Tuesday 25 September 2012

පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?


මං ඊයේ දෙහිවලින් 119 ක නැගිලා මහරගම පැත්තට එන කොට එකපාරටම බස් එකේ හිටිය සෙනග ගොඩෙන් බාගයක් විතර නිකං බහින්න වගේ සෙට් වුණා.

හැබැයි තත්පරෙන් ආපහු වාඩි වෙලා සැට්ල් වුණා.

පස්සේ බැලින්නම් මේ පන්සල් කේස් එකක්. අර ශ්‍රද්ධාවද, බට්ටිය ද මොකක්ද එක පෙන්නන්නයි සීට්වල ඉඳන් ඉන්න අය ලාවට වගේ පස්ස උස්සන්නේ.

හිටගෙන ඉන්න අසරණයින් ගේ නං කොහොමටත් පස්ස ඉස්සිලා නේ තියෙන්නේ!

තවත් විනාඩි පහකින් විතර පාරෙන් අනිත් පැත්තේ සාමාන්‍ය තර්ඩ් ක්ලාස් පන්සලක් පහු වුණා. මෙතන මං තර්ඩ් ක්ලාස් කිව්වේ බස් එකේ ඉඳන් හිටපු එකෙක්වත් පස්ස ඉස්සුවේ නැති හින්දයි.

මං නං කවදාකවත් පස්ස උස්සන්නේ නෑ තර්ඩ් ක්ලාස්, සැකන්ඩ් ක්ලාස් තියා ෆර්ස්ට් ක්ලාස් පන්සලක් ළඟදීවත්.

මෙතන ෆර්ස්ට් ක්ලාස් කියන්නේ පස්ස උස්සනවාට අමතරව පඬුරු පාක්කුඩම් දාන තැන්වලටයි.

ඔය 119 දෙහිවල-මහරගම ගමන නිසා මට මතක් වුණේ මං කැම්පස් ඉන්න කාලේ ලියපු කවියක්.

මෙතනදී කම්පෙයා වෙන්නේ ගැටඹේ පන්සලයි, තව ටිකක් නුවර පැත්තට වෙන්න පාරෙන් අනිත් පැත්තේ තියෙන පන්සලයි. ඔය දෙවෙනි එක ඒ කාලේ දුප්පත් පාට පොඩි පන්සලක්. පස්සේ නං ටිකක් පොර වැටිලා දළු දාලා ආවා.

කතන්දරේ ඒකයි. දැන් මෙන්න කයි-කතන්දරේ අනිත් කෑල්ල, එනම් කවිය.

මේක පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ යද්දී ලියවුණු කවියක්.

ශ්‍රද්ධාව

ගැටඹේ පන්සල පසුවෙද්දී
නැගිටිති සුදනෝ
දෑතම බැඳගෙන
ශ්‍රද්ධා සීලය හිසෙහි තබාගෙන
පඬුරු පුදති
පින් ලබන සිත් ඇතිව

සැතපුම් කාලක් ගෙවීයන්න පෙර
දුප්පත් පෙනුමැති
පන්සල පසුවෙයි

නිහඬය නිසලය
බස් රිය සුදනෝ
නැත සම්මාදම්

පසුපස බොදුකම හංගා
බලා සිටිති හිස් අහස දිහා


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි:
පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ මාර්ග අංකය මොකක්ද? ඒක 484 ද?

(image: http://www.weloveitstudio.com/tripbag/thingstosee.php?seeid=9)

118 comments:

  1. පෝසත්කම අනුව විතරක් නෙමේ කුල අනුව බෙදිලා තියන පන්සලුත් තියනබව මම අහලා තියනවා.

    බුදුහාමුදුරුවෝ අද කාලේ හිටියනම් එහෙම කියලා හිතෙන්නේ අන්න ඒ වගේ වෙලාවටයි.

    ReplyDelete
    Replies
    1. අතීතානාගාත බලන්න පුලුවන් හින්දා නොවැ බුදුන් වහන්සෙ අද කාලේ පහල නූනේ මැණිකේ......!

      Delete
    2. මැණිකෙ මෙහෙම බබා වෙන එක ගැන දුකත් නෑ තරහත් නෑ. ඒත් අනේ අපොයි කියල හිතෙනව.

      Delete
    3. ඔව් අංකල්, ඔයත් අර කෙළ කෝටියකට විතර පොල්ල තියාපු අභීතට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ණය දුන්නා කිව්වාම අපටත් අනේ අපොයි කියල හිතුනා.

      Delete
    4. ඇනෝ මචෝ.

      සල්ලි දුන්න මගේ ගැන අනේ අපොයි කියල හිතන හිතපු උන් ඔක්කොටම ස්තූතියි. එහෙම හිතල මට සපෝර්ට් එකට කමෙන්ට් කරපු කියපු නිසානෙ අන්තිමට ඌ කරපු වරදට ලැජ්ජ හිතිල සහ පොළිසියට ගරු කරල ( හෝ භය වෙලා ) සල්ලි ටික දෙසැම්බර් පාළහට කලින් දෙන්න පොරොන්දු උනේ.

      Delete
    5. ඉන්දික මචෝ

      ෆීනික්ස් පක්ශියා ටොම්බ කපුටෙකි. සල්ලි ලැබේවායි පතමි. ලැබුනොත් බ්ලොග් ලෝකයටද දන්වන්නට කාරුනික වෙන්නැයිද ඉල්ලමි (හේතුවක් ඇත...පසුව අවශ්ය නම් පුද්ගලිකව ඊයක් විදින්නම්).

      Delete
    6. කුල අනුව බෙදිලා තියන පන්සලුත් ....

      http://kathandara.blogspot.com/2012/08/once-upon-time.html

      Delete
    7. @ඉන්දික,

      උඹට සල්ලි ආපහු ලැබෙනවා කියල ඇහුවම සන්තෝසයි ලොක්කා. උඹටත් පොඩියක් හරි මොළේ තිබිල තියෙනව එහෙනම්. මං හිතුවෙ උඹත් ඔබා මාමා වගේ ඇණ ගත්තා තමයි කියලා.

      ඒක නෙවෙයි, ඔය සල්ලි හම්බවුණාම අපට පාටියක් ඕනැ.

      Delete
    8. ඕයි ඉන්දික තමුසේ ආයි රැවටිලානේ.... දෙසැම්බර් වල ලෝක විනාසෙ වෙනවා නේද? එතකොට ඔයි සල්ලි අරං අල කන්ඩැයි!:)

      Delete
    9. සල්ලි වෙලාවට ලැබුනොත් ලෝක විනාසෙට කලින් ආයි පාරක් අම්මලට දඹදිව ගිහිල්ල එන්නවත් බැරියැ බන් අඩු ගානෙ.

      Delete
    10. Meka aththama Kathawak.

      Kolamba Pansalak langadi, mage yaluvek Passa issuwahama, eha seat eke hitapu uncle kenek kivvalu, Mahaththayo, Kisi dawasaka buddhagamata puken gawrawa karanda Epa Kiyala.

      Delete
  2. @පොඩී.. කුල අනුව පන්සල් බෙදීමනම් ඈත අතීතයේ ඉඳලම තිබුන කියල තමයි අහල තියෙන්නෙ.කුලයෙන් පිටකෙනෙක් ඇබිත්ත කමටවත් ගන්නෙ නැහැලු.
    ******
    පලවෙනි පන්තියේ පන්සල් වෙන්නට තව එකක් අවශ්‍ය වේ..දේශපාලණ බලය.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ විශේෂ ශ්‍රේනියක් ගැනයි

      Delete
  3. මොහොම අපූරූ කවියක් මහත්මයෝ. අපේ සංස්කෘතිය නිරුවත් කර දැක්වීමක්..

    ReplyDelete
  4. @කකතන්දර කාරයා,

    හෙන්රි කියල එකෙක් ගැන අහල තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. හෙන්රි හූ?
      I know a few Henry's.

      Delete
    2. කම්මලේ පැල් කවි රාක්කෙ කවි අලවපු එකෙක්. වර්ණකුලසූරිය. කම්මලේදි ප්‍රනාන්දු කෑල්ල තිබ්බේ.

      Delete
    3. පත්තරේට ලියන පොර නේද? දන්නවා!

      Delete
    4. ඒකා කම්මල් කාරයෙක්. පත්තරේට ලියන බව දන්නෙ නෑ. අන්තිමට දැක්කෙ අවුරුදු විසි ගණනකට පෙර. කතන්දරත් ඒ කාලේ කම්මලේ සෙරෙප්පු දාගෙන නෑවද?

      Delete
  5. මේක නම් සහතික ඇත්ත...
    මම දළඳා මාලිගාව ළඟදීනම් කොහොම හිටියත් වඳිනවා.., ඒක මම පොඩිම කාලේ ඉඳං තියෙන පුරුද්දක්...

    කකා පොඩි ප්‍රශ්නයක්.., "පැණිදෙනිය-කටුගස්තොට" බස් නෑනේ... ඒකාලේ තිබ්බාද???

    ReplyDelete
    Replies
    1. පැණිදෙනිය-කටුගස්තොට නුවර හරහා

      Delete
    2. ආ.., දැන් එහෙම එකක් නෑ.., දැන් පැණිදෙනියේ ඉඳං නුවර ඇවිත් තව බස් එකක කටුගස්තොට යන්නොන...

      Delete
  6. පස්ස උස්සලා නිකා ඉන්නවා නං මදෑ? පු* දෙන හැටි කියලා දෙන්නත් එන එකනේ ඉවසන්න බැරි.

    කාලෙකට ඉහත මං යාලුවෝ සෙට් එකක් එක්ක මාතර ඉඳං කොළඹ ආවා, බස් එකේ. පස්සෙ සීට් එකේ සෙට් වෙලා සිංදු කිය කියා තමයි ආවේ. අලුත්ගම හරියෙදි "පොරක්" මට ඇඟිල්ලෙන් ඇනලා කියනවා, "මල්ලි, තව ටික දුරකින් කලුතර බෝධිය, ටිකක් සිංදු කියන එක නවත්තන්න"ලු.

    මාත් ඔය එක කැලෑසියක පංසලකටවත් පස්ස උස්සන්නෙ නැති උනත්, ටිකක් හිතලා, "හොඳයි" කියලා නිකං හිටියා.

    මෙන්න පොර තව ටික වෙලාවකින් කියනවා, "මල්ලි, බෝධිය පහුවෙද්දි ටිකක් නැගිටලා වඳින්න" කියලා.

    මං කිවුවා, "ඔයාට ඕන නං කලුතර ටවුම මැද පෙරලි පෙරලි වැන්දත් මට කමක් නෑ. හැබැයි #@$@#$%$##^$^..." (මං මිනිහට කියපු ඉතුරු ටික මෙතන දාන්න බෑ :P)

    ReplyDelete
    Replies
    1. උබ වගේ උම්බෑ කියන එවුන් ලංකාවේ ඉන්නවයි කියලා අපි දන්නවා. ඒ මිනිහා වැඩිහිටියෙක් විදිහට තමන්ගෙ යුතුකම කරලා තියෙනවා. කලුතර බෝධියේ අනුහස් ,හරි වෙන මොනව හරි පැත්තකින් තිබ්බත් අවුරුදු සිය ගණනක වටිනාකම් දෙකේ කොලේට දාලා කතා කරන්න අයිතියක් නෑ. // එක කැලෑසියක පංසලකටවත් පස්ස උස්සන්නෙ නැති උනත් // උඹලා ..............ඉතිරි ටික කියන්න ඔනේ නෑ.

      Delete
    2. @රතු රජරට,

      උඹත් මේ උම්බෑ කියල තියෙන්නෙ. උඹ ඉන්නෙ මොන සියවසේද බං? උඹ තාම කොණ්ඩෙ බඳිනවද?

      Delete
    3. තමන්ගේ ශ්‍රද්ධාව බලෙන් අනුන්ට පටවන්න යෑම නරකයි.

      Delete
    4. එමෙන්ම තමන්ගේ කවි කියන්නට සංස්කෘතිය,සම්ප්‍රදායන් පාවඩ සේ සැලකීමද නරකයි.

      Delete
    5. @ රජරට
      එතකොට සංස්කෘතිය සහ සම්ප්‍රදාය ගැන කවි ලියන්න බැරිද?
      ඔයා සංස්කෘතික පොලිසියෙන්ද?

      Delete
    6. @රතු රජරට,

      මොකද සංස්කෘතිය හා සම්ප්‍රදායයන් ඔයාට කවුරු හරි පෞද්ලිකව ලියලා දීලා තියෙනවද? ඇයි වෙන කෙනකුට ඒවා තමන්ට කැමැති විදියට පාවිච්චි කරන්න බැරි?

      Delete
  7. ඔය පස්ස උස්සන සීන් එකට නම් මාත් අකමැති..
    අනේ මන්දා ඇයි කියලා...
    හැබැයි අර කියපු දුප්පත් පන්සලත් දැන් ෆර්ස්ට් ක්ලාස් වෙලා
    ඒක ලගින් යද්දිත් දැන් පස්ස උස්සනවා...

    ReplyDelete
    Replies
    1. දැන් නෙමේ, ඔය කවිය ලිව්වේ මං තර්ඩ් ඉයර් එකේදී,
      ආට් ලංකා එල ලඟ ඔය කියන පන්සල ඊලඟ අවුරුද්දේ නැගලා ආවා.

      Delete
  8. පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ මාර්ග අංකය මොකක්ද? ඒක 484 ද?


    එහෙම බස් එකක් දැන් නැද්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබුණා තව බස් එකක් - 138 මහරගම-කඩවත.
      දැන් 138 කොටුව සිට මහරගම, කොට්ටාව, හෝමාගම
      ඒ එක්කම 138 කොටුව සිට-කඩවත

      Delete
    2. ඔය 138 බස් කතාව නම් දනී. ඒත් අර පැණිදෙනි - කටුගස්තොට බස් එක නම් නොදනී කකා මහත්තයෝ..

      Delete
    3. ඇයි කකා මහත්තයෝ, 201 ජාඇල-නිට්ටඹුව රූට් එකත් දෙකට කැඩුවේ ජාඇල-ගම්පහ සහ ගම්පහ-නිට්ටඹුව කියලා.. :)

      Delete
    4. ඔය බස් රූට් දෙකට කැඩිල්ල ප්‍රයිවට් බස් කාරයන්ගෙ උපක්‍රමයක්නෙ. ඉස්සර 138 හෝමාගම - කිරිබත්ගොඩ ගියා. 112 මහරගම කඩුවෙල (කොටුව කොටහේන හරහා) ගියා. 173 තොටළඟ - නාරාහේන්පිට නුගේගොඩ හරහා පිටකෝට්‍‍ටෙ ගියා.

      Delete
    5. @ට්‍රැෆික් ඇනෝ :
      තාම 173 බස් එක තියෙනවා.ඒත් පිට කෝට්ටේ යන්නේ නෑ.. නුගේගොඩ නාරාහේන්පිට හරහා තොටළඟට

      @බුරතිනෝ :
      ජා ඇල නිට්ටඹුව බසුත් තාම තියෙනෝ..

      Delete
  9. මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන "දකින විට පන්සලක් පිළිමයක්" ගීතය මතක් උනා. කවිය හොදයි.

    ReplyDelete
  10. මටත් මතක් වුනේ මාලිනී බුලත්සිංහල ගේ සින්දුව තමා..
    //හිතේ නැති භක්තියක් වත පුරා තවරෙගෙන..අඩවන්ව නෙත්පුරා බලනවා..//

    කොහොම වුනත් පන්සලෙන් පන්සලට ගොඩක් දේවල් වෙනස් වෙන නිසා මේ ෆස්ට් ක්ලාස් තර්ඩ් ක්ලාස් කතන්දරේ ඒ නිසා පුදුම වෙන්න දේකුත් නෙවි..

    @කතන්දර,
    පැණිදෙනිය-කටුගස්තොට බස් ?? එහෙම එකක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. @රූ :
      එහෙම බස් එකක් දැන් නෑ .

      Delete
    2. ඒකාලේ පැණිදෙනිය කටුගස්තොට දිව්වේ යකා බස්... අසූ ගණන් වල ඩ්‍රයිවර් දොර අරින දිග මර්සිඩීස් බස් දිව්වා..පස්සේ ටාටා බස් ආවා..යකා බස් අන්ත්‍රස්දාන උනා.

      Delete
  11. මටත් මතක් වුනේ මාලිනී බුලත්සිංහල ගේ සින්දුව තමා..
    //හිතේ නැති භක්තියක් වත පුරා තවරෙගෙන..අඩවන්ව නෙත්පුරා බලනවා..//

    කොහොම වුනත් පන්සලෙන් පන්සලට ගොඩක් දේවල් වෙනස් වෙන නිසා මේ ෆස්ට් ක්ලාස් තර්ඩ් ක්ලාස් කතන්දරේ ඒ නිසා පුදුම වෙන්න දේකුත් නෙවි..

    @කතන්දර,
    පැණිදෙනිය-කටුගස්තොට බස් ?? එහෙම එකක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. දැන් බස් රූට් එක දෙකට කඩලා එකම අංකයෙන් ඇති! හරියට 130 හෝමාගම, මහරගම, කොටුව, කඩවත වගේ.

      Delete
  12. මෙහෙමයි... බස් එකෙන් භාගයක් නෙවේ ඩ්‍රයිවර් උන්නැහෙත් එක්ක ඔක්කොම නැගිට්ටත් කාටවත් හානියක් නැත්නම් (අර සම්පත් ශ්‍රි ට උනා වගේ ) කකා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑනෙ. කකා එහෙම කරන්නේ නැත්නම් එහෙම කරන අය හෑල්ලුවට ලක්කරන එක හොඳ නෑ නේද? මොකද කකාට වගේ උසස් බුද්ධ්යක් හැමෝටම නැතුව ඇතිනෙ...

    ReplyDelete
    Replies
    1. ආපසු කවිය කියවා බලන්න.
      මං කවියේ අහලා තියෙන්නේ ගැටඹේ දී නැගිටින්නේ ඇයි කියා නොවේ, අනිත් තැනදී නැගිටින්නේ නැත්තේ ඇයි කියලායි.

      Delete
  13. වැඩියෙන් ම පස්ස උස්සන කස්ටියට සොවාන් වත් වෙන්ඩ පුලුවන් නම් ඔන්න මමත් උස්සනවා.

    ReplyDelete
    Replies
    1. ඔහේ කොහොමටත් "උස්සලා" පදක්කම් ගහපු කෙනෙක් නේ!

      Delete
    2. එවා ඔක්කොම ඉවරයි කකා. උස්සලා උස්සලා, මේ පොලොවට පස්වෙලා යන පංචස්කන්දෙ නඩත්තු කරන එක අල්ලා දැම්මා මං....

      Delete
    3. අප්පා . . . එහෙනං දැං උස්සල හදාගත්තුවා පහතට වැක්කෙරෙන්න පටං ගනී

      Delete
  14. මේ මොන ගොන් කමක්ද කියලා හිතුනත් පුරුද්දට වගේ පනාගොඩ පන්සල ඉස්සරහින් බස් එකේ යනකොට නැගිට්ටවෙන එක මටත් තිබුනා... හැබැයි අනිත් පන්සල් ළගදි එහෙම නොවෙන්නේ ඒවගේ මූණ ඉස්සරහටම හම්බුවෙන එක පන්සලක් වත් නැති නිසා වෙන්නැති ඒ පාරේ... අනිත් එක වෑන් එකේ ඉස්කෝලෙ යන කාලේ හැමදාම ඔතනට පඬුරක් දාන එක වෑන එක ඩ්‍රයිවර් අයියා කරපු දෙයක්.. ( ඒ පැත්‌ෙත් හැම බස් එකක්ම වගේ ඔය වැඩේ උදේම කරනවා මං හිතන්නේ..)

    මොක උනත් මම ඔය වැ‌ඩේදි කාටවත් කළත් නොකළත් මුකුත් හිතන්නේ නෑ.. හේතුව එක එක්කෙනාගේ ශ්‍රද්ධාව භක්තිය එක එක විදියයි. හරි හෝ වැරදි උනත් කාටවත් කරදරයක් නැත්තම්, අහල පහල ඉන්න අපිට බලපෑමක් නැත්තම්, ඔය පස්ස ඉස්සුවය, දෝත් මුදුන් තියලා වැන්දය කියලා එයාට හිතට සතුටක් දැනෙනවානම් ඔන්න ඔහේ කරපුවාවේ.... ඒ වෙලාවට කට තද කරගෙන හිනාව නවත්තගන්න එක විතරයි මම කරන්නේ.. හි හි ( මොකද මාත් ඒ වැඩේ කරලා තියෙන නිසා.....)

    ReplyDelete
    Replies
    1. "පනාගොඩ පන්සල"

      ඕකට අපේ තාත්තල අක්කල කිව්වෙ "පඩි කපනාරාමෙ" කියල. මොකද එයලගෙ පඩි කපල ආධාර එකතුකරන් තමයි ඕක හදල තියෙන්නෙ.

      Delete
    2. යෑස් සෑර්... හි හි

      අපිත් පස්සේ එහෙම කිව්වා තමයි.... ඒත් ඇත්තටම හැමෝගෙන්ම රැපියලක් වගේ මුදලක් කැපුවා කියලා තමයි අපේ අයියා නම් කිව්වේ.. විහිළුවට වගේ එගොල්ලො පඩි කපනාරාමේ කියලා දැම්මම ඒක වෙනස් වෙලා කතාව ලොකුවට ගියාලු.. කො‌හොමත් අදටත් ඕකේ නඩත්තු කටයුතු ඔක්කොම වගේ කෙරෙන්‌ෙන් යුද හමුදාවේ අය අතින්....

      Delete
    3. මං ඒ පැත්තේ වැඩිපුර ගිහින් නෑ. හයිලෙවල් පාරේ නේද?

      Delete
    4. හරියටම කියනවා නං 125-122 පාරේ.. පාදුක්ක - අවිස්සාවේල්ල පැත්තට යන බස්... 138 හෝමගමින් ඉවරයි.... හැබැයි ඔතන වැඩිපුර නතර කරන්‌ෙන් පාදුක්ක ඉංගිරිය බස්... අවිස්සාවේල්ල පැත්තට වෙන පන්සලක් හරි දේවාලයක් හරි අහුවෙනවා මට මතක විදියට....

      Delete
    5. ඔය පන්සලේ භාවනා වැඩසටහන් හෙම හොඳින් කෙරෙන බව තමයි අපේ මාමණ්ඩි කිවේ . මමත් යන්න කැමති පන්සලක් . ඉඩ කඩ ඇති ලස්සන තැනක්

      Delete
    6. @ හිරු,

      අවිස්සාවේල්ල පැත්තට යන ඒවා කළුඅග්ගල හරියේ බෝධියක් (හා දේවාලයක්) ගාව නතරකරනවා, මතක විදියට.. :)

      Delete
    7. බුරා..

      ඒක රංවල දේවාලේද කොහෙද... මට මතක නෑ හැරියට.. ඒක වෙන්ඩෝනෑ.. අහන්න කෙනෙක් නැත මේ හරියේ....

      Delete
  15. ගැටඹෙ පන්සල ගාවදි තාමත් කට්ටිය ඔහොමයි.....නැගිටින්නෙ නැති මං දිහා ඔරවලත් බලනව....

    ReplyDelete
    Replies
    1. ලියමු, ලියමු එහෙනං කවියක්!

      Delete
  16. thaman nokaranawanam nokara inna gon post danna epa bauddhayek unama aithiya thiyenawa thaman kamathi nam karanna natthan nokara inna ekai budu dahama darshanayak wenne anith ewa agam unata

    ReplyDelete
    Replies
    1. ඔහේ ට කතන්දරේ තේරිලාත් නෑ, කවිය තේරිලාත් නෑ.

      මේ මොනවාද ලියලා තියෙන්නේ?

      සොරි ඩොට් කොම්!

      Delete
  17. මෙහෙමයි ,,සාම්ප්‍රාදායෙන් පැවතගෙන එන දේවල් තර්කානුකූලව විග්‍රහ කරල බලනකොට සමහර දේවල් කළ යුතු නැහැ නේද කියලා හිතෙනවා. ලංකාවට බස් ආවෙ මෑත කාලෙදි නෙ. ඉස්සර ගමන් බිමන් ගියේ පයින්, නැත්නම් කරත්තයෙන්. ඒ කාලෙ දැන් වගේ හති දාගෙන දුවන් තරඟයක් තිබුනෙ නෑනෙ. මිනිස්සුන්ට වෙලාව තිබුනා පන්සලක් ලඟ නතරවෙලා මලක් පූජා කරල යන්න. ඒ සම්ප්‍රදායන් යාවත්කාලීන වෙනකොට ටිකක් වෙනස් වෙනවා. ඔබේ පෝස්ටුවේ කාරණා දෙකක් තියෙනවානේ. එකක් තමයි, පන්සලක් ලඟදි චුට්ටක් නැගිටලා (තම ශ්‍රද්ධාව හෝ භක්තිය නිසා )වාඩිවෙන එක --අනිත් කාරණාව පන්සල් වර්ගීකරනය වෙලා තිබීම. ඔය කාරණා දෙකම සාමාන්‍ය දේවල්. කතෝලිකයන් පල්ලියක් ,,කුරුසයක් දුටු විගස කුරුසය සලකුනු කරගන්නේ නැද්ද? කතෝලිකයන්ගේ පූජනීයත්වයට ලක්වූ විශේෂ දේවස්ථාන නැද්ද? ඇයි මිනිස්සු මඩුපල්ලිය වදින්න යන්නේ? වෙලන්කන්නි යන්නේ? සම්ප්‍රදායන් විවේචනය කළයුතුයි, හැබැයි ඒ තර්කාන්විතව, නැතුව ගමේ කෝපිකඩේ පිළිවෙලට නෙමෙයි. අනික ඔබේ කවිය ඉදිරිපත් කිරීමේ පටු උවමනාවට මෙවනි දේ පටලා ගැනීම සුදුසු නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ විසි එක් වැනි සියවසෙත් මේතරම් පසුගාමී මිනිස්සු ඉන්නවද? කොහෙද මේ අය ඉන්නෙ? දඹානෙ මංචි කැකුළාත් මීට වඩා චින්තනයෙන් මොඩර්න්. දුක තමයි රංජනී.

      Delete
    2. @ රතු රජරට

      ළමයා, කවියත් මගේ, කතන්දරයත් මගේ.
      මෙතන කිසි පටු උවමනාවක් හෝ පටලා ගැනීමක් නෑ.

      Delete
    3. කවිය, කතන්දරය වගේම ඔබ නොකියා කියන විදිහට බ්ලොගියත් ඔබේ බව ඉතසිතින් පිළිගනිමි. වැඩේ තිබෙන්නේ මම ඔබේ කතන්දර කියවන්නෙකු වීමය. එය මගේ කැමැත්තය. ඔබේ කතන්දර කියවා මට දැනෙන, හැගෙන දේ කොමෙන්ට් කරමි. එපමණකි.

      Delete
    4. වලියක් නැත.
      මේ කතන්දරයට ඔබේ සම්මාදම පිළිබඳව මගේ ස්තුතිය පිළිගන්න.

      Delete
  18. "ඔබේ කවිය ඉදිරිපත් කිරීමේ පටු උවමනාවට මෙවනි දේ පටලා ගැනීම සුදුසු නැහැ" me too agree with රතු රජරට
    we do things because of our faith.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සහ රතු රජරට,
      අපේ ආණ්ඩුකරම ව්‍යවස්ථා‍වේ ප්‍රකාශන අයිතිය කියල දෙයක් තිබුන වගේ මතකයි. දැං තියෙනවද නොදනිමි. ඒක එහෙම නම් ප්‍රකාශන අයිතියට‍ ගරු කළ යුතුය. ඕනෑම කලාවක සාරය මතුවන්නේ පරිකල්පනය මතයි. ඊට සීමා මායිම් බාධා නොමැත. (ප.ලි. - කතන්දරයා මගේ මොකාවත් නොවේ.)

      Delete
    2. ඔව් කතන්දරකාරයා ඔය අනුරාධපුරේ ඉන්න කෙප්ප ගොනුන්ට වඩා අනිවාර්යයෙන්ම චින්තනයෙන් මොඩර්න්. ඔහුගේ අදහසට ඉඩ නැතිනම් අපි යන්නේ ආපස්සට මිස ඉස්සරහට නෙවෙයි.

      Delete
    3. :)))))))))))) I am not from Anuradhapura really, not even born there, the modern thinking should be backed by some justifiable logic not just everything one can think of is modern. I am proud of my position in this debate while being living in one of the most modern countries.

      Delete
    4. @ Ano
      ළමයා, කවියත් මගේ, කතන්දරයත් මගේ.
      මෙතන කිසි පටු උවමනාවක් හෝ පටලා ගැනීමක් නෑ.

      Delete
  19. ඔය විතරක් නම් මදෑ , දුවගෙන ගිහින් පඬුරු දාලා දැත් නලලේ ගහලා වැඳලා එන කොන්දොස්තර මහත්තයා ඊලඟ දවසේ පඬුරු දාන්නත් එක්ක පොඩි කාසි සම්මාදම පටන් ගන්න එක !

    ReplyDelete
    Replies
    1. බස් ගාස්තු රවුං කළා නං ඒක නතර වෙනවා!

      Delete
  20. පස්ස උස්සන එකත් හොඳ හිතින් කරනව නම් කමක් නෑ.ඒත් එහෙම කරන්නෙ කීයෙන් කී දෙනාද!

    ReplyDelete
    Replies
    1. මෙය පස්ස ඉස්සීම ගැන නොව පන්ති බේදය ගැනය!

      Delete
  21. මේක ගැටබේ පන්සලට නුවර මිනිස්සුන්ට තියෙන ශ්‍රද්ධාව අනුව කාලයක් තිස්සේ පැවැතෙන දෙයක්. . හරියට දකුණේ අයට කලුතර බෝධිය වගේ.කතන්දර ට මේක අරුමයක් වීම පුදුමයක් නොවේ අනෙක දකින දකින පන්සල් වලට බෝගස් වලට නැගිටින්න ගියොත් ගිටගෙනම තමා යන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද අරුමය?

      දකුණ=කළුතර
      නුවර=ගැටඹේ
      කොළඹ=බෙල්ලන්විල

      කිසි අරුමයක් නැත.

      Delete
  22. මං නං නැගිටින්නේ විජේරාම හන්දියේ තියෙන බෝ ගහ දැක්කම.ඉදගෙන හිටියොත් මට ඒ හොල්ට් එකේ බහින්න බැරිවෙනවා නේ.ඒ හින්දා බෝ ගහ දැක්ක ගමං පස්ස උස්සනවා

    ReplyDelete
    Replies
    1. මාත් 138 ඇවිත් මහරගම බෝ ගහ ලඟින් නැගිටිනවා.

      Delete
  23. කකා මාමා ඉන්න රටෙත් මිනිස්සු ඔහොම කරනවද?

    ReplyDelete
  24. අපේ ගොඩක් අයට තියෙන්නේ බොරු ශ්‍රද්ධාව නේ.පුදුම වෙන්න දෙයක් නෑ.
    මම නම් කවදාවත් ඔහොම වැඳලා නෑ.එහෙම නොකළ කියල මෙච්චර කාලෙකට මට කිසිම වැරද්දක් වෙලත් නෑ.
    බෞද්ධයෙක් වෙන්නේ බොරු ෂෝ එකට වඳින ඒක නෙවේ කියල මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. වැන්දට පින් ලැබෙනවානං අපි දැනටම දිව්‍යලෝකේ.

      Delete
  25. එහෙම පුක උස්සන්න ගියොත්. දැන් බුදු සාධුලා ඉන්න ගානට. නැගිටලම තමයි යන්න වෙන්නේ. ඉස්සර අපේ එකෙක් හිටියා. ඌ හිටියේ ජා ඇල. ක්‍රිස්තියානි. බස් එකේ කොච්චර සීට් තිබුනත් වත්තල ඉඳලා ජා ඇලට යනකන් ඌ නැගිටලා ක්‍රොස් එක ගහනවා. ඉඳගන්න වෙන්නේම නෑ. ඇයි හැම තැනම සුරුවම් නේ.

    ReplyDelete
    Replies
    1. හැම සුරුවමකටම ක්‍රොස් එක ගහනවා කියන්නේ වැඩේ සමානාත්මතාවයෙන් කෙරෙනවා කියන එක නේද?

      Delete
  26. RATHU RAJA RATA COMMENT EKA KAKAGE MEMA POST EKATA WADA WATINAWA.

    ReplyDelete
    Replies
    1. EMA WATINA COMMENT EKA TA MAGE PEDEEMA GENA MATA SATHUTUYI.

      Delete
  27. දැන් ඒ කපු‍ටු බෝ ගහ තියන පන්සලත් තර්ඩ් කලාස්ම නෙවේ එකත් නැගලා ඇවිති මිනිස්සු එකා දෙන්නා නැගිටිනවා :) :D

    ReplyDelete
    Replies
    1. ඒක වුනේ මං ඔය කවිය ලියලා අවුරුද්දක් යන්න කලින්.

      Delete
  28. නියම කථාව වගේම කයියත් නියමයි :)

    ReplyDelete
    Replies
    1. තැන්කියු!

      කයි-කතන්දර කියන්නේ හයිබ්‍රිඩ් කේස් නේ.

      Delete
  29. “මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම” - අයියනායක, විමලරත්න කුමාරගම

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ කතන්දර බෞද්ධයෙකු නම්, මේ අදහස් දැක්වීමේ වරදක් නැහැ. සහ ඔහුට අයිතියක් තියෙනවා තමන්ගේ ආගම තුල ඇති තමා එකඟ නොවන දේ ගැන මතයක් දැරීමට. වරදක් වෙනවානම් වෙන්නේ වෙනත් ආගමක ඇදහිල්ලක්, පුරුද්දක් ගැන විවේචනය කරනවානම් තමයි. මගේ අදහස නම් මේක හේතුවාදීන්ටත් අදාලයි. ඔවුන්ටත් බැහැ වෙනත් ආගමික ඇදහිල්ලකට, ක්‍රියාකාරකමකට අභියෝග කරන්න, එය සමාජීය වශයෙන් හානිකර නොවනතාක්.

      - සනාත

      Delete
    2. @ Ano-1
      ගැරහීමක් මෙතන නැත යලි කියවා බලනු

      Delete
    3. @ Ano-2
      විවේචනයට ඉඩ නොදෙන්නෝ අන්තවාදියෝ ය.

      Delete
  30. Passa ussanne unge tyana padeta.. Hari bauddhayek nam bauddha kama tyeNa ona puke newei hite. Mama ewage unta kyane 'puke bauddhayo' kyala.. Oya negitina kiyen kidenada bauddhatwaya hariyata terum aran tyenne. Ape mirigama town1t bodhi 5k tyenawa.bus stand1 2i, pansale 1i, negombo road1 herena tena1i, petrol shd1 gawa tawa1i..pansale1nam awlak na kyamuko. Negombo road1ta herenatena tyana ekata kyanne prarthana bodhiya..eka gawin bus yaddi okkoma un puka uda dänawa..et bus q1 2, anit1i gawadi idagena yanawa.. (mama 'puka' kyala liwwe eka jara wachanayak wat kunuharupayak wat nwei)

    ReplyDelete
  31. අපිත් පොඩි කලේ නම් පන්සල් ලඟදි පස්ස උස්සන පුරුද්ද තිබුන . ස්කුල් බස් එකේදී අපි හැම පන්සලක් ළඟදීම නැගිට්ට . කැලණිය, දෙමටගොඩ, තුන්මුල්ල බුදු පිළිමය .... පස්සේ කාලෙක බස් වල යද්දී හොඳටම නින්ද යන හින්දද කොහෙද ඒ පුරුද්ද නැති වුනා . බස් රූට් එක මාරු වුන නිසා මේ පන්සල් ගැන පොඩි කාලේ දැක්ක පන්සල් ගැන තරම් භක්තියක් ඇති නොවීමද දන්නේ නැහැ හේතුව . හිතන්න දෙයක් තමයි .

    අපේ ස්කුල් බස් එකේ කාන්තා පාසල් කීපයකම ළමයි ගියා . හෝලි ෆැමිලි එකේ ළමයෙක් හිටියා එයා පල්ලි සහ පන්සල් දෙකම ලඟදි නැගිටිනවා . දවසක් කතාව අස්සේ කැළණි පන්සල පහු වෙලා . එකපාරටම '' සොරි සාදු '' කියවුණා.

    ReplyDelete
    Replies
    1. අන්තිම කෑල්ල කතන්දරයකට, කවියකට හොඳ නිමිත්තක්!

      Delete
  32. මට සිද්ධියක් මතක් උනා... කකා කියලා තියෙන පංති බේධයට සම්බන්ධයක් නෑ...

    ගොඩක් ඉස්සර, මම පොඩි කාලේ තාත්තා එක්ක ගම්පහ ටවුමට එනවා... බස් එකේ වාඩිවෙන්න සීට් නැති උනත් ඉස්සරහා සිට් එකේ වාඩි වෙලා උන්න හාමුදුරුනමක් මාව ළඟින් වාඩි කරව ගත්තා... ගම්පහ ළංවෙලා තියෙනවා අත්තනගල්ල ඔයත් එක්ක බෝධියක් මිනිස්සු පුරුද්දක් විදියට සීට් එකෙන් නැගිටිනවා... මමත් පුරුදුවෙලා හෝ කවුරු හරි උගන්නලා හෝ තිබුණා, ඔතනදි ඒ බෝධියට වඳිනවා බස් එකෙන් යනගමන්ම... එදත් පුරුද්දට සීට් එකෙන් නැගිටලා වැන්දා... හාමුදුරුවෝ හිනාවෙලා ඔලුව අතගෑවා... පස්සේ තාත්තට හොඳ කියනවත් මතකයි දරුවව හොඳට හදලා තියෙනවා කියලා...

    ඒත් ඒ මමම අද මගේ දරුවත් එක්ක යද්දි බස් එකේ ඔහොම සීන් එකක් උනොත් ඉස්සෙල්ලාම සැකයෙන් බලන්නේ හාමුදුරුවෝ ළමයව ළඟට අරන් මොකාටද මේ එන්න හදන්නේ කියලා ... කකා වගේ නම් අහාවි පුතේ ඇයි එතනට විතරක් වඳින්නේ කොච්චර පන්සල් පහුවුනාද ඒවට වඳින්නැද්ද කියලා...

    අපේ මනස දූෂණය වෙලාද..? නැත්තම් සමාජය ඉස්සරට වඩා දූෂණය වෙලාද..? එහෙමත් නැත්තම් අපි මනස විවෘත වෙලාද..? අනේ මන්දා... :)

    ReplyDelete
    Replies
    1. සසර කලකිරෙන කතාවක්නේ ඔහෙත් කියලා තියෙන්නේ!

      Delete
  33. කකා දැං ඊළඟ පෝස්ට් එක ෆුටා සටන ගැන දාමු නේද? නැත්නම් අර චාර්මියයි මාරයයි ජනසේනා කාරයයි ඔයාගේ හිට්ස් ටික නොදැනම හොරකම් කරලා තියේවි.

    ReplyDelete
  34. අපේ කට්ටිය නිතරම වල්ගෙන් අල්ලගන්නව කියන එකට හොඳ උදාහරණයක් මේ සමහර කොමෙන්ට්ස්.

    ආගම් භක්තියට පස්ස උස්සන්ඩ බැරිනං ඕනෑ එකක් කරගත්තට කමක් නැහැ. ඒ වුනාට යම් පන්සලකට වැඩියෙන් ගරු කරනවානම් ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕනැ. ඒ කියන්නෙ සර්වඥ ධාතු තියන තැනක්, නැත්තං අනිත් තැන්වලට වඩා වැඩිපුර ධාතු තියන තැනක්, ඔය වගේ මොකක් හරි. දළදා මාලිගාවට, රුවන්මැලි සෑයට මාත් වැඩියෙන් ගරු කරනවා. ඒත් ගැටඹේ, කළුතර, බෙල්ලන්විල?

    ඒක නෙවෙයි වැඩේ.

    ඊයෙ 119 බස් එකේ ගියා කියපුවහම එක්කෝ මේ දවස්වල කතන්දර ඉන්නෙ ලංකාවෙ. නැත්තං මේ පෝස්ට් එක කලින් ලියල එඩිට් නොකරම පබ්ලිෂ් කරල.

    (මේ කවිය "හස්තද්වාරයෙන්" ආට් සර්කල් එකේ දාල තිබුන බව මට ලාවට වගේ මතකයිද කොහෙද)

    ReplyDelete
    Replies
    1. ට්‍රැෆීක් වැඩි තැන් වැඩි අනුහස්!

      Delete
  35. ඔය පුකේ බෞද්ධයෝ ගැන සන්නත් දවසක් ක්ලාස් එකේදි කිව්වා.පිළිමයක් පන්සලක් දැක්කම පුක උස්සන එකාට නිකං හිතෙන්නෑනේ හිටං ඉන්න එකෙක්ගෙ බෑග් එකක් ඉල්ල ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. නිවනට දුර අඩුවෙනවා ලු!

      Delete
  36. ඇත්තටම සමාවෙලා කියනවද? ඇයි සර්වඥ ධාතු වලට ගරු කරන්නේ? වදින්නේ? බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ උන් වහන්සේ නැති කාලෙදි එතුමාගේ රූප හදලා-ඒවට මල්,පහන්,දුම්...තව කැම,බීම පූජ කරන්න,ධාතු වලට වදින්න කියලද?
    නැත්නම් එතුමා ගිය මාර්ගය,දේශනා කල ධර්මය තෙරුම් ගන්න කියලද?
    ඇත්තටම එතුමා මිනිහෙක්(අපි පිලිගන්න අකමැති උනත්) අපේ උන් එතුමව දෙවියෙක් කරන්න ට්‍රයි කරනව.. නැත්නම් බෞද්දයො බුද්ධාගම අත ඇරල යයි කියල බයවෙලා....

    ReplyDelete
  37. ඉස්සර 70 ආණ්ඩුව කාලේ නුවර කොළඹ පාරේ සීටීබී බස් ඩ්‍රයිවර්ලා හොරගොල්ලේ ස්මාරකය ඉස්සරහින් යනකොටත් පස්ස උස්සනවා මතකයි...

    ReplyDelete
  38. මම නං උක පුස්සන්නේම නැතිය

    ReplyDelete
    Replies
    1. adat oyage BLOG ekata godauna, alut mukut nata. monwa hari liyana.
      Jayawewa,
      Sajith Mendis.

      Delete
  39. පැණීදෙණිය කටුගස්තොට මාර්ග අංකය 610 වගේ මතක. 484 වගේ මතකයක් නම් නෑ. නුවර අවට තියෙන්නේ 600 ගනන් වල මාර්ග අංක.

    ReplyDelete
    Replies
    1. ඕක කියද්දී මට මතක් උනේ , ඉස්සෙල්ලම මන් දළදා
      මාලිගාවට ගිය වෙලාවේ මට දළදා හාමුදුරුවෝ ඉස්සරහම
      කිය උනා " අයියෝ මේකද දළදා මාලිගාව කියන්නේ "කියල ..
      එදා මගේ කට වැහුවෙත් ක්‍රිස්තියානි ගෑල්ලමයෙක් ..

      Delete
  40. එහෙනම් ඉතින් ගුරුවරයෙක් දැක්කම නගිටින එක, ගුරුවරයෙකුට බස් එකේ සීට් එකක් දෙන එක එහෙමත් වැරදිනෙ. උඹෙ ලමයින්ට උගන්නපන් එහෙම කරන්න එපා කියල.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.