Friday 16 August 2013

ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up


මට මතක විදියට මං තුනේ පන්තියෙන් හතරේ පන්තියට පාස් වෙච්ච කාලේ වෙනකොට මට හොඳට පොත්, පත්තර කියවන්න පුළුවනි. ඒ කාලේ ඔය කොම්පියුටර් ගේම්, ඉන්ටර්නෙට් කෙසේ වෙතත් ටෙලිවිෂන්වත් නැති වීම නිසා තමයි ඒ විදියට කියවීමට පුරුදු වුනේ.

තුනේ පන්තියේ දී තාත්තා මට මිහිර පත්තරේ ගෙනත් දෙනවා. මං ඊට අමතරව සිළුමිණේ ළමා පිටුව සහ බන්දුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍රකතාව හෙමත් කියවනවා.

ඊට අමතරව කියවන්න අපිට ළමා පොත් කියලා වැඩි දෙයක් තිබුණේ නෑ.

ඊළඟට මට අහුවුනේ අපේ අම්මා එකතු කරලා තිබුණු රසකතා පත්තර සහ ශ්‍රී සඟරා.

රසකතා කියන්නේ ඒ දවස්වල තිබුණු දවස කියන පත්තර සමාගමෙන් ගහපු සතිපතා පත්තරයක්. ඒකේ තිබුනේ කෙටිකතා සහ කොටස් වශයෙන් පලවෙන නවකතා පමණයි. සමහර විට කවිත් තියෙන්න ඇති. විහිළු කතන්දර නම් තිබුණා.

ඉතිං මාත් පටන් ගත්තා මේ රසකතා පත්තරේ පුළු-පුළුවන් විදියට කියවන්න.

පුළු-පුළුවන් විදියට කිව්වේ, කියවා ගන්න පුළුවන් වුණාට තේරුම දන්නේ නැති වචන තියෙන නිසයි. ඒවට අපි කියන්නේ අමාරු වචන කියලනේ!

ඉංගිරිසි අමාරු වචනයක් හම්බවුණාම නම් කරන්න තියෙන්නේ ඩික්ෂනරිය බලන එකයි. මට පහේ පන්තියේදී විතර කාලේ නම් තාත්තා ගෙනත් දුන්නා සක්‍ෂිප්ත ගුණසේන ශබ්දකෝෂය කියලා පොඩි පොතක්.

නමුත් සිංහල වචනවල තේරුම තියෙන ශබ්දකෝෂයක් මට මේ මෑතක් වෙනතුරුම තිබුණේ නෑ.

ඉතිං ඒ දවස්වල අපි කරන්නේ ඉස්කෝලේදී නම් පන්තිය බාර ටීචර් ගෙන් අහනවා. ගෙදරදී නම් තාත්තාගෙන් අහනවා.

ඔන්න එක දවසක් මං රසකතා පත්තරේ තිබුණු කෙටිකතාවක් කියවන කොට අමාරු වචනයක් දැක්කා. දෙතුන් පාරක් ඒ වාක්‍යය කියෙව්වාට මේ වචනේ තේරුම නම් වැටහුණේම නෑ.

ඉතිං මං කෙරුවේ අවුරුදු අටක නමයක ළමයෙක් කරන දේ ම තමයි.

මං ගිහිං තාත්තගෙන් ඇහැව්වා!

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

තාත්තා උත්තරයක් දුන්නේ නෑ.

මං ආයෙත් ඇහැව්වා!

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

"මොකක්ද උඹ ඔය කියවන්නේ?"

"මේ අම්ම ගේ රසකතා පත්තරයක්!"

"කෝ දීපන් ඕක මෙහාට!"

තාත්තා මගෙන් පත්තෙරේ උදුරාගෙන කෙලින්ම ගියේ කුස්සියේ මොකක්ද වැඩක් කරමින් හිටිය අම්මා ලඟටයි.

"ඇයි ඕයි මේ කුණුහරුප පත්තර ගේන්නේ? ළමයි නරක් වෙනවා නේද?"

"අනේ මහත්තයා, ඕක කුණුහරුප පත්තරයක් යැ. මේ රසකතා පත්තරේ නේ!"

"ඒව වැඩක් නෑ, ආයෙ හෙම මේ කුණුහරුප පත්තරෙ හෙම ගේනව නෙමෙයි."

ඔය කතාව සාලේ ඉඳලා අහං හිටපු මං නොවෙයි කටක් ඇරියේ.

අර මඩොල්දුව පොතේ උපාලි ගිණිවැල්ල කාමේසු මිච්ඡාචාරා කියන එක කුණුහරුපයක් කියලා ඉගෙන ගත්තා වගේ ගණිකාව කියන්නේත් කුණුහරුපයක් කියලා හිතා ගත්තා.

හැබැයි ඔය කාලේ මං මඩොල්දූව පොත කියවලා තිබුණේ නෑ. ගෙදර තියෙන පොත් නේ ළමයි කියවන්නේ.

මං හා හා පුරා කියලා කියෝපු නවකතාව ගැන සඳහනක් මං ලියපු මැංචෝසන් චාරිකා කතන්දරේ සහ කණ්ණාඩි පොළඟා කතන්දරවල ලිව්වා මතකයි.

ඒ කොහොම වුනත් මං ඔය ගණිකාව කේස් එකට පස්සේ කවදාවත් කුණුහරුපයක් කියලා සැක හිතෙන වචන තාත්තාගෙන් අහන්න ගියේ නෑ.

ඒ වගේ කාගෙන්වත් අහපු නැති එක අමාරු වචනයක් ගැන තමයි "ඔසප්, ඔසප්, ඔසප්" කියන කතන්දරේ කියවෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
මගේ පුතාට දැන් වයස දොළහයි. ඒත් තාමත් පුතා මගෙන් කිසිම "අමාරු වචනයක්" ගැන අහලා නෑ. ඒ කියන්නේ කවදාකවත් අහන එකකුත් නෑ!

ප/ප/ලි:
මේ කතන්දරේ කියෝලා තියෙනවාද?
සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long?


(image: http://www.dvdbeaver.com/film2/dvdreviews44/pretty_woman_blu-ray.htm)

97 comments:

  1. දැන් දරුවො අපේ කාලෙට වඩා ගොඩක් ඉදිරියෙන්.

    ReplyDelete
  2. මමත් 3 , 4 පන්තියෙ ඉන්දලා ගෙදර තිබ්බ ඔක්කොම පත්තර කියෙව්වා.
    අමාරු වචන කෝටියක් තිබ්බත් මම නෙමේ කාගෙන්වත් ඇහුව්වෙ.
    දහස් ගනනකගෙ ඇස් පාදනවා කිව්වට, අපෙ අම්මගෙ තිබුන හන මිටි අදහස් මගේම ඉවට තෙරුනාද මන්දා.
    ඇහුවොත් අනිවාර්යෙන්ම පත්තර - පොත් කියවන්නෙ වෙන්නෙ නැති බව මම දැනගෙන හිටිය.
    අපේ තාත්තා හිතන් හිටියෙත් නවකතා පොත් වල තියෙන්නෙ කොල්ලො එක්ක යාලු වෙන හැටි කියල.
    ඒ සේරටම වඩා දුක, අපේ අම්මා තාත්තා හිතුවෙ- මම කියවන්නෙ කොල්ලෙකුයි කෙල්ලකුයි ඉන්න නව කතා විතරයි කියල.

    මම විරාගය කියෙව්ව 6 පන්තියෙදි.
    මේ ලන්ගදි අයෙම කියවද්දි මටම හිනා මම මොනවා තෙරුම් ගත්තාද කියලා හිතද්දි.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා ගාව තිබුනේ රීඩර්ස් ඩයිජෙස්ට් සහ ඉංගිරිසි නවකතා විතරයි. අම්මා කියෙව්වේ රසකතා පත්තරේ සහ ශ්‍රී සඟරාව.

      සිංහල නවකතාවක් ගෙදර හරියේ තිබුණේ නෑ. මං ඉස්සෙල්ලාම කියෝපු නවකතා පොත අම්මා කාගෙන්ද ඉල්ලං ආපු එකක් මයෙ හිතේ.

      Delete
  3. මම මුලින්ම ඔහොම ඇහුවේ 'ලිඟුව' කියන්නේ මොකද්ද කියලා...

    පින්තූරයේ වෙනම කතාවක් තියනවා....

    ReplyDelete
    Replies
    1. මොනාද ඉතින් සල්ලි කාර රිචඩ් ගියර් ....ගණිකාවක් උන ප්‍රිටී නෝනා ට ආදරේ කරනවා,,,,,,

      Delete
    2. ඒ ජූලියා රොබට්ස්!

      Delete
  4. අම්මගෙන් ගිහින් අහන්ට කීවා නම් අම්මා මොනවා කියයිද දන්නේ නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. තාත්තාගෙන් තමයි අහන්නේ. මොකද අපේ තාත්තාත් ගුරුවරයෙක් නේ!

      Delete
  5. ළමයි අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න පුළුවන් ජගතෙක් මිහිපිට ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. ඇයි ගූගල් දෙයියා?

      Delete
    2. දෙයියා පල් වෙලා

      Delete
  6. දැන් ඉන්න උන් අපට උගන්වයි.. අනිත් පැත්ත හැරෙන්නත් කලින් ෆෝන් එක ඉල්ලලා අඬන් උන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ලඟදී ළමයෙක් කාගෙදෝ සාමාන්‍ය මොබයිල් එකක් දැකලා අල්ලලා බලලා අපහු දුන්නාලු ඒක කැඩිලා කියලා. මොකද ඒ ළමයා දන්නේ ටච් ෆෝන් සහ ඇප් විතරයි.

      Delete
  7. සතුට, මධුර, සිත්තර, දසුන...වගේ චිත්‍රකතා වලට වහ වැටිලා හිටි කාලයක් මට නම් ඕක..දන්නෙ නැති වචන ලියන්න ඉස්කෝලෙ අවුරුද්ද ඉවර උනහම ඉතුරු වෙන එක්සයිස් පොත් වල හිස් කොල කඩලා හදන් හිටි පොතක් මට තිබ්බා. අපේ ගෙවල් ළඟ හිටි අයියලා අක්කලා මාමලා නැන්දලගෙන් තමයි ඔව්වායෙ තේරුම් අහ ගත්තෙ..අද නම් ගොඩක් ශබ්දකෝශ සහ ශබ්දමාලා. තියෙනවා..ආන් අළුතින් සිංහල දෙමල ඉංග්‍රීසි එකක් හදලා අන්තර්ජාලෙටත් දාලා කියලා ඊයෙ පෙරේදා පත්තරේක තිබ්බා..ගිහින් බලන්ඩ ඕනි..

    ReplyDelete
    Replies
    1. මං වචන හොයන්නේ මධුර ඔන්ලයින් එකෙන්.
      http://maduraonline.com/

      Delete
  8. මම පොඩිකාලෙ තාත්තගෙන් ඇහුව ගබ්සාව කියන්නෙ මොකද්ද කියල. කවුදෝ කට්ටියක් ගෙදරට ඇවිල්ල කොලයක් බෙදල ගියා "ගබ්සාව අනුදකිමුද නැතහොත් පිටු දකිමුද" කියන හෙඩිම යටතේ.
    තාත්ත ඒක නං අපූරුවට විස්තර කරල දුන්න. අහවල් ආච්චි කරන්නෙත් ඔය වැඩේ තමයි කියන උදාහරණයත් එක්ක.
    ඒ ඇරෙන්න "අමාරු වචන" දෙමව්පියන්ගෙන් ඇහුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගමේ ක්ලින්ක් එකක් තිබිලා තියෙනවා!

      Delete
    2. යේස්. මීට අවුරුදු දහ පහලවකට කලින් තිබුන. වැඩි දුරක නෙවේ අපේ ගෙවල් ආසන්නයේම. මේ ගෙදරින් ගමේ මිනිස්සු වතුර එකක්වත් බිවුවෙ නෑ. ඒත් ඒ ගොල්ල යසට වැඩේ කරගෙන ගියා. මට මතක විදියට හෑම දවසකම කස්ටමර්ස්ල ආව. මේව එච්චර නොතිබුන කාලෙ සෑහෙන ඈත ප්‍රදේශ වලින් මිනිස්සු ඇවිල්ල හිටිය. ඒ කාලෙ අපිට ඕවයෙ තේරුමක් තිබුනෙ නෑ.

      හොඳට හම්බකලා උනත් අදටත් කිසිම වගතුවක් නං පේන්න නෑ.

      Delete
    3. ඒ කාලෙ ඉතින් බොබසේ රාවණා බල තිබුනෙ නැති නිසා තමයි ඔය වැඩේ කරගෙන යන්න ඇත්තෙ.

      Delete
  9. දන්නා කියන පොඩි එකියක් (අවරුදු අටක විතර) මගෙන් මේ ලගදී ඇහව්වනේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි මැරී කරපු ගමන් (කසාද බැදපු ගමන්) ඊළගට කරන්නේ මොකද්ද කියලා ....... අප්පටසිරි පුලුවන්නම් දීපල්ලකෝ උත්තර

    ReplyDelete
    Replies
    1. මැලේ රාළ බැඳලා නැති නිසා දන්නේ නැතුව ඇති!

      Delete
  10. කෙන්ජි කියනවා වගේ දැන් කාලේ දරුවන් අපිට වඩා ඉතා ඉදිරියෙන් ඉන්නේ.

    ReplyDelete
  11. ඔය කාලේ මටත් සෑහෙන්න ප්‍රශ්න තිබ්බා. දවසක් බල්ලෝ දෙන්නෙක් දෙපැත්තට අදිනවා (ඔවු ඔවු මහ කාරිය කරනකොට තමා) දැකලා මම අම්මගෙන් ඇහුවා ඉන් දෙන්නා මොනවද ඒ කරන්නේ කියලා.
    අම්මට නෝ ආන්සර් !
    මම අද 1 ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. අයීයෝ ඕකවත් දන්නෙ නැද්ද? එ අන්ධ බැල්ලියෙකුට බල්ලෙක් පාර පනින්න උදව් කරනවනේ....

      Delete
  12. දැන් නම් අසනීපේ හොඳයි ඔන්න මම පහුගිය පෝස්ට් වල සංගණන වාර්ථා ටික ඔක්කොම ඉදිරිපත් කලා. කට්ටිය බලලා වැරැද්දක් තියෙනවා නම් වාර්ථා කරන්න. මම නිවැරදි කරන්නම්

    සංගණන ඇනෝ

    ReplyDelete
  13. ඇයි අප්පා..ඒ කාලේ අමරසිරි පීරීස් මහත්තයා ලදුනේ සිංදුව කියලා තිබ්බෙ නැද්ද? ගණිකාවො කියන්නේ 'දෙනොදාහක් අත ගත්තද සැමියෙකු නැති ලදක්නෙ ... හරිනේ ...

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවේ ගණිකාව කියන වචනය නෑ නේද?

      Delete
  14. Pretty Womanනේද අර ඉන්නේ.කැමැතිම නළුවෙක් එක්ක.

    අපි පුංචි කාලේ නොදන්න වචන වලට අපි අපිම දුන්නු තේරුම් ගැන හිතද්දි දැන් නම් හිනහත් යනවා.වැඩිපුරම අමාරු වචන හම්බුනේ ඔය කාන්තා පත්තර වල ගැටළු තීරය කියවද්දි.“සිරි යහනේ නැහැ සහනේ “ වගේ තීරු.හැබැයි ඕව අහන්න නොගියේ පත්තරය කියෝපු ගමන් අපට හොයා ගන්න බැරි වෙයි කියල හිතන තැනක (අපි ඒව හොයා ගන්න බව එයාල දන්නෑ) පත්තරය හංගන නිසා...අහන්න ගියොත් අහුවෙනව නේ.....

    සමහර වචන කාලයත් එක්කම දැන ගන්නෙකත් එක අතකට හොඳයි තමා.

    ReplyDelete
    Replies
    1. මං කියෝලා තියෙන මුල්ම කාන්තා පත්තරේ තරුණී. ඒකේ හොඳ කෙටිකතා සහ කවි යනවා ඒ දවස්වල.

      කුමරී කියන පත්තරේ ගියා ලස්සන නවකතා කොටස් වශයෙන්. මයිකල් ආන්ජිලෝ, ප්‍රනීත් අබේසුන්දර ලා ගේ.

      Delete
  15. Pretty Womanනේද අර ඉන්නේ.කැමැතිම නළුවෙක් එක්ක.

    අපි පුංචි කාලේ නොදන්න වචන වලට අපි අපිම දුන්නු තේරුම් ගැන හිතද්දි දැන් නම් හිනහත් යනවා.වැඩිපුරම අමාරු වචන හම්බුනේ ඔය කාන්තා පත්තර වල ගැටළු තීරය කියවද්දි.“සිරි යහනේ නැහැ සහනේ “ වගේ තීරු.හැබැයි ඕව අහන්න නොගියේ පත්තරය කියෝපු ගමන් අපට හොයා ගන්න බැරි වෙයි කියල හිතන තැනක (අපි ඒව හොයා ගන්න බව එයාල දන්නෑ) පත්තරය හංගන නිසා...අහන්න ගියොත් අහුවෙනව නේ.....

    සමහර වචන කාලයත් එක්කම දැන ගන්නෙකත් එක අතකට හොඳයි තමා.

    ReplyDelete
    Replies
    1. /* සිරි යහනේ නැහැ සහනේ */

      ඇයි යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ නැහැල්ලු ද?

      Delete
    2. ඔය කියන්නෙ බිරිඳ පත්තරේ ගැන මයෙ හිතේ. කාලයක් සොඳුර සුරවිමන නැතිව පෑවිල්ලක් ආවම අන්තිමට ඔව්වත් බැලුවනෙ අපිත් :)

      Delete
  16. මම පොඩි කාලේ හිතන් හිටියේ ගණිකාව කියන්නේ ගණිතය ඉගෙන ගෙන කරන ලොකු වැදගත් රස්සාවක් කියල!

    ගෙදර තියෙන ඔක්කොම ළමා පොත් ටික ඉවර වෙලා ඊට පස්සේ තාත්තලාගේ අම්මලාගේ බැද්දේගම වගේ ලොකු නවකතාත් කියෝලා ඉවර වෙලා අන්තිමට ඉතුරු උනේ ගෙදරට ගේන පත්තර ටික තමයි :D

    ReplyDelete
    Replies
    1. //මම පොඩි කාලේ හිතන් හිටියේ ගණිකාව කියන්නේ ගණිතය ඉගෙන ගෙන කරන ලොකු වැදගත් රස්සාවක් කියල!// :D:D:D

      Delete
    2. ගණිතය කොහොම උනත් ලොකුවෙන රස්සාවක් තමයි!!!

      Delete
    3. ඉලක්කම්ද?
      නැත්නම්.....??

      Delete
    4. ගණං හිලව් බලන්න වෙන අය ඉන්නවා මයෙ හිතේ!

      Delete
    5. අනේ කකා ඔයා දන්නේ නෑ වගේ ඇට් කරන්නෙපා.
      ඔයාට Ex-Girl Friend කෙනෙක් ඉන්නවා කියලත් අපි හොයාගෙන ඉවරයි !

      Delete
    6. @ Anonymous
      ෂා! මාර හොයා ගැනීමක් නේ ඔයා කරලා තියෙන්නේ. කවුද ඔයා ෂර්ලොක් හෝම්ස් ද?

      ඔය Ex-Girl Friend කියන්නේ මෙයා ගැනද
      http://kathandara.blogspot.com/2013/08/there-are-certain-things-you-should.html

      නැත්තම් මෙයා ගැනද?
      http://kathandara.blogspot.com.au/2013/07/love-story-in-short.html

      එහෙමත් නැත්තම් මෙන්න මෙයා ගැනද?
      http://kathandara.blogspot.com/2010/02/blog-post_12.html

      ?

      Delete
    7. නිකන් බොරු ලින්ක් දාලා කතාව වෙන පැත්තකට හරවන්න එපා කකා.
      අපි Ex-Girl Friend ගැන විතරක් නෙමේ. කකා ඒඉව මීට් වෙන්න ගිය දවසුත් හොයාගෙන ඉවරයි. ඒ විතරක් නෙමේ කකා එකිත් එක්ක හුරතල් වෙන වීඩියෝ එකකුත් අපි ලඟ තියෙනවා. තාම ඒවා මාධ්‍යයට නිකුත් කලේ නෑ. දිගින් දිගටම බුද්ධාගමට අපහාස වෙන පෝස්ට් දැම්මොත් ඒවා ජන මාධ්‍ය හරහා රටටම හෙලි කරන්න අපි පසුබට වෙන්නේ නෑ.
      මේක අනතුරු ඇඟවීමක් කියලා හිතාගන්න.

      Delete
    8. යකෝ කියලවත් කරගන්න බැරි වැඩක් නේ!

      පුළුවන් නං ජනබාඩ්ඩෙට නිකුත් කරන ගමන් මටත් කොපියක් එවන්න හොඳේ?

      රූපට් මර්ඩොක් වගේ කෙනෙකුට දුන්නොත් හොඳ ගාණක් කපාගන්න පුළුවන් වෙයි,

      ආයෙ මං මොකුත් ලියන කං ඉන්න එපා දැම්මම ඕක රිලීස් කරලා දාන්න මෙයා!

      Delete
  17. KK, your son will just google the word. No embarrassing and more reliable than his old man!!

    ReplyDelete
    Replies
    1. ළමයි හිතන්නේ වෙබ් එකේ තියෙන ඕනෑ දෙයක් හරි කියලයි!
      ඒක ලොකු ප්‍රශ්ණයක්.

      Delete
  18. මේකනේ! ඒ කාලේ ඉඳන්ම ලංකාවේ අයගේ පුරුද්ද ඔය පැත්ත පොඩි උන්ගෙන් බොරුවට හංගලා තියෙන එකනේ!

    ReplyDelete
    Replies
    1. කියා දෙන්න නිවරදි ක්‍රමවේදයක් නැති එකයි ප්‍රශ්නේ!

      Delete
  19. පොඩි එවුන් කෙසේ වෙතත්,
    අපේ පවුලෙ කට්ටිය ජනාකීර්ණ මාවත් වල ඇවිදගෙන යද්දී ලිංගික ශ්‍රමිකාවියන්,පිරිමි මෝල් වෙන විදියට සියලු විලිසංග වසාගෙන ප්‍රදර්ශනේට වගේ පේ විලා ඉන්න තැන් පසු කරද්දී ඒ ඇතතියෝ දිහා නොබල නැන්දම්මයි,දයාබර බිරිදයි මගෙ මුණ දිහාමයි බලන් යන්නෙ පහු වෙනකන්ම.

    ReplyDelete
  20. ශේන් අද උදෑසන මිය ගියා. දේහය තවමත් රොහලෙන් නිවසට ගෙන ආවෙ නෑහෑ .

    ReplyDelete
    Replies
    1. Who is Shane, please?

      ශේන් කියන්නේ කවුද කියා දන්නවාද?

      Delete
    2. අනේ ඔය ඇත්තමද.
      මොනා උනත් හිත හොඳ මනුස්සයා.
      රෙස්ට් ඉන් පීස් !

      Delete
    3. ක්‍රිකට් විනිසුරුද?

      Delete
    4. This is about a cricketer who played for England team, not about a blogger.

      Delete
    5. Kaka you better Remove these msgs.

      Delete
    6. @ Anonymous August 16, 2013 at 7:45 PM
      ශේන් කියා බ්ලොගර් කෙනෙක් නෑ නේ?

      Delete
  21. මටත් කියවීම පුරුදු කලේ අම්මා.හැමදාම පත්තරේ අරගෙන මාව ඔඩොක්කුවේ තියාගෙන හයියෙන් කියවනවා.ඒ පොඩි කාලේ.එක මඟ අරුණ මම ඉස්කෝලේ යන්න පටන් අරගෙන පහ වසර වෙනකල්.

    ReplyDelete
    Replies
    1. දැන් කවුද පත්තරේ කියවලා දෙන්නේ?

      Delete
  22. මමත් ඉතින් ඔය ගැන පොඩි එකා සන්ධියෙ ඉදන්ම අහලා තිබ්බත් කාගෙන්වත් අහන්න ගියේ නම් නෑ. මොකද ඒකේ යම් අවුලක් තියෙනවා වගේ දැනුනා. අපේ සීයගේ කතන්දර වල හැම කුමාරයෙක්ම කුමාරියක් සරණ පාවාගෙන පුත්කුමාරයෙක් ලබලා තිබ්බා. ඒ වගේම එක කුමාරයෙක් කුමාරියෙකුගේ කාමරේට යන්න එන්න ගත්තට පස්සේ කුමාරියගේ බර වැඩිවීම හා ඒ අනුව රජවාසලේ ඇතිවුණු ගැටළු තිබ්බා. පස්සේ ඔය යාළු මිත්‍රාදීන්ගෙන් තමයි ඉතින් ඔය සම්බන්ධයෙන් හොද අවබෝධය්ක ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යනේම යාළුවෝ නේන්නං අපේ ගුරුවරු!

      කුණුහරුප ඉගෙන ගත්තේ දෙමව්පියන්ගෙන් යැ?

      Delete
  23. බෞද්ධ සාහිත්‍යය යෙත් අපට අම්බපාලි වගේ ගණිකාවෝ හම්බවෙනව නේද පුංචි කාලෙදිම.

    ReplyDelete
    Replies
    1. අම්බපාලි ලා නගර ශෝබණියෝ නේද?

      කොහොම වුනත් තුනේ හතරේ පන්තිවලදී ඒ ගොල්ලෝ හිටියේ නෑ!

      Delete
    2. නගර ශෝබනියෝ කිව්වම තවත් අපබ්‍රංශයක්නේ.. මම හිතුවේ නගර ශෝබනියො කියන්නේ ගෑනු කසල ශෝධකයො වෙන්න ඇති කියලා. පිරිසිදු කරලා නගරෙ ලස්සනට තියාගන්න අය!

      Delete
  24. මාත් තාත්තාගෙන් තමයි ඉස්සර අහන්නේ හැමදේම . කාගෙන්වත් ඇහුවේ නැතිඋනාට මටත් ප්‍රශ්නයක් තිබ්බා sex කියන වචනේ ගැන ,, bio deta වල sex කියල තියෙනවා,,එතනදී දාන්නේ මේල් /ෆීමෙල්ද කියලා ,, එතන ඒක තිබ්බට වරදක් නැහැ ,,ඒත් තනියම ලිවුවොත් අවුල්.. මන් හිතාගත්තා ඒකත් අර අම්ම කෙනෙක් බබෙක්ට කිරිපොවද්දී එයාගේ පියවුර පේන එකයි,, දරුවෙක් අතේ නැතුව ඒතැනම පේන එකයි වගේ කියලා ,,ඇත්තම කිවුවොත් දැනටත් දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මාර සිතුවිල්ලක්!

      කොහොම වුනත් ලංකාවේ වැඩියෙන්ම ගූගල් කරන වචනේ SEX ලු නේ!

      Delete
    2. ඇයි උඩුරාවන [අපුර්වී ඔමායා ගේ බාප්පා ;-)], ඉල්ලුම් පත්තරේක SEX ඉස්සරහින් ලියුවේ මෙහෙමයිලු;

      SEX: with females [not like bloody sudda fellows, we sinhalese have sex only with females]

      Delete
  25. හරියටම මතක නෑ ඔය වගේ දෙයක් ඇහුවද කියල. ඒත් අද කාලෙ පාරක තොටක යනකොට පොඩිවුන්ට අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න ඕන නෑ අර කවුද මේ කවුද කියල උන් දන්නව ඔක්කොම

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ කොල්ලෝ නෙමියි කොලු තාත්තලා කියන්නේ ඒකනේ!

      Delete
  26. අඩෙ සෑහෙන කාලක් අමතක වෙලතිබුන කෙස් එකක් මත්ක් උනා.අපෙ ගෙදරට අල්ලපු ගෙදර අයියකෙනෙක් බෑන්ද අපි පොඩි කාලෙ.අපිත් ඉතින් ගිය වෙඩිමට.ඔන්න බෑදල ටික කලක් යනකොට අක්කට බබෙක් හම්බවෙන්න ඉන්නව.දෑන් මට හෙන ප්‍රශ්නෙ අර අයිය මෙයාව බෑන්දෙ නෑත්නම් මාර වෑඩෙ මෙ ලෑබෙන්න ඉන්න දරුවට තත්ත කෙනෙක් නෑතිවෙනව නෙද.අර අයිය නියම වෙලාවට මෙයාව බෑන්දෙ කියල.මම ඉතින් ඔක ඈහුව අම්මගෙන්.උත්තරදුන්නෙ නෑ නෙ තාම

    ReplyDelete
    Replies
    1. අක්කටත් එහෙම හිතුණද දන්නේ නෑ!

      Delete
    2. මම කියවපු හොඳම කොමෙන්ටුව අද කකාගෙන්

      Delete
  27. ගණිකාව සහ වෙසඟන මේ දෙකම හැබෑවටම එක තේරුමද?නැත්නම් වෙනසක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. වෙසඟන කියන්නේ වේස ගෑණි කියන එකනේ.

      වෙසඟන වෙනුවට රනිල් වේසි කියන වචනය කිව්වාය කියා කාළෙකට පෙර ලංකාවේ හා-හො!වක් ගියා.

      ඩේසි වේසි කතන්දරේ දන්නවාද?
      http://kathandara.blogspot.com/2011/08/dharmaraja-vs-maharaja.html

      Delete
    2. kaka,
      why do you insult peoples ?
      sometimes you may be a whore in your past life ! do not insult peoples !!!

      Delete
    3. @ Anonymous August 16, 2013 at 8:24 PM
      මොනවද මේ කියන්නේ?

      මේ කතන්දරේ තියෙන්නේ පොඩි ළමයෙක් තාත්තාගෙන් වචනයක තේරුම අහපු කේස් එකක් නේ? මෙතන ඇති ඉන්සල්ට් එක මොකක්ද?

      Delete
    4. no kaka.
      um talking about deisy weisy post !

      Delete
    5. @ Anonymous August 17, 2013 at 7:19 AM
      ඔබ ඩේසි-වේසි කතන්දරය කියවා නැති බවයි පෙන්නේ!
      මෙන්න කියවන්න.
      http://kathandara.blogspot.com/2011/08/dharmaraja-vs-maharaja.html

      Delete
    6. ඇයි අර වෙසක් කාඩ් වල තියෙන්නේ "සුබ වෙසඟනක් වේවා!" කියලා.....? එහෙම කාඩ් කාන්තාවන්ට යවන එක හරි නැහැ නේද?

      Delete
  28. දැන් ලමයි අමාරු වචන අහන්නෙ නැත්තේ කියවන්නෙ නැති නිසා.ලමයින්ගේ සරල දැනුම පවා වර්ධනය නොවෙන්න මේ කියවිම නැතිවිම බලපා තියෙනවා. ඉද්දර චිත්‍රකතාපත්තර ,සඟරා, ඕනෙතරම් තිබුණා. කියවන්න. ඒත් දැන් රූපවාහිනිය සහ පරිගණක තාක්ෂණය නිසා ඒ තත්වය අඩුවෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකයි මා මේ කතන්දරේ පටන් ගන්න කොට මෙහෙම කිව්වේ:

      /* මට මතක විදියට මං තුනේ පන්තියෙන් හතරේ පන්තියට පාස් වෙච්ච කාලේ වෙනකොට මට හොඳට පොත්, පත්තර කියවන්න පුළුවනි. ඒ කාලේ ඔය කොම්පියුටර් ගේම්, ඉන්ටර්නෙට් කෙසේ වෙතත් ටෙලිවිෂන්වත් නැති වීම නිසා තමයි ඒ විදියට කියවීමට පුරුදු වුනේ. */

      Delete
  29. ගණන් උගන්නන අයටය කියලා හිතාගෙන හිටියනම් ඉවරයිනෙ.... හික් හික්

    ReplyDelete
    Replies
    1. එතකොට ගණකාධිකරන වෘතිතිය අවධානමකට ලක්වෙනවා ..

      Delete
    2. ඕවායේ ගණං හිලව් බලන්න වෙනම අය ඉන්නවා නේද?

      Delete
  30. දැන් කාලේ ආයෙත් 'අමාරු වචනයක්' හම්බ වුණොත් පුතාලගෙන් අහගන්න පුළුවන්! :)

    ReplyDelete
  31. ඔය උඩ පින්තූරෙ තියන ෆිල්ම් එක (Pretty Woman) නම් එල. කාලයක් ඉඳල මම ගාව තිබ්බත් බලන්න හිතුනෙ නෑ. බැලුවට පස්සෙ තමා හිතුනෙ අපරාදෙ බැලුවෙ නැත්තෙ කියල.
    .
    දැන් හැදෙන සමහර පොඩි එවුන් නම් අපිට කුනුහරුප කියල දෙයි. මේ ලඟදි ගෙවල් ගාව පොඩි එකෙක් අම්ම අයිස්ක්‍රීම් අරන් දුන්නෙ නෑ කියල හොඳ කුනුහරුපයක් කියල ඉල්ලුව මහ හයියෙන්. ඒ අම්මත් හිනා වෙවී හිටිය මිසක් වචනයක් කිව්වෙ නෑ. මම පොඩි කාලෙ කුනුහරුපයක් කිව්ව කියල අම්ම පන්න පන්න ගැහුවෙ.

    ReplyDelete
    Replies
    1. අපාරාදේ වෙන්නේ බැලුවෙම නැතිනම් නේ?

      Delete
  32. ඇත්තටම http://www.blogger.com/profile/02439763812616403492 නිරෝෂිනී කියනව වගේ මාත් හිතාගන හිටියා ගණිකාව ගණිතය හා සම්බන්ධයි කියල. ටිකක් විතර ලොකු වෙද්දි ලාවට වගේ තේරුම දැනගත්තට පස්සෙ ගණකාධිකරණය, විගණනය වගේ වචන ගැනත් වැඩිහිටියන්ගෙන් අහන්න චකිතයක් ඇති වෙලා තිබුනු බව මතකයි.

    මං හිතන්නෙ පිරිමි ළමයින්ට වඩා ඉක්මණට ගෑණු ළමයි මේ නරක වචන ගැන හැබෑ අවබෝධයක් ලබාගන්නවා. ඒ අය වැඩි වියට පත්වෙද්දි ලැබෙන අවවාද අනුශාසනා නිසා.

    ReplyDelete
    Replies
    1. ගණකාධිකරණය කියන්නේ චාටර්ඩ් එක ද?

      Delete
  33. මටත් ඔහොම කේස් එකක් වුණා....
    "රමණය" :v
    මම අම්මගෙන් ඇහුව තේරුම....
    මොකේද තියෙන්නෙ ඇහුව.... ඒ පොත ඉල්ල ගත්ත.... ආය හම්බ වුණේ නෑ.... :D
    තාත්ත පුස්තකාලෙන් ගෙනත් දීපු පොතක්. හැබැයි ජාතක කතා පොතක් වගේ ඒකක්!...
    ඒ කතා අස්සෙ ඔය වගේ අමුතුම ඒවත් තිබ්බ වගේ මතකයි!!

    ReplyDelete
    Replies
    1. රමණය නිකං රමණීය වගෙයි නේද පේන්නේ?

      මං දන්න කෙනෙක් රමණා කියලා ලියලා තිබුණා කවියක රමණීය කියන තේරුම දෙන්න!

      Delete
  34. මම පොඩි කාලේදී ඔය වගේ වචන ඇහුවද කියලා නම් මතක නැ.මම හිතන්නේ අහන්න නැතිව ඇති මොකද ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම මම හොඳට පැහිලා හිටියේ.

    පොඩි කාලේ මම හිතාගෙන හිටියේ බණ්ඩාරේ කියන්නේ පොල් කඩන අයට කියලා. මොකද අපේ ගමේ පොල් කඩන ගොඩක් අයට කතා කරේ බණ්ඩාරේ කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ පොක් කඩපු (කෙකිවලින්, බඹ ගණං දිග කෙකි තිබුණා උණ බම්බුවලින් හදපු) මනුස්සයාට කිව්වේ නුවරයා කියලයි. පොර නුවර ඉඳන් ඇවිත් පදිංචි වෙච්ච කෙනෙක්.

      Delete
  35. @ All

    සියළු දෙනාටම ස්තුතියි!

    සිකුරාදා සිට අසනීප වී සිටි නිසා ඉරිදා කතන්දරයත් ප්‍රමාදවුණා!

    දැන් නම් මද සුවෙන්. ඔබටත් එසේම වේවා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.