Saturday 1 September 2012

කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!


ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.

හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.

අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.

ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.

අන්තිමේදි මට මේ කයි-කතන්දර කොච්චර නැගලා ගියාද කියනවා නං, අපේ ඔබාමා දැන් සැප්තැම්බර් ඉවරයි, ඔක්තෝම්බර් උදාවුණා කියලා මට දැනුම් දෙන තුරුම මං කයි කතන්දර දාගෙන ගියා.

ගිය අවුරුද්දේ කයි-කතන්දර විදියට මං දැම්මේ මං පේරාදෙනිය තිප්පොලේ හිටිය මුල් අවුරුදු දෙකේ ලියපු කවි ටිකයි.

මේ අවුරුද්දේ හිතන් ඉන්නේ තුන්වන සහ හතරවෙනි අවුරුදු දෙකේ ලියපු කවි ඇතුලත් කරලා කයි-කතන්දර ගොතන්නයි.

කවි ලියනවා ගැන කිව්වාම මට මතක් වුනා මං පරණ ශ්‍රී සඟරාවක කියවපු කතන්දරයක්.

ඔන්න යාළුවෝ හතර දෙනෙක් ගමණක් යනවාලු. මේ අය ඉස්සරහින් ඇවිත් තියෙනවා කකුලක් නැති මනුස්සයෙක්.

අපේ සදාචාරය අනුව මේ වගේ අය කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ "කොටා" කියන සුරතල් නාමයෙන්. මේ හතර දෙනා දැකලා මේ කොටා පාර තිබුණු වලක වැටෙනවා.

දැන් ඉතිං මොකද කරන්න තියෙන හොඳම දේ?

ඔව්, අන්න ඒක තමයි!

යාළුවෝ හතර දෙනා කතා වුණා අපි මේ සිද්ධිය ගැන කවියක් කියමුය කියලා.

ඔන්න එකෙක් පටන් ගත්තා,

    එක දවසක් කොටා

දෙවෙනියාත් එකතු වුණා,

    ගමනක් යන කලටා

තුන් වෙනියා ගේ වාරය,

    වැටුණි ඌ වලටා

දැන් අන්තිමයා ගේ වාරය, නමුත් ඉතිං මුළු සිද්ධියම කවි පද තුනෙන් කියවිලා ඉවරයි.

ඒ කියලා කවිය සම්පුර්ණ වෙන්නේ නෑ නේ පද හතරක් නැතුව. පොරත් අත ඇරියේ නෑ. අන්තිම පදේ එකතු කළා මෙන්න මෙහෙම.

    හුටා!

දැන් මෙන්න ඒ අසහාය සාහිත්‍ය නිර්මාණය සම්පූර්ණයෙන්ම.

එක දවසක් කොටා
ගමනක් යන කලටා
වැටුණි ඌ වලටා
හුටා!


-කතන්දරකාරයා

ප/ලි:
මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා.


(image: http://www.lakehousebookshop.com/pdesc.php?id=599)

102 comments:

  1. Eeye liyala thibune mokakda pandi kathawak danawa kiyala neda?

    ReplyDelete
    Replies
    1. ඒ සතියේ පඬි වදන ගැනයි, ඒවා සතියට එකයි!

      Delete
  2. Mama kalin comment eka damme kathawa kiyawanne nethuwa, meyage kathawalata comment karanna kathawa kiyawanna oone nehe. meka kiyewwama anthima pade witharak novei, thawa honda honda pada mathak wenawa.

    ReplyDelete
    Replies
    1. මතකය හොඳයි වගේ, සුබ පැතුම්. Enjoy your life!

      Delete
  3. Amawathura pothe photo ekakuth dagena me liyana pal heliwalata apata kiyanna thiyenne, hu.a kiyali.

    ReplyDelete
    Replies
    1. දන්නැති අයට පැහැදිලි නෑ වගේ.

      අමාවතුර ලිව්වේ ගුරුළුගෝමී. පොර තමයි සිංහල සාහිත්‍යයේ සිම්බල් එක. මේ ලිපිය සාහිත්‍ය මාසය ගැන සඳහන් එකක්.

      Delete
  4. "ඔය නින්දා කිරීමයි ප්‍රසංශා කිරීමයි යන දෙකම අතීතයේ ඉඳන් පැවත එන්නක්.අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි.ඒ වගේමයි ලෝකේ නින්දා නොලබන කෙනෙකුත් නැත.කතා නොකරන කෙනාටත් නින්දා කරනවා..වැඩියෙන් කතා කලත් නින්දා කරනවා..ටිකක් කතා කලත් නින්දා කරනවා..එහෙම වෙද්දී කොහොම කලත් නින්දා නොලබන කෙනෙක් මේ ලොකේ නැත. ඒ වගේමයි අතීතයේවත් අනාගතයේදීවත් අදවත් නින්දාවටම හෝ ප්‍රසංසාවටම හෝ භාජනය වෙච්ච කිසිවකුත් නැත.. ඔය දෙකම..එනම් නින්දාව හා ප්‍රසංසාව යන කාරණා දෙකම අපි හැමෝටම විඳින්න වෙන දේවල්"

    http://ctkumara.blogspot.com.au/

    ReplyDelete
    Replies
    1. මෙන්න බුදු හාමුදුරුවන්ගේ බුද්ධිමය දේපළ හොරකම් කරලෝ! අඩු ගානෙ උපුටා ගත්තය කියල සඳහනක් වත් නෑ. මූට නඩු දාපියෝ!

      Delete
    2. මේකත් උපුටා ගැනීමක්! යටින් ලිපිනය තියෙන්නේ.

      මගේ කතන්දර නම් අපහාස ගැන නෙමේ. කයි-කතන්දර කියන්නේ කවි ගැන කතන්දර!

      Delete
  5. අනාගතයේ තවත් හොද සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට හැකිවේවා!

    ReplyDelete
  6. "මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා."

    මතෘකාව දැක්ක ගමන්ම හිතුණා.. :)

    ReplyDelete
    Replies
    1. මං හිතුවා, ඒකනේ ප/ලි ය ලිව්වේ!

      Delete
  7. කවි කියවන්න අකමැති වුණත් කැමති එකක් තිබුණොත් කියවලා යන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. මේවා කයි-කතන්දර, ඇයි ඔහෙත් ලිව්වේ කුංකුනාවේ හාමුදුරුවෝ කියපු කවි ගැන?

      Delete
    2. @ Kathandara Karaya

      කයියත් එක්කම කතන්දරයක් තියේ නම් කම් නැත :)

      Delete
  8. Machan, Kaka, Oya Anolage comment walata baya wela, hangila inna epa, eliyata awith hitapan, hariyata Kammale Balla wage hitapan.

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඇනෝලාට මං ආදරෙයි!

      අනික කම්මලේ හිටියා නේ අවුරුදු හතරක් ම!

      Delete
  9. හරි! එහෙනං පටංගනිමු බලන්න

    ReplyDelete
    Replies
    1. ඔය පටන් ගත්තේ හුටා කවියෙන්.

      රුහුණු තිප්පොලේ කවි නැද්ද?

      Delete
  10. ගිය පාර කකාගේ කයි කතන්දර මට මිස් උන නිසා මේ පාර වත් බලන්නම්කෝ...

    ඇත්තමට අර ඩෙංකුටු කවිය මටත් යන්තම් වගේ තාමත් මතකයි....

    //ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.//

    මාත් මේ ජාතියේ.....

    සැප්තැම්බරුත් පටන් ගත්තා නේ......

    ReplyDelete
    Replies
    1. /* ගිය පාර කකාගේ කයි කතන්දර මට මිස් උන නිසා මේ පාර වත් බලන්නම්කෝ... */

      ඒවා මකලා දාලා නෑ තාමත් තියෙනවා. මෙන්න පාර:
      http://kathandara.blogspot.com.au/2011_09_01_archive.html

      Delete
  11. CARD KUTTAMEN KARANA MARA SIRA GAME EKAK MEHETH THIYANAWA, EKATA KIYANNE BOORUWA GAHANAWA KIYALA. FUNERAL HOUSES WALATH GAHANAWA. HORENUTH GAHANAWA. HABAI POLOSIYEN PANNOTH BADUMA THAMA. KAKA TH, THAMA HANGILA, POLOSIYEN PANALA WATHDA?

    ReplyDelete
    Replies
    1. මොකද ඔහේ ගේ යතුරු පුවරුව අපර්කේස් එකේ හිරවෙලාද?

      Delete
  12. huta ada comments 0 . huta, mare maru, ware,wa.

    ReplyDelete
    Replies
    1. ඔබේ අහිංසක සතුට ගැන මට සතුටුයි. එය මුලාවක් බව දැන දුක් නොවෙනු ඇතැයි සිතමි.

      Delete
  13. MOODA CHOON GANNA ANOLAGE UTHSAHAYA DAN SARTHAKI. 3 1/2 hrs. gihillath comments 0. dan ithin me pal hali balanna yakek wath enne nehe. Aniv. ada comments nil.

    ReplyDelete
    Replies
    1. ඉතිං කමෙන්ට්ස් නිල් කියමුකෝ, ඔහේට මොකද ඒකට?

      ඒ ගැන මං දුක්වෙයි කියලද ඔය සතුටු වෙලා තියෙන්නේ?

      මම ඔබට අනුකම්පා කරමි.

      Delete
  14. KAKA why no comments today. if you have recd. any comments select the favourable comments. Delete the mud comments, (if there are) Publish all selected comments at once, just 5 minutes before you publish your next post, in 2 - 3 days. Let them hang. That is how I do.

    ReplyDelete
  15. Kaka macho,ada kavuruwthama siyambala genathla nedda? Genath thiyanawanam passe pothu,ata, ahak karala mada tika ganna beruwei.- naki gamarala -

    ReplyDelete
    Replies
    1. මල්ලේ පොල්, සියඹලා නොවෙයි!

      Delete
  16. හුටා !!

    ReplyDelete
  17. kaka dan wale wetila, huta huta, hute huta.

    ReplyDelete
    Replies
    1. බබාට හලී තන්තෝතයි නේද?

      Delete
  18. මේ පාරත් සැප්තැම්බර් ඉවරයි කියල මතක් කරන කල් කවි ලියන්ඩ! :)

    ReplyDelete
    Replies
    1. මතක් කරපු පොර නැති එක ගැන නම් දුකයි!

      Delete
  19. ME mase apata kai paha, paha inna puluwan - huta -

    ReplyDelete
    Replies
    1. ඇයි වෙනදත් කරන්නේ ඕකමනේ, නේද?

      Delete
  20. Kaiya pada banda gena, Kai pada kara thaba gena, ..................koi yanawada udesana. .........huta, ithuru hariya mathaka nehe.

    ReplyDelete
    Replies
    1. මං දන්නවා, හැබැයි කියන්නේ නෑ!

      Delete
  21. මම නං 'නයි කතන්දර' වලට වඩා 'කයි කතන්දර' වලට කැමැතියි.

    තව ලියන්ට පුළුවන්:

    1. බයි කතන්දර (බත් ගැන කතා)
    2. ගොයි කතන්දර (ගොවීන් ගැන කතා)
    3. මැයි කතන්දර (කම්කරු දිනේ ගැන)
    4. ටයි කතන්දර
    5. ටෝයි කතන්දර
    6. ඩයි කතන්දර (කොණ්ඩෙ ඩයි කරපු හැටි)
    7. තායි කතන්දර (පස් තාච්චි ඇදපු කාලේ)
    8. දොයි කතන්දර (නින්ද ගැන කතා)
    9. හයි ෆයි කතන්දර

    දහ වැනි අංකෙට එකක් තමයි හිතුනේම නැත්තෙ. නැත්නම් රවුම් ගාණකින් ඉවර කරන්ට තිබුණා.

    ReplyDelete
    Replies
    1. මං ලියන්නේ නං "මයි කතන්දර" (මට ඕනෑ ඒවා) විතරයි.

      Delete
  22. ඔන්න මමත් සාහිත්‍ය උත්සවයක වෙච්චි කතාවක් කියන්නම්.
    ලංකාවේ ප්‍රසිද්ධ සාහිත්‍යකරුවෙක් එක්තරා සාහිත්‍ය උත්සවයක දේශණයක් කරනවළු.මුළු ශාලාවෙම ඉන්න සාහිත්‍ය රසය හොදින් දන්නා හදුනන සාහිත්‍යධරයන්ලු.අපේ මනුස්සයා කතා කරන්නේ නිසැදැස් ගැනලු.
    "ඇත්තටම නිසදැසකින් කෙනෙකුට සමාජයට වටිනා පණිවුඩයක් දෙන්න පුළුවන්. භාෂාව සරලව හසුරවලා රසයක් සමඟ නිසැදස ඉදිරිපත් කරන්න පුළුවන්.කවි ලිවීමේ හැකියාවක් නැති අයට වුනත් කවි ලිවීම අරඹන්න හොදම ක්‍රමේ තමයි නිසැදස.කවියක් නිර්මාණය වෙන්න පද පේලි කිහිපයක අවශ්‍ය වුවත් නිසැදසක් නිර්මාණය කරන්න පද පේලි අවශ්‍ය නෑ වචන කීපයකින් වුවත් නිසැදසක් ඉදිරිපත් කරන්න පුළුවන්."

    අපේ දේශකයා මෙහෙම කියනකොට ඉස්සරහම පේළියේ වාඩිවෙලා හිටපු තරුණ සිංහළ ගුරුවරියකට ටිකක් අප්සෙට්ලු.වචන කීපයකින් කොහොමද නිසැදසක් ලියන්නේ...
    ඉවසන් ඉන්න බැරි තැනම නැගිටලා ඇහුවළු.
    "වචන කීපයකින් නිසැදසක් ලියන්න පුළුවන් කියන එකට මම තදින් විරුද්ධයි.ඔබතුමාට මම අභියෝගයක් ඉදිූිපත් කරනවා පුළුවන්නම් වචන කීපයකින් නිසදසක් මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. "
    අපේ දේශකයා කණ්ඩාඩිය යටින් ගුරුවරිය දිහා බැලුවළු.ගුරුතුමී තරුණයි.හැඩයි.ටිකක් මහත නිසාම ඇගේ හැට්ටය ශරීරයට කුඩා බව පැහැදිළිව පෙනිනි.
    මද සිනහවක් පෑ තරුණ දේශකයා ගුරුතුමියගේ ලැම දෙසට නෙත් යොමා
    "අනේ....
    පනේ.....
    _නේ......
    පෙනේ...... "

    කිව්වළු.ගුරුතුමිය කොහේ ගියාද කියල හොයා ගන්න බැරි වුනාලු.

    ReplyDelete
    Replies
    1. සමහරු කියනවා ඔය කුමාරතුංග මුණිදාස ගේ වැඩක්ය කියලා.

      Delete
    2. ඉහත කතාව ඇත්තටම වෙච්ච එකක් උනත් හදපු එකක් උනත්, එයින් කියවෙන්නේ ඔය කියන නිසඳැස් කවියේ තියන අරුත්බර බව නොවේ. ඒකෙ අනික් පැත්තයි. මේ සිද්දිය උනා කියන්නේ (හෝ හදල තියෙන්නේ) ලංකාවේ නිසඳැස් නැගල යන කාලේ. මේ සංවාදයදී කෙනෙක් කියුවහම සඳැස් වලින්, නිසඳැස් කවි වලින් තරම් සරලව අඩු වචන පාවිච්චියෙන් අරුත්බර දෙයක් කියන්න බැහැ කියලා, ඒකට අභියෝගයක් ඉදිරිපත් කටපු කාන්තාවට තමා අර කවිය කියලා තියෙන්නේ. සඳැස් කවි වලට පෙනී හිටපු කුමාරතුංග මුනිදාස මහතාගේ වැඩක් කියල තමයි මාත් අහල තියෙන්නේ. ඒක බොරුවක් වෙන්න පුළුවන් උනත්, කතාවේ අර්ථය එකෙන් වෙනස් වෙන්නේ නැහැ. මුනිදාස මහතාගේ මේ ලස්සන ළමා කවියෙන් මා අවසන් කරන්නම්.
      හා හා හරි හාවා
      කැලේ මැදින් ආවා
      හිටගෙන ගඟ ගාවා
      කොළ දෙකටක් කෑවා
      නැහැ තවත් එකක්!
      ගඟින් ගෙනා
      උගේ ගොනා
      ගඟේ පැනා
      පීනා නා
      තව එකක්!
      එන්න කිට්ටු
      දෙන්න තුට්ටු
      ගන්න තට්ටු
      කන්න පිට්ටු
      -anaatha

      Delete
  23. Dan welawa 12.15 - Comments total 16 lu. In 09 kma mage.ethakota outsiders o7. - dan me boga kakagei magei. kaka eka eka ewa lialiya danawa. mama ewata comment danawa. - huta huta hutta patas. baye behe. mage comment delete karaida.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දහයක්ම දැමීම ගැන ඔබට මගේ ස්තුතිය. ඒ එකකින්වත් වෙන කාටවත් වැඩක් නැති වුණාට, මෙලෙස කමෙන්ට්ස් දැමීමෙන් ඔබ ලබාගන්නා වින්දනය ගැන මට සතුටුයි.

      ඔබට මේ භවයේදී හෝ නැතිනම් මතු ආත්මයක දී හෝ ඔයිට වඩා හොඳ වින්දනයක් ලැබෙන ජීවිතයක් ලැබේවා යි මං අවංකවම ප්‍රාර්ථනය කරනවා.

      Delete
    2. මේ සියල්ල බලා සිටි වෙන ඇනෝ කෙනෙක්1 September 2012 at 17:09

      බිපෙසි!

      Delete
  24. කවිය අසා තිබේ.....

    ReplyDelete
  25. ඔය කයිය තිබු‍නේ ශ්‍රී සගරාවෙ ගිය සකිරිපිංචිගෙ කතා වල නේද.?? යාන්තමට මතකයි ඒ වගේ.. :)

    ReplyDelete
    Replies
    1. ශ්‍රී කියන්නේ සිංහල රීඩරස් ඩයිජෙස්ට් වගේ එකක්. මං ලබපු සඟරා අම්මා එකතු කරපු ඒවා, ඒ කියන්නේ මුතුහර වගේ ඒවා එන්න කලින්. මේ කියන සඟරාව 1960 ගනං වල එකක් වෙන්න ඕනෑ.

      Delete
    2. මගෙ ගාවත් තියෙන්නෙ නැන්දලා පුංචි අම්මලා‍ එකතුකරලා මම එයාලාගෙන් ඩැහැගත්ත ශ්‍රී සඟරා මිටියක් තමා.. හැබැයි ඒ ගොඩේ නම් 60 ගනන් වල ඒවා නෙවෙයි තිබුනේ, 70 දශකයේ අගභාගයේ හා 80 දශකයේ මුල්භාගයේ ඒවා..

      Delete
    3. ඔය මං හිතන්නේ ශ්‍රී සඟරාව මාක්-2. ඔය කියන දෙවෙනි යුගය කාලේ සඟරාව ලොඛඔ කොල දෙකට නවලා ඒ 4 පෝට්රේට් විදියට මැද්දෙන් ස්ටේපල් කරලායි පලවුනේ.

      මං කියන මේ මුල් කාලේ සඟරා ලෑන්ඩ්ස්කේප් අර අපි පාවිච්චි කරපු චිත්‍ර පොත් වගේයි පල කෙරුනේ.

      Delete
    4. එහෙම වෙන්න ඇති, ඔය දෙවිදියෙන්ම - පෝට්‍රේට්(බහුතරයක්) හා ලෑන්ඩ්ස්කේප්(2,3ක්) - ශ්‍රී සඟරා තියෙනවා මගේ එකතුවේ..

      Delete
    5. ශ්‍රී සඟරා තියෙනවනම් බලන්න "විවාහයක් අවශ්‍යමද?" කියලා ලිපියක්. ඒක මගේ තාත්ත ලියල තියෙන්නේ. හැබැයි ඒක ලියලා මාස ගානකින් තාත්ත බැඳලා !!!

      Delete
  26. Onna dan kai mathak wenawa. E mokada dan ira mudun wela oluwa rath una. = onna kai = kaiya pada banda gena, kai pada kara thaba gena. koi da seeye me udesana. Onna macho, mewwa kunu harupa newe, kunuharupa kiyala kapana wa hema newe. = meka issara ape hodi pothe thibichcha kaviyak.

    ReplyDelete
  27. දෙවනි කයි කතන්දර සීරීස් එකට සුභ පැතුම්..!

    මේ සීරිස් එකේ වත් අපිට කතන්දර හාමිනේ දැකගන්න ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ෆොටෝ එකකින්ද, කවියකින්ද?

      Delete
    2. දැනට ෆුල් නේකඩ් පට්ට පෝස් එකක් තියෙන ෆොටෝ එකක් දාන්න.. කෑල්ල හොඳ නම් මම ඇවිත් ________ ____ ___ ______ _____ _____ ____ ___ ______ _____ _____ ___________ ____ __________ (මේ ටික කකාට හොරෙන් කරන දේවල් නිසා මෙතන ලියන්නෙ නෑ)

      Delete
    3. කවියකටත් වඩා කයි කතන්දරයක් නම් හොඳයි..
      මම වැරදි උපකල්පනයක් කලාද මන්දා කතන්දරගේ කැම්පස් ජීවිතේ තුන්වෙනි හතර වෙනි අවුරුදුවල කතන්දර හාමිනේ ඉන්නවා කියලා..

      Delete
  28. Kakata wage matath kai witharak dirawanta behe. Bite ekatha thawa monawa hari ekka oone. (maiyokka wage ) Ara thitha thyala thyana jathiyen shot ekak ekka. nama dammoth delete wenna puluwan.

    ReplyDelete
  29. menna thawa kaiyak mathal una:- Eka dawasak koi pata, Kalatuwawe yanawita, wetunai wewata, Huta.

    ReplyDelete
  30. කකා කවි එපා.කක්කා කතාවක් ලියන්න්කෝ.හුටා.....

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ නෙමේ, මං කැමති කවි කන්නයි.

      Delete
  31. me kai masene - mage langa thiyanawa, honda honda kai pada bandala. Eva thiyenne kai poth wasayen. oone welawa ta ele dakawanawa. Pasu giya dawas wala hiku sandarsanaya kuth api thibba. Honda honda hiku api liwwa. huta.

    ReplyDelete
    Replies
    1. හයිකුම ලියන්න. කියවන්න ලේසයි.

      Delete
  32. Giya para kai mis wechcha aya innawanam me para honda honda kai pada bandala penwanawa.huta.

    ReplyDelete
  33. හුටා! මේ මාසෙම කවි ...... හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, කතන්දර නැති දවස්වලට විතරයි!

      Delete
  34. Ada nam comment wala niyama welawa penwala piliwela ta enawa wage penawa. kalin ehema da, Ude 6.00 post eka. Kalin dawase hawasa indala ANJANAM ELI karayo comment patan aragena. Huta.

    ReplyDelete
    Replies
    1. ඔහේටත් ප්‍රශ්න නැතුවටද අළුතින් ඒවා හදා ගන්නේ?

      Delete
  35. Mage comment wala kisima inapproprite, kunuharupa, sadachara sampanna novena, kisima deyak liyala nehe. Bohoma sanwarawa,
    shistatawa, thami wachana pavichchi karala thiyenne. Ema nisa wachanayak wath delete karanna hethuwak nehe.

    ReplyDelete
    Replies
    1. මේවායින් ඔහේගේ කමෙන්ටු වෙන් කරලා අඳුණාගන්න බැරි එක තමයි ප්‍රශ්නේ!

      බැරිද යටින් මොකක් හරි නමක් දාන්න?

      Delete
  36. ඕක ඉවර වෙන්නෙ "හුටා පටා" කියලයි.

    ReplyDelete
  37. ISSARA mama eka kalayak Kandy weda kala. E dawas wala Peradeniya paththe, yana kota wessata ahuwenawa. Onna etha kota mama oya kaka kiyana thippolata yanawa.
    Ehema gihin thami mata oya kai liyanna puhunuwa awe. Huta.

    ReplyDelete
  38. ඔය කවි කිව්වම මතක් උනේ අපි ඉස්කෝලේ සිංහල සාහිත්‍යය කරද්දී සිංහල සර් කිව්වා ගුත්තිලෙන් කවි පහක් පාඩම් කරන් එන්න කියල පන්තියේ හිටපු කටකාර කොලුවෙක් නැගිටලා ඇහුව සර් කයි පහ පහ පාඩම් කරන් ආවම හරි නේද කියල ...කොල්ලට වැදුන කයි පැහෙන්නම හොඳවයින් දෙකක්!

    ReplyDelete
    Replies
    1. කයි පහ පහ පාඩම් කළාට මදි ඉස්කෝලේ එනකොට කද බැඳගෙන එන්න ඕනෑ!

      Delete
  39. කයි කතන්දර ලියනවා නම් අවුලක් නැත...
    කකා ලියන කවි පට්ට ය !!!

    ReplyDelete
    Replies
    1. මේවා ඉස්සර ලියපු කතන්දර. අර කැන්ටිම ගාව ආට් සර්කල් පුවරුවේ පලවුණු ඒවා.

      Delete
  40. Kakata comments 0 nil wunoth matath harima dukai.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්න කං එහෙම වෙන්නේ නෑ නේද රත්තරං?

      Delete
  41. Post dameemenuth, comments dameemenuth, thama thaman kisiyam vindanayak labanawa.

    ReplyDelete
    Replies
    1. එහි කිසි වරදක් නෑ! මටත් පුදුම වින්දයක් තියෙන්නේ!

      Delete
  42. Mage comments walin wagema, wenath ayage comments walinuth thawath ayata ethram wedak nehe. IF THEY ARE NOT CONSTRUCTIVE, DEBATABLE, & WRITTN WISELY. Mema blog ekata enne pitawal kasaganna.

    ReplyDelete
    Replies
    1. අංකල් මොනවා කියනවාද මන්දා?

      Delete
  43. SRI sangarawa print kale mata mathaka hatiyata Lankadipa yen. Drawing book hadayata. Readers Digest ahalakinwath thiyanna behe.

    ReplyDelete
    Replies
    1. හැමෝම රීඩර්ස් ඩයිජෙස්ට් කියවන්නේ නෑ නේ. මං අම්මා එකතු කළ සඟරා කියවා රස වින්දා!

      Delete
  44. 6.00 p.m. - This is my 26th comment - During this 12 hrs. period, You congratulated me. Pleased about my pleasure, Sympathised me, You got angry, Questioned me?. Felt sorry for me. Thanked me. Preyed for me. Some of my comments were rude, and harsh. Forgive me for any inconvenience.

    ReplyDelete
    Replies
    1. අඬන්නද හිනාවෙන්නද මන්දා?

      දවසක් මං අඳුණන පොරක් එයාපෝට් එකේ කල්මරලා තියෙන්නේ කතන්දර බ්ලොග් එක කියවමින්.

      http://kathandara.blogspot.com.au/2011/04/blogging-as-social-service-for.html

      ඔබේ පව කුමක්දැයි මට නොතේරේ!

      Delete
    2. ඔහු කතන්දර රසිකයෙක්දෑ.... එහෙමත් නැත්නම් ඒ කකාමදෑ..

      Delete
  45. ඒ දණ්ඩෙන් කොටා
    යන කොට කොට කොටා
    වැටුණේය ගඟටා
    .......... හුටා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.