Thursday 27 September 2012

ලෝක විනාශය කවදා ද? (ලව් කේස් එකකි) - End of the world : A young lovers point of view


ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.

මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.

හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.

මොකද සෑහෙන්න කල් තියෙනවානේ!

පස්සෙන් පහු ආරංචි වුණා මායා කෂ්ටිය ගේ කැලැන්ඩර් එක ඉවරවෙන දවසේදී අපිට වැඩේ සෙට් වෙනවාය කියලා.

මං අවුරුදු විසි එකේ දී ලියපු මේ කවියෙනුත් කියවෙන්නේ ලෝක විනාශයට කිට්ටු කේස් එකක් ගැනයි.

ලෝකාන්තය

ගිනියම් වූ හිරු
වියරු සිනාවෙන් මුව සරසාගෙන
ලොවම දවාලයි
වියලි සුලං රැල්
මරුවෙකු විලසින් දූවිලි පිසගෙන
කුරිරු ලෙස හමයි
වැට අද්දර පිපි
නිදිකුම්බා මල
පෙති අකුලාගෙන බලා සිටින්නේ
සිසිලස අහිමිව

ගත
සිත
කකියයි

මුව මත හසරැල් නැත
සුසුමන් මිස

සත් දිනකින් නැත ඇය හමුවූයේ
සත් දිනකින් නැත
හසුනක් ලැබුනේ
සත් දිනකින් නැත
පිණි බිඳුවක්වත්
පොළොවට වැටුණේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා



(image: http://econintersect.com/b2evolution/blog2.php/2012/06/17/the-end-of-the-world-as-we-know-it)

16 comments:

  1. අපූරුයි මහත්මයා. අගේ ඇති කවක්....

    ReplyDelete
  2. දැන් නම් සංශෝදනය වියයුතුය....

    සත් දිනකින් කෝල් එකක් නැත.
    සත් දිනකින් SMS එකක් නැත.....!!!

    ReplyDelete
  3. හුරේ.... තව දවස් තුනා.....යි !!!

    ReplyDelete
  4. මාසයකින් වැඩකට ඇති පෝස්ට් එකක් නැත.

    ReplyDelete
  5. මේ අවුරුද්දේ දෙසැම්බර් 21 නේද...?

    ReplyDelete
  6. ලෝකෙ විනාශ වෙන්ඩ කලිං ලංකාව විනාශ වෙනවා.කකාට ඊට පස්සෙ කොමෙන්ට් කරන සෙට් එක අඩුවෙලා යයි!!!

    ReplyDelete
  7. Me balanna yaluwane, ape maha kayi kakka thuma wisin kuda kalaye deema pada bandina lada kaiyak. Ethuma mewa hastho pak karama bawitha karamin eli dakwana lada ewai. Kai pada bandeematama upan methuma Maha Kaiyeki. Ethumata thawa thawa kai pada bandeemata shakthiya dhahiriya labewa.

    ReplyDelete
  8. මට ප්‍රශ්න දෙකක් මතු වුනා, නො‍තේරුම්කම ගැන සමාවෙන්න.

    සාහිත්‍ය මාසය වෙනුවෙන්ම අළුතෙන් කයියක් හදල බැලුවොත් නරකද හැමදාම පරන කවි දාන්නෙ නැතුව?

    සාහිත්‍ය මාසෙදි පද්‍ය වලට විශේෂ සැළකිල්ලක් ඇයි, ගද්‍ය කියන්නෙ සාහිත්‍යය නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්න දෙකම තිබේ.
      -සනාත

      Delete
    2. කකාගේ කයිය පර වෙලා තියෙන්නේ

      Delete
  9. ලෝක විනාශය කවදා ද?

    කකා බ්ලොග් ලිවීම නතර කළ දාට පසු දාය!

    ReplyDelete
  10. MAMA KAI PADA BANDEEMATA MA UPANNEMI.

    ReplyDelete
  11. කුහකකම් අත්හැර කතා කළහොත් කකාගේ මෙ කවිය ඒ හැටි වරදක් ඇති එකක් නොවේ. මේ කවිය කියෙව්වට පස්සේ මට මතක් වුනේ සිරි ගුණසිංහගේ 'ලේ මස් නැති ඇට' කවි පොතයි. ඒ මොන හේතුවකටදැයි නිශ්චය කර ගනු නොහේ.කවිය පිළිබඳව කෙසේ වෙතත් කතාව නම් මෙලෝ රහක් නැති බැව්ද කිව යුතුය.

    ReplyDelete
  12. හ්ම්ම් හ්ම්ම්........

    ReplyDelete
  13. awurudu 21k gihillath danne nedda nidikumba mal (pethi thiyanawada) ho kola gini maddahana welawata hakilenne nathi bawa. me kai wala eki nekata sambandayak thiyanawada? nikaam wachana godak ohe liyala thiyanawa, harayak rasayak nehe.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.