Monday 7 July 2014

වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers


අර ලාංකික කාන්තාවන් ගේ නිල ඇඳුම වෙන "හවුස් කෝට්" නමැති ගවුමට "හුචක්කුව" යැයි කියමින් කතාවක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් විජේසූරිය දන්නවා නේද?

අප සමහරු "අවිඳු අඳුර" කාලේ ඉඳලාම ලේඛකයෙක් යැයි විදියට දැනගෙන හිටියාට, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරණ බොහෝ දෙනෙක් සරත් විජේසූරියව දැන ගන්නට ඇත්තේ ඔය "හුචක්කුව" වීඩියෝව හින්දායි.

සරත් විජේසූරිය දැන් සිංහල භාෂාව ගැන මහාචාර්යවරයෙක්. පොත් ප්‍රකාශකයෙක්. ජනප්‍රිය දේශකයෙක්. හොඳ කෙටිකතාකාරයෙක්. ඒ වගේම වෙනත් විවිධ මාතෘකා ගැනත් පොත් රාශියක් ලියලා තියෙනවා. ඔහු ලියා ඇති පොත්වලින් මා ගාව තියෙන දුසිමක් විතර පොත් අතරින් මා වඩාත් කැමතිම කෘතිය නම් "මගේ නඩුව ඉවරයි" යන්නයි.

මා මේ කියන්න යන්නේ ඒ පොත් ගැන කතන්දරයක් නම් නොවෙයි.

අර මුලින් සඳහන් කළ හුචක්කුව වීඩියෝවට පස්සේ සරත් විජේසූරිය කරපු කතා ගොඩක් යූ ටියුබ් එකේ නැගලා ගියා. මට මතක හැටියට මේවායින් එක වීඩියෝවක තිබුණු කතාවක් තමයි වර්තමාන ලාංකික ගායකයින් සමහර දෙනෙකුට පුරුෂ කටහඬක් නැතිය, ඔවුන් ගී ගයන්නේ වෙනත් ආකාරයක කටහඬකින් ය කියන කතාව.

මට ඒ කතාව මතක් වුනේ විකිපීඩියාවේ තියෙන ඉතාලියේ සිටි කැස්ට්‍රාටෝ නම් ගායකයින් ගැන විස්තරයට සබැඳියක් මිතුරෙකුගෙන් ලැබී කියවූ වෙලාවේයි.

මේ කියන කැස්ට්‍රාටෝ ගායකයින් ගේ කටහඩ යුරෝපීය සම්භාව්‍ය ගායනාවේ යෙදෙන (ඒ කියන්නේ ලයනල් රන්වල ගේ වචනවලින් හූ කියන) සොප්‍රානෝලා ගේ කටහඬට සමාන බවයි කියවෙන්නේ.

නමුත් මෙතැන තියෙන අවාසනාවන්ත කාරණය තමයි මේ කැස්ට්‍රාටෝ ගායකයෙක්ව බිහිකරන්නේ පිරිමි ළමයෙක් කුඩා කාලයේදීම ඔහු ගේ වෘෂණ කෝෂ අයින් කිරීමෙන් වීමයි.

වැඩිවියට පත්වෙන්න පෙර මෙසේ කිරීමෙන් ඒ ළමයා ගේ පරාසයෙන් වැඩි ළමා කටහඩ එලෙසම වාගේ පැවතෙන අතර, පිරිමි හෝමෝන නිපදවීමක් සිදු නොවන නිසා අස්ථි දිගෙන් වැඩී හුස්ම අල්ලාගෙන ගායනා කිරීමේ වැඩි හැකියාවක් ද ලැබේ ලු!

මේ ආකාරයට ඌරන් ගේ වෘෂණ කෝෂ අයින් කීරීම ගැන පසුගිය දවස්වල අපි බ්ලොග් ලෝකයේ දැක්කා. ඒ වගේම හරකුන් ගේ වෘෂණ කෝෂ අයින් කරලා කිරි පුස්සන් හදන බව නම් කාලෙකට කලින් ඉඳලාම මං අහලා තිබුණා අර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගීතය නිසා.

ඒ මොනවා වුණත් මේ ළමයින් ගේ වෘෂණ කෝෂ ඉවත් කරන කතාව නම් තරමක් විශ්වාස කරන්නත් අමාරුයි වගෙයි දැනුනේ!

රජකාලේ දඬුවම් ලෙස හෝ සතුරන්ගෙන් පළිගැනීම් ලෙස මේ වැඩේ කරලා තිබුණාට, ගායකයෙක් හදන්න ළමයෙකුට මේ වගේ අතවරයක් කරන්නේ මොන හිතකින්ද?

හැබැයි, ඒ එක්කම මතක් වෙන්නේ විකාෂ් ස්වරූප් ගේ "කිව් ඇන්ඩ් ඒ (Q and A) කෘතියේ සහ ඒ අනුසාරයෙන් හැදු "ස්ලම් ඩෝග් මිලියනර්" චිත්‍රපටයේ තිබුණු අන්ධ ගායකයින්ට හොඳින් හිඟමන් ලැබෙන නිසා ගී ගයන්න හැකි ළමයෙකුව අන්ධයෙක් කරන සිද්ධියයි.

"හන්ච්බැක් ඔෆ් නොට්‍රැඩෑම්" පොතේ හෝ එවැනි තැනක, මධ්‍යතන යුරෝපයේත් ළමයින් ගේ අත් කකුල් පොඩි කාලේම විකෘති කර සර්කස් යනාදියේ ප්‍රදර්ශණ භාණ්ඩ කරන තිරිසන් ක්‍රියාවන් ගැනත් සඳහන් වී තිබුණා මට මතකයි.

කෙසේ වෙතත් ඉතාලියේ මේ කැස්ට්‍රාටෝ කිරීම 1870 දී නීතියෙන් තහනම් කර තියෙනවා.

මෙන්න විකිපීඩියාවේ එන කැස්ට්‍රාටෝ ගායකයින් ගැන විස්තරයට පාර නැවතත්.
http://en.wikipedia.org/wiki/Castrato

-කතන්දරකාරයා

ප/ලි:
ඉංගිරිසියෙන් හී හැස් ගොට් නෝ බෝල්ස් යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද කියා දන්නවාද?
http://www.urbandictionary.com/define.php?term=you%27ve+got+no+balls

තමන්ට විරුද්ධ මතයක් දරන අයෙකුව මතවාදීව පරාජය කරන්නට නොහැකි වූ විට පුද්ගලිකව මඩ ගසන්නට අසත්‍ය ප්‍රචාර කරන අයටත් "දේ හැව් ගොට් නෝ බෝල්ස්!" යැයි කිව හැක.

(image: http://upload.wikimedia.org/wikipedia/commons/9/90/Scalzi_by_Flipart.jpg)

76 comments:

  1. මල මගුලක්නෙ පොඩි ළමයි ගෙ ඇට අරං දාන එක.......
    ඇගත් එක්ක හිරි වැටුන කියවද්දි අප්පා.......

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ සිදුවීම් රැගත් ස්ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටියේ හිඟන කල්ලියක් මෙහෙවන මැර ක්ණඩායමක් විසින් ගී ගායනයට හැකියාවක් ඇති කුඩා ළමයෙකු ගේ ඇස් දෙකට උණු තෙල් වත්කොට අන්ධ කරන හැටි දැක්කාද? ඒ අන්ධ ගායකයින් හිඟා කන කොට වැඩි පුර මුදල් ලැබෙන නිසයි.

      එය නවකතාවක් මත පදනම් වූ චිත්‍රපටියක් වුණත් බොහෝ දුරට සත්‍ය සිදුවීම් මත පදනම් වී ලියවුණු එකක් විය යුතුයි.

      Delete
    2. ෙකන්ජි මාමත් සිංදු කියන්ෙන් ෙපාඩි ළමෙයක් වෙග් ෙන්ද?

      Delete
    3. පව් ,මටත් දුක හිතුණා. ඕක ගැන මිට කලින් කියවලා තිබුණා මතකයි පත්තරේක. මිනිසා කියන්නේ පුදුම සතෙක් දොබාදහම එක්ක වෙට්ටු දාන.

      Delete
    4. @Anonymous7 July 2014 12:37
      සිංදු නම් කියන්නෙ නැහැ පුතූ ........
      කතා කරන අනී .... ල නම් කියන්නෙ ... "ඔයා කතා කරන්නෙ පොඩි ළමයෙක් වගේ අනී "කියල....

      Delete
  2. හිතන්ටත් බැරි දේවල් තමා මේ ලෝකේ වෙන්නේ. මඩ ගහන කට්ටියට නම් මොන නමක් කීවත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මඩ නං මගේ ඇඟේ රුඳෙන්නේ නෑ. නමුත් මට දුක හිතුණේ මා කෙරෙහි ඇති වෛරය වෙනත් කෙනෙක් ගේ කර පිටින් යනවාදෝ කියන එක ගැනයි.

      Delete
    2. 1971 කැරැල්ලේ අනුත්තර නායකයා (වික්ටර් අයිවන් ගේ වචන) විජේවීර සහෝදරයා වුණාට වැඩේ වැරදිලා කස්ටියම හිරේ ගියායින් පස්සේ නායකයෝ පිල් කිහිපයකට බෙදුනාලු. ඔන්න දැන් ලොකු අතුල ගෝලයෝ ටික දෙනක් අල්ලගෙන විජේවීරව පතුරු ගහනවා පර්සනල් සිද්ධි ඔක්කෝම ඇදගෙන. මේක ගියා විජේවීරගේ කනට.

      විජේවීර දුන්නාලු ඇටෑක් එක "විවේචනය කළාට කමක් නෑ සහෝදරයා මට මඩ ගහන්න එපා!"

      ලොකු අතුලගේ රිටර්න් එක: "සහෝදරවරුනි විජේවීර කියනවා එයාට මඩ ගහන්න එපාලු. විජේවීර කියන්නෙ අසුචි කන්දක්. අසුචි කන්දකට මඩ ගහන්න මට පිස්සුයැ!"

      කතාවේ ආදර්ශය: අසුචි කඳු වලට මඩ නොගසන්න. කාටවත් වැඩක් නැති වැඩකි.

      Delete
    3. 'මඩ නං මගේ ඇඟේ රුඳෙන්නේ නෑ. නමුත් මට දුක හිතුණේ මා කෙරෙහි ඇති වෛරය වෙනත් කෙනෙක් ගේ කර පිටින් යනවාදෝ කියන එක ගැනයි.'

      මොකක්ද මේ කතාවේ තේරුම කකා?

      Delete
    4. අසූචි කන්ද කවුද කියලා ඔය ලොකු අතුල පස්සෙ කාලේ කරපු වැඩ වලින් හොඳට දැක්කා

      Delete
  3. අම්මෝ..
    බය හිතෙන කතා කියන්ඩෙපා කකා. රටෙත් ඉන්ඩ බයයි !! ඕ යේස්.
    නීතියෙං තහනං කරාට හොරට වැඩේ වෙනවද දන් නෑ.. මගෙ දණිස් දෙකත් වෙව්ලල ගියා..

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් හි‍ටු. උඹ බයිල කියන්න දස්සයා කියල උන් දැන ගත්තොත්......:)

      Delete
    2. Anonymous7 July 2014 06:06
      ++++++++++++++++++++++++++++++++++

      Delete
    3. @පත්තර මල්ලි
      අහවල් එකකටද මෙයා උයා බය වෙන්නෙ? බය වෙන්ට ඕනෑ වෘෂණ කෝෂ තියන අයනෙ. උයාගෙ අහවල් එකක් අයින් කරන්නද මෙයා. ඒක හරියට අර උඩ ඇනෝ කෙනෙක් කියලා තියනවා වගේ ගූ ගොඩකට මඩ ගහනවා වගේ නිශ්ඵල වැඩක්නෙ මෙයා... හිහි..

      Delete
    4. ඇනෝ මචං .. එහෙම කියන්ඩ එපා බං. මං පව් :D

      Delete
  4. අපි කිව්වට අලුත් පරම්පරාවෙ උන්ගෙ කටහඬ පොන්ස් වගෙ කියල ඒක සාමාන්‍ය දෙයක්.
    ටෝකියෝ යුනිවර්සිටි එකේ රිසර්ච් එකක් කරල තිබුන 1980 දි අවු 20,30 අතර පිරිමි 1000 ක් සහ 2010 දි ඒ වයසෙම පිරිමි 1000ක් භාවිතයෙන්.
    කට හඬ ඇවරේජ් හර්ට්ස් 12ක්ද කොහෙද වැඩි වෙලා, ඒ කියන්නෙ ගැහැනු හඬට කිට්ටු වෙලා. ලින්ක් එක හෙව්ව හම්බ උනේ නෑ.
    තව අවු 100කින් 500කින් මොන වගේ වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පිළිගත හැකියි. ගැහැණු පිරිමි වෙනස තදින්ම පෙණුනේ මේ දෙකොටසට සුවිශේෂ වූ කාර්යභාරයන් තිබුණු ප්‍රාථමික යුග වලය. (පිරිමියා දඩයම් කිරීම ගැහැනිය දරුවන් වැදීම ඇති දැඩි කිරීම හා ගෙදර දොර කටයුතු බලා කියා ගැන්ම) මේ භූමිකාවන්ගේ වෙනස ක්ෂය වී යන විට ජීව විද්‍යාත්මකව ගැහැණු පිරිමි වෙන්ස නැති වී යයි. තව වසර 1,000 කින් 2,000 කින් පමණ මානව ජනගහණයෙන් අති විශාල ප්‍රතිශතයක් චර්යාත්මකව හා ජීව විද්‍යාත්මකව ද්වි-ලිංගිකයන් විය හැකිය. සරත් විජේසූරිය වැනි අයට ගොඩයට මැජික් වූවාට මේවා සාමාන්‍ය දේවල්ය.

      Delete
    2. Anonymous7 July 2014 08:19
      හෙහ් හෙහ් හෙහ්......

      Delete
    3. හලෝ රාජ් ඉතිං කොහොමද? අද නං හරි රස්නේ දවස නේ. කූල් කරපු බියර් වීදුරුවක් බොන්න යන්න ලෑස්ති මම. රාජ් මොකද කරන්නේ?

      Delete
    4. හා කොහොමද ඇනෝ,ඇයි අද බාගෙ ගහන්නෙ නැතෙයි?මෙහෙටත් හරිම රස්නෙයි.කුල් බියර් කෑන් එකක් ගැහුවනං හොඳයි කියල මටත් හිතෙනව.

      Delete
    5. අපේ ඇනෝ කියනවානම් මාත් බියර් එකක් ගහනවා දවල්ට.

      Delete
  5. විශ්වාස කරන්න කිසිම අමාරුවක් නැහැ කකා
    ඊයේ කියවන්න පටං ගත්තේ මේක :
    The Mammoth Book of True Crime by Colin Wilson

    viciousness and cruelty of humans have no bounds

    ReplyDelete
    Replies
    1. ස්තුතී පිල්ලි අයියේ,කකාට කීවට ඔන්න මාත් කියෙවුවා

      Delete
  6. හපොයි මේවා දාන්න එපා කකා... ලිට්ල් ස්ටාර් ලා වැහි වැහැලනෙ මේ දවස් වල....

    ReplyDelete
    Replies
    1. ලිට්ල් ස්ටාර්ලගෙ අම්මල අප්පොච්චලා මේ පෝස්ට් දැක්කොත් ඒ ටිකත් කරන්න බැරි නෑ තමයි.

      Delete
    2. බස්සි,
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  7. අහන කොටත් ඇඟ හිරිවැටිලා යනවා. ඔහොම සිද්ධියක් ඇහුවේ අදමයි.

    ReplyDelete
  8. මට සින්දුකියන්න බැරි උනත් උඩ හැමෝටම වගේ බය හිතෙන කතාවක්නේ කාකා......
    ලංකාවෙත්ළමයින්ව අරගෙන හිඟාකන අය දවසටම ළමයින්ට කන්නන බොන්න දෙන්නේ නැයි කියනවනේ බඩගින්නේ ඉන්න්කොටනේ අඩන්නේ නිසා

    ReplyDelete
  9. Replies
    1. දැක්ක විතරක් නෙමේ කියෙව්වත් එක්ක ඉදගෙන ......
      මෙහෙම දැම්මෙ කට්ටියටම කමෙන්ට් කරන්න කියල ද...... නාලක.....

      Delete
    2. ඇත්තම කිව්වොත් මේක කියවන්න පටන් ගත්තේ අටමාට බැනලා කමෙන්ට් එකක් දාන්න හිතාගෙනයි. මොකද ගොනා හැරෙන්නේ මොන පොල් පැලේ කන්නද කියලා අපි නොදන්න එකක්යැ!

      හැබැයි කියවාගෙන යනකොට අටමාගේ වෙනදා නැති පරිණත භාවයක් පෙණුනා. ඒ හන්දා "මෙන්න යකෝ මූත් වෙනස් වෙලා" කියලා කමෙන්ට් එකක් දාන්න හිතුණා.

      පෝස්ට් එකේ අන්තිම වාක්‍යය නිසා ඒකත් වෙනස් කර ගත්තා. දැන් ආයෙමත් බනින්නමයි හිතෙන්නේ.

      අර අරුණි ශපීරෝ නිතරම කියන හටියට හත් දෙයියනේ අනෙකාගේ මඟුල් ගැන කරදර නොවී අපේ වැඩක් බලා ගන්න අපට බැරි ඇයි?

      මේ පර්ශ්නය අටමාට වගේම සරත් විජේසූරියටත් අදාළයි.

      Delete
    3. ...නාලක...

      කියන්නේ මොකක්ද කෙන්ජියා

      Delete
    4. ස්තුතියි ...සතුටුයි ...හොදක් ඇහුවමයි

      අන්තිම ටික ගැන වැඩිය හිතන්න එපා . ඒක පබ්ලිසිටියක් දෙන්ඩ කරපු වැඩක් , එහෙම ඉල්ලීක් කරා . අනේ හරිම චෝයි කියුවනං කට්ටිය යයිද

      Delete
    5. @අටම්, මේකයි ඇත්ත. ලංකාවේ සිංහලෙන් පමණක් ලියන කියන අති බහුතරයකට (99%ක් කියමුකෝ) තියෙන්නෙ ඉතාම පටු චින්තනයක්. ඉතින් එහෙම කෙනෙක්ව බොහෝ දෙනෙක් මුලින්ම දාන්නෙ ඒ ගොඩට. තමන් 1% ට අයිතියි කියලා පෙන්වන්න නම් ටිකක් කලර්ස් පෙන්නන්න ඕනැ. මං කියන්නෙ මං හිතන විදිහ නෙවෙයි. නමුත් මේක තමයි සමාජයේ හුඳක් දෙනෙක් හිතන ආකාරය.

      Delete
    6. හිත රිද්දා ගන්න එපා. මම ඇත්ත කිව්වේ. සමහරවිට අපට කෙළින් කතා කරන්න වෙනවා.

      Delete
  10. වෙලාවට ඕං අපිට නං සින්දු කියන්ඩ බැරි උනේ..

    ReplyDelete
  11. අද අපට පිළිගත නොහැකි සේ පෙනුනද අතීතයේ පිරිමින්ගේ වෘෂණ කෝෂ ඉවත් කොට ඔවුන් නපුස් බවට පත් කිරීම බොහෝ සමාජයන්හි ප්‍රචලිත වූ සිරිතකි. විශේෂයෙන් චීනයේ රජයේ ඉහළ නිලධාරීන් සියල්ලන්ම නපුංසකයින්ය. මෙසේ කිරීමට හේතුව ඔවුන්ට දරුවන් ලැබීමේ හැකියාව නැති කොට පවුල් ගත වීමට වකාශයක් නොදීමයි. මේ නිසා කාරණා දෙකක් ඉටුවේ. එකක් පෞද්ගලික ජීවිතයක් නැති නිසා ඔවුහු වැඩි වැඩියෙන් රාජකාරියට කැපවෙති. එය ඔවුන්ගේ එකම ජීවිතය කර ගනිති. වඩා වැදගත් දෙවැන්න ඔවුන්ගෙන් අධිරාජ්‍යයාට මොනම අයුරකින් වත් තර්ජනයක් නොවීමයි. ආදි චීනයේ ප්‍රකට මුහුදු ගමන් හතක් ගිය සෙනෙවියාද (ශෙන් ශෝ වගේ නමකි. හරියටම මතක නැත.) නපුංසකයෙකි.

    ReplyDelete
    Replies
    1. සෙන්ග් හි
      ලංකාවටත් ඇවිල්ල කණ පැලෙන්න දීල ගිහිල්ල තිබ්බ.
      ඇත්තටම පොන්නයෝ කවුද අප්පා ? :P

      Zheng He
      http://en.wikipedia.org/wiki/Zheng_He

      Ming–Kotte War
      http://en.wikipedia.org/wiki/Ming%E2%80%93Kotte_War

      Delete
    2. ඔව් ලංකාවටත් ආව දෙසැරයක් මගෙ හිතේ. දෙවැනි සැරේදි තමයි කණ පැලෙන්න දුන්නෙ. ගාලු කොටුවෙ භාෂා තුනකින් සෙල් ලිපියකුත් පිහිටෙව්වෙ මෙයා නේද?

      Delete
    3. //අද අපට පිළිගත නොහැකි සේ පෙනුනද අතීතයේ පිරිමින්ගේ වෘෂණ කෝෂ ඉවත් කොට ඔවුන් නපුස් බවට පත් කිරීම බොහෝ සමාජයන්හි ප්‍රචලිත වූ සිරිතකි. විශේෂයෙන් චීනයේ රජයේ ඉහළ නිලධාරීන් සියල්ලන්ම නපුංසකයින්ය.//

      ඇයි පිලිගන්න බැරි?
      ලන්කාවෙ එහෙම නිලදාරීන්, මාද්යවේදීන් කලාකරුවන් දේශපාලකයන් නැද්ද?

      Delete
    4. ඇත්තටම එහෙම අය ඉන්නවා තමයි. නම් කියන්න බෑ කකා මේක කපයි තුන්වන පාර්ශ්ව වලට නින්දා කළා කියලා.

      Delete
    5. මේ සිරිත අරාබි රටවලත් තිබුණු බව 'නපුංසක අන්තඃපුර හේවායන්' ගැන අරාබි නිසොල්ලාසයේ දැක්වෙන විස්තර වලින් පේනවා. මට මතක හැටියට Jean Sasson ගේ Princess සීරීස් එකේ පොතක මහලු සේවකයෙක් ඔහු කුඩා කල අප්‍රිකානු රටකින් අල්ලාගෙන ඇවිත් මෙය සිදුකර ඔහුව විකුණා දැමූ හැටි කියවෙනවා. සාමාන්‍ය වහලුනට වඩා එවැන් අය වැඩි මිලකට විකුණන්න පුළුවනි ලු.
      හර්ෂ

      Delete
  12. ලංකාවෙත් ඔය ඉන්නේ ඒ වගේ ගායකයෝ කලා කාරයෝ...

    ReplyDelete
    Replies
    1. ගායකයෝ කලාකාරයෝ විතරක් නොවී දේශා අයියේ මෙහේ ඉන්න තරමක් ඉන්නේ එහෙම එවුන්නේ.ඔය ආණ්ඩු පක්‍ෂයේ ඉන්න තරමක් ඉන්නේ එහෙම එවුන්නේ...:D

      Delete
  13. ලංකාවෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා ඕක පොඩි කාලෙදිම කරලද මන්දා.

    ReplyDelete
  14. මට මතක් වුනේ සතුටු සුරංගව.. නන්දා මාලනිට වැඩිය අපුරුවට කාන්තා කටහඩක් තියෙන නිසා.. එයාගෙත් අයින් කරලද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඌ හිතාගෙන ඉන්නේ නන්දා මාලනිට වැඞිය හොදට කියනවා කියලා.

      Delete
  15. Game of thrones එකෙත් ඔහොම සීන් එකක් තියෙනවා නේද..??
    අර හිරු අක්ක කිව්වත් වගේ මෙව්වා වැඩිය ප්‍රසිද්ධ කරන්න නරකයි.මේ කාලේ හැම දෙමවුපියෙක්ම දඟලන්නේ තමන්ගේ ළමයා ලිට්ල් ස්ටා කෙනෙක් කරන්න.ඒ අස්සේ මෙව්වත් දැක්කොත් එහෙම මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  16. // "මගේ නඩුව ඉවරයි" // මේ පොත නම් කකා මඩ ගොඩක්. මට හිතෙන්නේ හරිම ද්වේශයෙන් ලියපු එකක් කියලයි.
    දරුවන්ගේ බෝල ඉවත් කිරිල්ල කෙසේ වෙතත් අපේ රටේත් අත් පා අඹරන වැඩේ කෙරෙනවා කියලා නන්දසේන රත්නපාල මහතා ඔහුගේ නිබන්ධනයෙන් හෙළිදරව් කරලා තිබුණා..ඒ වගේම හිගමනට දරුවන් කුුලියට දීමත් තාම සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. බෝල ඉවත් කිරිල්ලත් තාම තියෙනවා. ආණ්ඩුවේ ජන මාධ්‍ය වල රස්සා වලට ගන්න කොට බෝල ඉවත් කරලා, කශේරුකාවෙන් ඇට කීපයක් අරන් දාලා. ලජ්ජා නහර කපලා ගන්නේ. ඊට පස්සෙ ඕනෑ මඟුලක් කරන්න පුළුවන්. ලජ්ජාවක් කියලා කිසිම දෙයක් නෑ.

      Delete
    2. ඇත්තද මචං....

      Delete
  17. ෙකන්ජි මාමත් සිංදු කියන්ෙන් ෙපාඩි ළමෙයක් වෙග් ෙන්ද?

    ReplyDelete
  18. බෝල ඉවත් කරලද කොහෙද කතන්දර මාමටත් තියෙන්නේ මහපොන්න කටහඩක්

    ReplyDelete
  19. අයියන්ඞ, ගිය පාර අහලා තිබුන වචනේක තේරැම එතන කොමන්ටුවක් විදිහට දැම්මා.
    බලන්ඞ වටින චිත්‍රපටියක් ස්ලම් ඞෝග් මිලියනර්

    ReplyDelete
  20. මං හිතන්නෙ අර සතුට සුර අංග ගෙත් ඒ දෙක කපල දාලද කොහෙද එහෙනම්.

    ReplyDelete
  21. ඇට නැති ගායන පරපුරේ සුපිරි තරුව... (දැං කියන උන්ගෙත් ඇට නෑ වගේ තමයි)

    ReplyDelete
  22. Eta nethi gayakaparapurak pthamai lankawe bihiwelathiyenne,namuth ewenuwata aracheenaye wage dasapalakayange eta pusi karanann horu parapurawalbihiwennene.(Anil suriyarathna)

    ReplyDelete
  23. බය කරන්න එපා ඕයි.. -_-

    ReplyDelete
  24. ඔය වගෙ ජඩ වැඩෙ වෙන ලන්කවෙ හිගන්නො අතර වෙනවයි කියල අහල තියෙනව

    ReplyDelete
    Replies
    1. එහෙම කරන බව බොරු නෙමේ දමිත්. හිඟාකන අය අතරේ ඔයවගේ දේවල් වෙනවා. කුඩුවලට පුරුදුවූ හිඟන්නන් අතරේ බොහෝවිට එවැනිදේ වෙනවා.

      Delete
  25. ඔය ජාතියේ ගායකයෙක්ගේ ජීවිත කතාව තියෙන චිත්‍රපටියක් මං බැලුවා කකා. නම නම් මතක නෑ

    ReplyDelete
  26. විශ්වාස කරන්න අමාරු උනත් මේ වගේ වැඩ ලෝකයේ වෙනවා කියල මමත් අහල තියනවා.. කියවලත් තියනවා තැනක දෙකක..

    ReplyDelete
  27. 2009 Britain Got Talent ෂෝ එකේ ග්‍රෙග් ප්‍රිචර්ඩ් කියන මේ ළමයාගේ කටහඬ ගැන සංවාදයක් ඇතිවුනා මෙයා castrato or counter tenor කියලා. මට මේ දෙක මොකක්ද කියලා නොතේරුන නිසා අල්ලලා දැම්මා. දැන් කකාගේ මේ ලිපිය නිසා මතකය ඇවිස්සුනා. මේ කටහඬ සහ ඒ වෙනුවෙන් දමා ඇති කමෙන්ට්ස් කියවන්න. රසවත්.....ඒ ගැන දන්න අය තමයි කමෙන්ට් කරන්නේ.
    castrato or counter tenor

    ReplyDelete
  28. මම මෙහෙම දෙයක් ගැන මේ ඇහුවමයි..

    ReplyDelete
  29. සයිමන් නවගත්තේගමගෙ 'සාපේක්ෂණී' පොතේ ඉන්න ප්‍රධාන චරිත දෙකේම වෘෂණ හරි ලිංග හරි ඉවත් කරපු අය නේද? රජ මැදුරේ ඕනෑම තැනකට සහ අන්තඃපුරයට පවා යන්න එන්න අවසර තිබූ කිට්ටුවන්ත සේවකයින්ට මෙහෙම කරන බව තමයි ඒකෙ තිබුණ කියල මතක...

    ReplyDelete
  30. නීතියෙන් තහනම් කරලානම් හොදයි. මොකද මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. පොඩිකාලේ මෙහෙම දෙයක් ගැන ලොකු දැනිමක් ළමයට නොලැබුනත් වයසින් වැඩෙත්දි මේ ගැන මොනවගේ අදහසක් දරයිද කියන්න දන්නේ නෑ. සමහර විට මුළු ජිවිතෙම ඒ ගැන පසුතැවේවි.

    ReplyDelete
  31. කතන්දරය කියවූ, කියවා බයවූ, ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  32. VURUSANA KOSADA MONAWADA EWWA AHAK KARAPU BLOG WRITERS LA NEDDA

    ReplyDelete
  33. මගේ නඩුව ඉවරයි මං කියවලා තියනවා....දැනුමෙන් පරිපූර්ණ උගත්තුන්ටත් දෙකයි පනහෙ මනුස්සයො වෙන්න පුලුවන් කියලා දැන ගත්තා ඒක කියවලා..ඇට අයින් කරන කතාව ඇහුවම මටත් ස්ලම් ඩෝග් මතක් උනා

    ReplyDelete
  34. ඇත්තට මෙහෙම වුනා නම්, අර වෙලාවට මොනවද කරන්නේ? වෙලාවක් එන්නේ නැතිවම යයිද​?

    ReplyDelete
  35. https://www.youtube.com/watch?v=KLjvfqnD0ws
    මේ යූ ටෙයුබ් ලින්ක් එකෙට ගිහිල්ල බලන්න ,මේ පුද්ගලයා ගෙන තමා ඔය කියන්නේ ,මේක තම ලෝකේ එතුරු වෙලා තියන එකෙම රෙකෝර්ඩ් එක

    ReplyDelete
  36. සමහර ආගම් වලත් ඇට අයින් කළේ නැති වුණාට, වෙන වෙන කෑලි කපන්නෙ? ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආගම්වල ළමයින්ගේ පොඩි කාලේ කෑලි කපන බව දන්නැද්ද

    ඒව නම් පට්ට බලු වැඩ නේ! ඇයි උන් ලොකු වෙලා ඒවා ඕන උණොත් ඒවා ආයිත් වැවෙනවද? ඒවා කැමැති උන්ට ලොකු උණහම කපා ගන්න කියල පොඩි උන්ව කපන එක තහනම් කරා නම් ඉවරයිනේ

    ආගම් වලින් මොනවා කිව්වත් තමන්ගේ ළමයින්ගේ බලෙන් කෑලි කපල අතවර කරන්නේ නැතිව ඉන්න අම්මල තාත්තලාට පුළුවන්නේ, එතකොට 18 පැන්නම කාටවුණත් ඕන නම් කපාගන්න පුළුවන් දැනෙන්නෙවත් නැතිවෙන්න.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.