Friday 15 February 2013

තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!


අර පහේ පන්තියේ සිස්සස්සෙට තියෙන අංක රටා ගණං මතක ළමයි අත උස්සන්න බලන්න.

ඔන්න එක සරල උදාහරණයක්.
1,3,5,7

දැන් ඔහෙලාට තියෙන්නේ මේ රටාවේ ඊලඟට එන අංකය හොයන්නයි.

(පහ පාස් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න උත්තරයඃ 9)

මෙන්න තව එකක්.
1,3,7,15 (උත්තරය 31)

මෙන්න තවත් එකක්.
1,2,6,42 (උත්තරය 1806)

ඔය ආකාරයට පහ පාස් අයට වුණත් අමාරු ඉලක්කම් රටා ගණං සෙට් කරන්න පුළුවනි.

රටා කියන ඒවා ඉලක්කම් වලට විතරක් නොවෙයි අදාල වෙන්නේ.

සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට නම් දාන්නෙත් රටාවකට.

මං දන්න එක පවුළක සහෝදරවරු හතර දෙනෙක් යුනිවසිටියේ හිටියා.

ලොකු අයියා: රාමචන්ද්‍ර රණවක
ඊලඟ අයියා: නාමචන්ද්‍ර රණවක
ඊලඟට: කේමචන්ද්‍ර රණවක
බාලයා: සාමචන්ද්‍ර රණවක


ඔය නම් හතර දැනගත්තු මුල් දවසේ මට හිතුණේ මේ සහෝදර සමාගමේ දෙමව්පියන් කොච්චර නිර්මාණාත්මක සිත් තියෙන අයද කියලයි.

ඒ සිතුවිල්ල හොඳටෝම තහවුරු වුනේ, මේ පවුලේ ලොකු අයියලා දෙන්නෙකුත් ඉන්න බව දැන ගත්තු දවසේදී යි.

ලොකුම ලොකු අයියා: ප්‍රේමචන්ද්‍ර රණවක
ඊලඟ ලොකු අයියා: සෝමචන්ද්‍ර රණවක


මරු නේද?

හැබැයි ඔය එක අච්චුවේ නම් දාන වැඩේ අප්සෙට් යන්නේ කොල්ලොයි, කෙල්ලොයි දෙජාතියෙන් ම ඉපදුණාමයි.

ඔන්න එක කලින් වගේම නිර්මාණාත්මක පවුලක මුලින්ම ඉපදුනේ කෙල්ලෙක්. දෙමව්පියෝ ලොකු බබාට දැම්මා නම මෙහෙම.
ශ්‍රියන්ති රංජනා වික්‍රමාරච්චි

ඊලඟට ඉපදුනේත් කෙල්ලෙක්. එයාට නම දැම්මේ මෙහෙමයි.
ප්‍රියන්ති අංජනා වික්‍රමාරච්චි

තුන්වෙනියත් කෙල්ලෙක්ම වෙච්චි. එයා ට නම වැටුණා මෙහෙම.
දයන්ති කුංජනා වික්‍රමාරච්චි

හතරවෙනියාටත් කෙල්ලෙක්ම ලැබුණොත් මේ දෙමව්පියෝ හිතාගෙන ඉන්න ඇති මෙන්න මේ වගේ නමක් දාන්න.
ජයන්ති වන්දනා වික්‍රමාරච්චි
රයන්ති සංජනා වික්‍රමාරච්චි
අයන්ති වින්දනා වික්‍රමාරච්චි


නමුත් මොකද දන්නවා වුනේ?

ඊලඟ දරුවා පුතෙක්!

නම් දැමීමේ ප්ලෑන් එක අංජබජල් වුණා.

දෙන්නා එකතුවෙලා හිතුවා, හිතුවා දූලා ගේ නම්වල අච්චුවටම ගැලපෙන හැබැයි කොල්ලෙකු ගේ නමක්. නමුත් හිතාගන්නම බැරිවුණා.

ඉතිං දැන් කාටද කියන්න පුළුවන් මේ දෙමව්පියෝ අළුත ඉපදුණු පුතාට දැම්ම නම මොකක්ද කියලා?

හේමසිරි වික්‍රමාරච්චි

තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියන්නේ ඔන්න ඔය වගේ කේස්වලටයි.

සම්ප්‍රදායන් හදාගන්නේ අප හින්දා නිසා ඒවා බිඳින්නට පුළුවනි ද අපටමයි.

-කතන්දරකාරයා

ප/ලි:
අර අත් උස්සන් ඉන්න ළමයි ටික දැන් අත් පහලට දාන්න හොඳේ?


(image: http://www.sofeminine.co.uk/celebrities/jackson-five/album840351/jackson-five-fan-club-album-20809363.html)

64 comments:

  1. කතන්දරට ලස්සනට නම් හදන්ට පුලුවන්නේ. අර 'කුංජනා' කියන නම මාර ලස්සනයි. ඒක කුංචනා උනා නම් ඊටත් ලස්සනයි. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි වෙන්න තිබ්බේ.

      කුංචනා ද සිල්වා



      -වලව්වේ බත් බැලයා-

      Delete
  2. මම දන්න පවුලකත් පිරිමි දරුවන්ගේ නමේ මැද කොටසට උදයශාන්ත, පියශාන්ත, වජිරශාන්ත කියන කොටසුත් දියණියගේ නමේ මැදට වජිරශාන්ති ලෙසත් දමා තිබුනේ.

    ReplyDelete
  3. ප්‍රසන්න කන්ඩායමෙන් ඉවතට විසිවී ගොස් තිබේ.
    එය හැරෙන්නට නව ටෙස්ට් කන්ඩායමේ වරදක් නැත. නමුත් ප්‍රසා කන්ඩායමේ සිටිය යුත්තෙකි ආකල්පමය අතින් ඔහු දක්ෂයෙකි.
    එමෙන්ම ටෙස්ට් කන්ඩායමේ කුලාගේ භූමිකාව ගැන ගැටලු මතුවේ ඔහුව ටෙස්ට් තරඟ සදහා යොදාගැනිම කාලෝචිත නොවේ යැයි මගේ හැගීමයි.
    අනවශ්‍ය පමනට ඔහුව යොදා ගැනීම උපරිමය ලබා ගැනීමට බාධාවකි.
    ටෙස්ට් නායකත්වය මැතිව්ස්ට පැවරීම උචිතය(ප්‍රසා නොමැති නිසා)
    එලඹෙන තරඟාවලිය දෙස බලා සිටිමු.
    මතක තබා ගන්න කොදෙව්වන්ගේ තරඟාවලිය මීලඟට පැමිනෙයි මව්බිමේදි ගිලිහුනු අභිමානය නැවත ලබා ගැනීම ඒකායන පරමාර්ථය විය යුතුයි.

    ප/ලි ක්‍රිකට් කමෙන්ටු පෝස්ට් වලට අදාල නොවන බවට බ්ලොගයේ අයිතිකරු වහසි බස් දෙසා තිබුනා.
    නමුත් ඔබ දන්නවාද ජීවන් මෙන්ඩිස්ද මෙහි ඇනෝ කමෙන්ට් දමන බව!

    ReplyDelete
    Replies
    1. ජීවන් මෙන්ඩිස් විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂත් මේ බ්ලොග් එක බලනවා... අනේ බන් මොකා බැලුවාම අපිට මොකද...
      අදාල ඇති රෙද්දක් දාපන්.... මෙතන දේශපාලනෙයි, ක්‍රිකටුයි හැම ලබ්බම කතාකරන්න ගියාම අච්චාරුවක් වෙනවනෙ....

      උඹ හිතන් ඉන්නෙ ඔය මල රෙද්ද මෙතන දැම්මම ජීවන් මෙන්ඩිස් ගිහින් මේක ටීම් එකේ ඉන්න අයියලට පෙන්නල උඹ කියන විදිහට කරයි කියලද?

      උඹ් නම් පහ පාස් නැති ඇනෝ කෙනෙක්....

      Delete
    2. හොරා. ඔයා නේද ජීවන් මෙන්ඩිස්

      Delete
    3. ඇයි බන්
      1.කෝසල/නුවන් කුලසේකර
      2.මහේල/ප්‍රසන්න ජයවර්ධන
      3.තිසර/කුසල් පෙරේරා
      4.අජන්ත/ජීවන් මෙන්ඩිස්

      ඔය තියෙන්නෙ ගැලපෙන නම්!

      Delete
    4. ජීවන් මෙන්ඩිස්15 February 2013 at 15:58

      කට කට !
      යකෝ මාත් හොරාට හොරා අපේ කකාගේ බ්ලොග් එක කියෝනවා.
      කතන්දර බ්ලොග් එකෙන් මම ආසම චූ, කක්ක, පඩ, ජොකා කතා වලට.

      ඉංග්‍රීසි බසින් විස්තර විචාරයක් ගෙන ඒමට මා මිත්‍ර සනත් ජයසූරියට මයික්‍රෆෝනය....

      Delete
  4. මේ කතාවට අදාළ කමෙන්ට් එකක් නම් දාන්න තියෙන්නෙ මේ වගේ එකක් තමයි: මං දන්න පවුලකත් මේ වගේ එක වගේ නම් තියෙන අක්කලා/නංගිලා සෙට් එකක් ඉන්නවා. ඒ අයගේ නම් නයනි, අරුනි හා ගයනි. මාර නිර්මාණාත්මක දෙමාපියන් නේද කකා?

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් නම් මම දන්නෙ නෑ... ලමයින්ටනම් පොඩ්ඩක් ඔලුව අෆ්සට්... එක්කෙනක් බ්ලොග් ප්‍රමිතිකරණ සහතික ලබාදෙන ආයතනයක් හදන්නත් ප්ලෑන් කරනවා...

      Delete
    2. බ්ලොග් ප්‍රමිතිකරණය කියන්නෙ කකාගෙ බ්ලොග් එකට කෙළ වෙන වැඩක්. මොකද මේක පිටකොටුවෙ නීලගිරි හෝටලේ වගේනෙ. කිසිම ප්‍රමිතියක් නැහැනෙ.

      Delete
  5. xයන්ති xන්ජනා ආකාරයේ නම් දාන නිර්මාණාත්මක පවුල් වලට ඔය නම් රටාව අවශ්‍ය නම් තවත් ටිකක් සංකීර්ණ කර ගන්න පුළුවන් මේ සමීකරණය තෘප්ත වෙන විදියට නම් දැම්මොත්.

    පළවෙනි එක්කෙනාගෙ මුල් නමේ මුල් අකුර = දෙවැනි එක්කෙනාගෙ මැද නමේ මුල් අකුර

    අයන්ති වන්දනා
    රයන්ති අන්ජනා
    වයන්ති රන්ජනා

    ReplyDelete
    Replies
    1. කකෝ ඔයාගෙ මැවිසුරු මොලෙන් මෙ සමීකරණෙ වැරැද්ද හදන්ඩකො

      Delete
  6. මොකද අද එකපාරම උපහැරණ කතාවකට ගියේ කකා... මොකක් හෝ අවුලක් හින්දද මේ කතාව කියන්නේ...
    කොහොම වුණත් මේ කතාව හරි. කන්න ඕන වුණාම කබර මසුත් තලගොයි කරන්නෙත් එකමනේ...
    මං අහවල් එක වටේ යන අහවලා..

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැඩ කරන්නේ නෑ යකෝ.
      ක්ලික් කලාම වැඩ කරන්න ලින්ක් එකක් දාන්නේ මෙන්න මෙහෙමයි.

      http://kathandara.blogspot.com/2011/01/writers-block.html

      ක්ලික් කලාම වැඩ කරන්න ලින්ක් එකක් දාන්නේ අන්න එහෙමයි.

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    3. මං ලිංකුව නෙමේ දැම්මේ ඇනෝ..

      Delete
  7. ඔය පිංතූරෙ ඉන්න ජැක්සන් පවුලෙ උදවියට නං ඔය ප්‍රශ්නෙ නෑ. මයිකල් ජැක්සන්, ජැකී ජැක්සන්, ඩේවිඩ් ජැක්සන්, ජෙනට් ජැක්සන්....
    ගෑණු පිරිමි භේදයක් නෑ.. බලන්න කවුරුත් ජැක්සන්ල! :)

    ReplyDelete
    Replies
    1. ජැක්සන් කියලම මතක් උනේ අපේ ජැකාව. අපේ ජැකා කිව්වේ ජැක්සන් ඇන්තනි.

      ජැක් = පනා
      සන් = පුත්‍ර

      ඇන්ට් = කුහුඹු
      හනි = පැණියා

      පනාපුත්‍ර කුහුඹු පැණියා. !!!

      Delete
    2. ඉතින් බන් අර වික්‍රමසිංහ පවුලෙත් ගෑණු පිරිමි ඔක්කොම වික්‍රමසිංහලනෙ

      Delete
    3. අනේ මන්ද රාජ් ,ලොරි ටෝක් දුන්නට ඔයාට තියෙන්නේ පොඩි මොළයක්නෙ .ජැක්සන් කියන්නේ වාසගම .ඔයාලගේ අයගේ වගේ එකම පවුලේ අයගේ වාසගම වෙනස් වෙන්නේ නැහැ නම මිසක් .:D
      001

      Delete
    4. ඔව්. කකාගෙ පවුලෙත් ඔක්කෝම සූරියආරච්චිලානෙ.

      Delete
    5. හිනාවෙන්න යමක් කිව්වම සීරියස් අරගෙන අර "විදූ" ජාතියේ කමෙන්ට්ස් දාන්න තරම් නොදරුවොද මේ ඇනෝල?

      Delete
  8. ඔය නම් දැමිල්ල කිව්වහමයි මට මේ කතාව මතක් උනේ.

    දවසක් මනුස්සයෙක් "යෝ" මුලට දාල තමන්ගේ දුවට නමක් ඉල්ලලා තියෙනවා. ඒ වෙලාවේ නමක් දීල පස්සේ දවසක හම්බ වුනාම අහල තියෙනවා , ආ දුවට නම තිබ්බද කියල. එතකොට ඒ මනුස්සය කිව්වලු,

    අනේ ඒ නම කියන්න අමාරුයි, අපි වෙන නමක් තිබ්බ කියල. එතොකොට නම් තියෙන මනුස්සය ඇහුවලු, ආ ඇත්තද මොකක්ද තියපු නම කියල. එතොකට කිව්වලු යෝනිකා කියල. ඒ පාර ඒ මනුස්සය කිව්වලු , ආ හොඳයිනේ , එහෙනම් පුතෙක් හම්බවුනාම "පකෝරිස් " කියල තියන්න කියල.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++

      Delete
    2. නේත්‍රා, සුනේත්‍රා, යසෝදරා (යස+උදර) වගේ නම් තියෙන එකේ යෝනිකා කිව්වට කමක් නෑ. හැබැයි අයෝනා, අයෝනිකා වගේ නම් තියෙන එක නම් ලොජිකල් නෑ. අනෙක දෙමළ මිනිස්සු ඉන්නෙ සුන්දරලිංගම්, මහාලිංගම් කියලා.

      අරිසෙන් අහුබුදු ලොක්කා නම් කිව්වෙ සිංහලෙන් 'විරංග' කියන නම සුන්දරලිංගම් හා අනුරූපයිලු.

      Delete
    3. යසෝදරා = යස + උදරා නෙවෙයි හත්තිලව්වේ...
      යශෝධරා = යශෝ + ධරා = කීර්තිය + දරන්නා

      Delete
  9. //මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    අද කතන්දරයට අදාල වන මාතෘකා පහත දැක්වේ.

    නම්
    නම් දැමිල්ල
    කකා
    රසික
    රසිකගේ මල්ලි
    තමංගේ මැට්ටම් තම්මැට්ටම්
    පහ පාස් නැති ඇනෝලා

    මෙයට අමතරව

    පහ පාස් නැති ඇනෝලගෙන් උනත් හිට්ස් වටී !
    සංඛ්‍යා රටා
    සිස්සත්තේ


    යන මාතෘකාද අද කතන්දරයට යම් අදාලත්වයක් ඇතී අතර ඉහලින් දක්වා ඇති මාතෘකා ඔස්සේම කමෙන්ට් ලිවීමෙන් තම කමෙන්ට් වාරණය වීමෙන් වලක්වා ගන්නා මෙන් සහෘද කතන්දර බ්ලොග් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

    ධාවන තීරුව අනුගමනය කරන්න !

    මෙයට,
    කතන්දර බ්ලොග් පාඨක සංගමය

    ReplyDelete
  10. බලං ගියාම අපේ පවුලත් නිර්මානාත්මකයි..

    ලොකු : දිනේත් දම්සර
    පොඩි : සෙනෙත් බිම්සර
    චූටී : මිනෙත් නිම්සර

    ලොකූ ගේ නම දැම්මේ යාළු අංකල් කෙනෙක්..දෙවැනි එක ඒ අංකගේම නෝනා..තුන්වෙනි එකනම් අපිම දා ගත්තා

    ReplyDelete
    Replies
    1. අනේ හරී චෝයි. හතර වැනියෙක් (චූටිම චූටී) හිටියා හම් දාන්න තිබුණා අනෙත් ගොම්සර කියලා.

      Delete
    2. :) ඇනෝ ටත් පොඩි නිර්මාණ හැකියාවක් තියෙනවා වගේ...වදන්න පුලුවන් උනොත් ඇනෝ ගේ පුතාටත් ඒ නම නරක් නෑ.....

      Delete
  11. දැන් එතකොට කොමෙන්ටු මොඩරේට් කිරීම හරි.... හොදයි හොදයි....

    ReplyDelete
    Replies
    1. @කකා, කමෙන්ට් මොඩරේට් කරන්න කලින් මේ ගැන සැලකිලිමත් වන්න.එවිට ඔබට ඉක්මණින්ම USAS ප්‍රමිතිකරණ සහතිකය ලබා ගත හැකියි.

      1. බොරු ලියන්න එපා. උදා: නිරුවත් ඡායාරූප ඇතැයි කියා ඒවා ප්‍රදර්ශනයට නොතැබීම බොරුවකි!!!!

      2. තමන් දක්වන පරිසිද්ධි (Fact) නිරවද්‍ය යැයි සොයා බලන්න.

      3. අනිත් අයගේ නිර්මාණ තමන්ගේ විදියට ලියන්න එපා.

      4. ඇහින් දැක්කා යැයි කියනා එක අයෙක් හිටියාට එය පරිසිද්ධියක් නොවේ. එහෙම දැකපු කිහිප දෙනෙකු සිටිය යුතුයි.

      5. නොදන්නාකම නිසා වැරදි යමක් ලියැවී ඇත්නම් එය නිවැරදි කළ බවට සටහනක් ද පළ කර යුතුයි.

      6. සත්‍ය වාර්තා කිරීම ලිඛිතාපහාසයක් නොවේ.

      7. ජනප්‍රිය බ්ලොගයක නමක් ඈඳා ගැනීමෙන් තමන් වෙත පාඨකයන් අද්දවා ගැනීම ද ටැබ්ලොයිඩ් ස්ටැයිල් නොහොත් ජනප්‍රිය පුද්ගලයන්ගේ පුද්ගලික ජීවිත හෙළිකරනවා යැයි කියමින් සත්‍යයක් වටා බොරු නොකියා කියන සම්ප්‍රදායක් වෙයි. ඒවාට ඇදී යන, තමන් නිසරු ජීවිත ගෙවනා නිසා අනුන්ගේ ජීවිත වලින් රසාස්වාදය ලබන පාඨකයන් ලොව බොහොමයකි.

      Delete
  12. බලං ගියාම අපේ පවුලත් නිර්මානාත්මකයි..

    ලොකු : දිනේත් දම්සර
    පොඩි : සෙනෙත් බිම්සර
    චූටී : මිනෙත් නිම්සර

    ලොකූ ගේ නම දැම්මේ යාළු අංකල් කෙනෙක්..දෙවැනි එක ඒ අංකගේම නෝනා..තුන්වෙනි එකනම් අපිම දා ගත්තා

    ReplyDelete
  13. බලං ගියාම අපේ පවුලත් නිර්මානාත්මකයි..

    ලොකු : දිනේත් දම්සර
    පොඩි : සෙනෙත් බිම්සර
    චූටී : මිනෙත් නිම්සර

    ලොකූ ගේ නම දැම්මේ යාළු අංකල් කෙනෙක්..දෙවැනි එක ඒ අංකගේම නෝනා..තුන්වෙනි එකනම් අපිම දා ගත්තා

    ReplyDelete
  14. මම දන්න පවුලක සෙට් එකක් උන්නා, බුද්ධදාස, ධර්මදාස, සංඝදාස, ඊළඟටත් පුතෙක් ඌට දැම්මලු රාහුල කියලා ඊට පස්සෙ දුව යසෝදරා.. අර පුත්තු හතරදෙනාම අමු බේබද්දෝ..

    තව පුත්තුම හතර දෙනෙකුට ලස්සන නම් තමයි
    කෘන්තක, රදණක, චාර්වක, පුරස්චාර්වක....... වාසගම රත්නායක වගේ අයට හොඳට ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. @ මාතලන්

      ඇයි කැලණි රාජ මහා විහාරයේ විහාරාධිපති ධූරය ලැබෙන ගුරු ගෝල පරම්පරාවේ නම් යන්නේත් එහෙම තමා. දැන් නායක හාමුදුරුවෝ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, කලින් නායක හාමුදුරුවෝ තලේවෙල විජිත ධම්මරක්ඛිත, ඊට කලින් මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවෝ. මේ විදිහට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝරක්ඛිත කියන නම තමා මාරුවෙන් මාරුවට යෙදෙන්නේ.

      හුඟක් වෙලාවට ගුරු ගෝල පරම්පරාවල මේ විදිහට නම් යෙදෙනවා. දිඹුලාගල නායක හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධ වුණු කිතලගම සීලාලංකාර හාමුදුරුවන්ගේ ශිෂ්‍යන්ගේ ඔක්කෝම නම් අවසන් වෙන්නේ ලංකාර කියන කොටසෙන්.

      සේරුවිල නායක හාමුදුරුවන්ගේ ගෝල පරපරාවේ නම අගට කිත්ති කියන කොටස එකතු කරලා තියෙනවා

      Delete
    2. බුද්ධ, ධම්ම, සංඝ ළඟට එන්නේ ජනාධිපති නේද?
      එහෙනම්, කැලණියේ ඊළඟ විහාරාධිපති ගේ නම ජනාධිරක්ඛිත වෙයි!

      Delete
  15. අපේ තාත්තටත් ඕකම වුනා
    අක්කගේ නම - සු...... දිල්රුක්ෂි
    මගේ නම - සුභාෂ් දිල්රුක්
    මල්ලි - පස්සේ කියන්නම මෙතන තමයි රටාවට කෙල වුනේ
    නංගිගේ න - සු..... දිල්රුක්ෂි
    මල්ලිගේ නම - සො... දිල්රුක් (මෙතනට ලාවට කෙල වී ඇත)

    මල්ලිට දාන්න දීල තියෙන අකුරු වලින් ලයන්න තෝරාගෙ ලසන්ත දිල්රුක් කියලා දාලා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ.... ඔයාට සූකර දිල්රුක් කියල නම දාල මල්ලිට සුභාෂ් දිල්රුක් දාන්න තිබ්බෙ

      Delete
    2. නම් ටික දාන්නේ නැත්තේ අපි (ඇනෝලා) උබලගේ පවුලේ උන්ව හොයාගෙන එයි කියන බයට වෙන්න ඇති නේ.
      අන්නේ ගොන්නෝ !

      Delete
  16. කකා කියවල ඇතිනෙ කේ ජයතිලකගෙ පොත්.. ඒ එකක පාතකඩ ආර්ච්චිගෙ ගෙදර ලඟ හිටි දුප්පත් මනුස්ස්යෙකුගෙ ගෑනිට නිවුන් කොල්ලො දෙන්නෙක් හම්බවෙනවා හැබැයි තාත්ත පාතකඩ ආරච්චි. ඉතින් අර මිනිහා ආරච්චි ලඟට යනවා උප්පැන්නෙ දෙන්න. ආරච්චි අහනව ලොක්කගෙ නම ඔන්න ඔහෙ ඌට පාතයා කියල දාන්න මහත්තයො.. එතකොට අනිකගෙ නම.. ඌට දාන්න කඩෙය කිඅයල.. ඊට පස්සෙ අර මනුස්සයා කොල්ලන්ට කෑගහන්නෙ මෙහෙමයි පාතයෝ කඩයෝ මෙහෙ වරෙවු බත් කන්න ...
    ඉස්සර කාලෙ දුප්පත් මිනිස්සුන්ගෙ ලමයින්ට නම දෙම්මෙ ආරච්චියාට ඕනෙ විදිහටලු.. ඒ කාලෙ උගෙ මැට්ටම් තමැට්ටම් කියල ගමේ ඕනෙම ගෙදරකට රිංගන්න ඌට පුලුවන් හින්ද ගම වටේම ආරච්චිට ලමයි හිටියාලු..( හැබැයි සූරියාරච්චිට එහෙම නැතුව ඇති..)

    ReplyDelete
  17. Thanks kaka..
    001

    ReplyDelete
  18. මදුර බන්ඩර අතවුද
    කෙසර බන්ඩර අතවුද
    චතුර බන්ඩර අතවුද
    තිමිර බන්ඩර අතවුද

    මගේ පෞලෙ සෙට් එක :)

    ReplyDelete
  19. වෙලාව ලැබෙන හැටියට කමෙන්ටු පබ්ලිශ් කිරීම වෙනුවෙන් අපගේ හර්දයාංගම ස්තුතිය ඔබට පුද කරමි. පෝස්ට් එක සේම කමෙන්ට් කියවීමේ පා‍ඨක අයිතින් වෙනුවෙන් හඬක් නැඟූ ඇනෝ සහෝදර/සහෝදරියන්ටද අප සංගමයේ ස්තූතිය හිමි වේ. මොඩරේට් තත්ව යටතේ උවද ඉඩ ලද විටෙක කමෙන්ට් පබ්ලිශ් කිරිම ඔබ විසින් දිගින් දිගටම සිදුකරන්නේ යැයි අප සංගමය බලාපොරොත්තු වෙමු.
    ස්තුතියි.

    සභාපති
    කකාව සුරැකීමේ ජාතික සංවිධානය

    ReplyDelete
    Replies
    1. එය මා අනුමත කරනවා..


      උප ලේකම්
      කකාව සුරැකීමේ ජාතික සංවිධානය.

      Delete
  20. මේවාගේ දේවලින් දුක් විදින තව කෙනෙක් තමා අපේ පියුන් මහත්තුරු. ලියුමක් ආපුවාම ගෙදර අංක නැතිනම් පිස්සුවෙන් වාගේ කැරැකෙනවා. මේකට අනිනිත් හේතුව ලියුමේ ලිපිනය ලියන්නේත් "A.M.S. රණවක (සාමචන්ද්‍ර රණවක ද, සෝමචන්ද්‍ර රණවක ද ?)

    ReplyDelete
  21. කකාගෙ පවුල.

    අයියා: කකා සූරියආරච්චි
    ලොකු මල්ලි: කොකා සූරියආරච්චි
    පොඩි මල්ලි: ජැකා සූරියආරච්චි

    ReplyDelete
  22. බ්ලොග් පාඨකයෙක්: අද කොමෙන්ට් නැද්ද මන්ද?

    කකා: පොඩ්ඩක් ඉන්න ඇනෝ කමෙන්ට් ටික ටයිප් කරගන්න බැරිවුනා

    ReplyDelete
  23. අපෙ ගමෙත් හිටියා ජයලත්, සුභලත්, ගම්ලත්,සෙනරත්, සරත්, ජගත් කියලා ළමයින්ට නම් දාපු පවුලක්..තව එකෙක් හිටියා නම් බවලත් කියලා තමයි නම දාන්න වෙන්නෙ !

    ReplyDelete
  24. ඉස්සර කාලේ නම් දැම්මෙම ඔහොම නේද. දාස කියන නමෙන් ඉවර වෙන පවුල් වල හැමෝම දාසලා. තිලකලා, වතී ලා. දැන් නම් එහෙම නෑ. නම් තැබීමේ කලාවත් අපූරුයි තමයි

    ReplyDelete
  25. ජැක්සන් කොල්ලෝ/කෙල්ලන්ගෙ පින්තුරේ දැක්ක ගමන් දගර දාල යමක් කොටන්න කියල ගොඩ උනා මේකට.අම්මට උඩු කිව්වලු,2/3ක්ම ඇනෝ පුතලානේ!!!අපරාදේ කියන්න බැහැ කොල්ලෝ ටික කියලම තියෙන්නෙ මම ගොඩක් හිතෙන දේවල්.ජයවේවා මගේ ඇනෝ පුතාලට!සුභ අනාගතයක් මාගේ ඇනෝ පුතාලට!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෙන්ජි මාමේ!

      Delete
  26. @“දූලා ගේ නම්වල අච්චුවටම ගැලපෙන හැබැයි කොල්ලෙකු ගේ නමක්“ - ඇයි ජයන්ත වින්දන වික්‍රමාරච්චි ?

    ReplyDelete
  27. අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා ඔය වගේ ළමයි පහක් ඉන්න පවුලක් හැබැයි එයාලට නම් ඔහොම එකම ස්ටයිල් එකේ නම් නැහැ :).හැබැයි තව සෙට් එකක් ඉන්නවා ටිකක් වයස සෙට් එකක්.එයාලගේ ගැහැණු පිරිමි සහෝදර සහෝදරියන් හත් දෙනාටම නම පටන් ගන්නේ වයන්නෙන් :)

    ReplyDelete
  28. me african karayo kattiyak neda ? meyalata sinhala nam danawanam Kakka sooriyarachchi, Joka sooriarachchi, Padaya sooriarachchi, Jee sooriarachchi, Choowa soorachchi, Lat ty soorachchi etc.,

    ReplyDelete
    Replies
    1. huththo me inne MICHAEL JACKSON ui manussayage sahodara sahodariyo tikai.

      Delete
  29. අපි දන්න පවුලක දෙමව්පියෝ එයාලට පිරිමි ළමයෙක් ලැබුනොත් රංග කියලා දාන්න හිතන් හිටියා. ලැබුනේ පිරිමි නුවුන්නු දෙන්නෙක්. ඒ දෙන්නගෙ නම්, ඒරංග සහ බීරංග. අපේ පවුලේ ඔක්කොගෙම දෙවැනි නම පටන් ගන්නේ 'ශ්‍රී' වලින්. ඒ කාලෙ වාහන වල වගේ.

    මේක අර පෙරහැරේ ඉස්සරහ එන කසකාරයා වගේද? සම්ප්‍රදායක් කඩන්නද ලෑස්තිය?

    ReplyDelete
    Replies
    1. අපේ පවුලේ නම් නමේ අගට

      Delete
  30. https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/66684_10151734510204202_1217546320_n.jpg
    මෙයාලත් එක ඉත්තේ මල් වගේ නේද?

    ReplyDelete
  31. "ෂ" යනු දෙකක් තියෙන නමක් ඉල්ලන් ආපු අම්මෙකුට නම් තබන්නෙක් දුන්නලු නමක්...
    වොෂින් මැෂින්... :O

    ReplyDelete
    Replies
    1. ay ban ape blog liyana marayath -chathi“sha“ thu“sha“ra kumara- neda?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.