Wednesday 5 September 2012

ඇදුරුතුමාට තද වෙලා ලු! ඉතිං මට පාන් යැ? - Phone ethics


අපි කෝල් එකක් ගන්න අංක ඔබන කොට අපි දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.

නමුත් කෝල් එක ලැබෙන කෙනාට කාගෙන්ද මේ කෝල් එක එන්නේ කියලා අපි කියන්නේ නැතුව දැනගන්න නම්:

-එක්කෝ, කෝල් එක එන්නේ මොබයිල් ෆෝන් එකකට ඇඩ්‍රස් පොතේ තියෙන කෙනෙකුගෙන් වෙන්න ඕනෑ
-නැත්තම්, ලෑන්ඩ් ලයින් එකේ කෝල් එක එන අංකය පෙන්වන පහසුකම තිබිලා අංකය අදුනා ගන්න හැකි වෙන්න ඕනෑ.

මෙහෙම නොවෙන අවස්ථාවලදී සහ විශේෂයෙන් ම අපේ හොඳම හිතවතෙකුට කතා කරන විට දී හැර තමන් කවුද කියලා හඳුන්වලා දීලා කතාව පටන් ගැනීම කෝල් එක ගත්තු කෙනා ගේ යුතුකමයි.

සමහරු ඉන්නවා කතාව පටන් ගන්නේ මෙහෙමයි.

"ආ, මේ මම කතා කරන්නේ, කොහොමද අර වැඩේ?"

හරියට අපිට දිවැස් තියෙනවා වාගේ.

තවත් සමහරු ගෙවල්වලට, ඔෆිස් එකට කෝල් කරලා කතාව පටන් ගන්නේම "ඔය කවුද කතා කරන්නේ?" කියලා අහලයි.

එහෙම නෙමෙයි, සාමාන්‍ය දුරකතන සදාචාරය තමයි, මගේ නම අහවලා, මං කතා කරන්නේ අහවල් තැන ඉඳලා, මේ අර අහවල් කාරණය ගැනයි කියලා විස්තර කරලා කතාව අරඹන එක.

එහෙම කළේ නැති වුණොත් කෝල් එකට උත්තර දෙන කෙනාට අයිතියක් තියෙනවා කවුද කතාකරන්නේ කියලා අහන්න.

ඕක සිංහලෙන් අහන්නේ නැතුව, ඔෆීසියකදී වගේ නං, "මේ අයි නෝ හූ ඊස් ස්පීකින් දෙයා ප්ලීස්?" කියලා ඇහැව්වාම වැඩේ ෂේප්.

ඔය සේරම කිව්වේ අද කතන්දරේට ප්‍රවිෂ්ඨයක් විදියටයි.

ඔන්න මං එක්තරා විශ්ව විද්‍යාල තිප්පොළක සේවය කරන කාලේ අපේ අංශයට තිබුණේ ටෙලිෆෝන් දෙකයි. එකක් ලොක්කා ගේ කාමරේ තිබුණා. අනෙක අපි සෙස්සන් ගේ චූටි, චූටි බාබර් සාප්පු කාමර තියෙන හරියේ මැදින් තියලා තිබුණා. මේ දෙකට ඉන්ටර්කොම්. පිටට කෝල් ගන්න ස්විච්බෝඩ් එකට කතා කරන්ණ ඕනෑ.

ඔන්න එක දවසක් හවස හතරහමාරට විතර ලොක්කාගේ ෆෝන් එකේ රිංග්ස් යන්න පටන් ගත්තා. ලොක්කා කොළඹ ගිහින් තාම ඇවිල්ලා නෑ. අනිත් සොක්කෝ ගෙවල්වලට ගිහින් වැඩ හමාර කරළා. මං විතරයි හිටියේ මුළු දෙපාර්තමේන්තුවේම.
ඉතිං මං ගිහින් කෝල් එකට ආන්සර් කළා.

මම: හලෝ
එහා පැත්තේ ඉන්න බූවා: හලෝ මුණවීර මහත්තයා ඉන්නවාද?
මම: මුණවීර මහත්තයා මේ වෙලාවේ නෑ
බූවා: මුණවීර මහත්තයා කීයටද එන්නේ?
මම: ඒක නං මං දන්නේ නෑ

දැනගත්තත් කියන්න මගේ අදහසක් තිබුණේ නෑ. මොකටද මේ නන්නාදුණන කෙනෙකුට බොසා ගේ යන එන විස්තර දෙන්නේ.

බූවා: කවුද ඔය කතා කරන්නේ?

යකෝ මේක හරි වැඩක් නේ? තමන් කවුද කියලා කියන්නේ නැතුව, අනුන්ගේ විස්තර අහන සිරිතක් තියෙනවද? මට ටිකක් තද වුණා!

මම: ඒක කියන්න ඉස්සෙල්ලා ඔය කවුද කතා කරන්නේ කියලා කිව්වා නං හොඳයි නේද?

"දඩාස්!"

ඒ තමයි එහා පැත්තෙන් කතා කරපු බූවාට තද වෙලා කෝල් එක කට් කරපු සද්දේ.

ඉතිං මට මොකද? මං මගේ බාබර් සාප්පුවට ගිහින් මගේ වැඩේ පටන් ගත්තා.

ටික වෙලාවකට පස්සේ තමයි මට මීටර් වුනේ, ඒ කවුද කතා කළේ, ඇයි පොරට මගේ ඒ ප්‍රශ්නයට එච්චර තද වුනේ කියලා.

ඒ කතා කරළා තියෙන්නේ අපේ ඇදුරුතුමෙක්.
නිකම්ම නිකං ඇදුරෙක් නොවෙයි මහැදුරෙක්.
නිකම්ම නිකං මහැදුරෙක් නොවෙයි අපේ උපකුලපති මහැදුරු මාරපනකාරයා!

පොර ගේ විස්ස විජ්ජාල නිල වාහනයේ අපේ ලොක්කාවත් ගෙදර එක්කරගෙන එන්න සෙට් වෙන්නයි ඒ කතා කරළා තියෙන්නේ.

පොර ගේ කට හඬින් මං ඒ කවුද කියලා අඳුණාගන්නේ නැතුව පොරට තව ෆෝන් එතික්ස් මතක් කරළා දුන්නු එකට තමයි අර තද වෙලා තියෙන්නේ.

ඉතිං මට පාන් යැ?

-කතන්දරකාරයා

ප/ලි:
ඔය "ඉතිං මට පාන් යැ?" කෑල්ල මං අහුලා ගත්තේ සමනල විප්ලවය බ්ලොග් එකෙන්.


(image: http://www.gingerchai.com/2011/11/23/tring-tring-who-is-calling/)

80 comments:

  1. මහ ඇදුරට උනත්, පාඩමක් උගන්නපු එක හොඳයි. :D

    ReplyDelete
  2. Will snakes eat roast bread ?

    ReplyDelete
  3. ඉතින් අපිට පාන්යැ?

    ඔය එතික්ස් නම් අපේ ලංකාවේ ගොඩක් උන්ට කියලා දෙන්න වටිනවා එක්දින පාඨමාලා හරි දාලා. :/

    ReplyDelete
  4. ඉතිං අපිට මේවා කියන්නේ. අපිටත් පාන්යෑ...

    ReplyDelete
    Replies
    1. පාන් නැත්තං කේක් කාපං!

      Delete
  5. අනේ මගේ ඇදුරුතුමා නම් කවදාවත් මෙහෙම නරක විදියට හැසිරෙන්නේ නෑ. එයා ෆෝන් එක ගත්තු ගමන්ම තමන්ව හඳුන්නල දෙනවා මෙන්න මෙහෙම.

    "ආයුබෝවන්, කරුණාකර දුරකථනයේ රැඳී සිටින්න, මේ කතා කරන්නේ ලංකාවේ තියෙන හොඳම විශ්ව විද්‍යාලයේ උප කුලපති, සෙනට් සභික, වසර තිස් පහක අධ්‍යයන පළපුරුද්ද ඇති, අහවල් සංස්ථාවේ සභාපති, ප්‍රංශයේ, ජර්මනියේ, කැනඩාවේ හා බලුකිස්ථාන්යේ විශ්ව විද්‍යාල වල වැඩ කර පළපුරුද්ද ඇති, BSc (Eng) Hons., MSc, MEng, CEng, PhD, DEng විභාග සියල්ලක්ම එකවරක් පෙනී සිටීමෙන් පාස් කර ඇති ආචාර්ය මහාචාර්ය අහවලා..."

    (අර මුලින්ම දුරකථනයේ රැඳී ඉන්න කියන්නේ හදිසියේවත් මේක ඉවර වෙන්න කලින් අනික් පැත්තෙන් ෆෝන් එක තිබ්බොත් කියලා)

    දැන් බලන්න හැමෝම මේ වගේ තමන්ව හඳුන්නා දෙනවා නම් කොයිතරම් ලේසිද කතන්දර වගේ වැඩිපුර දේවල් නොදන්නා අයට?

    ReplyDelete
    Replies
    1. ඔච්චර ඕනෑ නෑ, මං මාරපන කතා කරන්නේ ඔහේ කවුද කියලා ඇහැව්වා නං ඉවරයි!

      Delete
  6. මේ හුන්ඩු කතාව අපිට කියන්නෙ මොන පුකටද?
    මීට වඩා වැදගම්මකට ඇති දෙයක් අම්මප නැද්ද ඔබට ලියන්න?

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි නොවැදගත් අය ගැනම හිතලායි මේක ලිව්වේ!

      Delete
  7. හෙඩ්ලයින් එක දැක්ක ගමන් හිතුනා අඩේ මං හිතුව එක හරියට හරි කියලා... ආවම පොඩි වෙනසක්... හැබැයි මගේ සිතුවිල්ලත් හරි ගිහිල්ලා වගේ...

    ඔය වගේ වැඩක් මටත් උනා දවසක් ඔෆිස් එකේදි....

    කරවල නැවක් ආපු දවසක බෙල්ල ළගට එරිලා පාන් කියා ගන්න බැරුව ඉන්නකොට සීට් එකේ නැති කෙනෙකුගේ ෆොන් එකකට ආන්සර් කරන්න උනා.... කතා කරපු කෙනා කවුද කියලා කිවේවේ නැතත් මට යන්තම් තේරුනා මේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා... පණිවිඩේ කියන්න කියලා කට් කලාට පස්සේ ඔය මඟුල මට අමතක උනොත් කියලා නෝට් එකක් ලියලා මොනිටරේ අලෝලා මං ගියා මගේ වැඩට... මෙන්න හවස් වෙලා කට්ටිය කන් වලින් දුං දාගෙන මගෙන් අහනවා ලොක්කා කතා කරලා පණිවිඩයක් දුන්නද කියලා... මං කිව්වා නෑ කියලා....
    එහෙනම් මේ ලියලා තියෙන්නේ කියලා ඇහුවා..
    පණිවිඩේ දුන්නේ කවුද කියලා කිව්වේ නෑ... මං පණිවිඩේ ලියලා තිබ්බා.. එච්චරයි... කවුද කියන්නේ නැතුව මම දන්නේ කොහොම ද කියලා... ලොක්කගේ කටහඩ අදුරන්නේ කොහොමද මං තාම එයාව දැකලවත් නැති කොට කියලා කියලා මං ෂේප් උනා.... එතකොට මං හොදටම අලුත්.... තව පොඩ්ඩෙන් එදා රස්සාව හබක්.....

    ඔන්න කොම්පැනි ලොක්කෝ..... ෆොන් එතික්ස් ගැන කවර කතාද කකා.....

    ReplyDelete
    Replies
    1. අපේ කොම්පැනියේ දැන් ලොක්කා නං වීඩියෝ මැසේජස් එවනවා!

      Delete
  8. ඉතින් මට බිස්කට් යැයි :පී

    ReplyDelete
    Replies
    1. බිස්කට්, කට්ලට්, ෂර්බට්, ඔම්ලට්
      දෙන්නද ඔයාට කැඩ්බරි චොකලට්?

      (පරණ කවියක පද දෙකක්)

      Delete
    2. කැඩ්බරි <3 <3 <3
      අහ අහ ඉන්නේ මොකටෙයි,දෙන්නකෝ..

      Delete
  9. Replies
    1. හැමදාම නෑ, කතන්දර අතරතුරේ තමයි කයි-කතන්දර එන්නේ!

      Delete
  10. ඕං මටත් නං ඕකට තදවෙනවා.. වැරදි නොම්මරයට කෝල් කරලා තමුන් බලාපොරොත්තුවෙච්ච කෙනා නැතුව වෙන කෙනෙක් කතාකරනකොට හරියට අපේ වැරැද්ද වගෙයි අපේ ඇඟට ගොඩ වෙන්නෙ.. 'රෝන්ග් නම්බර්' කිව්වට පිළිගන්නෙත් නෑ සමහර එවුන්..

    ටැලිපෝන් කියද්දි මතක් වුනේ.. මගෙ මොබිටෙල් නොම්මරේට දවසට හතරපස්පාරක්ම කෝල් එනවා.. මොබිටෙල් එකේ ඇඩ්.. මට නම් මලවදයක්.. මොකෝ කරන්නෙ කියලා දන්න කෙනෙක් කිව්වානම්.. අනික් කෙහෙල්මල තමයි උන් මාසෙකට සැරයක් සල්ලි තියෙද්දිම එක්වුන්ට් එක සස්පෙන්ඩ් කරන එක.. ආයෙ සල්ලි දාන්න ඕනෙ කෝල් එකක් ගන්න.. මම වැඩිය කෝල් ගන්නෙක් නොවන හින්දා අර දාපු ගාන තියෙද්දිම ආයෙත් සස්පෙන්ඩ් වෙනවා..

    ReplyDelete
    Replies
    1. එක දවසක් මං නාට්‍යයක් අළුතින් එන බව පත්තරේ ඇඩ් එකක දැකලා ඒකේ දීලා තිබුණු අංකයට කතා කළා. නාට්‍යය ගැන ඇහැව්වාම වැරදි නොම්මරයක්.

      කතා කළ ගැණු මනුස්සයාට හරි ජොලි, මොකද නිතරම මනෝරත්නට කියලා වැරදිලා එයාට ලොකු ලොකු කලාකාරයින්ගෙන් කෝල් එනවාලු දවසට දෙක තුනක්.

      Delete
    2. @ හරී

      මොබිටෙල් එකෙන් ringing tone ගැන කියන්න කෝල් එන අංක ටික ඔක්කෝම මම සේව් කරලා තියෙන්නේ. ඒක නිසා දැන් ෂේප්. නැත්නම් දන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් එද්දී කොච්චර වැඩවල හිටියත් මොකාද දන්නේ නැහැ කතා කරන්නේ කියලා කෝල් එකට answer කළාම මුන් ඇඩ් එකක් ගැන කියද්දී මළ පනිනේ නැද්ද :D

      හුදී ජන පහන් සංවේග උදෙසා මෙන්න ඒ අංක ටික

      0713993993/ 0713544544/ 0713864861/ 0713964969/ 0713826421/ 0719924455/ 0710341541

      Delete
    3. මම කීප වතාවක් මොබිටෙල්ලටයි, TRC එකටයි පැමිණිලි කළා මේ කරදරය ගැන. ප්‍රතිචාරයක් නෑ. අන්තිමට මේ ළඟදී ලිඛිත පැමිනිල්ලකුත් කළා. ඒ මාකටින් එකටනම් මොන එතික්ස් ද ?

      Delete
    4. @ හසිත,

      මමත් අංක සේව් කරලාතමයි තියෙන්නෙ.. ඒත් ඉතින් රින්ග්වෙද්දි බලන්න වෙනවනෙ මොකාද කියලා.. එතකොට නගිනවා යකා..

      Delete
    5. @ රාමා,

      මම පැමිණිල්ලක් කළේ නෑ.. ඔය කියන හැටියට කරලා වැඩකුත් නෑ වගේ..

      Delete
  11. මදැයි බ්ලොග් වලියක් බලන්න ආවා. කතන්දරත් දැන් පුරුදු වෙලා අපිව නොමග යවන්න

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ, මොකක්ද නොමග යැවීම?

      Delete
  12. කතන්ද්‍රට මහදුරෝ පවා තෙලබණුවෙන් බණන බව පසක් වීමැයි...
    ප්‍රීති ප්‍රීති පොරෝහිත...... ප්‍රීති.... !!!

    ReplyDelete
    Replies
    1. මං සුලු ඇදුරෙක් ඒ දවස්වල!

      Delete
  13. //ඔය "ඉතිං මට පාන් යැ?" කෑල්ල මං අහුලා ගත්තේ සමනල විප්ලවය බ්ලොග් එකෙන්.//

    ඉතිං මට පාන් යැ?

    ReplyDelete
  14. ඒ උනාට ඔය මල් කඩන අයනම් ටැලිපෝනය නාදවෙන විදියෙන්ම අඳුනනවා කවුද කතාකරන්නෙ කියලා

    ReplyDelete
  15. පොලීසියකට කෝල් එකක් දුන්නම (අපිහිතමු පේරාදෙනිය පොලිසියට කෝල් කරා කියල )උත්තරදෙන රාලහාමි ටෙලිෆෝන් එක ගත්ත ගමන් මෙහෙම කියනවාලු " පොලිසිය පේරාදෙනිය සර්" කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් නෙමේ මට මතකයි 1994 දවසක් මං පොලිසිටක පැයක් විතර ඉන්න අතරේ ආපු හැම කෝක් එකටම පොලිස් වුමන් ආන්සර් කලේ එහෙමයි, "ගුඩ් මෝනින් ගනේමුල්ල පොලිසිය සෑර්!"

      Delete
    2. ඒක පොලිසියේ කෝඩ් ඔෆ් එතික්ස් වල නියමයක්
      ඉංගිරිසියෙන් සර් හෝ සිංහලෙන් මහත්මයා කියලම අමතන්න්න ඕන :-)

      මටත් මේ කෝල් එකක් දීල වෙන මොකුත්ම නොකියා "ඔය කොහෙන්ද කථා කරන්නේ..?" මගෙන්ම අහනකොට නම් ඉවසුම් නැතිවෙනව

      මේක ආත්මාර්ථාකාමී කම හරි උද්දච්ච කම හරි නිසා වෙන දෙයක්
      මේකත් එක්ක ටිකක් 'තද' ස්වරයකුත් ආහම ඉතින් කසූ කරපු දේ තමා කරන්න තියෙන්නේ

      Delete
  16. මේක නම් මට නිතර වෙන දෙයක්. මමත් ඔහොම කීප දෙනෙකුට බැනලා තියෙනවා. මිනිස්සු අපෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා නම් ඒක අනිත් පැත්තටත් දෙන්න දැනගන්න එපැයැ.
    ඇයි කකාට අර කෙටි පණිවිඩ වලින් ලිස්ට් එක දිගට බනින මැසේජ් ඇවිත් නැද්ද? මට නම් සෙට් වෙන්නේම ඒවමයි.

    ReplyDelete
    Replies
    1. දැන් නං ඔෆිසියේදී මං මගේ නම කියලායි පටන් ගන්නේ උත්තර දෙන්න.

      Delete
  17. හෙලෝ කවුද මේ බ්ලොග් එක ලියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ...කියා ඇනෝවෙක් ඇසුවේය!

      Delete
  18. මට මතක් වුනේ වෙන ඇදුරු තුමෙක් සහ නයෙක්.

    ReplyDelete
  19. සහතික ඇත්ත. මම මේ දවස්වල ඉන්නෙ නෝනගෙ ගෙදර. නැන්දම්මයි මාමන්ඩියි ගෙදර නෑ. නෝන පොඩිඑකා එක්ක. කෝල්ස් වලට උත්තර දෙන්නෙ මම. හැම කෙනා එක්කම සංවාදය යන්නෙ එකම විදියට,(සී එල් අයි නෑ)
    ඔන්න රිං වෙනකොට මම උස්සනව,
    මම-හෙලෝ
    එහාපැත්තෙන්-හෙලෝ.....!
    ඉන් එහාට කතාවක් නෑ. හේතුව කතාකරන කෙනා බලාපොරොත්තු වෙනව ඔහු/ඇය "හෙලෝ" කිව්ව පමණින් ගෙදර මිනිහ(මම) හඳුනාගනීවි කියල. එතනදි මම අපහසුතාවයට පත්වෙනව. මාමන්ඩි හිටියනං සමහර විට හඳුනාගන්න පුළුවන් ඇති. ඒත් එයා නෑනේ. ඉතිං ඇයි මිනිස්සු හිතන්නෙ හැම වෙලාවෙම එක්කෙනෙක් ෆෝන්එක උස්සයි කියල?
    "කවුද කතා කරන්නෙ කියල ඇසීම" එයාලට මදිකමක් විදියටයි හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර ඒ ගොල්ලෝ දැන ගනී මේ බෑණා තමයි කතාකරන්නේ කියලා!

      Delete
  20. ආයතනික දුරකතනයකට ආපු කෝල් එකකදී අනික් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ කවුද කියලා දැන ගන්න එක පිටිං කතා කරන කෙනාගෙ අයිතියක් නෙවෙයිද? මෙතැන පැහැදිලිවම.. ලොක්කට ආපු කෝල් එකක් නොවැ.. මං හිතන්නෙ වරද කරලා තියෙන්නෙ ක.කා. තුමාම තමයි..

    ReplyDelete
    Replies
    1. මෙතන කේස් එක තමයි මං එයා කවුද කියලා ඇහුවාම පොරට තද වෙලා ෆෝන් එක තියපු එක.

      Delete
    2. නෑ චතුර - මොන ෆෝන් එක වුණත් කෝල් එක ගන්න මනුස්සය තමන්ව මුලින්ම හඳුන්වා දෙන්න ඕන..
      ඔය ටැලිපෝන් ඩිරෙක්ටරියේ මුල් පිටක සම්පූර්ණයෙන්ම තියනවා ආචාරශීලීව ඇමතුමක් ගන්න හැටි..
      ඒකෙන් කෝල් එක ගන්න වැඩේ ඉක්මන් වෙනව වාගෙම ගන්න කෙනා ගැන හොඳ හැඟීමකුත් අනෙක් පාර්ශවය තුල ඇතිවෙනව

      Delete
    3. කවුද කියලා අහපුවාම තද වුණ එක නම් ඉතිං මෝඩ කම ද මංදා..

      ඇත්ත තමයි තිස්ස අයියා... ඉස්සෙල්ලා තමන් කවුද කියලා ඇමතුම ගන්න එක්කෙනා කියන්ට එපාය.. හැබැයි සේවා සපයන ආයතනයකට ඇමතුමක් ගත්තට පස්සේ ඒ ඇමතුම ලබන්නාගෙන් නම අහගන්ටත් කතා කරන කෙනාට අයිතියක් තියෙනවා නේද? අයිතියක්ද මංදා..? මොකක් හරි එහෙම එකක්..

      Delete
    4. /මොන ෆෝන් එක වුණත් කෝල් එක ගන්න මනුස්සය තමන්ව මුලින්ම හඳුන්වා දෙන්න ඕන.../

      සම්පූර්ණ ඇත්ත. බ්ලොග් එකක කමෙන්ට් කරන ඇනෝලත් මුලින්ම තමන් අඳුන්නල දෙන්න ඕනැ.

      Delete
  21. කාකා ත් එහෙමනම් මහ ඇදුරටම පාඩමක් කියා දීල.
    කෝල් ගැන නම් කියල වැඩක් නැහැ. දවසක් මගෙ පුතාට ආව මිස් කෝල් එකකට මම උත්තර දුන්නා. සමාවෙන්න ඔබ කවුද? අහවලා නම් දැනට ගෙදර නෑ, පණිවිඩයක් තියෙනවා නම් කියන්න කියල මම කීවා. ඒ මිනිහා ඒ වෙලාවෙ නෑ මම පස්සෙ එයාට කතා කරන්නම් කියලා දින දෙකකට පස්සෙ ආ... මේ අර මිස් කෝල් එක. මට ඔයාගෙ විස්තර කියන්න පුලුවන්ද? ඔහොම ඔහොම දිගේ කතා. මම කිව්වා මට ඔය බහු බූත වලට උත්තර බඳින්න වෙලාවක් නෑ කරුනාකරල ඔය දේ නවත්තන්න කියල. අන්තිමට සුද්ද සිංහලෙන් ඔහේ මේ කතා කරන්නෙ ආච්චි අම්මෙක්ටයි කිව්වාම තමයි ඌ කතා කිරීම නැවැත්තුවේ. D

    ReplyDelete
    Replies
    1. Chandi ගේ කටහඬ නිකං ලතා වල්පොල ගේ, ඉන්ද්‍රානි සේනාරත්න ගේ වගේ වෙන්න ඇති!
      ඒ ගොල්ලොත් ආච්චිලා!

      Delete
  22. කකාටත් වෙන වැඩ .

    ReplyDelete
    Replies
    1. ඒකනේ කතන්දර ලියන්න පටන් ගත්තේ!

      Delete
  23. ඔය පාන් යැ කතාව ම "ඉතින් මට චීස් ද බටර්ද" කියල අහන යාලුවෙක් ඉන්නව මට.

    ReplyDelete
  24. මම කළාතුරකින් නොවැ ගෙදර ෆෝන් එක පාවිච්චි කරන්නේ.ඔන්න සමහර වෙලාවට නෑයො කතා කරනවා.මම අම්මා නෑ කිව්වම එහෙනං අම්මට කියන්ඩ මට කෝල් එකක් දෙන්ඩ කියලා කට් කරනවා.ඉතිං බොලේ මම කොහොමද දන්නේ කවුද කතා කළේ කියලා.මම කියන්ඩ යන්නෑ අම්මට.

    ReplyDelete
  25. පාන් නම් තව හොදයි. මේ කන ඒවට වඩා

    ReplyDelete
  26. \\ඉතිං මට පාන්යෑ//? පාන් වුනත් කොච්චර ෂෝක්ද පාන් කන්නේ නැති කට්ටිය වගේනේ සමහරු ඔහොම කියන්නේ.

    ReplyDelete
  27. මේක නං පට්ටම පට්ට සිරා ඈ...:-)

    ReplyDelete
  28. මවිසුරුතුමා, මේක නං පට්ටම පට්ට සිරා ඈ....:-)

    ReplyDelete
  29. අන්තිමට මහැදුරාගෙන් සුළු ඇදුරාට බාල්දි එහෙම පෙරලුනේ නැද්ද ?

    ReplyDelete
  30. මට එන මාකටිං කෝල්ස් වලට මං දෙන උත්තරේ තමා "එයා නෑ පණිවිඩයක් තියනවානම් දෙන්න පුළුවන් එයා අවාම" කියලා.

    ReplyDelete
  31. මේ ලඟදි මට බවලතෙක් කතා කෝල් කරලා, දිග අතිශය පුද්ගලික කතාවක් කියවගෙන කියවගෙන යනවා.

    කාටද කතා කරන්න ඕනි කියලා ඇහැව්වම, මගෙන් එයා ඇහැව්වා මම කුමාර අයිය නෙවෙයිද කියල. මම කුමාරයෙක් නෙවෙයි කියල කිව්වහම ආයෙමත් සැරයක් කෝල් කරලා ඇහැව්වා ඔයා කුමාර අයිය නේද කියන එක. නැහැ කිව්වම තවත් පාරක් කතා කරලා ඇහැව්ව මම කුමාර අයියද කියල..

    නැහැ කිව්වම, "බොරු කරන්න එපා ඔයා කුමාර අයිය තමයි"ලු.

    පස්සේ ගැලපෙන ශෛලියකින් පැහැදිලි කිරීමක් කලාට පස්සේ ආයේ කතා කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයා රාම කුමාරයා නෙමේද? :D:D:D

      Delete
    2. එයා කුමාරයෙක් ගැන නෙවෙයිනේ ඇහැව්වේ. මගේ හිතට ආපු සාධාරණ කේන්තිය නිසාම කුමාරට "යා"යන්නක් එකතු කලේ.. මේ අමාරු කාලයේ තවත් කසාදයක් කර ගන්න කතා කලාම කේන්ති යන්නේ නැද්ද ? :D

      Delete
    3. සැහ්...අපිට නෑනෙ ඔහොම වැරදිච්ච කෝල් එන්නෙ!

      Delete
    4. පව් කුමාර අයිය එයාට බොරු නොම්මරයක් දීලද කොහෙද!
      මාත් කරනවා ඔය අකමැති කෙනෙක් නොම්මරේ ඇහුවම මගේ නොම්මරේ එක ඉලක්කමක් දෙකක් වෙනස් කරලා කියන එක. :D

      Delete
  32. OYA KOHOMA KEEWATH OYAGEN KAWURUHARI EHUWOTH "KAWUDA? " KIYALA OYATATH THADA WENAWAMAY.

    ReplyDelete
  33. කථා කරලා කවුද කථා කරන්නේ කියලා අහපුවාමනම් මල පනිනනවා. සමහර වෙලාවට මොබයිල් එකට කථා කරලා අහනවා කවුද මේ කථා කරන්නේ කියලා. වැරදි නොම්මර. එපා වෙනවා. සමහරු මිස් කෝල් ගහලා ආපහු කෝල් කලාම අහනවා කවුද මේ? එපා වෙන්නේ නැද්ද ඉතින්.

    ReplyDelete
  34. මට නම් තේරුන විදිහට කතන්ද්‍ර කතන්ද්‍රි එක්ක වලියක් ගිහිල්ලා වගේ. දවස් දෙක තුනක්ම කන්න උනේ පාන් නේද ? ඒ වලියට සමහර වෙලාවට ටෙලිෆෝන් වල සම්බන්ධයකුත් තියෙන්න පුළුවං.....!

    ReplyDelete
  35. ඔය කකා කිව්ව telephone etiquette අහවල් එක ඉස්සර ටෙලිකොම් දුරකතන නාමාවලියෙ මුල් පි‍ටුවලම තිබ්බා කකා,
    වැඩේ කවුරුත් ඒවා කියවන්නෙත් නැනෙ.
    රෑ දෙගොඩහරියට කෝල් දීල මම කවුද ඇහුවාම මට පනින්නෙ මලෙඔ හොඳ එක. මම නම් නම්බර් එක බ්ලොක් කරනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  36. ඇත්ත...

    මේ ඊයෙ පෙරේදා නොදන්නා නොම්මරයකින් මටත් කෝල් එකක් ආවා..
    මම හෙලෝ කීවම කොහෙද ඉන්නෙ අහනවා.. මම කීවා එයානෙ කථා කළේ ඔයා කවුද කියලා.. නැන්දෙ මම ---- කීවා.. මට එකපාරටම කියවුනා හොල්මන කලින් කියන්න එපැ කියලා.. අපේ කෙල්ලො දෙන්න ඕක අල්ලගෙන.. "හොල්මන කලින් කියන්න එපැ"

    ReplyDelete
  37. මටත් පෙන්නන්නම බැරි ජාතියක් තමා කෝල් කරල මම හලෝ කීවාම සද්ද නැතුව ඉන්න එවුං සහ උඃ කතා කරල මගෙං "කවුද ඔය කතා කරන්නෙ?"කියල අහන එවුං

    ReplyDelete
    Replies
    1. සිම්පල් නෙ
      "කවුරුවත් නෑ , ඇයි කවුරුහරි කතාකරනව වගේ ඇහෙනවද"
      කියල ඇහුවනම් ඉවරනෙ.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.