Saturday 22 September 2012

බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous


"ගුඩ් ඩේ ඕල්, මයි නේම් ඊස් කතන්දරකාරයා ඇන්ඩ් අයෑම් ඒ බ්ලොග්කොහොලික්.

අයි හෑව් බීන් ට්‍රයින් ටු ගිව් අප් බ්ලොගින් ෆෝ අබවුට් ත්‍රී මන්ත්ස් නව් ඇන්ඩ් හෑව් ෆයිනලි රියලයිස්ඩ් දැට් අයෑම් ඇඩික්ටඩ් ටු බ්ලොගින්."

ඔන්න ඕක තමයි සත්‍යය.

බොරුවට තමන් ගේ සිත තමන්ම රවට්ටා ගන්න ට්‍රයි කළාට ඔන්න ඕක තමයි සත්‍යය.

ඇඩික්ටඩ්, ඇඩික්ටඩ්, ඇබ්බැහි වෙලා!

බේරිල්ලක් නෑ, ගැළවිල්ලක් නෑ.

කරත්ත රෝදේ වගේ පස්සෙන් ම එනවා. චක්කංව වහතෝ පදං!

උදේ පාන්දර නැගිට්ට වෙලේ කුණු කෙල පිටින්ම බ්ලොග් එකට ආපු කමෙන්ට් බලන්න හිතෙන්නේ,
බ්ලොග් රෝලේ අළුතින් මොන මොනවා අප්ඩේට් වෙලාද කියලා චෙක් කරන්න හිතෙන්නේ,
පැයෙන් පැයට ආපහු බලන්න හිතෙන්නේ,

වෙන අනං මනං වැඩ, පවුලේ වැඩ, ගම්සබා වැඩ තිබුණාට ඒවා පැත්තකට දාලා දවසක් ඇර දවසක්වත් පෝස්ට් එකක් දාන්න හිතෙන්නේ,

මේ බ්ලොග්කොහොලික් ඇබ්බැහි වීම නිසයි.

මේකට බේතක් ආයුර්වේද, සිද්ධායුර්වේද, ඇලපති, හෝමියෝපති ලා ලඟ තියා ගණපති ගාවවත් තියෙනවා ද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි:
දන්න වෙදකමක් තියෙනවා නම් ඒ ගැන කියලා පෝස්ට් එකක් දාලා මේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දාන්න, ප්ලීස්.

(image: http://doctoranonymous.blogspot.com/2007_06_01_archive.html)

45 comments:

  1. ඕහ්...කතන්දරට වූ ඇබැද්දිය ! මෙම රෝගය ඉක්මනින්ම සුව නොවේවා කියලා පතන්නම් .. වෙන මොනා කියන්නද ඉතින් !

    ReplyDelete
  2. ශික් මටත් ඕක තියනවා :( දැන්ම බෙහෙතක් හොයන්න පටාන් ගන්න ඕනි :(

    ReplyDelete
  3. බෙහෙතක් ඇත අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.රාත්‍රී 10ට පෙර ඔබේ ලැපී ගෙන රාවණා සිද්ධම් යනුවෙන් හඬ නගා තෙවරක් පවසා ලැපී තදින් පොලවේ ගසන්න .මුල් දින කීපයේ සිත වාවාගත නොහැකිව සිටියද ටික කලකින් රෝගය සුව වනු ඇත.

    ReplyDelete
  4. ප/ලියෙන්ම පේනවා ලෙඩේ උග්‍රබව...:D

    ReplyDelete
  5. අදාළ අන්තර්ජාල සබදතා බිල නොගෙවා සිටියානම් නිට්ටාවටම රෝගය සුවවේ ....

    ReplyDelete
    Replies
    1. එතකොට අනිත් එව්වා

      Delete
  6. ඇත්තටම නවත්තන්න උවමනාවක් තියනවද? ක්‍රමයක් නං දන්නව. ඒත් කියන්න මොකද්ද වගේ. මහ වෙදනගෙන් වත් අහල බැලුවනං.

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ22 September 2012 at 08:57

      @රාජ් දරුව,

      කතන්ද්‍ර දරුවා මේ ගැටළුවට අපෙන් විසඳුම් අසන්නේ පළපුරුදු බටහිර වෛද්‍යවරියක වන ඔහුගේ ඇඹෙණියට ඊට විසඳුම් නැති නිසා බව සහතිකය. මා පහත කී පරිදි මෙවැනි රෝග කිසිවකට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැත. ඒවාට ප්‍රතිකාර ඇත්තේ අපේ අති උතුම් ආයුර්වේදයේ පමණෙකි. ආයුර්වේදයෙහි ඖෂධ නැති රෝගයක් නැත. එසේම දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකුට ඕනෑම දරුණු රෝගයක් තමන්ගේම වත්තේ වැවෙන පොල්පලා, ගස්ලබු, තණකොළ, තුත්තිරි වැනි ඖෂධ පැලෑටි කිහිපයක් මිරිස් ගලේ අඹරා සදා දෙන බෙහෙතකින් සුව කරන්ට පිළිවන. බටහිර ඖෂධ සොයා රෝහල්වලට යන්නෝ අමු මැට්ටෝය.

      කතන්ද්‍ර දරුවාද අපේ මහ වෙදනා දරුවා මෙන් ආයුර්වේද වෙද හාමිනේ කෙනකු කරකාර බැඳ ගත්තේ නම් මේ සියළු අපල උපද්‍රව ලෙඩ රෝගාදියෙන් මිදී වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා නේද? දැන් බලන්න අපේ මහ වෙදනා දරුවාට ඔය ප්‍රශ්න එකක් වත් තියේද?

      මීවනපලානේ රාජපක්ෂ
      (ආයුර්වේද හා ජ්‍යෝතිෂ විශේෂඥ)

      Delete
  7. මටත් ඔය රෝගෙ..

    ReplyDelete
  8. 1....ටෙලොකොම් ලයින් එකක් නම්...වයරය කපා දැමීම
    2......ඩොන්ගලයකින් කිරියාත්මක පැකේජයක් නම්... අදාල ටවර් එකට හෙනයක් පතිතවන ලෙස දෙවියන් උදෙසා පූජාවක් තැබීම.

    ReplyDelete
  9. ෂික්.. උදේ පාන්දර කකා මට තියෙන ලෙඩ ගොඩට තවත් එකක් එකතු කලා.... හපෝයි....

    ReplyDelete
  10. මීවනපලානේ රාජපක්ෂ22 September 2012 at 08:33

    @කතන්ද්‍ර දරුව,

    මේ රෝගයට කිසිම බටහිර ප්‍රතිකාරයක් නැත. බටහිර වෛද්‍යවරුන් කියාගන්නා අමු මැට්ටෝ මෙවැනි රෝග අසාවත් නැත්තෝය. මෙවැනි රෝග වලට ප්‍රතිකාර ඇත්තේ අපේ අති උතුම් ආයුර්වේද ශාස්ත්‍රයෙහි පමණෙකි.

    පළමුවන බුවනෙකබාහු අවධියෙහි මයුරපාද හිමියන් විසින් ලියන ලද ‛යෝගාර්ණවය’නම අනගි ආයුර්වේද ග්‍රන්ථයෙහි මීට හරියටම ගැළපෙන ප්‍රතිකාරයක් තිබේ. ඒ ප්‍රතිකාරයට අනුව ඔබ ඈත කෑලෑවක හුදෙකලා පෙදෙසක ගුහාවෙක මාස හයක් සිරගත කොට විශේෂයෙන් පිළියෙළ කරන ලද ආයුර්වේද ඖෂධ ලබා දිය යුතුය. ඔබ මට ඔබ සිටින රටට එන්නට ගුවන් ටිකට් පතක් දී මාස හයකට නවාතැන පහසුකම් සපයන්නේ නම් කිසිම අයකිරීමකින් තොරව මෙම අනර්ඝ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය මාර්ගයෙන් ඔබට නිට්ටාවට සුවය ලබා දීමට කැමැත්තෙමි.

    මීවනපලානේ රාජපක්ෂ
    (ආයුර්වේද හා ජ්‍යෝතිෂ විශේෂඥ)

    ReplyDelete
    Replies
    1. මචං කකා මූ මේ බොරදියේ මාළු බාන්නයි හදන්නේ .උඹ අහුවෙන්න එපා ඕං..!
      මතකනේ අර අහවල් සාගරේ අමුතු ඇටේට උනු නස්පැත්තිය.
      නැත්නම් මගේ ඊලඟ පෝස්‍ටුවෙන් ලියන්න වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගනිපු උඹේ කතාව.
      මොකද මේ රාජපස්ස ඇවිත් ආයුර්වේද නෙමේ රටේ වෙදෙක්, ගල් අරාබියෙක්.
      පෙරේසමෙන් ඕං..!!

      Delete
    2. මීවනපලානේ රාජපක්ෂ22 September 2012 at 14:18

      @සරත් චන්ද්‍රසිරි දරුව,

      ඔය 'හොරා' යන චෝදනාව මට පමණක් නොව මේ බ්ලොග් අවකාශයේ සියළුම ආයුර්වේද වෛද්‍යවරුන්ට සියළුම ජ්‍යෝතිෂාස්ත්‍රඥයින්ට වරින් වර එල්ල වේ. එහෙත් අපි ඒ කිසිවකින් අකම්පිතව අපේ රාජකාරිය රට ජාතිය හා ආගම වෙනුවෙන් ඉදිරියට කරගෙන යන්නෙමු.

      ඔබට යහපතක්ම වේවා දරුව!

      මීවනපලානේ රාජපක්ෂ
      (ආයුර්වේද හා ජ්‍යෝතිෂ විශේෂඥ)

      Delete
    3. හුටා.. මගේ හක්කත් පැන්නා මේ සඟිස්කුරුත වචන කියවලා. අවුලක් නෑ අවුලක් නෑ, කකා කැමතිනම් වෙදාට මට අවුලක් නෑ. මම කොරේ ඉතින් පෙර දුනුම් දීමක් නැත්නම් ඌ කියයි දැනගෙනත් එකෙක් වත් කීවේ නෑ කියලා. ඕං එහෙනම් තමුන්නැහේලාගේ කැමැත්තක් කියලා සරා පැත්තකට උනා.
      ස්වස්ථි සිද්ධම්...!

      Delete
  11. ඉක්මනට සුව නොවේවා!!

    ReplyDelete
  12. mtatath ohoma ledak thibuna. Ekata nama dala thibune "facebook" kiyala. E lede nisa sehenna amaru una. Passe man "blogger" patha 8 ekata hindola ude hawasa witharak biwwa. Dan eka hodai. Eth dan e behethata ebbehi wela. Ekata behethak langadi google daiyo dunna "google+" kiyala. Eth eka paththiyan wenne ne.

    ReplyDelete
  13. ඔබට ලංකාවට එන්න පුළුවන්න් නම් කරන්න පුළුවන් ප්‍රතිකාරයක් මේ. ඇවිල්ලා මාලක සිල්වා වෛද්‍යාචාර්ය තුමා හමුවන්න. එතුමා කණ පැලෙන්න ගහයි. එතකොට ඔක්කෝම අමතක වෙනවා. ඊට පස්සෙ කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් බලන්න අර බුද්ධි අංශයෙ මේජර්ගේ ඔක්කොම ප්‍රශ්න විසඳුවා නේද?

    ReplyDelete
  14. මම කලේ චිත්‍රපටි බලන එක වැඩිකරන එකයි... නිට්ටාවට සුවවෙලා නෑ හැබැයි කලින්ට වඩා ගුණයක් තියෙනවා...

    ReplyDelete
  15. මහත්මයා අන්තර්ජාල බිල්පත් නොගෙවා සිටින්න. එවිට රෝගය නිට්ටාවටම සුවවේ....

    ReplyDelete
  16. http://maheshslife-multiaxial.blogspot.com/2012/09/blog-post_22.html

    ReplyDelete
  17. ඇයි කතන්දරට කාලයක් ලෙඩක් හැදිල තිබ්බ නේද... රයිටර්ස් මොකක් ද එකක්. ආයෙත් ඒ ලෙඩේ හදාගන්න.එතකොට ලියන්න දේ කොච්චර තිබ්බත් මාර කම්මැලි. සමහර වෙලාවට ලියන්න ස්ක්‍රීන් එක ඕපන් කරගෙන , ඇඟිලි ටික කීබෝඩ් එකේ තියාගෙන ඔහේ බලාන ඉන්නව වරු ගනන්...


    අන්න ඒ ලෙඩේ හදා ගත්ත නම් හරි.

    ReplyDelete
  18. කකා BAD වලට එක ප්‍රතිකාරයක් හෝ පෙත්තක් අරන් හරියන්නේ නැහැ. මේකට පුනරුත්තාපන වැඩසටහනක යන්න ඕනේ. ඒ කියන්නේ BAR එකකට. මේ ගැන ලියවී තියන එකක් මෙන්න. http://darmano.typepad.com/bloggers_anonymous/2006/05/twelve_steps_to.html

    ReplyDelete
  19. පොස්ටුවේ කමෙන්ට් ටික එක්ක ටච් එකේ ඉන්න ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  20. For this disease in Ayurveda there is a herb called GRASS.


    According to Ayurveda there is a herb called Grass to take with poonac.
    for western drugs there is a hospital at Angoda.







    ReplyDelete
  21. මට නම් සැරින් සැරේ හැදෙන්නෙ ඕකෙ අනිත් පැත්තෙ ලෙඩේ.... :D

    ReplyDelete
  22. මැදැයි....මටත් ඕකමනෙ...

    ReplyDelete
  23. hitha hadagaththoth karanna beri deyak ne.

    ReplyDelete
  24. බේතක් ලැබුනොත් මටත් කියන්න.

    ReplyDelete
  25. මටත් තිබුණා ඔය ලෙඩේ අවුරුද්දකම යනකම් . ඒත් දැන් නම් හොඳටම හොඳයි . මගේ ගාව නම් බේතක් තියනවා ඒත් ඒක කකාට හරියන්නේ නෑ .

    ලෙඩේට සුභ පතනවා !!

    ReplyDelete
  26. හොඳ ඇක්ෂන් ගේමක් කොමාට දාගෙන දවස් දෙක තුනක් ගහලා බලන්න.ලෙඩේට බෙහෙත් හොයනවට වඩා හොඳයි ප්‍රතිවිෂට ඇබ්බැහි වෙන එක. :)

    ReplyDelete
  27. දේශපාලන බ්ලොගයක් ලියන්න. සුදු වෑන් වලින් ඇවිත් බෙහෙත් දෙයි,නිට්ටාවටම සුව වෙන්න.හැබැයි ඒකට සිරි ලංකාවේ ඉන්න ඕනෑ.

    ReplyDelete
  28. //බ්ලොග්කොහොලික් ඇබ්බැහි වීම//

    කොහොලික් = ඇබ්බැහි වීම

    ???

    ReplyDelete
  29. මම කලෙත් බීට්ල් කරපු දේමයි . . වැඩිපුර ෆිල්ම්ස් බලන්න ගත්තා . . ඊට අමතරව පොත් බලන්න ගත්තා . . දැන් බ්ලොග්ද පොත්ද ෆිල්ම්ස්ද කියලා කිරලා බලලා කරන නිසා ටිකක් බැලන්ස්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක නිසා දුකා අයියා දැන් මාසෙකට සැරයක් වත් පෝස්ට් එකක් දාන්‌නේ නෑ..... නේද.....?

      Delete
  30. දැන් නම් ලෙඩේ යන්තම් සුවයි,
    මොකද බ්ලොග් වල ඉස්සරට වඩා අලුතින් පෝස්ට් වැටෙනවත් අඩුයිනේ..
    :( නැත්නම් මේ රීඩරේ අවුලක්ද මන්ද :(

    ReplyDelete
  31. I'm also suffering from that : No cure only the prevention

    ReplyDelete
  32. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    බ්ලොග්කොහොලික් රෝගයෙන් ගැලවීමට අවශ්‍ය සැමට එයට ඉඩ සැලසේවා!

    ReplyDelete
  33. ටීවී බලන්න . ටිකක් ඇවිදින්න යන්න . පුතත් එක්ක ක්‍රිකට් අතක් ගහන්න . දවසක් දෙකක් නොබලා හිටියම ආයේ මාර කම්මැලියි

    ReplyDelete
  34. මෙම රෝගය සම්බන්ධව මීට වඩා පර්යේෂණ කළ යුතුයි. මං හිතන්නේ ඔබට එහි කම්පන තත්වය ඇති වෙලා වගේ. දැනට‍ රෝගය වැඩි වශයෙන් බෝවීමට පටන් අරගෙන. මං හිතන්නේ මේ පිළීබද පර්යේෂණ නිබන්ධනයක් කරන්න අපේ මහ වෙදනා තුමාට භාරදුන්නනං හරි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.