Saturday 29 September 2012

බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages


සාදු කියන්න පින්වතුනී,
සාදු, සාදු, සාදූ

මංතුමා ඉතිං තායිලන්තේදී මහණ වෙස් අරගෙන පවා හිටිය පොරක් නේ, ඒ හින්දා අද මේ පෝය දවසේ හිතුණා පොඩි බණ පදයක් (දෙකක්, තුනක්) කියලා දාන්න.

හැබැයි ඉතිං මේවා අපි නොදන්න ඒවාත් නොවෙයි, බණමත් නොවෙයි.

වැඩි විස්තර මොකටද? අපි කෙලින්ම කවියට බහිමු!

අනවබෝධය

දුකින් පිරි ජීවිතේ සුවය ආදරයයැයි
සිතා මුසපත් ලෙසින්
ආදරෙන් බැඳෙද්දී
නොසිතුණිද කිසි විටෙක
ප්‍රේමතී ජායතී ශෝකෝ?

පැමිණි දුක් පැණි රසයි මුසාබස් දොඩාලා
හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
නොසිතුණිද කිසි විටෙක
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?

දොලොස් මසකට පසුව ඉරිතලා බිඳෙන්නට
සිත් දෙකක් ආදරේ මාළිගා තනද්දී
නොසිතුණිද කිසි විටෙක
සබ්බේ සංඛාරා අනිච්ඡා?

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි
නිකිණි පෝයටත් බණ පදයක් දාන්නං කෝ!

(image: http://www.inspirational-friendship-poems.com/love-and-sad-poems.html)

15 comments:

  1. යන්තං හෙටින් සාහිත මාසෙ ඉවරයි.

    ReplyDelete
  2. බ්ලොග් පෝස්ට් වලින් 6% වත් අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඒවා කිරීමට කකාට බල කරමු. (නැත්නම් අපි නරක මිනිස්සු කියන්න එපා හරිද?)

    ReplyDelete
  3. ඒ කියන්නේ ඔයා තායිලන්ත කෙනෙක් විවාහ කරගෙන ඉන්නේ?

    ReplyDelete
  4. 2 languages koheda ?

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ සිංහලයි පාලියයි අදුරගන්නත් බැරි ඇනෝ මොන මගුලකටද සිංහල බ්ලොග් කියවන්නෙ?

      Delete
  5. "Hithuna bana padayak dekak thunak kiyala danna.mewa banamath novei " mewata thami baila kiyanne. Harayak, rayak, atrhyak nethi wachana set ekak liyala boruwata uda paninawa.

    ReplyDelete
    Replies
    1. තම තම නැණ පමණින් දැන ගත යුතු

      නැණ නැත්නම් මොනව කරන්නද?

      Delete
  6. කවිය නං හොඳයි..ඒත් සාහිත්‍ය මාසය කියලා කවිම ලියන්න ඕනෙද කකා...කෙටි කතාවක් වගේ එව්වා එහෙම නැද්ද?

    ReplyDelete
  7. මේක යසයි...
    කවියේ ටයිටලෙත් හොඳා...
    ජය..

    ReplyDelete
  8. දුකින් පිරි ජීවිතේ
    සුවය ආදරයයැයි සිතා
    මුසපත් ලෙසින්
    ආදරෙන් බැඳෙද්දී
    නොසිතුණිද කිසද විටෙක
    ප්‍රේමතී ජායතී ශෝකෝ?

    පැමිණි දුක් පැණි රසයි
    මුසාබස් දොඩාලා
    හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
    නොසිතුණිද කිසද විටෙක
    දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?

    දොලොස් මසකට පසුව
    ඉරිතලා බිඳෙන්නට
    සිත් දෙකක් ආදරේ
    මාළිගා තනද්දී
    නොසිතුණිද කිසි විටෙක
    සබ්බේ සංඛාරා අනිච්ඡා?

    කාකා ඔයාගෙ කවියෙ විරිත පිටුවන්න ඕනෙ මේ විදිහටයි. නැත්නම් ඔයාගෙ කවි වලට අනිච්චාවත සංඛාරා....

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයා නම් සඟිස්කුරුත පොලෝසියේ වැඩ කරන රාලහාමි කෙනෙක් වගේ?

      Delete
  9. බඳින බඳින කයි පද වැල් ලිහීයන්
    ලියන ලියන කයි පෝස්ටු වැහීයන්
    කයි පරණවු දැමූ පයිය මැකීයන්
    සැත්තැම්බරේ මැයි ලෙසවත් පෙනීයන්

    ReplyDelete
  10. " setembare Mai " kakkage mai palawela bawa peneeyan. Kai pada kara thiyagena ohe giyaden. kai kiya kiya thawa baila liyapan. mewa balana apata..........

    ReplyDelete
  11. YAKO EHENAM MEKE BASA 3K THIYANAWANE.

    ReplyDelete
  12. @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.