිකාව

      Delete
  22. 3rd, 7.30 a.m. - Hits = 39 , - comments = 26 , + replies = 13. ( 6 comments are from 3 persons & 1 comment repeated. )

    ReplyDelete
    Replies
    1. ඔයාව මගේ එකවුන්ටන්ට් සහ ස්ටැටිස්ටීෂීයන් ලෙස පත් කරන්නට හිතෙනවා!

      Delete
  23. " Siri Iya" ge sinduwa Hybrid karala.

    ReplyDelete
  24. මෙහෙමත් සින්දුවක් තිබුනා නේද ඉස්සර

    නංගිගේ තාත්තා කළුම කලුයි
    මගේ අම්මා නම් සුදුම සුදුයි

    කියල. එකේ මෙහෙමත් තියෙනවා

    අම්ම හොඳයි කීවොත් වරදී
    තාත්ත හොඳයි කීවොත් වැරදී
    එබැවින් නංගියේ මල්ලියේ පවසමි
    දෙන්නම හොඳය කියා

    ReplyDelete
    Replies
    1. තිබුණා, තාමත් තියෙනවා, ළමා ගී සීඩී සහ කැසට්වල.

      Delete
    2. යූ. ඒ. ඇස්. පෙරේරා නොහොත් සිරි අයියා ලියපු සිංදුවක්. සුරතල් නංගියෙ අපෙ අම්මා

      Delete
  25. සමහර අයට මගේ තාත්තා වැරදි කෙනෙක් වගේ පේනවා... විශේෂයෙන් මගේ මහත්තයගේ පවුලේ අයට..... ඉතිං මට ගෙදර ගියත් ඉස්සර වගේ තාත්තා එක්ක දේශපාලනික, ආගමික, සාමාජීය කුණු ගොඩවල් ඇදගෙන වලි දාගන්න බෑ දැන්....

    ඒත් එක දවසක් තාත්තා එක්ක තරහා වෙලා, උදේ ගෙදරින් ගිහිල්ලා හවස ගෙදර ආවම, හැමෝම වට වෙලා තාත්ත වැරදියි කියලා බැන්නම.... අවුරදු 25ක ‌ලොකු කෙල්ලෙක්ව ඔඩොක්කුවේ තියාගෙන “... මාත් එක්ක තරහද දෝණි.... “ කියලා අහපු තාත්තා වැරදියි කියලා මං පිළීගන්නේ කොහොමද...... කකාගේ මේ කතාව කියවපු ගමන් මේක ඔලුවට ආවත් දාන්නේ නැතුව හිටපු කමෙන්ට් එක ඕනෙ මඟුලක් වෙච්චාවේ කියලා ඔන්න දැම්මා.......

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි කමෙන්ටුවට.

      මං හිතන්නේ අපිට දෙමව්පියන්ගේ අගය තේරෙන්නේ අපි වයසෙන් වයසට යනකොටයි. මං අවුරුදු 25 කාලේ තාත්තාට, අම්මාට නොකියා විවිධ තීරණ ගත්තු එක සහ අන්තිම මොහොතේ කියපු එක ගැන පස්සේ දුක හිතුනා.

      Delete
  26. SUDEEKA,- Oka thama Siri Iyage sinduwa.

    ReplyDelete
  27. නියම පෝස්ටුවක් !!!

    ReplyDelete
  28. අවුරුදු එකහමාරකට පස්සේ බ්ලොග් ලෝකයට පය තැබුවෙ අහම්බෙන්...
    හපොයි මේකට ගිහින් තියන කලක්...කාලකන්නි වෙලා තියෙන තරමක්...
    අද මේ බ්ලොග් ලෝකෙ නැති එකෙක් ඉන්නවද?
    ගල් කාරයො, පොලු කාරයො, බඩු කාරයො, බේබද්දො, ගන්ජා කාරයො, ගණිකාවො,බොරු කාරයො,මානසික අසහන කාරයො, හොර වෙද්දු, කේන්දර හොරු ඔක්කොම මේකෙනෙ ඉන්නෙ.....
    අරුනිගෙ බ්ලොග් එක විතරයි මේ කාලය තුල යම් තාක් දුරකට හෝ සන්වාදයක් ගොඩනැගිය හැකි පෝස්ට් දාලා තියෙන්නේ.. (දේශපාලන බ්ලොග් හැර )
    දැන් කවුරුහරි එකෙක් මෙතන අහයි ඒක මොනවටද මෙතන කියන්නෙ කියලා.
    ඒකට හේතුව තමයි මේ බ්ලොග් එකේ තිබුන ගුණාත්මක භාවය කිසිම වෙනසක් නොවී අඛන්ඩව පැවතීම....
    තව විදිහකින් කියනවනම් අවුරුදු එකහමාරකට කලින් මේ බ්ලොග් එක කියවද්දී දැනුන කුණුගද, ගූ ගද, පඩ ගද මට තාමත් එලෙසින්ම දැනෙනවා...
    නහය වහන් තනි අතින් තමයි මේක ටයිප් කරේ...
    අපේ සින්හල බ්ලොග් කලාවේ පැහැරූ රිලව් කවුද?

    ReplyDelete
    Replies
    1. කළෙකින් ඟෙහි ඵැමිණියාය කියන ඔබව සාදරයෙන් පිළිගන්නවා.

      තවත් අවුරුදු එකහමාරකින් හෝ නැවත එන්න.

      ස්තුතියි.

      බයි ද වේ, අරුණි ගැන මා ලියූ ලිපිය දැක්කාද?
      http://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html

      .

      Delete
  29. // අපේ සින්හල බ්ලොග් කලාවේ පැහැරූ රිලව් කවුද?//

    කකා හොද ටොපික් එකක් නේද ලියනවනම්....
    සින්හල බ්ලොග් කලාවේ වැඩිම බ්ලොග් ගානක ලින්ක් පැහැරූ පුද්ගලයා හැටියට කකා නොඅනුමානයෙන්ම ඉතිහාසගත වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇනෝ මට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් නේ නේද?

      Delete
  30. /ගල් කාරයො, පොලු කාරයො, බඩු කාරයො, බේබද්දො, ගන්ජා කාරයො, ගණිකාවො,බොරු කාරයො,මානසික අසහන කාරයො, හොර වෙද්දු, කේන්දර හොරු ඔක්කොම මේකෙනෙ ඉන්නෙ...../

    ඇයි කතන්දර කාරයො? හැමදාම මතක නැති කර ගන්නවා කවුරු හරි.

    ReplyDelete
  31. මේ ලිපිය කියවලා දුකක් හෝ සතුටක් ඔබට ඇති උනානම්... මේ සින්දුව හොයාගෙන අහන්න...

    බුදු තාත්තෙ බොන්න එපා....

    ( මේ කොමෙන්ටුව ඔබ ඇදුරු නයාගේ බ්ලොගයේ දැමු කොමෙන්ටුවට උපහාරයක් ලෙසිනි )

    http://emailkavikaari.blogspot.com/2012/08/blog-post_25.html?showComment=1345961275489#c7232468242063946530

    ReplyDelete
    Replies
    1. හොයන්න දෙයක් නෑ, මා ගාව නන්දා නැන්දාගේ සීඩී සෙට් එකම තියෙනවා.

      ස්තුතියි!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.