Friday 14 September 2012

රත්නායක මහත්තයලා ගේ දානේ ගෙදරදී බණ ඇසුවෙමි - Heading for a chair!


අප කුඩා කල ගමේ පන්සලේ බණ අසන්නට යෑම අපි සිරිතක් ලෙස කළෙමු. ගමේ පන්සල යැයි කිව්වාට එය ඇත්තටම අල්ලපු ගමේ පන්සලයි. නමුත් අපේ ගමේ කෙලවර පිහිටි අවසාන ඉඩමේ විසූ අපට එය අපේම පන්සල විය.

කොහොමටත්, පුරාණ රජමහා විහාරයක් වූ මේ පස්සලේ හතර පේරුවෙන් එකකට අපේ ඔෆීෂියල් ගම ද ඇතුලත් වුණු නිසා එහි අවුලක් තිබුණේ නැත.

සරොං ඇඳගෙන පන්සල් ආ යුතුය කියා නාලන්ද පියතිලකගෙන් මට අවවාද ලැබුණේ මේ පන්සලේදී බවද මතක් කරමි.

පන්සලේ බණ මඩුව වනාහී එකතු කිරීමේ ලකුණක හැඩය ගත් ජ්‍යාමිතිකව සමමිතික අක්‍ෂ හතරකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි සිව් කොණින් ම ඇතුලත පැමිණිය හැකි වූ අතර ගොඩනැගිල්ලේ හරි මැද බණ දේශකයා සඳහා වූ වේදිකාව පිහිටියේය.

එය හරි හතරුස් වූ අතර පඩි කිහිපයක් නැග සිව් පසින්ම ඒ කරා ලඟා වීමට හැකි විය.

මේ වේදිකාවේ දේශකයාට අමතරව තවත් දහ දෙනෙකුට පමණ බිම වාඩි වී බණ ඇසීමට ඉඩකඩ තිබුණි. මුළු බණ මඩුව තුළම වූයේ එකම එක පුටුවකි. එය දේශකයා සඳහා වූ ආසනයයි.

හාමුදුරුවෝ එහි සිට බණ කියන විට බණ මඩුවේ බිම හිඳගෙන ඉන්නා සියළු උපාසක උපාසිකාවන් ට ඔහුව මනාව පෙනේ.

පන්සලේ බණ වාරයට දිවයිනේ නොයෙකුත් පළාත්වලින් විචිත්‍ර ධර්ම කථිකයෝ එහි වැඩියහ. දම් දෙසූහ.

උපාසක උපාසිකාවෝ වේදිකාව පහලින් දේශකයාගේ මුහුණ පෙනෙන මානයේ හිඳ බණ ඇසූහ.

පසු කලෙකදී මෙන් ගම්වල ජීවන රටාව ටෙලිනාට්‍යවලින් පාලනය නොවූ එකල පන්සලේ බණ අසා අම්මාත් මල්ලිලා දෙදෙනාත් සමග මා ආපසු නිවසට එන්නේ ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේ ය.

මට ඒ මිහිරි අතීතය යළි සිහිවුණේ පසුගිය දිනෙක අපේ රත්නායක මහත්තයාගේ නිවසේ පැවැත්වුණු දානමය පුන්‍යකර්මයකට සහභාගීවන්නට ගිය අවස්ථාවේය.

එදින දානය අවසානයේ හාමුදුරුවෝ ධර්ම දේශනාවක් කිරීමට සැරසුණු අතර අපි සියළු දෙනාම පාහේ සාලයේ එලා තිබූ ප්ලාස්ටික් පැදුරු මත වාඩි වූයෙමු.

මේ අතරතුර එතැනට කුඩා ප්‍රමාණයේ පුටු දෙකක් ගෙනෙන ලදී. එහි වාඩි වූයේ අපේ හිතවතෙකුගේ දෙමව්පිය යුවලයි. වයස හැත්තෑ ගණං පසුකරමින් ඉන්නා ඒ දෙපලට තවදුරටත් දණ හිස් නමා බිම වාඩිවීම තරමක ප්‍රශ්නයක් වෙන නිසා ඔව්හූ මෙලෙස කුඩා පුටුවල වාඩි වෙති.

ඒ දුටු මට සිතුණේ මෙන්න මේ කාරණයයි.

තවත් වසර තිහකින් පමණ මෙවැනි දානයක් පැවැත්වෙන දිනයකදී අද මේ ස්ථානයේ ඉන්නා කුඩා දරුවන් හැර අන් සියළු දෙනාම වයස්ගත අය වෙන නිසා එදිනට මේ ආකාරයේ පුටු විස්සක් පමණ අවශ්‍ය නොවේද?

සරත් සහ චතුෂකුමාර දෙපල විසින් මේ නොබෝදා අපට සිහිකර දුන් පරිදි බවුන් වඩා සත්‍යාවබෝධ කරගැනීමට නොහැකි වූ නිසා තම ගුරුවරුන් විසින් එලවණු ලැබූ චුල්ල පන්ථක නම් ස්ථවිරයෝ බුදුන් දුන් සුදු රෙදි කැබැල්ලක් පිරිමැද අනිත්‍යය මෙනෙහි කර රහත් පල ලැබුවා සේ මම එලෙස අපේ මිනිස් ජීවිතවල අස්ථිරත්වය අවබෝධකොට ගතිමි.

සාදු, සාදු, සාදු!

-කතන්දරකාරයා

ප/ලි:
බණ අසමින් එකත්පස්ව සිටි මා දැක හඳුණාගත් පණ්ඩිත හාමුදුරුවෝ පසුව මා අමතා "මහත්තයාට නම් මහන දම් පුරන්න පටන්ගන්න වැඩි අමාරුවක් නෑ!" යැයි වදාළේය.

ඒ බණ දේශනාවේ කොටසක් නොවේ.

පිලියන්දල හන්දියේ බාබර්කාරයා ගේ නම්බර් සීරෝ කට් එක දා කපා දමා ඉන් නොනැවතී රේසරයකින් ද බූ ගා දැමූ මගේ තට්ටයට කළ සරදමක් පමණි.

(image: http://www.panoramio.com/photo/53610393)

75 comments:

  1. පුටුවක් දැකලා සත්‍යය අවබෝධ කරගන්ටත් නුවණ තියෙන්ට ඕනි නේද? කතන්දරට මහණ දම් පුරන්ට අවශ්‍ය හැමදේම තියනවා ඕං....:D

    ReplyDelete
    Replies
    1. මේක පුටු කමටහන!
      ඇත්තටම කියනවා නම් දෙපුටු.

      Delete

  2. කතන්දරගේ තාත්තා ආගමට බර නොවීද?

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා මං දන්න මුලු කාලේ ම පන්සල් ගියේ එක දවසයි.
      ඒ අකාලයේ මිය ගිය අපේ බාප්පා ගේ හත්දවසේ දානයට හීල් දානේ පන්සලට ගෙනියන්නයි.

      Delete
  3. කතන්දරත් යමක් වටහා ගත්තු එක හොඳයි

    ReplyDelete
  4. ඇයි කතන්දර මහන කෙනෙක් වෙලත් උන්නා නේ කාළයක්... (ටේලර් කෙනෙක් නෙමෙයි අනේ හාමුදුරු නමක්, හාමුදුරු නමක්...)

    ReplyDelete
  5. "සරත් සහ චතුෂකුමාර දෙපල විසින් මේ නොබෝදා අපට සිහිකර දුන් පරිදි බවුන් වඩා සත්‍යාවබෝධ කරගැනීමට නොහැකි වූ නිසා තම ගුරුවරුන් විසින් එලවණු ලැබූ චුල්ල පන්ථක නම් ස්ථවිරයෝ බුදුන් දුන් සුදු රෙදි කැබැල්ලක් පිරිමැද අනිත්‍යය මෙනෙහි කර රහත් පල ලැබුවා සේ මම එලෙස අපේ මිනිස් ජීවිතවල අස්ථිරත්වය අවබෝධකොට ගතිමි."

    චුල්ලපන්ථක සාමණෙරයන්වහන්සේට හරමසකින් එක බණ පදයක් මතක තබගත නොහැකිවුනිසා සිය ගිහිකල වැඩිමහලු සොයුරාවූ මහාප්න්ථක තෙරුන් විසින් සිවුරුහරවා ගිහිගෙට පිටමන් කලත් බුදුරජානණ්වහන්සේගේ එකම කමටහනකින් බවුන්වඩා නිවන් අවබෝධකරගැනීමට උන්වහන්සේ සම්ටිවුන්සේක.


    බණපද මතකතබා ගැනීමත් බවුන්වැඩීමත් එකිනෙකට වෙනස් ක්‍රියවලි දෙකකි.

    ReplyDelete
  6. MOKADA ADA KATHANDARA BUWAGE SITHUWILI WALATA NAWE.

    ReplyDelete
  7. ME KOSSINNE PANSALA WAGEI. EHEMANAM E APE GAME PANSALAI.

    ReplyDelete
    Replies
    1. කොස්සින්න පන්සල කිව්වම ඊලඟට මතක් වෙන්නේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ... උන්නාන්සේගේ චිත්‍ර තියෙන පන්සලක් නෙව කෝස්සින්න පන්සල !

      Delete
    2. ඔය කොස්සින්නේ පස්සල නෙමේ. ෆොටෝ එක ගත්තු තැන පහලින් දාලා තියෙනවා.

      Delete
  8. අර පලියේ කියලා තියෙන දේ මටත් හිතුනා !


    ReplyDelete
    Replies
    1. ඔහෙත් එහෙනං පණ්ඩිත හාමුදුරු නමක් වගේ?

      Delete
  9. DAN SAHITHYA MASAYA IWARADA?

    ReplyDelete
  10. කියන්න හිතුන දේ කකා පලියේ කියලානේ... ඒක නිසා මං මේක කියන්නම්...

    ඇත්තට පන්සල් යද්දි සරං අදින්න ඕනේද...

    අපේ මාමණ්ඩි තරුණ කාලේ මම දන්න විදියට සායි බබාටත් වැදපු කෙනෙක්.. හැබැයි දැන් අලුත් බුදු දහමක් ඇදහන නිසා හාමුදුරු කෙනෙකුට වදින්නේ නෑ..., සිංහල අවුරුදු චාරිත්‍ර කරන්නේ වත් නෑ.. පවුලට අලුතින් සම්බන්ධ උන මාව මුලින්ම එක්කන් ගියේ පන්සලකට නිසා ඇත්තටම මම සතුටු උනා එදා... එතන නරක තැනක් නෙවෙයි.... හැබැයි......
    වැලමිට වැහෙන්න අත් දිග, කර වැහෙන්න මහපු බ්ලවුස් එකක් සහ විළුඹ වැහෙන්න දිග සායක් ඇදලා ඊට යටින් සාරියට අදින ජාතියේ යට සායක් ඇදලා හිටපු මට ඊට උඩින් රෙද්දක් අන්දපු පන්සලකට........... එදයින් පස්සේ මට යන්න හිතුනේ නෑ අද වෙනතුරු... අනිත් අයගේ බලේට එතනට ගියාට හැමදාම මට හරි අපහසුවක් දැනෙනවා..... හිතට එන්නේ ශ්‍රද්ධාවකට වැඩිය කළකිරීමක්..... මටත් නම් එතන මහා විකාරයක් කියන හැඟීමක් එනවා.... තලේබන් කාරයෝ වගේ දායකයෝ ටික..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පුහු ආටෝප තැන්වල නරිවාදම පෙරෙන්න පටන් ගත්තාම ගන්දස්කාරේ බැරි වෙනවා!

      Delete
    2. ha.. ha.. oya uttama kiyana ekkenaage cult eka needa... giyoth kenek iwarai

      Delete
    3. තැන නරක නෑ කකා... ලොකු වැරැද්දක් කෙරෙනවා කියලා කියන්නත් බෑ... දායකයෝ තමයි නරක් කරන් තියෙන්නේ... අමුතු විදියට ආගම අදහනවා කියලා ලෝකෙට පෙන්නන්න හදනවා... අපි තමයි හොදටම බුද්ධාගම අදහන්නේ කියලා පෙන්නන්න හදනවා... ඇත්තටම මට එතන පන්සලකට වඩා මුස්ලිම් පල්ලියක් වගේයි පේන්නේ....

      නෑ ඇනෝ... ඔයා කියන තැන නෙවෙයි... මේක එහෙම තැනක් නෙවෙයි... තැන වත් ආගම වත් විකෘති කරනවට වඩා තමන්ගේ ලොකු කම පෙන්නන්න යන තැනක් විදියටයි මට පේන්නේ.... ගොඩක් ලොකු අය යනවා... ‌ලොකුවට සල්ලි වියදම් කරනවා.... බෙන්ස් කාර් පූජ කරනවා... මං ඕක කිව්වම අපේ මාමණ්ඩි කිව්වා ඒ පූජාව බාරගත්තේ නෑ.. ගමනක් යනකොට ගෙන්න යන්නවා විතරයි කියලා.... අනේ මන්දා....

      Delete
    4. ඔය කියන තැනට මම දන්න අක්ක කෙනෙක් ගියා... ඒ කෙල්ල දැන් බදින්නෙ නෑ... ඕක දැන් රන් කරන්නෙ මෙහෙනි කෙනෙක්... එයාගෙ මූලික ඔවදන බදින්න එපා කියලා.. ඊට අමතරව එයාගෙ ගුරාගැන අද්භූත ඉගැන්වීම් ගොඩයි...බුදු දහම කෙසේ වෙතත් මිත්‍යාව ජයටම වපුරනවා...

      Delete
    5. ඔය වගේ ආගම් ඇතුලෙ ආගම් මාරු කරන කට්ටිය සිතිවිලි සහ ක්‍රියා වලින් සාමාන්‍ය කෙනෙක් තරම්වත් ඇඩ්වාන්ස් නෑ... තරහ වෙන්න එපා ඔබේ මාමන්ඩි ගැන කියනවා නෙවේ.. අපේ එක්කෙනත් ඔහොමම තමයි..

      Delete
    6. හොරෙන් හොරෙන් කොමෙන්ට් මකන කකා බූරුවා.. කකා බූරුවා...

      - මෙය සාහිත්‍ය මාසය වෙනුවෙන් නිමවූ මාගේ තනි පදයේ කවියකි-

      Delete
    7. @ Anonymous September 14, 2012 3:42 PM

      බූරුවා කියන්නේ මෝඩයා කියන අරුතින් නම් එය ඔබටම බාර ගැනීමට සිදුවේ!

      Delete
    8. To Anonymous September 14, 2012 3:26 PM & To Anonymous September 14, 2012 3:33 PM

      මම කියන තැන වෙන්නෝ නේ... එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ.. ඔව්.. ගොඩක් එතනට යන අය ආගම බදාගෙන ඉන්නවා තමා.... //අද්භූත ඉගැන්වීම්// නිසා තමයි මටත් එපා උනේ... ඇත්තටම ඔබත් එක්ක තරහා නෑ.. මමත් විරුද්ධයි මේ වගේ දේවල් වලට...

      Delete
    9. පන්සලට අඳින ඇඳුමට නීති දානවට නම් මමත් අකමැතියි. මහරගම පන්සලක කළු සායක් වත් අඳින්න බැහැ . සුදු ඇඳුමක් නඩත්තු කරන්න දුප්පත් මිනිහෙක්ට අමාරුයි. තියෙන එකක් ඇඳන් පන්සල් යන්න තියෙන අයිතිවාසිකම නැති කරන්න කාටවත් ඉඩ දෙන්න බැහැ . තායිලන්තේ පන්සලකත් ඔය වැඩේ වෙනවා මන් දැක්කා .ඇත නැති ඇඳුම් වලට ෂර්ට් එකක් අන්දනවා ,. සාමාන්යෙන් ස්ථානයේ ගරුත්වය රැකෙන්න ඇඳුමක් ඇඳන් යාම සදාචාරාත්මක යුතුකමක් විතරයි . විශාලෙට නීති රීති අවශ්‍ය නැහැ .

      Delete
  11. "ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේ ය." කීයට විතරද?

    තට්ටෙ කතාව නම් තේරුනා..

    ReplyDelete
    Replies
    1. "ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේ ය." කීයට විතරද?

      කකා වැඩ ඇරිලා හවස ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන වෙලාව (ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් හවස 6.30)

      Delete
    2. මං හිතන්නේ පන්සලේ බණ වාරේ තිබුණේ මාර්තු-අප්‍රියෙල්වල වෙන්න ඕනෑ, ඒ කාලේ නේ කජු වාරේ!

      Delete
    3. ඔය හයයි තිහේ කතාව කජු බිස්නස් ගැනද?

      Delete
  12. වයසට ගිහින් බිම වාඩි වනවාට වඩා අනගතයේදී සියලුම දෙනාට පොඩි පු‍ටුත් බණ දෙශකයානන් වහන්සේට උස් ආසනයකුත් බැයින් වු දේශන ශාලා ස්වරූපයක් ගනීද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කාකා අයියේ දන්නේ නැති නිසා අහන්නේ "ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේ ය." කීයට විතරද?

      Delete
    2. 1. අනිවා ඩෙෆා! මං දැනටමත් දැකලා තියෙනවා පුටු උඩ ඉඳලා බණ අහන බණ මඩු!

      2. මේ කියන්නේ මගේ වසය දහය දොළහ කාලේ. අපි ගෙදර එනකොට වත්ත පල්ලෙහා කජු ගස් යට කජු වැටිලා තියෙනවා මතකයි. මං හිතන්නේ රූ දහයට විතර?

      Delete
  13. // මුළු බණ මඩුව තුළම වූයේ එකම එක පුටුවකි.//
    දැන් කාලේ බණ මඩු වලනම් පුටු පේලි, දිග බංකු, දිග ඩෙස් යනාදී සියලු දේ තියෙනවා. කළු ලෑල්ලක් නෙවෙයි වයිට් ‍බෝඩ් එකකුත් තියෙන්නෙ නොතේරෙන ධර්ම කාරණා රූපසටහන් වලින් පැහැදිළි කරන්නයි.

    ReplyDelete
    Replies
    1. එහෙම බණ මඩුවකට මාත් ගිහින් තියෙනවා වැල්ලවත්තේ චැපල් ලේන් එකේ!

      Delete
    2. මමත් ගියා අනූ ගනංවල බම්බලපිටියෙ සාගර ලේන් එකේ එකටනං.

      Delete
  14. පසු කලෙකදී මෙන් ගම්වල ජීවන රටාව ටෙලිනාට්‍යවලින් පාලනය නොවූ එකල පන්සලේ බණ අසා අම්මාත් මල්ලිලා දෙදෙනාත් සමග මා ආපසු නිවසට එන්නේ ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේ ය.//

    හිතට අල්ලලා ගිය වාක්‍ය කණ්ඩය.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++

      Delete
    2. කජු බිස්නස්වලට කැමතියි වගේ දෙන්නාම?

      Delete
  15. කකා ට හොඳට බන කියන්නත් පුළුවනි නෙ. චිවරෙටම තමා ගැලපෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවාද? පිරිකරට ෂේවර් එකක් දුන්නා නම් ඇති!

      Delete
    2. මේ මොනවා කියනවද... පිරිකරට කොමෙන්ට් ටිකකුයි, හිට්ස් ටිකකුයි දුන්නාම ඇති... මම යවන්නම් නිවන්...
      මම කකා..

      Delete
    3. මේ මොනවා කියනවද... පිරිකරට කොමෙන්ට් ටිකකුයි, හිට්ස් ටිකකුයි දුන්නාම ඇති... මම යවන්නම් නිවන්...
      මම කකා..
      මකන්න එපා යකෝ.. මල පනිනව ඔන්න ඉතින්.. කොහෙද මූ සාමෙන් ඉන්න දෙන්නෙම නෑනෙ..

      Delete
    4. සද්දෙ දාපු ගමන් බය වුනා නේද... කොහොමද දැන්.. මීයට පිම්බ වගෙ... පිහියට තියෙන බය...

      Delete
    5. අයෙක් නටත් සුරා මතින්?

      Delete
    6. මේක මාරයි නෙ... කකාට බැනලා කොමෙන්ට් කරලා ඌටම තග දානවා මකන්න එපා කියලා... අනේද කියන්නෙ...

      Delete
    7. "අයෙක් නටත් සුරා මතින්?"

      මහණවුනොත් සුරාවනම් නවත්වන්න සිද්දවෙයි!

      Delete
  16. අනිත්‍ය අවුබෝධ කර ගන්නවා නම් මේ චායාරුපයේ එල්ලෙන පොල් ඇත්ත දැක්කත් ඇති.

    ReplyDelete
    Replies
    1. අනේ යන්න මෙයා යන්න. පොල් අත්තේ අනිත්‍යය කෙසේ වෙතත් දැන් අපට දිවා රෑ නිත්‍යය නම් මෙනෙහි වෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමන්ගේ මූණ දකින දකින වාරයක් වාරයක් පාසා. ඇයි ඒ මූණ වෙනස් වෙන්නේත් නෑ. මෑන්ස් ගේ ධුර කාලය වෙනස් වෙන්නේත් නෑ. රටේ වෙන දේවල් වෙනස් වෙන්නෙත් නෑ. මර්වියා වෙනස් වෙන්නෙත් නෑ. දුමින්ද වෙනස් වෙන්නේ නෑ. රනිලා වෙනස් වෙන්නෙත් නෑ. සජිතා වෙනස් වෙන්නෙත් නෑ. ජෙප්පෝ වෙනස් වෙන්නෙත් නෑ. අපි වෙනස් වෙන්නෙත් නෑ. අයි. ටී. එන එක වෙනස් වෙන්නේත් නෑ. සුරියප්පෙරුම වෙනස් වෙන්නෙත් නෑ. මැතිවරණ වල ඡන්ද වැටෙන හැටි වෙනස් වෙන්නෙත් නෑ

      බුදු හාමුදුරුවො බොරු කියලද කොහේද සියළු දෙවල් අනිත්‍යයි කියලා. අපට නං දැන් මේ රටේ සියළු දේවල් නිත්‍යයි. වෙනස් නොවන සුළුයි.

      Delete
    2. ලන්කාවේ බැන්කුවකට ගියානම් අනිත්‍ය අවබෝධ නොවුනත් අනිවා සසර කලකිරෙනවා... විශේෂයෙන් මහජන බැන්කුවට....

      Delete
    3. මං හිතන්නෙ සසර කළ කිරෙනවා හා අනිත්‍යය අවබෝධ වෙනවා කියන්නෙ දෙකක්. මොකද මේ ආණ්ඩුව නිසා දැනටම අපි සසර කළ කිරිලා ඉන්නෙ. හැබැයි අනිත්‍යය අවබෝධ වෙලා නම් නෑ, නිත්‍යය මිසක. සසර කළ කිරිලා ඉන්නෙ ඒ නිත්‍යය නිසා.

      Delete
    4. මම ඒක එකක් කියුවෙ නෑනෙ බන්... අනිත්‍ය කෙසේ වෙතත් සසර කල කිරීමම මැදැ...

      Delete
    5. ස්තුදියි සුදීක
      මං පොල් අත්ත දැක්කේ ඔබේ කමෙන්ටුව නිසායි!

      Delete
  17. ME PANSALA KOHEDA KIWWANAM HONDAI NEDA. PHOTO EKENAM DALA NEHE.

    ReplyDelete
    Replies
    1. බලන් කඩතුරා හැර දෑසේ!

      කතන්දරේ යටින්ම දාලා තියෙන්නේ ෆොටෝ එක ගත්තු තැන.
      http://www.panoramio.com/photo/53610393

      Delete
  18. මේක නම් කකා නරුම කොමෙන්ටුවක් වෙන්නත් පුළුවන්. මකනවා නම් මකන්න. මාත් ඔය වගේ හිතවතෙකුගේ දානයකට ගියා මෙල්බර්න් වල ඉන්න කොට. ආපු හාමුදුරුවන් වල පල් කතා කරන කොට කිවේ මේ වගේ කතාවක් " ඔව් අපේ ප්‍රේමදාස මහත්තයා අද හිටියා නම් ඔය ප්‍රශ්න මොකුත් නැහැනේ' කියලා. මටත් කට තියා ගෙන ඉන්න බැහැනේ. මන් කියුවේ "අපේ හාමුදුරුවන්ගේ කටේ මසුරන් දාන්න ඕනේ" කියලා. හාමුදුරුවන්ගේ මුහුණ ආලෝක මත් උනා. "ඔව්, ඉතින් ප්‍රශ්න හැදෙන්නේ මිනිසුන්ට නේ, ප්‍රේමදාස අද වෙනතුරු හිටියා නම්, ලංකාවේ මිනිසුන්ගේ භාගයක් වත් නැහැනේ, මොන ප්‍රශ්නද" මා කතාව ඉදිරියට ගෙනිච්චා. හාමුදුරුවන්ගේ විතරක් නොවේ, දානයට ආරාධනය කල අපේ හිතවතාගේ මූනත් ටිකක් කළු වෙලා යනවා දැක්ක කියල කියුවේ මගේ බිරිඳ ගෙදරදී.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මට ඇහුණා නං ඒ බණ පදේ මාත් ඔය වගේ පිළිතුරක් ම තමයි දේශනා කරන්නේ!

      Delete
    3. mage comment eka remove karanam muge comment ekath remove karanna..

      Delete
    4. මා මෙහි යටන් සඳහන් කර ඇති පරිදි

      "පාඨක ප්‍රතිචාර අනුමැතියෙන් තොරව පල නොකෙරේ. Comments with inappropriate content will be deleted."

      ඔබේ කමෙන්ටුව නැවත සංයමකින් යුතුව ලියා දැම්මොත් නොකපා තියන්නට සලකා බලමි.

      Delete
    5. දැන් ඕන්නෑ.. මං තරහයි.

      Delete
  19. අද කාලේ බන කියන්න කලින් හමුදුරුවොන්ට නාට්ට් බලන්නත් තියෙනවනේ ...

    ReplyDelete
    Replies
    1. ඇයි රඟපානවත් එක්ක නේද?

      Delete
  20. "පසු කලෙකදී මෙන් ගම්වල ජීවන රටාව ටෙලිනාට්‍යවලින් පාලනය නොවූ එකල පන්සලේ බණ අසා අම්මාත් මල්ලිලා දෙදෙනාත් සමග මා ආපසු නිවසට එන්නේ ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේය "

    මතක් වෙනකොටත් ආශයි ඕයි

    ReplyDelete
    Replies
    1. පුහුලන් කන්නද ආසා?
      මාත් ඒවගේම සෑහෙන කාළෙකින් නොකෑ දෙයක් තමයි පැල පොල් මද!

      Delete
    2. ඇයි ඔය පැත්තේ පොල් ගෙඩියක් ගන්න නැද්ද . තියෙනවනම් ගෙදර ගෙනත් කාලයක් තියල බිඳලා බලන්න . දැන් වැඩියම පොල් නොකන නිසා ඉඳල හිටලා පරණ වෙච්ච පොල් ගෙඩි වල මද කනවා මන් නම්.
      අලුත් කතා එක්කම මේ පෝස්ට් එකේ තියෙන අතිතානුස්මරණ ගතිය තමයි වැඩිය සිත් ගත්තේ

      Delete
  21. සාදු සාදු සාදු

    ReplyDelete
  22. පන්සල් යන්නෙ, බන අහන්නෙ "මරණයට" තියෙන බය හින්දලු. අනේ මන්දා...

    - සනාත

    ReplyDelete
  23. මමනම් කියන්නේ පන්සල් යනකොට අඳින්න ඕන කලිසමක්. සරම් ඇඳන් ගියොත් බවලතුන්ගේ සීලේ කැඩෙන්න පුලුවන්..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.