Monday 10 September 2012

ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?


මං ඒ ලෙවල් කරපු අවුරුද්දේ විභාග ප්‍රතිපල එන්නත් කලින් අපිට ඊලඟ විභාගෙට සෙට් වෙන්න වුණා. ඒක නං මහ එපාම කරපු වැඩක්.

අන්තිමේදී ඒ දෙවෙනි පාර කරපු දේවල්වලින් කිසිම වැඩක් නැතුව ගියා.

අපදාරේ!

ඒ මොනවා වුනත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගිහින්, ගණං හදලා, පොත් කියෝලා අන්තිමේදී විභාගේ ඉවර වුණාම නිකං ඩීටොක්ස් වුණා වගේ තමයි. ආපහු පුරුදු ජීවිතේට පුරුදු වෙන එකත් සෑහෙන්න අමාරු වැඩක්.

මෙන්න ඒ ගැන මං අවුරුදු දහ අටයි මාස හතරේ දී ලියපු කවියක්.

කළ නොහැකි පරිවර්තනයක්?

පාසලේදී ඉගෙන ගතිමි
ඔක්සිකරණ පරිවර්තන
ඔක්සිහරණ පරිවර්තන

වනපොත් කෙරුවෙමි දින දින
පරිවර්තන කරනා හැටි

මධ්‍යසාර අම්ල බවට
අම්ලය කීටෝන බවට
කීටෝනය පෙරලූවෙමි
යළිදු මධ්‍යසාර බවට

පීනෝලය ඇල්කොහොලෙට
ඇල්කොහොලය පීනෝලෙට
තුත්තනායගම් දමලා
ආපසු බෙන්සීන් බවට

සියළු දේම වනපොත් කර
විභාගයට ඒ ලිව්වෙමි
එතුවක් කල් සිතේ තිබුණු
සියළු දේම හිස් කෙරුවෙමි

පරිවර්තන ඉගෙන ගන්න
කලින් උන්නු මගේ තත්වෙට
මාවම පෙරළා ගන්නට
යාන්ත්‍රණය අමතක වී
ගොළු වීලා බලා හිඳිමි


(උසස් පෙළ විභාගය නිමවා ගන්ධබ්බ ජීවිතයක් ගතකරමින් සිටි කාලයේ ලියන ලදුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "සයදිනක සටහන් - වසන්ත පූර්ව නිර්මාණ සංග්‍රහය" කෘතියට අඩංගු කරන ලදී)

මෙන්න තවත් ඒ වගේ ඒ-ලෙවල් කාලේ කයියක්!
අවකලනය සහ අවනීතිය: http://kathandara.blogspot.com.au/2010/03/level.html

-කතන්තරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.brilliantdreams.com/product/famous-dreams.htm)

30 comments:

  1. මං හිතන්නේ න්‍යුක්ලොෆිලික ආදේශයක් !

    ReplyDelete
  2. mekath kaiyak da? meken sahithya masayata athi wede mokakda,? sahithya masayak koheda thiyenne ? poth kada karayo unge parana poth wikunagannawa.

    ReplyDelete
  3. ඒ කාලෙත් කවි කියන්ට හපනෙක් නේ...:D

    ReplyDelete
  4. විජ්ජාවට යාන්තම් සිම්පල් පාස් එකක් ගත්තේ...

    ReplyDelete
  5. කෙකුලේගෙ නයි හයදෙනා...

    ReplyDelete
    Replies
    1. හීනෙන් දැකපු නැට්ට හපාගත්ත නයා නෙවෙයිද.?? :)

      Delete
    2. මම දන්න විදිහට නයි හයක් හිටියාලු.. සමහර තැන්වල තියෙනවා වඳුරො හයක් කියලාත්..

      Delete
  6. කාබනික රසායනය නම් පට්ට !
    ඒක නෙමේ කතන්දර මහත්තයෝ, අර සිංදු දෙකේ එම් පී ත්‍රී නැද්ද !!!
    කඳුළු විල මැද තනිවෙලා කියන සිංදුව නම් ගොඩක්ම හිතට වැදිච්ච එකක්... බාගන්ඩ පුලුවං ලින්ක් එකක් දේ !

    ReplyDelete
  7. විභාගේ ඉවර වෙලා ඉන්න කාලේ නම් මටත් ඕක වුනා..ඒත් යාළුවො සෙට් එක ඇවිදින් අළුත් වැඩක් කරන්න එකතුවෙන්න කියපු නිසා ඔය හෝන්දු මාන්දු ගතිය ඇරිලා ගියා සතියකින් දෙකකින්..

    ReplyDelete
  8. ඔය කියන කාබනික රසායනේ පරිවර්ත බොහෝමයක් ,අහවල් උෂ්ණත්ව යටතේ අහවල් පීඩනය යටතේ අහල් සංවෘත පද්ධතිය කරන්න පුලුවන් කියලා, ඊතල දදා ලිවුවට.... අන්තිමට ගන්න ඕනි ඵලයට රවුමෙන් ආවට , ඒ ගොඩක් පරිවර්තන ජීවිතේ දි කරන්න බැරි එවුවා කියල ඉගෙන ගත්තෙ පස්සෙන් පහු.

    අපරාදේ.............

    ReplyDelete
  9. සාහිත්‍ය මාසය වෙනුවෙන් මේකත් බලන්න

    http://anacondavit.blogspot.com/2012/09/10.html

    ReplyDelete
  10. කකා අද කමෙන්ට් අඩු මොකෙයි? කැකුළාගෙ මුද්දරේ දාලවත් බැරිවුණා නේද කමෙන්ට් ගන්ඩ?

    ReplyDelete
  11. ඒ කාලෙම ලිව්වා ඒක හොදා. නැත්නම් මේවා ලියන්න ඉතින් මතකයක් තියෙන එකක්යැ.

    ReplyDelete
  12. සහතික ඇත්ත..ඒත් අපි නම් ඔය බර බරපතල දේවල් ඒලෙවල් වලට නොකල නිසාදෝ මන්දා ඔය පරිවර්තන කොරන්ඩ ගියේ නෑ.. හර බැර කොරලා නිකන් හිට්ටා..

    ReplyDelete
  13. රසායන විජ්ජාව විතරයිද පාඩං කළේ??

    ReplyDelete
  14. Appo, kakata comments adwenne nehe.
    adu nam

    Apoi ,kakata comments adu wenne nehe,
    adunam ANO namin eyama da ganiwi. Oya last post eketh 4k 5k dagena thibbe. dan comments moderate karanna block kara gena. eliyata enne 12hrs. withara giyama. ewata repliesuth nehe. me anoge viya yame sarthaka una . Oya awith thiya comment tikath eyage gaja mithrayngen. nikam tikak pita kasala . idiriye di yahaluwanta kiya wedi kara gannath beri nehe. meka pubilic korai da danneth nehe.








    ReplyDelete
  15. onna yako. egamana wakkada arala. mage kalin com. eka mis fire wela. dan magen com. 3. Dan ithin dennam jambu.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මේ කතාව නම් සම්පූර්නයෙන්ම ඇත්ත. ඉගෙන ගෙන, ඉගෙන ගෙන එක පාරටම ඒකෙන් බැහැර වුනාම කරකෝලා දැම්මා වගේ තමයි. එතකොට වැඩක් නැතිවුනත් ඉබේම නෝට්ස් ගොඩ දිහාට තල්ලු වෙනවා.කිසිම තේරුමකින් තොරව. මට මේක වැඩියෙන්ම දැනුනේ උසස් පෙළින් පස්සේ ප්‍රතිඵල එනකම් උන්න කාලෙට වඩා කැම්පස් එකෙන් පාස් අවුට් වුනාට පස්සෙයි.පස්සේ කොල්ලො සෙට් එකත් එක්ක ටිකක් වල බහැලා ඉක්මනින්ම ජොබක් කරන්න පටන් ගත්තා. මම කල්පනා කළේ පස් තාච්චි කුපාඩියක් කරන්න ගත්තොත් ආයෙත් ඔය ලෙඩේ මතු වෙයිද කියලා..හික්..හික්..

    ReplyDelete
  19. koo ban kaka coment... blog eka paalu wela

    ReplyDelete
  20. කතන්දරටත් තිබිල තියෙන ප්‍රශ්න!
    ආපෝ කෙමිස්ට්‍රි! ඔය කරුමේ නම් වැරදිලාවත් මතක් උනේ නැහැ ඒ ලෙවල් වලින් පස්සේ :D :D

    ReplyDelete
  21. kaka comment niveine REPLY. " this comment has been removed by the author" mekath kakage seppata vijjawak.

    ReplyDelete
  22. කෙමිස්ට්‍රි කියන්නේ මටනම් එපාම කරපු සබ්ජෙක්ට් එක. මොනව වුනත් කවි පෙලනම් සිරා..

    ReplyDelete
  23. අනේ දෙවියනේ... වෙනදට කොමෙන්ට් එකසීය ගනන් එන බ්ලොග් එකේ අද කීයද කොමෙන්ට්... පව් කකා ඔයා...

    ReplyDelete
  24. අවකලන කවි නං නියමයි. කෙමිස්ට්‍රි නං කවි කලත් අප්පිරියයි.

    ReplyDelete
  25. උසස් පෙළ කරන කාලෙදි එක් එක් විෂයන් තුළ තිබ්බ පාඩම් ඇසුරින් (රසායන් විද්‍යාව පමණක් නෙමෙයි ) කවි,නිසඳැස් නිර්මාණය කිරීමට විද්‍යා අංශෙන් උසස් පෙළ කරපු ළමයින් අතර නැඹුරුවක් තිබ්බා.(අනිත් අංශ වලින් කරපු ළමයිනුත් එහෙම කරලා එති. මට හම්බවෙලා නෑ ඒ වගේ කවි හෝ නිසදැස්). ඒ විතරක් නෙමෙයි ඒ වගේ විෂය කරුණු ඇසුරින් විද්‍යා ප්‍රබන්ධ ලියලා විදුසර පත්තරේට යවන්නත් අපේ ඉස්කෝලේ ළමයින් අතර තරඟයක් තිබ්බා. මේ වගේ දෙවල් තුළින් විෂයට වඩාත් සමීප වන්නට අපිට වඩාත් ඉඩ ලැබුනා. මේ කවි පෙළ දැකීම තුළින් ඒ මතකය නැවත අලුත් වුනා.

    ReplyDelete
  26. @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    කෙමිස්ට්‍රි නං තාමත් අරහං!

    ReplyDelete
  27. දෙවෙනි පාරට ගිය සතියේ එන්ටර් උන නිසා ඔය කවියේ රසය උපරිමයෙන් දැනෙනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.