Saturday 8 September 2012

ඒ කාලේ අපි සහ මේ කාලේ චීන්නු - Oh, my goat!


ඔය උඩින් දාලා තියෙන පින්තුරේ මං මේ ඊයේ හවස බලපු පත්තරේක ගිය නිවුස් එකක්.

ඒකේ තියෙන්නේ ලොකු චීනේ ඉන්න චීන විස්ස විජ්ජාල කොල්ලන් කෙල්ලන් ගැන පුදුම හිතෙන කතන්දරයක්. උඩ ඉමේජ් එක පැහැදිලි නැති අයට සහ වැඩි විස්තර ඕනෑ අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවනි.

http://www.dailymail.co.uk/news/article-2199381/Chinese-students-break-university-night-grab-best-seats-days-lecture.html

අනිත් අයට මෙන්න සරල සිංහල අනුවර්තනයක්.

චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේ තියෙන ෂින්ඩාවෝ විශ්ව විද්‍යාලයේ දේශනවලට එතන ඉගෙන ගන්න කොල්ලන්, කෙල්ලන් ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවාද කියනවා නම්, පහුවදා ලෙක්චර්ස්වලට හොඳ සීට් එකක් අල්ලා ගන්න සමහරු කලින් දවසේ රෑ එළිවෙන තුරු දොර ලඟ නිදාගන්නවා ලු.

ඒ අතරේ ඊටත් වඩා ගැට්ටක් තියෙන සෙට් එකක් ජනෙල් කඩාගෙන ඇතුලට පැනලා!

මේ නිවුස් අයිටම් එක දැකපු ගමන් මට මතක් වුනේ මං පේරාදෙනිය කම්මලේ හිටිය තුන්වෙනි අවුරුද්දේ ලියපු කවියක්.

තුන්වෙනි අවුරුද්ද ලබපු ගමන් මං හිතුවා සෙකන්ඩ් ඉයර් එකේ වගේ නැතුව හැම දේශනයකටම යනවාය කියලා. නමුත් විවිධ බාහිර වැඩ නිසා ලෙක්චර්ස් කට්වෙන්න පටන් ගත්තා. ඉතිං මං කෙරුවේ දිනපොතේ ඒ කට් වෙන ලෙක්චර්ස් ගාන ගණං තියන එකයි.

හැබැයි අන්තිමේදී එකතුව සීය පැන්නාම මං ඒ වැඩේ අත හැරලා දැම්මා!

මෙන්න ඒ කාලේ මං ලියපු සංයුක්ත කවියක්, මාතෘකාව දේශන.

සංයුක්ත කවි තියෙන්නේ ගායනා කරන්න, කියවන්න නොවෙයි, බලන්නයි. සංයුක්ත කවි ගැන දන්නේ නැති අය මේ සටහන බලන්න.

http://kathandara.blogspot.com.au/2011/10/composite-poetry.html


     දේශන

     .
     .
     .
     .
     .
     කළු ද?                                               
     .
     .
     .
     .
     .
     සුදු ද?
     .
     .
     .
     .
     
     



(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

37 comments:

  1. නොදනී.....
    අපි ගියේ නැහැනේ....
    (ගොඩ දවසකින් මේ පැත්තේ ආවා)

    ReplyDelete
  2. චින්නුන්ට එහෙම කරන්න හරි දේසන තියෙන එක මදෑ. එතකොට අපිට...................................

    ReplyDelete
  3. second year එකදී lectures කට් වෙද්දී මාත් ඔහිම හිතුවා :D

    ReplyDelete
  4. අන්න ආදර්ශෙට ගන්න පුළුවන් කොල්ලෝ...

    ඇත්තටම ලෙක්චර්ස් කළුද? සුදුද?
    අනේ මන්දා

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. මටත් ඇත්තට ඕක හරි ප්‍රශ්නේ.ඇත්තට දේශන කලුද සුදුද කියලා දැනගන්ඩ යන්ඩ එපායැ

    ReplyDelete
  6. මීවනපලානේ ජයරත්නගේ රෙදි ගැලවෙයි... ;)
    හෝතඹු ගඳ වෑහෙන වර්ගපූර්ණිකාව

    ReplyDelete
  7. me monawada me cheenu gena liyala thinne. Eeye pereda cheenek lankawe pradarsanayaka thibba menik galak aran penna, uge yaluwa wena kalu galak gilla. dan e gala ganna beruwa dangalanawa. 2. cheennu widuli bala- garayak kiyala theentha gapu parana yakada godak mehi hi korala, mehe konde bandpu cheennu, eka bara aragana, dan ape light kapanawa, dawasata 3 hrs. thawa kiyanna godak thiyanawa.

    ReplyDelete
  8. මේ කතන්දරේ
    .
    .
    .
    .
    .
    හොඳද?
    .
    .
    .
    .
    .
    නරකද?
    .
    .
    .
    .

    ReplyDelete
  9. අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන පෝලිම..මේ වෙලාවට තමයි කතන්දර මාරයා සදරු වගේ ප්‍රසිද්ධ අය ඕන වෙන්නේ..ඔන්න මෙතන බ්ලොග් එකට ලින්ක් එකක් දානවා ..

    අනන්තය


    ReplyDelete
  10. සම්භාව්‍ය බ්ලොග් ආකෘතිය වලපල්ලට යැවීමේ පලමු වෙඩිමුරය පත්තු කරේ ඔහේ
    දැන් ඒක වලදාන්නෙත් ඔහේමයි

    ReplyDelete
  11. මොකක්ද සීන් එක.. මොඩරේට්..?

    ReplyDelete
  12. අපෝ ඇති යාන්තම් කයිම් නැතුව. සංයුක්ත එකක්වත් දැම්ම එක.

    ReplyDelete
  13. Kakata thiyenne puduma heena manayak.

    ReplyDelete
  14. කකා මේ' ගන්නේ සිඟිති ආතල් එකක්. මම නුවර ඉන්න උගේ සෙට් එකව දන්නවා.
    මූ හොඳ එකා. මුට බ්ලොග් නොලිව්වට වෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන් එකෙක්.
    ඇනෝලාගෙන් බැනුම් අහ අහ හරි මේක මෙහෙම ඇදගෙන යනඑක අගය කරන්න ඕනේ.
    ඉස්සර තිබ්බ බ්ලොග් එක්ක ගත්තම දැන් කියවන්න හිතෙන බ්ලොග් කීයද ඉතුරු වෙලා තියෙන්නේ.
    මම කකාට මඩගහන එක තාවකාලිකව නවත්තල උගේ පොස්ට් අගය කරන්න කියලා හිතුවා.

    (මාරයා දැන් පැයකට විතර කලින් උගේ බ්ලොග් එකේ තිබ්බ කොමෙන්ටුවක් මැකුවා.
    පට්ට කොමෙන්ට් එක. කාට හරි මතකනන් මෙතන ලියන්න )

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ කකා හරියටම අපේ ජනාධිපතිතුමා වගේ. හැමෝම බනිනවා තමයි. ඒත් මාසෙ අන්තිමට මෙන්න හිට්ස් ටික. කට කපලා එකයි.

      ඔය කොලිටියට බ්ලොග් ලියනවා කියා ගන්නා ඇන්ටිලා අන්කල්ලා කකා අභියසදි හරියට ජනාධිපතිතුමා අභියස වික්‍රමබාහුලා, ටිල්වින් සිල්වලා වගේමයි. කතාව විතරයි. බල්ලෙක්වත් එන්නෙ නෑ ඒ බ්ලොග් කියවන්න.

      අනික ජනාධිපතිතුමාට බනින්න බනින්න ඡන්ද වැඩි වෙනවා වගේ කකාටත් බනින්න බනින්න හිට්ස් වැඩි වෙනවා.

      ඒ හන්ද ඔන්නොහො ජනාධිපතිතුමා වගේම කකාටත් ඉන්න දෙමු.

      Delete
    2. ඔවු ඉතින් බනින්ඩ කියලා හරි බ්ලොග් එකට එන්ඩ එපැයි.. එතකොට හිට්ස් වැඩිවෙන එක අහන්ඩ දෙයක් යෑ.. !!!

      Delete
    3. ඒ විතරක්ම නෙවෙයි. කකාට බැනපු හැටි බලා ගන්න පිරිසකුත් එනවනෙ.

      Delete
  15. අපේ කාලෙත් ඔහොම බැචාලා හිටියා..ඒත් 80% පැමිණිම බලන නිසා කතන්දර වගේ සීය පනිනකම් ඉන්න ලැබුනේ නෑ..ඒ කොහොම වුනත් පැමිණිමේ ලිස්ට් එක බලද්දි ඒ සෙට් එකේම පැමිණිම අපිට වැඩිය වැඩි..මොකද අත්සන ගහන්න කවුරු හරි ඉන්න නිසා...

    ReplyDelete
  16. අපේ නම් මුල් අවුරුද්ද ඇරෙන්ඩ ඊලඟ අවුරුදු වල පැමිණීම ගත්තේ නෑ.. ඒ නිසා ලෙක්චර් ගියේ නෑ..
    අර ලිස්ට් එකේ සීය පැන්නා කිව්වා නෙහ්...ඉතින් සීය පනහා උනේ නැද්ද ?

    ReplyDelete
  17. ඇත්තටම මොනාද ලෙක්චර්ස් කියන්නේ??
    මට මතක නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඔයා දුමින්දගේ නංගි ද ?

      Delete
    2. දුමින්දගේ නංගි - හිරුනිකා?

      - සනාත

      Delete
  18. oya thiyenne kaka ano dagaththu comments. -3.20 p.m. & 3.56 p.m.

    ReplyDelete
  19. නුවර ටවුමේ තියෙන් ටියුෂන් කැලෑසියයකට කොල්ලෝ කෙල්ලෝ එන්නේ පාන්දර හතරේ ඉඳන්ලු! ඉස්සරහ බංකු පේලියේ පස්ස තියාගන්න ඉඩක් ගන්න. ඒ ඇවිත් පටන් ගන්නකං නිදාගන්නවාලු.

    අපේ විස්ස විජ්ජාලෙත් කොල්ලො විභාග කාලෙට කෙල්ලෝ ලයිබ්‍රරි එකේ තමා ජීවිතේ. කන්නෙ බොන්නෙ නිදාගන්නේ ඔක්කොම වැඩ එතන.

    ReplyDelete
    Replies
    1. හෑ! එතකොට කාර්ඩ් මාර්ක් කරන ටික්කත් 4ට කලින් එනවද?
      (එහෙම ඇහුවේ විහිලුවට, මමත් දන්නවා ඔය කතාව ඇත්ත කියල)

      Delete
    2. ඔව්වොව්....මං දන්න පොරක් පාන්දර 3ට මාවනැල්ලට එනවා කැලෑසියට යන දාට උගෙ අක්කගෙ පුතාව බස් එකට දාන්න. මාර කට්ටක් කන්නෙ.

      Delete
  20. Dan kakage post eka dala 24 hrs. ikmawela. reply ekakwath daganna baruwa wirawagena inne. kandyan = boru kiyanna epa.

    ReplyDelete
  21. ඒ කාලෙ සිද්ද වෙච්චි කතාවක් මේ
    නියම වීරයෙක් ගැනයි කියන්නේ
    කාර් නැතුව කකුල් දෙකෙන් ගමන් යයි
    එයාට කවුරුත් කිව්වෙ කතන්දරයි.

    දේශන ප්‍රැක්ටිකල්ස් එහෙම පෙන්නන්ඩ බෑ...

    ඇයි එයාට දේශන ප්‍රැක්ටිකල්ස් පෙන්නන්ඩ බැරි ඈං?

    ඒම තමයි ඒ කාලෙ වීර පුර්ෂයෝ
    ඒ වාගෙ පුර්ෂයො අද කාලෙ නෑහ්.

    ReplyDelete
  22. SAHITHYA MASAYA KIYANNE COLOMBO BOOK SHOP KARAYIN KIHIPA DENEKU GE SALE MASAYAK. PARANA POTH 10 % DISCOUNT DALA DENAWA. WENA ATHI LABUGEDIYAK NEHE.

    ReplyDelete
  23. මූට
    .
    .
    .
    .

    පිස්සුද ....
    .
    .
    .
    .
    හැටිද .....

    ReplyDelete
  24. Mekale cheennu kalu gal gilala, menikgal aran duwanawa. Ape konde bandapu cheennu un gena boru liyanawa.

    ReplyDelete
  25. moota newe kakata i pissu. Oya ano comment dala thiyenne.

    ReplyDelete
  26. chinese vissa vijjale gena kathawak leewama kakata pissuda, hatida kiyala ahanne moko.

    ReplyDelete
  27. ඕව අපිට ඇප්ලයි නෑ....ලෙක්චර් එකක් කටි නොකරපු එකෙක් ගෙන් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete
  28. අපි යයි ලෙක්චර්ස් . . . හුහ් !

    ReplyDelete
  29. @ All

    සියළු දෙනාටම ස්තුතියි. ඊලඟ දේශනයේ දී හමුවෙමු!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.