Monday 17 September 2012

එහෙමත් කාලයක් තිබුණා! - That was the time that was!


ඇත්තටම දැන් නං හිතා ගන්නත් බෑ, නමුත් එහෙම කාලයකුත් තිබුණා.

ගම් පලාතේම ටෙලිෆෝන් තියෙන්නේ ටවුමේ තැපැල් කන්තෝරුවේ විතරයි.

මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ඊ-මේල්, ස්කයිපි ගැන අහලා තිබුණේ ටයිම් ට්‍රැවල් කරලා ආපහු ඇවිල්ලා හිටපු අය විතරයි.

හැම දේටම ලියුම්. එහෙම නැත්තං ටැලිග්‍රෑම්. ගමට ලියුම් අරං බයිසිකලෙන් එන පියුං කාරයා නිකං දෙයියෙක් වගේ පොරක්.

මෙන්න ඒ කාලේ ලියපු කවියක්.

බවුන් වැඩීම

සීතල පිණිපොද වරුසා මැඩගෙන
වෙළට ඉහල කඳුවැටිය දිහාවෙන්
අළුයම හිරු රැස් කැරලි නැගෙද්දී
බලාපොරොත්තුව
සිතෙහි පිබිද එයි පියුමක් විලසින්
අදවත් ලිපියක් ඒ වී දෝ?

පිබිඳුණු හිරු රැස් වලළු විහිදමින්
කන්දෙන් ගොඩවී වෙළට උඩින් විත්
ටික ටික ලොව උණුසුම පතුරද්දී
බලාපොරොත්තුව
සිතෙහි දැඩිව ඇත තව ටික මොහොතයි
අදවත් ලිපියක් ඒ වී දෝ?

සෙවනැලි මකමින් දා බිඳු ගෙනෙමින්
වැඩිවුණු හිරු ගෙමිදුළටම අවුදින්
ඔච්චම් දෑසින් බලා සිටිද්දී
බලාපොරොත්තුව
කැඩී බිඳී යයි සුසුමන් සමගින්
හෙටවත් ලිපියක් ඒ වී දෝ?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.sundayobserver.lk/2011/12/18/jun08.asp)

29 comments:

  1. මෙය ඉතා ඉහල ඝනයේ නිර්මාණයකි. ලියුම් ගෙන එන අය ගැන "පියුමක් විලසින්" ලෙස ව්‍යගයෙන් හඟවා ඇත. සාර්ථකයි. නොදකින් මූසල මාසේ....

    ReplyDelete
  2. කාගෙන් ලියුම් එනකල්ද මේ සුසුම් හෙලමින් බලා ඉඳලා තියෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ගෙදරින් එන Money order එකේ advice එක තියන ලිව්ම හෝල් එකට ඇතුල් බෙන තැන තියෙන බෝඩ් එකේ තියනවද කියල බලන එක ඒදවස් වල පුරුද්දක් !

      Delete
  3. ඒකාලේ ලියුමක් කිව්වම.. ඒ තරම් දෙයක් නැහැ.

    දැන් ලියුම් විදිහට එන්නෙ බිල් විතරයි !

    ReplyDelete
  4. Time Travel ? what is that.

    ReplyDelete
  5. කාගෙන් ලියුමක් එනකන්ද බලන් උන්නේ ?
    කතන්දර හාමිනේගෙන් ? පලවෙනි ක්‍රෂ් එකෙන් ??

    ReplyDelete
  6. දැන් උනත්, මොන ඊමේල් ෆේස්බුක් තිබ්බත්, ලියුම් කරදහියක් ආවම ගති නේ? :)

    ReplyDelete
    Replies
    1. බම්බුව! එන තරමක් එන්නෙ බෑන්ක් ස්ටේට්ස්මන්ට්ස්, ෆෝන් බිල්, ක්‍රෙඩිට් කාඩ් බිල් වගේ ඒවනේ.. :)

      Delete
    2. මෙහෙමයි මචන්.. උඹට එන්නේ ඔය වගේ චාටර් ලියුම් වුනාට මුකොට එන්නේ ඌ කියනවා වගේ සිරා ලියුම් වෙන්න ඇති.. තාම තනිකඩය නේ.. :)

      Delete
  7. තැපැල් පියුන් අන්කල් ලියුම හොරකං කරලද දන්නෑ..!!

    ReplyDelete
  8. Anonymous One orig17 September 2012 at 10:52

    There was a time like that.

    ReplyDelete
  9. වටිනා ලිපියක් මට අතීතය මතක් උනා අද ඉන්න අය ඇත්තටම දන්නේ නැහැ ඒ දවස්වල තිබුණු දේවල් මේවගේවත් මතක් කරලා දෙනවට තුති

    ReplyDelete
  10. ඒ කාලේ ගමේම ලියුම් යන්නෙ අපේ කන්තෝරුව හරහා වෙච්චි...

    පියුම් මාමා වැඩඇරිලා ගෙදර ගියාම ඉදලාමත් එන ටෙලිග්‍රෑම් තාත්තම ගෙනිහිල්ලා දෙනවා බයිසිකලෙන්. ඒ වගේ අවස්ථාවක් මම එනතුරු බලාගෙන ඉන්නෙ..... මොකද ගේ ගාවට ගිහිල්ලා " ඕගොල්ලන්ට ටෙලිග්‍රැම් එකක්" කිව්ව ම, ඒ ගොල්ලන්ගේ මූණේ ඇදෙන විස්තර බලාගන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්සරකාලෙ ටැලිග්‍රෑම් එකක් ආව කිව්වම මිනිස්සු වෙව්ලනව. මොකද ඒවයෙ එන්නෙ "අහවලා මලා, .......ට අසාධ්‍යයි භූමදානෙ අනිද්දා,.... " වගේ පණිවුඩනෙ.

      Delete
    2. මේක කියෙව්වාම මතක් වුණේ 1971දි ජේ. වී. පී. ත්‍රස්තවාදීන් පොලීසි වලට පහර දෙන මොහොත තමන්ගෙ ගම් මට්ටමේ සාමාජිකයින්ට දන්වන්න යොදාගන්න අදහස් කොට තිබුණේ ටෙලිග්‍රෑම් එකක්. මොකද ඒ කාලෙ රටේම ටෙලිෆෝන් තිබුණේ 10,000 ක වගේ ගණනක්. ඒකෙනුත් 99%ක් කොළඹ.

      මෙන්න මේකයි ටෙලිග්‍රෑම් එකේ පණිවිඩය:

      "ජේ.වී. පී. අප්පුහාමි මළා. ආදාහනය පස් වැනිදා"

      මේ අනුව පස් වැනිදා රෑ තමයි පොලීසි වලට ගහන්න ඕනැ. නමුත් මේක සම්පූර්ණයෙක් සාර්ථක වුණේ නැහැ. මේ කතාව කලින් අත් අඩංගුවට පත් ත්‍රස්තවාදීන් අතින් හෙළිවුණා. ඉතින් ආණ්ඩුවම ටෙලිග්‍රෑම් එක යන එක නතර කළා. ඒ එක්කම විශාල ප්‍රචාරයක් එක්ක මුළු රැයක් තිස්සේ ගුවන් විදුලියෙන් පිරිත් ප්‍රචාරය කරන්න කටයුතු කළා. මේ නිසා එදා සෑහෙන පිරිසක් ඇහැරගෙන හිටියා. ඒකයි ඔවුන්ගේ ප්‍රහාරය අසාර්ථක වුණේ. ඊට පස්සෙ ජේ. වී. පී. කාරයින්ට මදි නොකියන්න ජම්බු හම්බ වුණා.

      Delete
    3. ඇයි පත්තරලවලත් මරණ දැන්වීම් විදිහට ඕක දැම්මාලුනෙ..

      Delete
    4. ඔය පිරිත් දැම්මෙ රෑ රේඩියෝ එකේ ප්‍රචාරයක කරන්න තිබ්බ සින්දුවක් අනුව ලංකාවවම එක වෙලාවෙ කැරැල්ල පටන්ගන්න තිබ්බ ප්ලෑන් එක විනාස කරන්නලු.

      Delete
  11. ලියුං කෑල්ලක් එනඑක මොන තරං නං ආතල්ද ??? මොන . . එන තරමක් එන්නෙ බිල් නෙ !

    ReplyDelete
  12. Ape Kakka Thuma maha Kaiyeki. Kai pada bandeema gena ohuta aththe puduma sahaja hakiyawaki. Ihatha paharawa aththe ohu baha thorana viyedee muwin pita woo Kai pada walaki. Ohuge kai danuma saptha maha sagaraya meni. Ohu Hastha Paharuwe Pharawa eli dakwana lada Kai Poth sambharayaki. Ohu Kaiyata Pahanaki.Nitharama oho Kai gange pihinie.

    ReplyDelete
  13. බිල් කෑලි ඇරෙන්න යාළුවෙක්ගෙන්,නෑදෑ කෙනෙක්ගෙන් ලියුමක් එද්දී ඇත්තටම අමුතු හැඟීමක් හිතට එනවා (^_^)

    ReplyDelete
  14. මේ ලඟක් වෙනකං බිල් ආවෙත් තැපෑලේ.. දැන් ඒකත් ඊමේල් එකේ එන්න පටන් අරන්...

    ReplyDelete
  15. KAKA THAMAGE POST WALATA ENA COMMENTS WALATA REPLY KARANNE NATHA. WENATH AYAGE POST WALATA COMMENTS DAMI. KAKAGE 3RD CLASS POST WALATA ENA COMMENTS WALATAWATH REPLY KIREEMATA OHUTA HAKIYAWAK NOMATHA. RELY KALATH EWA DIYARU REPLIES YA. E OHUGE NOHAKIYAWYA. OHU ASARANI.

    ReplyDelete
    Replies
    1. අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසිදිනේ...

      -කකා-

      Delete
  16. ලියුමක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවක ඒක නැති වුනාම ඇති වෙන අපේක්ෂා භංගත්වය කියල වැඩක් නෑ. මම සී.එල්.අයි. සහ එස්.එම්.එස්. පහසුකම ලබා ගන්න ඩයලොග් එකට රුපියල් 1000 ඒවා දෙකක් ගෙවල තියෙනව. හැබැයි ඒ කාලේ ඒවා මැජික් වගේ වැඩ. මට මතකයි සී.එල්.අයි.ගත්තාම ඔෆිස් එකේ අය වට වෙලා බලපු හැටි.

    ReplyDelete
  17. එස් එම් එස් නෙමෙයි ඊමෙල් වල එදා වර්ෂන් එක තමයි මේ. මෙහෙමත් කාල තිබිල තියෙනව.

    ReplyDelete
  18. සියළු දෙනාටම ස්තුතියි!

    දින දෙකක් අන්තර්ජාලයෙන් ඈත් වී බවුන් වැඩුවෙමි. ජොලිය, නැවත යමි!

    බායි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.