Saturday 28 December 2013

විහිළු නොදන්නා විහිළුකාර අංකල්! - Know your limits, people!


මගේ අංකල් ලා කීප දෙනෙක් ගැන මා මීට පෙර කතන්දර ලියා ඇත. ඒ කාලයෙන් පසුව මිය පරලොව ගිය එයින් එක අංකල් කෙනෙක් ගැන මතක සටහනක් තියන්ට ගිය විට එක්තරා බ්ලොග්කාරිනීයක් එය දුටුවේ මුග්ධ ප්‍රතිචාරයක් කියායි.

ඒ කෙසේ වෙතත් අද මා ලියන්න යන්නේ ද අංකල් කෙනෙක් ගැනය.

මේ අංකල් සෑහෙන්න විහිළුකාරයෙකි. දැන් නං ඉතිං පැන්ෂන්කාරයෙක් ද වේ. ඒත් විහිළුවලින් නම් දැන්මම පැන්ෂන් යන පාටක් පේන්නට නැත.

මගේ මේ විහිළුකාර අංකල් පැන්ෂන් යෑම ගැන කියූ අපූරු කතාවක් මම නැවත කතන්දරයක් ලෙස ලියා කලින් දවසක මේ බ්ලොගයේ පළ කළෙමි.

අපේ විහිළුකාර අංකල් මා දන්නා දවසේ සිටම හරි විහිළුකාරයෙකි.

පොර කට ඇරියොත් විහිළු ය.

කෑම ගැන විහිළු ය.
නෑම ගැන විහිළු ය.
බීම ගැන විහිළු ය.
නිදා ගැනීම ගැන විහිළු ය.
වැසිකිලි යෑම ගැන විහිළු ය.

කොටින්ම දවසේ වැඩි හරියක් දේ ගැන විහිළු ය.

මෙන්න අපේ විහිළුකාර අංකල් ගේ විහිළු කතාවලට පොඩි උදාහරණයක්.
විහිළුකාර අංකල් ගේ නැන්දම්මා කළුතර පලාතේ දේවමුල්ල නම් ගම්මානයේ උපත ලැබූ අයෙකි. මේ දේවමුල්ල ගමේ පුරාණ දේවාලයක් තිබේලූ.

දේවමුල්ල ගමේ නම හැදුණු ආකාරය විහිළුකාර අංකල් විස්තර කරන්නේ මෙසේය.

ඔන්න එක දිනක් දේවාලේ කපුවා උදෑසන දේවාලයේ දොර ඇර බලන විට මහා ගඳක් දැනුණි. ඒ කුමක් නිසා දැයි සොයා බලන විට දේවාලයේ එක මුල්ලක කවුදෝ කක්කා කර තිබෙනු පෙනුණි.

කලින්දා යන විට දේවාලය වසා යතුරද ගෙදර රැගෙන ගිය නිසා, දේවාලය ඇතුලේ එක් මුල්ලක ඒ කක්කා කර තිබුණේ දේවාලයේ වැඩ වසන දෙවියා ම බව කපුවාට වැටහිණි.

දෙවියා දේවාලයේ මුල්ලක කක්කා කර තිබූ නිසා ඒ ගමට දේවමුල්ල කියා නම ලැබුණි!
එසේ නම හැදෙන්නට හේතුව දෙවියන්ගේ දේව ආභරණයක් හෝ දේවරුපයක් හෝ මුල්ලක තිබීම හෝ දේවාලය ගමේ මුල්ලක තිබීම හෝ නොවී මේ කක්කා කතාවක් නිසා බව කියන්නේ ඇයි දැයි ඔහුගේ නැන්දම්මා එවිට ඇසූවද, එය විහිළුකාර අංකල්ට නො ඇසේ.

ඒ මක් නිසාද යත් විහිළුව කියා අවසානවන්නටත් පෙර අංකල් නොනවත්වාම හිනාවෙන්නට පටන් ගන්නා හෙයිනි.

මේ විහිළු කතා අසන අපට අංකල් පෙනුණේ මහා විහිළුකාරයෙක් ලෙසයි.

ඒ මෙන්න මේ දිනය දක්වාය.

එදා විහිළුකාර අංකල් ද තවත් අප කීප දෙනෙක් ද ලක ලෑස්ති වී සිටියේ කොළඹ බලා යෑමටයි. කොළඹට බස් තිබුණේ පැය භාගයකට එකකි. එයිනුත් සීග්‍රගාමී ඒවා තිබුණේ එකක් හැර එකකි.

විහිළුකාර අංකල් ද, නඩයේ අනෙක් පිරිමි ද ලෑස්ති වී සිටියත් කාන්තා පක්‍ෂයේ කීප දෙනෙක් තවමත් සාරි වලට කටු ගසමින් සිටියහ.

විහිළුකාර අංකල් නොඉවසිල්ලෙන් ඔවුනට ඉක්මන් කරන ලෙස අණ දෙමින් ද ඔවුන් ගේ පමාව ගැනත්, සාරි ඇඳීම ගැනත් විහිළු කතා කියමින් ද සිටියේය.

අවසානයේ බස් එක නිවස අසලට පැමිණෙන විට කවුරුත් විහිළුකාර අංකල්ව සෙවූ මුත් ඔහු හරියටම ඒ මොහොතේ චූ බරක් හැදී වැසිකිලියට ගොස් සිටි නිසා අපට කොළඹ යන එක්ස්ප්‍රස් එක වැරදුණි.

බස් එක යන හඬ ඇසී ආපසු දුවගෙන ආ විහිළුකාර අංකල් දුටු විගසම අප සැමට සිනා ගියේය.

විහිළුකාර අංකල් ගේ නෝනාවන මගේ ඇන්ටි වහාම කට ඇරියා ය.

"මොකක්ද අනේ ඔයා මෙච්චර වෙලා ඉඳලා මේ විනාඩියටම ගියා ද කක්කා කරන්න? අපාරදේ ඔයා ගේ කක්කා බර නිසා බස් එකත් වැරදුණා!"

ඇය කීවා පමණි, අපේ විහිළුකාර අංකල්ට නැට්ටටම තද වී ඇන්ටී ට බණින්නට විය.

විහිළුකාර අංකල් ගේ විහිළු දන්නා අප සැම මුලින්ම හිතුවේ මේ විහිළුකාර අංකල් ගේ තවත් විහිළුකාර රංගනයක් කියායි.

නමුත් විනාඩියකින් පමණ අපට මේ විහිළුවක් නොව විහිළුකාර අංකල්ට ඇත්තටම පුෂ්ප විකසිත වී ඇති බව වැටහිණි!

අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේ එදා ය.

මේ සිද්ධිය වී දැන් දශක දෙක තුනක් ගෙවි ඇත.

විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.

ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

-කතන්දරකාරයා

ප/ලි:
අද නිවාඩු නං මෙන්න කියවන්න අංකල්ලා ගැන තවත් කතන්දර කීපයක්ම.

1. අංකල් ල ගෙ කතා - Uncle 1
http://kathandara.blogspot.com/2009/08/blog-post_06.html

2. අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
http://kathandara.blogspot.com/2009/08/blog-post_10.html

3. අනේ අපොයි අංකල් ගෙ බයිලා
http://kathandara.blogspot.com/2009/11/blog-post_17.html

4. මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye
http://kathandara.blogspot.com/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html

5. අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea
http://kathandara.blogspot.com/2011/12/uncle-carl-makes-tea.html

6. සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
http://kathandara.blogspot.com/2013/02/whos-who-of-sinhala-literature.html

7. අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons
http://kathandara.blogspot.com/2011/09/uncle-and-his-two-sons.html

8. ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!
http://kathandara.blogspot.com/2010/12/blog-post_19.html

9. ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!
http://kathandara.blogspot.com/2010/05/radi-quiz-show.html

10. පැන්සොන් මීටිම - When should a man retire?
http://kathandara.blogspot.com/2012/03/when-should-man-retire.html

11. එංගලන්තේ අංකල් ගේ කතන්දර කීපයක් - Once upon a time in England
http://kathandara.blogspot.com/2013/07/once-upon-time-in-england.html


(image: http://www.telegraph.co.uk/news/picturegalleries/howaboutthat/4324639/Barack-Obama-a-plastic-president-ready-for-action.html?image=3)

128 comments:

  1. මොකද දන්නේ නැහැ විහිළු නොකරන්නේ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියේ පිස්සු කෙළින් නැතුව හිටු. වුණු දේ වුණා ඒවා අහවරයි.

      Delete
    2. නැහැ නලිය අද කතාව කාලින වෙනවා මටනම් තව අවුරුදු විස්සකින් විතර දැම්ම නම් හෙක්..හෙක්...හේ....

      Delete
    3. @ මාමා ජී,

      මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    4. @ මාමා ජී,

      මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ??

      @නලීන් සහබ්,

      පහදනු මැනවි

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    5. ඊට කලිං කියපන් තෝ මොන දිල්ලියක මකබෑවෙනවද උන් හිටි ගමන් කියල පිල්ලි පැටියා!!

      Delete
    6. ඔව් අංකල් කෙන්ජි පටන් ගන්න, කිරිබත් කෑල්ලක් කා.............................
      අළුත් බොග නව වසරේ සුභ මොහොතින් අරඹන්න.
      කවුරු ආවත් නැතත්
      මේ අපි එතන.......................................

      අසනීපයකදී, ඉන්ටර්නට් කැපුවෝත්, කොහේ හරි මකබෑ වුනෝත්, හදිසි වැඩක් තිබුනෝත්, ඇරෙන්න අපි එතන.
      බීච් පාටිය දා ඇරඹි අපේ අංකල් කෙන්ජි බොග කලාවෙන් ඉවත් කිරීමේ කූට උපක්‍රම හඳුනාගනිමු!

      Delete
    7. අපි එතන නේන්නං කාවා !

      කිරිබත් කෑල්ලක් කාල රෑ වෙලා වයිට් ලේබල් ෂොට් එකක් ගහල කිච වෙලා පච වෙලා
      එලෙව්වත් යයි අපි නං !!!

      Delete
  2. ඉතින් මා යන්ට යනවා.........
    ඔබ සැමගෙන් අවසරයි........
    කෙන්ජිගේ කොලම නිසි බලධාරියා විසින් වසා ඇති බව කරුණාවෙන් සලකන්න.!

    ReplyDelete
    Replies
    1. හොඳයි යන්න. සුභ ගමන්.

      ගිගින් එන්න කියන්න නං හිත් දෙන්නේ නෑ. එක අතකට වැරද්ද තනිකරම ඔබේ නොවෙයි. යසට කමෙන්ට් එකක් දාගෙන හිටපු එකාට "බොගක් ලියපන්, ලියපන්" කිය, කිය ඇවිස්සුවේ මේකෙ ඉන්න වෙල් කක්කුට්ටොම තමයි.

      ඊට පස්සෙ මොකද වුනේ? නං , ගං ඕනෙ නෑනෙ, සමහර අය නං දන්න තාලෙන් කිව්වා, ඔය යන්නෙ වැරදි පාරෙ කියලා. හොඳින් කියලා බැරි තැන, නරකෙනුත් කිව්වා. ඇහැව්වද? මොන, මේකා අං දිග ගෝනා වගේ තවත් හිතට අරන් දොඹෙන් දෙන්න ගත්තා

      හැබැයි කකා, වැඩේ නං කුජීතයි ඈ? මේක ලියන්න තිව්වෙ කාලෙකට ඉස්සර. දැං ඉතිං, මේක වෙන කතාවත්, එයා මේකට අදාල නෑ වගේ වල් බයිල නං කියන්න එපා. යන එකාට යන්න දෙනවා මිසක්, අස්පයා ගියාට පස්සෙ ඉස්තාලෙ දොර වහල ඇති වැඩේ මොකක්ද?

      Delete
    2. දස අවතාරයන්ගෙන් එකෙක් පැන ගියාට ඒ අවතාරයන්ට පණ දෙන්නිය තාම කරළියේය. අතීතය වර්තමානය අනාගතය හොදින් දන්නා උන් හේතුවෙන් සයිබර් අවතාර වූ ලිහිනි තාරකා, නදිනි අබේනායක,කෙන්ජිපැජෑන් ලාට යන්නට සිදුව තිබේ. එසේ ගියද මේ අවතාර යළි වෙනත් නම් වලින් එනු ඇත. පරිස්සමින් සයිබරය පරිහරණය කරපල්ලා....විසේස අවධානය හැලපකඩේ මාමාට මීලග ගොදුර ඔව විය හැකියි.

      Delete
    3. @ AnonymousDecember 28, 2013 at 7:50 AM -

      මචෝ එහෙමම කියන්න එපා. වැරදි වෙන්නේ මිනිස්සුන් අතින්නේ. බ්ලොග් ලියන අපට ඒ දවස්වල කමෙන්ට් කරමින් හොඳ උත්තේජ වගේම වලියටත් ආ පොරක්නේ කෙන්ජි. අපි කියමු යන්න එපා හිටපං බං කියලා.

      Delete
    4. පිස්සු කරන්න එපා කෙන්ජී කොහේ යන්නද? උඹෙ කොමෙට් එකක් දෑක්කේ නෑත්තම් කැවේ නෑ වාගේ බන්.

      Delete
    5. අන්කල් කෙන්ජිට කලින් මමත් මේල් කටුවක් එවුවා. අංකල්ගේ බොග යන චැනල් එක වෙනස් කොරන්න කියලා. හැබැයි අපි අංකල් කෙන්ජිව කුණුහරප තලන්න ෆෝම් කළේ නෑ. අවසානේ උනේ මේ අංකලුත් බොග අනා ගැනීමක්.
      -------------
      ඔය අංකල්ව ෆෝම් කළ උන්දැලැ කට-පුක වහ ගෙන ඉන්නේ නැතිව උත්තර දෙනවානම් හොඳයි.

      “උබ ලියහං කෙනජියෝ“
      “උබත් නැඟල යනවනේ“
      “ඊලඟ එකත් දාන්ඩ අයියා“
      “කවුරු නොකීවත් අපි එනවා බං කියවන්න“
      “කියවන එවුන් කියවයි“
      “උඔ නම් කෙනජි සිරා හපනෙක් බං“
      “අහවල් එකත් -------------------- වෙනවා බං“

      මෙවරද, කෙන්ජිගේ නෙමේ, අංකල් කෙන්ජිව ෆෝම් කරලා, අත්ත අග තියලා තව තවත් වයින් කරපු පොරවල්ගෙයි. එක්කෙනෙක් කියලා කියන්න බෑ. පඳුරකට ගැහුවෝත් කීප දෙනෙක්ම විසි වෙනවා.

      අංකල් කෙන්ජි ඉදිරියට පැමිණෙන්න. ඔව් පැමිණෙන්න. නැවත අරඹන්න, නමුත් ඔබේ චැනල් එක වෙනස් කරන්න. සේවා දායකයින් ඇඩ් නොදම්මාට කමන්නැත. තනි නොතනියට අපි ඉන්නවා පාළු මකන්න.
      මම,
      සයිබර් අවකාශයේ සිට කතන්දර පිල්ලිය, පත්තර මල්ලී සමඟ කවා.

      Delete
    6. //මෙවරද, කෙන්ජිගේ නෙමේ, //
      ඒක
      මේ වරද, කෙන්ජිගේ නෙමේ,
      කියලා නිවැරැදි වෙන්න ඕන.

      Delete
    7. කාවා මල්ලි මේවා ජිවිතේ කරගෙන,සින්නක්කර ඔප්පු තිරප්පු හිමි කරුවන්ට බාර දුන්නම ඉවරයි.
      මම හිටියේ රෙන්ට් එකට මචෝ...
      බැනුම් අහපු එකාට නැති අමාරුව අනිත් අයට.
      ඒක තමයි සහෝදරත්වය කියන්නේ.
      අඩු ගානේ නැතිව තිබුන ඒකවත් ආපු එක මට සතුටක්.
      හැමෝටම ....
      සයොනාරා......!!

      Delete
    8. ?
      ??
      ???
      ඔබට නැවත සාර්ථක බ්ලොග් කරුවෙක් වෙන්න කාලය ඕනෑ තරම් තිබෙනවා.

      Delete
    9. අම්මටහුඩු !!!

      කා වා . අවසරයි !
      කෙන්ජි මාමෙ මගෙන් කුනුහරුප අහන්ඩ ලෑස්‍ති වෙන්ඩ එපා. කොහෙ යන්ඩද හදාගත්ත පැල දාලා.
      පිස්සු නං කෙලින්ඩ එපා.

      මොනාද බොස් මේ කරන ළදරු වැඩ !!

      හා හා පටං ගමු පටං ගමු !!

      Delete
    10. අනේ කාවා ජී, පත්තර මල්ලී භයියා,

      මේ මොනාද අප්පා මෙතන සිද්ධ වෙන්නේ........?!!!!!

      මට මෙලෝ දෙයක් තේරෙන්නෑ!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    11. පිල්ලි ජී
      කෙන්ජි ජී ට උගෙ මැරිච්ච ආච්චි වැහිලා අපි හිටි පිනුං බඩ පිනුං ගහන උගෙ බ්ලොග් කඩමාල්ල වහලා දැම්මා !!

      දැං අපි පින්සෙන්ඩු උනාම ජනවාරියෙ අරිනවලු !!

      අම්මප හිතට එන ඒව කිව්වොත් ක කා ගෙදර හොයං ඇවිත් ගහලා යනවා !!




      Delete
    12. එක එක පිස්සන් නිසා උඹලා වැනි බොක්කවල් අත හැර යාමට මට පිස්සුවක් මට නැත.
      මම මගේ පස්සෙන් ඉදගෙන බොක්කවල් වගේ ඉදල මගේ පුකට පයින් ගහන්න හිටපු එවුන් ඇදුනා ගතිමි.
      කකා ගේ මේ ලිපිය දැකල "වැඩේ කැතයි මචෝ" කියල මට කියන්න බැරිය.
      මම කකාට කියන්නේ "අරිගතෝ මචන්"කියලාය.
      01.01.විස්සයි දාහතර වැඩ අරඹමි.
      කුණු හරුප නැත.මියන තුරා ලියමි.
      හැබැයි අල්ලන්නේ නැති එකෙක් හිටියොත් පතුරු යන්න දෙමි.
      ඒ මගේ ඉට්ටයිල් එකය.එපා කියල මොන ගෙම්බෙක් කිව්වද නවත්වන්නේ නැත.
      සියලු දෙනාට ...
      අරිගතෝ ගොසයි මසු...

      Delete
    13. මේ දෙන්නෙ කික්කි බර හැදෙන්න ....එත් කටද ????හික් හික්

      Delete
    14. //හැබැයි අල්ලන්නේ නැති එකෙක් හිටියොත් පතුරු යන්න දෙමි.//
      හුටා.!
      එහෙනම් අපි ඇවිත් හමාරයි!!

      Delete
    15. පිල්ලි ජීට තෙරෙනවා නේද දැන් වෙලා තියෙන විජ්ජුම්බරය.

      Delete
    16. අංකල් කෙන්ජි ජී, ආයෙත් රෙන්ට් එකට ඉන්න කප්පනාවක් නෑනෙ!
      ඒක නෙමේ
      //අරිගතෝ ගොසයි මසු...//
      ඒ මෙකක්ද බං කීවේ.

      Delete
    17. අන්න එහෙම වර....

      Delete
    18. අපිට නං දෙන්නෙපා ලොක්කා පතුරු යන්න !!

      අපි අහිංසක මිනිස්සු හරි දේට හරි වැරදි දේට වැරදි කියන!!!!

      කෙන්ජි මාම බැන්නට අපිට පාං යැ !!

      Delete
  3. කකාත් හීන්සැරේ ඇදලා හැරලා තියෙනවා ,අයේ හොදි ඕන් නැති වෙන්න.

    ReplyDelete
    Replies
    1. අපිනම් කන වැඩි තරමක්ම කන්නේ හොදි නැතිවයි. ඔයා හොදි වලට කැමතිද?

      Delete
  4. මටත් අර බනින්ට පටන් ගත්තා කීව හැටියෙම ඔය ටික හිතුණා.... :D

    විහිලුවකුත් නොවන, විහිලුවක් වගේ පේන, අපූරු විහිලුවක්!!!

    ReplyDelete
    Replies
    1. මගේම නොවන මගේ ආදරය වගේ?

      Delete
  5. අනේ මන්දා කතන්දර ලොක්කා ,මට ඊයේ ගහපු අරක්කු තාම වෙරිද කොහෙද? මට මේ කතන්දරේ අස්සේ වෙන මොකක්ද කතාවක් පේනවා පේනවා වාගේ.

    ReplyDelete
    Replies
    1. ane oya eyeth bivada. bonna apaaaaaaaaaaa. oya bonne nethiva innakota hodaaaaaaaaaaaaai.

      Delete
  6. විහිළුකාර අන්කල් මේ දැන් කකාගේ බ්ලොග් එකට ගොඩ වුනා.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න අංකල් ඉදිරියටම එන්න,
      මේ භාධක ඉවත දාන්න, ඔබව නොමඟ යැවූ අය දැන් ඔබ සමඟ නෑ. අපි පමණයි ඔබ සමඟ. මේ ඔබේ අවස්ථාවයි. නැවත අරඹන්න. ඔව් ටුක් ගාලා මේ දැන්ම. ක්‍රීස්ස්ස්ස්ස්ස--------------- චැක් ගාලා චැනලය මාරු කරමු. අත්දැකීම්, දැණුම මෙන්න මාතෘකා. මෙන්න මේ කකා වගේ. අදනම් අම්මා මුත්තා කීවත් නක් පුක් වෙන්න බොන්න එපා. ජුන්ඩක්වත් බොන්න එපා. ආයේ ඔළුව අඥ්ඥකොරොස් වෙයි.
      පොස්ටු දික් කරන්න එපා. සරලයි සුගමයි. කකා වගේ. ඉතින් කෝ එන්න. ඇයි මේ සබකෝලේ. ගූගල් සයිබරයා බලා ගෙන ඉන්නවා ඔබෙන් බිට් බයිට් ටිකක් පුරවාගන්න.

      අපේ කතන්දර කියනා අංකල් වගේ නෙමේ මේ අංකල් කෙන්ජි කියලා සයිබරයට පෙන්වන්න. අපේ අංකල් චාටර් නොවී චාටර්වෙන නිතරම යන යන තැන අනා ගන්නා විහිලුවට බර විහිලු හොඳට හඳුනන පොරක් කියලා පෙන්නන්න.

      (කකා සින් එක දැන ගෙනද දන්නේ නෑ මේ පෝස්ටුව අද දැම්මේ)

      Delete
    2. කාවා ++++++++++++
      අපෙත් ඇරියුම එන්න කියන එක තමයි...
      කකා යමක් කරන්නේ හොදට හිතා මතා ය.

      Delete
    3. කෙන්ජි වෙනුවෙන් රස විඳින්න‍ - කෙන්ජිගේ අඩවිය වසා දුමූවත් මේ කවුළුව භාවිතා කරන්න.

      ඔබට මතකද කෙන්ජිගේ ආගමනය,

      කෙනජිගේ ආගමනය

      නැවත කුණු මාළු ගැන සැඟවුන රහස

      කුණු මාළු 1. කොටස

      කුණුහරුපෙට තිත තියමු!

      කෝ ඒ සුන්දර මිනිසා? ඔහුව නැවත අවධී කරමු?
      එන්න එන්න කෙනජි සුරැකීමේ සංවිධානයක්ද හදාගමු!

      Delete
    4. නියමයි කාවා මුන්නෝ

      Delete
    5. ඇරු කාවා !!
      සම්පූර්ණ එකඟයි !!
      කෙන්ජි නැති බ්ලොග් ලෝකෙ 10 යතුර නැති ගැරිජ් එක වගේ.. ඒව සුම්මා !!
      ගිය තැනකින් එන්ඩ ලෑස්ටි වෙන්ඩ ලොක්කා !!
      මං කාවා පිල්ලියා සප් එකට බැක් එකේ !!!!
      ඒව එහෙමයි !!
      අපි වවමු රට නගමු !!!
      අතාරල දාලායෙ ලි‍යමු කෙන්ජි මාමෙ .
      අපිට පාලුයි !!

      Delete
    6. කා වා
      මේල් එකක් දාපං දෙයක් තියනවා කියන්න !!

      Delete
    7. මෙන්න බොක්කවල්....
      ප්‍රවීන බොක්කවල්ගේ පැතුම් /නලියගේ යටි සිතිවලි සේරම දැක්ක..අරිගතෝ ..
      මේක දාලා මම යයි..හැක..හැක්...හැක් වල් නරින් ...නිසා...
      පල වෙනිදා ඇවිත් බලන්න.

      Delete
    8. පාත්තර මලයා ඉතින් මේල් ඇඩ්ඩ්‍රස් එකත් දීහන්කෝ.

      Delete
    9. උඹ මං ගැන ඕන විදියකට හිතපං.. ඒකට මට අවුලක් නෑ. බොග ලියන එක කරපං එපමණයි. උඹ කවුද කියලත් මාත් දන්නවා එපමණයි. මේ සයිබරයේ යටි හිත් කියවන්න යන්න එපා.

      Delete
    10. නලිය,මට සිංහලෙන් ලියන්න කියල රයිගම එවපු මේලට තෑන්ක්ස් කරලා එක මේලක් යවල,මේල් වලින් සහ චැට් මගින් උඹ එක්ක විතරයි වැඩිපුරම අදහස් බෙදාගෙන තියෙන්නේ.
      ඔබ කවුද කියා මා දන්නව.
      ඉදිරියටත් ඒ සහෝදරත්වය අපි දෙන්න තියාගමු.
      ජය වේවා...!

      Delete
    11. කාවො
      මගෙ ප්‍රොෆයිල් එකට ගිහිං email කියන එක ඔබපිය !!

      Delete
  7. හුරේ ... කාකා තුමා කාලෙකින් කක්කා කතාවක් ලියා තෙල් මඳව නිවීයන පහන් දැල්ලක් ආකාරයෙන් අවසඟව සැඟව යමින් පැවතියා වූ ස්වකිය ප්‍රතිභා පුර්ණ ලේඛණ කලාවට නව ජීවයක් ලබා දීම පිළිබඳව අප සැමගේ හද පිරි අහ්ලාදජනක සාතිශය සන්තෝෂය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

    අප කල්‍යාන මිත්‍ර කැපිටල් ඇනෝ අන්කල්ට තව දුරටත් මේ සම්බන්ධයෙන් තම ඥාන සම්ප්‍රයුක්ත , ප්‍රබුද්ධ , කාලෝචිත අදහස් දැක්වීමට අවකාෂ ලබා දෙමින් මා සමුගන්නවා.... ජය වේවා!
    :)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න කැපිටල් ඇනෝ ඉදිරියට එන්න. මේවාට උත්තර දෙන්න. හුදී රසිකයාගේ පහන් සංවේගය උදෙසා මේ වේදිකාවේ රඟ දැක්වූ අයුරුනිම යමක් මුමුණන්න. ඇයි? ඇයිද? ඔබ මුව ගොළු වී..........................

      Delete
  8. වෙනදා උදේම එක වෙන්නට එන අංකල්ටත් අද චූ ගිහින්. අන්න මිනිහා පැනලා ගිහන්

    ReplyDelete
  9. බලාගෙන ගියාම කකාට ඉන්න අංකල්ලා තොගේ. පිස්සු හැදෙනවානේ

    ReplyDelete
  10. දශක දෙක තුනක් ගෙවී ඇතත්, තවත් සියවස් කිහිපයක් ඉදිරියට ගියත්, අමරණීය විහිලුකාර අංකල් අපට විහිලු කරයි. අප විහිලු නොකරයි

    ReplyDelete
  11. පරිණත බ්ලොග්කරුවෙක්, පරිණත ආකාරයට ලබා දුන් , පරිණත ඔවදනක්

    ReplyDelete
  12. අයියෝ කකා මං අද මෙතැන මොනවා කියන්න ද? කොහොම නමුත් උපහාස මෙන්ම යටි අරුත් කතන්දර ලිවීමේ ඔබ සතු නිසඟ කුසලතාව ඔබේ බ්ලොග කියවන්නට පැමිණි මුල් දිනයේ පටන් ම වටහාගන සිටියෙමි. ඔබ ලියනා පුංචිම සටහනක වුව අන්තර්ගතයේ යමක් තිබිණි. ඔබේ ඒ හැකියාවට මම ඇලුම් කරමි.
    අදට කතාවට මට කියන්න ඇත්තේ ස්තුතියි කියල විතරම යි.

    ReplyDelete
    Replies
    1. අනෙක් බ්ලොග්කරුවන් බ්ලොග්කාරියන් නාගෙන හත් පොළේ ගා ගනිද්දී කකා විතරක් බේරී සිටීමේ රහස කුමක්ද?

      Delete
    2. @ano December 28, 2013 at 12:52 PM
      මටනම් පෙන විදිහට ඒ සඳහා හේතු රාශියකි.හැබැයි ප්‍රධානම කරුණ නම් සම්මත මිනුම් දඬු අනුව කකා වැදගත් අධ්‍යාපනයක් ලබා හොඳ රැකියාවක් කරමින් සැපවත් ජීවිතයක් ගත කරයි.ඒ අනුව බ්ලොග් අවකාශයෙන් එළියේ සැබෑ ලෝකයේදී වුව කකා පොරකි.හැබැයි මේ බ්ලොග් කෙරුවාව අනා ගන්නා බොහෝ අයියලා මල්ලිලා එසේ නොවෙති.බ්ලොග් අවකාශයේ කවරාකාර පොර රංගනයන් ඉදිරිපත් කලද කොම්පියුටරය ඕෆ් කල පසු නිකම්ම නිකං හාල් කෑලිය.

      Delete
    3. Adherence to basic human etiquette and having a high level of integrity in character.

      Its not that Kaka does not write things that generate huge uproars , bitter criticism and fair bit of hatred among various cults from time to time. But when it comes to things that others shit in their pants , Kaka takes them all in , keep his emotions at bay and reply back like an gentleman with out personally getting offended. You wont get ගොනා , බුරුවා , මිහරකා from him in return.

      This is professionalism and having a high degree of internal strength and integrity in a character. Good work by his parents with his upbringing. (had to give credit where it deserve. I hope you agree with it). I doubt education plays any "significant" role in this.

      But one thing to keep in mind.
      Elephants never forget and so does kaka.
      (i.e : Dont try to patch up unless you are willing to do a self criticism and/or a simple apology. He is quite mean in that way )

      Am I right kaka ? ;)

      Delete
  13. මදෑ අන්කල්ට වෙච්චි දේ . . .. ඉතින් ඒ ඇන්ටි අන්කලුයි පස්සේ යාලු උනාද ?

    ReplyDelete
  14. //විහිළු නොදන්නා විහිළුකාර අංකල්!//
    මේ ගරිල්ලා මාකටින් හෙඩිමට කියන්නෙ මොන ඩ්‍රොපින් කියලද කකා?

    ReplyDelete
    Replies
    1. මේක නේම් ඩ්‍රොපින් නම් වෙන්න බෑ, මොකද නින්ජා අන්කල් තියා කකාවත් මේ සයිබරේදි පතාක යෝධයෙක් නොවන නිසා. ඕනම් නං බර්ඩ් ඩ්‍රොපින් කියල දාගන්ට :)

      Delete
  15. රිදෙන ටොක්කක්නේ තොප්පියක දාල පාකරලා යවලා තියෙන්නේ. මේ සුරු විරු කම් මේ තරම් හොදට හැමෝටම කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. ඇයි බැරි. මමත් අර කාලයක් දුන්නේ එක්කෙනෙකුට නක් පුක් වෙන්න. ඊට පස්සේනේ අර ඩුප්ලිකේට් කාවා කෙනෙක් දාගෙන හිටියේ. ඔව අයේ අදින්න ගියපුවාම තවත් කතකන්දරයක් වෙනවා. මම දැන් සීන් එක අමතක කළා. මට දුක ඩුප්ලිකේට් බුවා (හොරුන් ගාවට වැටුන ගිරවා) මාට්ටු උනේ කෙනජිගේ බොගෙන්. අන්න ඒ කොමන්ටුවත් දැන් වැහිලා.
      පත්තර අයියාටත් ඕනනම් දැන්ම බලා ගන්න. ගූගල් ක්‍රෑෂ් මතකය වැඩි කාලයක් තියෙන්නේ නෑ.
      කෙන්ජිගේ ආගන්තුක සිහිනය Anonymous27 November 2013 19:02 කොමන්ටුව

      Delete
    2. නලිය, මේවා ජිවිතේ කරගෙන,සින්නක්කර ඔප්පු තිරප්පු හිමි කරුවන්ට බාර දුන්නම ඉවරයි.
      මම හිටියේ රෙන්ට් එකට මචෝ...
      බැනුම් අහපු එකාට නැති අමාරුව අනිත් අයට.
      ඒක තමයි සහෝදරත්වය කියන්නේ.
      අඩු ගානේ නැතිව තිබුන ඒකවත් ආපු එක මට සතුටක්.
      හැමෝටම ....
      සයොනාරා......!!

      Delete
    3. හරි කාවෝ හරි ..... මාත් කියන්නේ කෙන්ජයියට ඉන්න කියලම තමා ඒ අපූරු මතකයන් කුණුමාලු කතා වගේ ඒවත් එක්ක ඉන්න කියලම තමා.. අනේ කාවෝ දන්නැති දෙයක් මේ අහන්නේ ගූගල් ක්‍රෑෂ් වලින පහුගිය දෙයක් ගන්නේ කොහොමැයි. මගේ බ්ලොගම මැකිලා ලා ගියානේ පරණ සේරම පිංතුර..මගේ තාක්ෂණ දැනුම මදි පොඩ්ඩක් පහදලා දියන් තරහා නැතුව මෙතැන බැයි නං මට මේලක් හරි දාන්න

      Delete
    4. මෙන්න මෙහෙමයි
      1. පොස්ටුවේ නම නිවැරැදිව ටයිප් කොරලා ගූගල් වලින් සර්ච් කරන්න
      2. අදාල පෝස්ට් එකට ලින්ක් එකක් සර්ච් එකෙන් පෙන්නුවෝත් ගොඩම තමා
      3. හෝව්......... ! ඒ ලින්ක් ටෙක්ස් එකේ කොටන්න එපා
      4. ලින්ක් පාර්ත් එක කෙලවරේ තියෙන ඊතල කෑල්ලේ කොටන්න
      eg : kenjij1.blogspot.com/2013/11/blog-post_19.html ‎+ පහලට ඊතලය
      5. එතකොට එන මෙනු ජුන්ඩේ Cashed කියන එක තෝරන්න.
      ට්‍රයි එකක් දාලා බලන්න. පොස්ටුව මකලා හුඟාක් කල්නම් වැඩේ අඥ්ඥකොරස් වෙන්න පුළුවන්.
      හැබැයි පත්තර අයියා, මහින්දගේ හරි ආණ්ඩුවේ ගුණවර්ණාවක් නම් හොයන්නේ එක මැකිලම යන්න ඉඩ දීහන්. ආයේ නොකීවයි කියන්න එපා. ඒවා ඇද්දොත් අපෙන් ගල් මුල් තමා.

      Delete
    5. තැන්කූ කාවා අරවා නොවේ මං හොයන්නේ මගේම බ්ලොගේ මැකුණු පිංතුර

      Delete
    6. රෙන්ට් එකට හිටි බව හැබෑව.
      අපි සදාකාලික මිනිස්සු නෙවෙයිනේ..
      අපි කැමතියි කෙන්ජි මාමෙ ඔයා ආපහු ලියනවට.
      කුණු මාලු වගේ පෝස්ට් වල යමක් තිබුනා නොදන්න !!
      මට පේන විදියට ඔයාට බ්ලොග් එක වහල දාන්න තරං සාධාරන හේතුවක් නෑ කෙන්ජි මාමෙ.
      මයි කාර මයි පට්‍රල් තමා !!
      නමුත් ඉල්ලීමක් මේක !!

      ආයෙ ලියන්න ගමු ¡

      Delete
    7. වැඩේ නං කෙරුණා ඔබ කියපු විදියටම ඒත් ආවේ පිංතුර ටික නැතිව ටෙක්ස්ට් එක විතරයි.. කරුමේ තමා. මුලු බ්ලොගේම පරණ පිංතූර සේරම මැකිලා තියෙන්නේ දැන්

      Delete
    8. මෙන්න බොක්කවල්....
      ප්‍රවීන බොක්කවල්ගේ පැතුම් /නලියගේ යටි සිතිවලි සේරම දැක්ක..අරිගතෝ ..
      මේක දාලා මම යයි..හැක..හැක්...හැක් වල් නරින් ...නිසා...
      පල වෙනිදා ඇවිත් බලන්න.

      Delete
    9. ගූගල් ක්‍රෑෂ්

      හුටා ගූගලටත් කෙලවුනා එහෙනම්

      Delete
  16. ඔහොම විහිළු නොදන්නා විහිළු කාරයෝ කිහිප දෙනෙක් මම දැකලා තියෙනවා. ඉස්කෝලේ අපේ පන්තියේ එකෙක් උන්නා. මට පෙන්නේ බ්ලොග් අවකාශයේ එහෙම කෙනෙක් සිටිනවා වගේ. මම අලුත් එකා නිසා කවුද කියලා හිතන්න බැහැ.

    මෙනන් මගේ බ්ලොග් එකේ පළමු ලිපිය. එන්න කියවන්න, කමෙන්ට් කරන්න.
    අපි කප් ගැසුවේ sex වලින් පමණද?
    නවකයෙක් වන මට ඔබලාගේ අනුග්‍රහය අවශ්‍ය මොහොතයි.

    ReplyDelete
    Replies
    1. එක පාරක් නෙමේ බං. තුන් පාරක් කප් ගැහුවා. කාටද ආඩම්බර. ආඩම්බරකාර තාත්තෙක් සිටින අපිට නොවැ.................................................

      Delete
  17. වෙලාවට කක්කමුල්ල කියල නම හැදුන්නැත්තෙ

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත කියලා නම හැදුනේ මෙයා වැව් ඉස්මත්තේ කක්කා දාපු නිසානේ.

      Delete
  18. කනෙන් ඇදලා...ටොක්කක් ඇනලා..වැරැද්ද පෙන්නලා දීලා.
    අන්න ඒ දේ තමයි, වැඩිහිටියන්ගෙන් වෙන්න ඕනෙ.
    ටොක්ක කාපු ළමයත් දැන් කරන්න තියෙන්නෙ ගෙදරින් යන එක නෙමේ, වැරැද්ද හදුනා ගන්න එකයි.
    මොකෝ ගෙදරින් ගියාම පාඩුව ඌටයි, ගෙදර එවුන්ටයි විතරයිනෙ.

    ReplyDelete
  19. කතන්දර මහතාණෙනි, අධ්‍යාපනික නිබන්ධනයකට අවශ්‍ය දත්ත එක්රැස් කරගැනීම වෙනුවෙන් මෙය ට උපරිම පිරිසක් අතරට ගෙන යනන දායකත්වයක් ලබා දෙන්න.නිවැරදි තොරතුරැ ලබා දෙමින් සහාය දක්වන්නපෝරමය පුරවන්න මෙතැනින් යන්න

    ReplyDelete
    Replies
    1. කතන්දර මහත යි ද? :-DD

      Delete
    2. ආරෝහ පරිනාහ දේහයක් හෙබියි දිලිනි

      Delete
    3. ඔය තීසීස් එක කරන්නේ මොන විශ්ව විද්‍යාලෙටද, ඒකෙ පරීක්ෂකවරයා කවුද දැන ගන්න කැමැතියි. මොකද, මේ ප්‍රශ්නාවලියෙ වැරදි රාශියක් තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නාවලියක් වත් හරියට හදා ගන්න උගන්වන්නෙ නැති විශ්ව විද්‍යාලය?

      Delete
    4. අනිවා මචෝ මමත් දැක්කා වැරැදි. දැනගන්න අවශ්‍යනම් මේල් එක දීහන් පත්තර අයියා.

      Delete
    5. ජපුර සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවේ නිබන්ධනයක් වෙනුවෙනි. වැරදි ඇති. මෙය අදාළ තැනැත්තා විසින්ම සකසා ගත් ප්‍රශ්නාවලියකි. අඩුපාඩු පෙන්වා දෙන්න.

      Delete
    6. ආ මේ ජපුරේ වැඩක්නේ. ආයේ ඉතින් ඒ ගැන අහලා වැඩක් නෑ.

      Delete
    7. කාවා මේන්න මගේ මේල ndilruksha@gmail.com

      Delete
    8. නලියට ජොලි,,
      මේ කඩේ යන නියම බුවාලා

      Delete
    9. මූ අද රෑ ආයිමත් බීලද කොහෙද?

      Delete
  20. ඔය අංකල්ට වෙච්ච දේ අපේ එකෙකුටත් උනා එදානම් එලි වෙනකං නානුඔය ස්ටේෂන් එකේ තමයි.

    ReplyDelete
  21. කමෙන්ට් වලින් පේන්නෙ මොකක් හරි යටි අරුතක් වගේ.. තේරුනේ නෑ..

    මොකක් නමුත් මයික් ටයිසනුත් ඔය වගේලුනෙ. පාරවල් ගැහුවාට පාරවල් කන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඔය සමහරු පොස්ටුව කියෙවුවාට, ඒකෙන් කියන දේවල් තේරුම් ගන්නත් බැ ලුනේ!

      Delete
  22. මා ටැබූ සබ්ජෙක්ට්ස් යුගයේ පටන් බ්ලොග් පාඨකයෙක්මි.සිංහල බ්ලොග් අවකාශය තුල අදටත් කතන්දරකාරයා බ්ලොග් සක්විති වන්නේ ඔහු සතු මේ පරිනත භාවය නිසාය.වටේ ඉන්න උන්ගේ විසිල්වලට චුන් වී රෙදි ගලවාගෙන නටන්න ගොස් කිච නොවන,දේශපාලනයේ සිට සෙක්ස් දක්වා දන්නා නොදන්නා ඕන මලඉලව්වක් සෝඩා බෝතල් න්‍යායෙන් ලියා වටේ ඉන්න උන් මහාචාර්ය යයි කියූ විට තමුන්ම ඇඳ නොගන්නා, කුණුහරුප සහ දෙපිට කැපෙන කතා අවභාවිතා නොකරන,තමුන්ගේ වෘත්තීය ක්ෂේත්‍රය ගැන දන්නාකම ප්‍රදර්ශනය කොට මාගල් නොලියන,බ්ලොගය තම බිස්නස් සඳහා යොදා නොගන්නා කතන්දරකාරයා බ්ලොගය මූණුපොතක් කරගත් බොහෝ වර්තමානිකයන්ටද ආදර්ශයකි.කතන්දරකාරයා තවමත් බැබලේ.එහෙත් බොහෝ වුන් එති කිචවෙති යති කිචවෙමින් සිටිති. වෙනස එයයි.

    ReplyDelete
    Replies
    1. කකාට උඩ තියන්න නෙමේ. ඔන්න ඇනෝගේ කතාවට එකෙන්ම මාත් 5 ක් දානවා. හැබැයි කරුණාකරලා ඡන්දය ඉල්ලන්නම් ලෑස්ති වෙන්න එපා.

      Delete
    2. /සෝඩා බෝතල් න්‍යායෙන් ලියා වටේ ඉන්න උන් මහාචාර්ය යයි කියූ විට තමුන්ම ඇඳ නොගන්නා/

      අනෙක් ඒවාට කෙසේ වෙතත් මේකට එකඟයි. අනෙක් එවුන් මහාචාර්ය කී විට ඇඳ නොගන්නා බ්ලොග්කරුවක්/කාරියන් තාම ඉතුරු වෙලා ඉන්නේ ටික දෙනයි. කකා එක්කෙනෙක්. අභීත තව එක්කෙනෙක්. (උගේ ණය ගනුදෙනු වෙන කතාවක්.) අනෙක් බ්ලොග්කරුවන් වැඩි දෙනකුට නම් "අනේ අය්යේ ඔයා නම් මාරයි" කිවාම කලිසම ඉබේම තෙමෙනවා.

      Delete
    3. me ano kaka ma neda

      Delete
    4. //me ano kaka ma neda// නෑ නෑ අභීත.

      Delete
    5. ඔහේ කකාව පොරක් කරන්න හැදුවට කකත් නිකන්ම නිකං බොග් කාරයෙක් විතරයි. දන්න පුකකුත් නැහැ නොදන්න පුකකුත් නැහැ. ඔස්ත්රෙලියාවේ ඉඳගෙන ලංකාවේ පුකවල්වල ඇඟිල්ල ගහනව නිකං පොර වෙන්න. (පුක යනු කුණුහරපයක් නොවේ).

      Delete
  23. කතන්දර කාරයාගේ තවත් වටිනා කතන්දරයක් වගේම බ්ලොග් අවකාශයේ කාලින අවශ්‍යතාවයන් තේරුම්ගෙන ලියු එකක් බව පෙනේ ...
    ජයවේවා !!!

    ReplyDelete
  24. //නමුත් විනාඩියකින් පමණ අපට මේ විහිළුවක් නොව විහිළුකාර අංකල්ට ඇත්තටම පුෂ්ප විකසිත වී ඇති බව වැටහිණි!
    අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේ එදා ය.
    මේ සිද්ධිය වී දැන් දශක දෙක තුනක් ගෙවි ඇත.
    විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
    ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.//

    හම්මේ කකා තමයි දවසකට හරි මිනිහා :P හිල් වෙන්නම ටොකු අනින එක නං හොද නෑ.. අනින්න ඕනි ඔලුව අතගාලා ලාවට රිදෙන්න... හරිම නාකයි කකා ඔය

    ReplyDelete
  25. රුපයේ ඉන්න අංකල් වනන්නේ ජපන් කඩුවක්.
    විහිළු නොදන්නා විහිළු මිනිසුන්.

    ReplyDelete
    Replies
    1. ඒ අලුත් තාලේ සමුරායි කෙනෙක් ...

      Delete
    2. ජපානෙ ඉන්න කඩු වනන අංකල් කෙනෙක් ට, හොම්බෙන් යන්න උනේ ඇයි...
      මුරුංගා අතු එතරම් සවිමත් නැති බව වටහා නොගැනීමට තරම් හේ අනුවන වීද?

      Delete
  26. මම අදුරන අංකල් බුවෙක් හිටියා නොදන්න දෙයක් නෑ වගේ තමා කතාව. හැබැයි කවුරු හරි ඇවිල්ලා කොර වෙන ප්‍රශ්නයක් ඇහුවොත් උට පලු යන්න බැනලා උබලා වගේ චූ කොල්ලන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න උබ වගේම ගොනෙක් අල්ල ගන්න කියලා මාරු වෙනවා.

    ReplyDelete
  27. බඩවියත සරිකර ගැනීමට දුරුරටකට ගිය ලාංකිකයෙක් අන්තර්ජාල සබැඳියක් හරහා බ්ලොගකට ගොඩවී සිය කාන්සිය හිස්කම තුරන් කරගනී.සිය පෞරුෂ දුර්වලතා ඉස්මතුකරමින් දෙපිට කැපෙන වචන කුණුහරුප කොමෙන්ටු දමයි.මේ අහිංසකයා චුන් කොට ෆන් එකක් ගැනීමට සිතන ලංකාවේ මල්ලිලා ටික අර අසරණයාව මුරුංගා අත්තේ තබයි.අහිංසකයා අත්ත බිඳී පුක බිම ඇනගත් පසු ආයෙත් අයියාව ෆෝම් කොට "ආතල් ටික - දෙවන කොටස" සඳහා සැරසෙති.තමුන්ගේ මට්ටම් තම්මට්ටම් බව නොදැන රෙදි ගලවා ගන්නා අය්යලා ගැන අනුකම්පා කරමු.ඉස්සර ගම්වල හන්දි බෝක්කු ගානේ කුණුහරුප කියා කෑ ගසන උන් හිස් ජීවිත සහිත පෞරුෂ දුර්වලතා ඇති මදාවියෝ අපතයෝ සමාජය හඳුනා ගත්හ.හැබැයි අන්තර්ජාල අශීලාචාර මදාවියන් ඉන්ටෙර්නෙට් යන්න දන්නකොම නිසා තමුන්ද පඬිවරු බව සිතති !

    ReplyDelete
  28. රසවත් කතන්දරයක් කියල හිතල කියවගෙන ආවා,තේරුම වැටහුනේ අවසානයට එනවිටයි.සුබ පැතුම් කකා.

    ReplyDelete
  29. සතෙක් හම ගහන ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි මුලු ගමටම කියලා එළිපිට හැමගහනවා. අනික මේ වගේ සතාටවත් හම ගැහුවා කියලා තේරෙන්නේ නැති විදියට හමගහනවා.

    ReplyDelete
  30. දැන් මෙතන මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවනේ. අපිටත් එක දන ගන්න කවුරු හරි පැහැදිලි කරලා දෙනවද?
    මාව නිකන් කරකවල ඇත අරිය වගේ. බ්ලොග් ලියන්නේ හැමෝටම කියවන්න කියල හිතන් එන අපිට හොද පාඩම්.

    ReplyDelete
    Replies
    1. ඔබට ඇත්තේ ඔබ විසින්ම ඇතිකරගත් ප්‍රශ්නයකි.

      එය මගේ කතන්දරය නිසා ඇතිවූවත් නොවේ. මට හිතෙන විදියට මෙහි ඇති ප්‍රතිචාර නිසා ඇතිවූවකි.

      මගේ කතන්දරයේ ඇත්තේ විහිළු නොදන්නා විහිළුකාර අංකල් ගේ කතාවයි. එහි ඔබට ගැටළු සහගත දෙයක් තිබේ නම් කියන්න මා උත්තර දෙන්නම්!

      මා කතන්දර ලියන්නේ සැමට කියවීම සඳහාය.

      Delete
    2. කකා තමයි දවසකටවත් මිනිහා (කෙසේ වෙතත් ප්‍රතිචාරයක් දැක්වීම ගැන තුති.)

      @ Naleen Dilruksha

      මෙවෙනි ගැටළුවක් බව නොදැනයි ඇසුවේ. ඔබට ඇති වූ අපහසු තාවයට කණගාටුව.

      @ මහසොහොන් පිල්ලිය

      ස්තුතියි.

      @ AnonymousDecember 28, 2013 at 10:10 PM

      එම පොස්ට් එක කියවා නොතිබුණි.

      @ පත්තර මල්ලි

      මට පෙන්නේ ඇරවගෙන , අතින් අරන් තියාගෙන.( එය ඔහුගේ බ්ලොග් එක කියවීමට මට බාධාවක් නොවේ.)

      මිට
      AnonymousDecember 28, 2013 at 2:20 PM/AnonymousDecember 28, 2013 at 6:50 PM

      Delete
  31. කල් යල් බලා ටොකු ඇනීම....පව් අප්පා මේ උදවිය....මං ආතල් ඒකේ කතාව කියෙව්වා....
    ඒත් ඉතින් අනේ මන්දා...
    ඕකට තමා කියන්නේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මඟුල් ලු කියලා...
    අපිට ආතල් ය....

    ReplyDelete
  32. ජපන් කඩු වනන ඇමරිකානුවෙක්!

    පාරෙ වමෙන් හෝ දකුණෙන් යන එකට වඩා දෙපැත්තට නැතුව මැද යන එක අපහසුයි. මොකද හැප්පෙන්න පුලුවන් නිසා.

    ReplyDelete
  33. සාමාන්‍ය සිංහල බ්ලොග්කරුවාගේ (හැමෝම නොවේ) ජීවන චක්‍රය

    1. සිංහල බ්ලොග් එකක් කොහෙන් හෝ දකියි.
    2.ටික කලක් බොග බලයි.
    3.සමහර බ්ලොග් කරුවන් පොරවල් වී ඇති හැටි දකී.
    4.එවැනි කතා දන්න තමනුත් පොරක් නොවෙදැයි සිතයි.
    5.බ්ලොගක් අටවාගනී.
    6.ගූ බෙට්ටට රැස්වන නිලමැස්සන් අල්ලා ගැනීමට පුලූවන් තරම් කුනුහරුප කොටයි.
    7.නිල මැස්සෝ රැස්වෙයි. 'බුදු අයියේ එළකිරි' කමෙන්ට් ලැබේ.
    8.මහා සිංහල බ්ලොග්කරුවෙක් වෙයි.
    9.පොර ටෝක් දෙයි. තව තව පිම්බෙයි.
    10.තවත් පිම්බෙයි. තවත් පිම්බෙයි. තවත් පිම්බෙයි. බ්ලොග් හමුවල ටෝක් දෙයි.
    11. ඩෝං

    ReplyDelete
    Replies
    1. thota reunada ban?

      Delete
    2. 12. කකා අවමඟුල් උත්සවය පෝස්ට් එකක් කරයි
      13. මියගිය කසිප්පු කාරයාත් "උපාසක" වන උතුම් හිංගල චාලිත්තරයට අනුව, නිළ මැස්සෝත්, අනිකුත් මැස්සෝත් ‍රැස්වී, පස්චාත් මරණ පරීස්සනය පවත්වති

      Delete
    3. JUST LIKE KAKKA

      Delete
  34. මේ සිද්දිය මොකක්ද කියල කවුරු හරි කරුණා කරලා පැහැදිලි කරල දෙනවද යකෝ. දන්නා එකෙක් ඇනොනිමස් ඇවිල්ල හරි. ඇයි යකෝ?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ මුල්ම කමෙන්ට් එකෙනුත් නොතේරෙනව නං, උඹ අඩි පහේ ටියුබ් ලයිට් එකෙක් වෙලාම හිටපිය. එක වැඩිය හොඳයි

      එක්කෝ උඹ බ්ලොග් කියවන එකෙක් නෙමෙයි, එහෙම නං මේ ඕපදූප උඹට වැඩක් නෑ.
      මෙව්ව කිලින්ම කියන්න පුළුවන් එව්ව නෙමෙයි. තම, තම නැණ පමණින් තේරුම් ගන්න ඕන දේවල්

      Delete
    2. ඔන්න මං පත්තර මල්ලි නෙවෙයි ඇනෝ කියල හිතාගන්න හොඳේ !!!!

      උන දේ කියනවනං එන්න කියල %$ ඇරියා !!!

      Delete
    3. @Ano December 28, 2013 at 6:50 PM
      මෙහි කොමෙන්ට් කියවන්න. පැහැදිලි වේවි

      Delete

  35. අද පෝස්ට් එකෙ එක හරහා ආප් ජී මතු කරන්න හදන්නේ
    උපහාසෙ ද?

    අපහාසෙද??

    අර ව්‍යංගෙන් කියන අංකල් දැන් වහලු එක කාලෙකදි අපෙ බහුතරයක් බ්ලොග් කරුවන්ට ෆට්ටම රහ වුණු කාලෙකුත් තිබුණා නේද???

    ඒ කියන අංකල්ගෙම විහිලුවකින් මොහොතකට හරි අපි අපේ ප්‍රශ්න අමතක කරලා හිනාවෙන්න ඇති නේද????

    කලගුණ මතක තියෙන්න අපි බල්ලෝ නෙවෙයි නෙවැ!!!!!!

    ඊටත් එහාගිය මනසින් උසස් මිනිස්සු නේ?!

    නොදෝකින් තොපි!!!!!!!!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සමහර දේවලට එකඟයි. ඒත් අන්කල්ගෙ අතෙත් වැරදි නැතුවෙ නෙමෙයිනෙ.

      මේ සයිබරයෙ ඉන්නෙ ලියන්නෙයි, කියවන්නොයි විතරයි. තමන්ගෙ බ්ලොග් එකේ තමන්ට කැමති දෙයක් ලියන්න නිදහස තියනවා තමයි, ඒත් ඒක කෙරෙන්න ඕනෙ පිළිගත් සමාජ සම්මත රාමුව ඇතුලෙ. ලොකුම වැ‍රැද්ද, අනුන්ට තර්ජනය කරල " ගෝඩ් ෆාදර්" පාට් දාන්න ගිය එකයි. සැබෑ ජීවිතයේදී පාතාලයේ "අයිය" කෙනෙක් වුනත්, එව්වා මේ සයිබරයට අදාල නෑ.

      Delete
  36. welcome to the hell.

    ReplyDelete
  37. ගමේ නම කක්ක මුල්ල නොවී දේවාල මුල්ල වුනේ ඇයි?
    නැත්තං දෙවියොන්ට "මුල්ලෙ කක්ක දෙවියො" කියල නම නොවැටුනේ ඇයි?
    විහිළුකාර අංකල්ගෙන් පුළුවන්නම් අහල යවන්නකො.

    ReplyDelete
  38. @ All
    දිගින් දිගටම ජංගම දුරකතනය මගින් ප්‍රතිචාර පළවෙන්නට ඉඩ සැළසුවත්, නැවතත් පරිගනකයක් ඉදිරියෙන් වාඩිවෙන්නට මේ ඉඩ ලැබුණේ මේ පැය තිස්හයකට පමණ පසුවයි.

    මේ කතන්දරය නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයට අර්ථ දක්වා ගෙන සාකච්ඡා කරන බව මා දුටුවා. ඒ ගැන මගේ අවුලක් නෑ.

    මට කිව හැක්තේ මගේ අනෙක් අතිබහුතරයක් කතන්දර මෙන්ම මේ විහිළු නොතේරෙන විහිළුකාර අංකල් ගේ කතන්දරයත් සත්‍ය කතාවක් මිස නිර්මාණයක් නොවන බවත්ය.

    මෙහි ඇති එකම නිර්මාණය නම් ඔය දේවමුල්ල නම් ගමේ නම සෑදුණු හැටි ගැන ඇති කතාවයි. එය ද මගේ නිර්මාණයක් නොව නැන්දම්මා කුපිත කිරීමට අංකල් විසින් කරන ලද නිර්මාණයකි.

    කෙසේ වෙතත් මේ කතන්දරය කියවු සිංහල බ්ලොග් ලෝකයේ අංකල් ලා, ඇන්ටි ලා මෙන්ම නෙවිව් ලා සහ නීස් ලා ද ඉතා සීරියස් වින්දනයක් ලබා ඇති බව දැන ගැනීම මගේ සතුටට කරුණක් බව කිව යුතුයි.

    එය දැනගතහොත් මගේ අංකල් ද ඉතා සතුටට පත්වෙනු නොඅනුමානය. අවාසනාවට ඔහු බ්ලොග් කියවන්නෙක් නොවේ!

    ස්තුතියි!

    ඉඩ ලැබෙන පරිදි තවත් පිළිතුරක් දෙකක් පමණක් ලියන්නම්.

    ReplyDelete
  39. ටැක්සි මීටරේ වගේ හිට් කවුන්ටරේ වැඩ කරන කොට , කතන්දර අන්කල්ගෙ වින්දනේ සීරියස් නැතුව වෙන්ටෑ. හහ්, අපි නොදන්න චෙස්!

    ReplyDelete
  40. ඒ කියන්නේ ඇන්ටිත් විහිලු කරන්නේ නැද්ද අංකල් එක්ක

    ReplyDelete
  41. සිoහල බ්ලොග් ලෝකයේ වටපිටාව ගැන සීමා මායිම් ගැන සරල මූලික දැනුමක් ලැබුණා සැමට ස්තුතියි

    ReplyDelete
  42. විහිළු කරන බොහෝ දෙනෙකුට තමන්ට කරන විහිළු දරා ගන්නට බැරි වීම සුලබ තත්වයකි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.