Friday 7 September 2012

චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!


දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?

ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.

සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.

කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.

හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.

අන්න ඒකයි අද කතන්දරය.

මෙන්න අද කයිය.

ඉනික්බිතිව එළඹියේ වසන්තයයි

රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
කුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා

කුසුම් පිපී හිනැහුණු ඒ මොහොතේ
සිතුම් දහක් සිත පැන නැගුණා
පෙරුම් පුරා සිටි වදන් ගලද්දී
පැතුම් හදවතේ පිළිසිඳුණා


ඔය කෑලි දෙකම එකතු කළාම තමයි කයි-කතන්දරය හැදෙන්නේ.

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.fantasticfailures.com/?p=37)

33 comments:

  1. ඔව්. ඒකනේ කියන්නේ ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ. සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ කියලා

    ReplyDelete
    Replies
    1. මගේ මේ වාක්‍යය පැහැදිලි කරලා දුන්නාට ස්තුතියි!

      "හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි."

      Delete
  2. හැබැයි පුතේ ඔය අටලෝ දහම ඔය කියන විදිහට මාරුවෙන් මාරුවට නම් එන්නේ නැහැ.. දුක් එක්ක අපහාස නින්දා අලාබ පේලියට එනවා.

    ReplyDelete
    Replies
    1. නමුත් දුක අඩු වුනොත් ඉතිං ඒකත් එක්තරා සැප නේ. හරියට මේ පහල අංකල් කෙනෙක් (Anonymous -September 7, 2012 1:09 PM) කියලා තියෙනවා වගේ.

      Delete
  3. HAS THOPA KRAMYEN LIYAPU PALALI KAIYA PESASUMATA LAK KARAMI .( KAI PADA BANDINA SEEYA. )

    ReplyDelete
    Replies
    1. හස්තෝප ක්‍රමය මම නොදනිමි.

      මේ කවිය ඇතුලත් පොත හස්තද්වාරයෙන් (මූද්‍රණද්වාරයෙන් නොව) ප්‍රකාශනය කරපු බවයි මා කියා ඇත්තේ.

      ස්තුතියි සීයේ. පද බැඳගෙන කරට අරගෙන යන්න.

      Delete
  4. ඔය මායාවෝ කියන පොත සෑහෙන ලොකු එකක් වෙන්ඩ ඕන. නැත්නම් මේ කවි ලියන ලිවිල්ලට සාමන්‍ය පොතක් නම් තුන්පාරක් විතර ඉවර වෙලා !

    ReplyDelete
    Replies
    1. මුල් දෙවසරේ කවි හස්තද්වාරයෙන් පබ්ලිෂ් කෙරුවේ "හන්තානේ කඳු පාමුල" කියන පොතේ.

      මායාවෝ පොතේ තියෙන්නේ තුන්වන සහ සිව්වන වසරවල ලියූ කවි.

      Delete
    2. ඔය පොත් එකක්වත් ප්‍රින්ට් කලේ නැද්ද. එහෙම ප්‍රින්ට් කරපු පොතක් හොයාගන්ඩ නැද්ද ?

      Delete
  5. "රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
    කුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
    මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
    සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා"

    කක්ක බරක් හැදිලා යද්දී ලස්සන වැසිකිලියක් දැක්කම මටත් මේ වගේ හිතෙනවා.ඔබ තුමාගේ බ්ලොගේ බලේ තමයි ඉතින්. කලින් මෙහෙම හිතුනේ ගැනු ළමයි ගැන.
    කවිය නම් පට්ටයි. කම්මලක ඉගෙනගත්තට හොඳ කළා හැකියාවක් තියෙන මහත්තයෙක්.

    ReplyDelete
    Replies
    1. කක්කුස්සි ඔයාට හිනාවෙලා කතා කරනවාද?

      Delete
    2. කකා ඒ ප්‍රශ්නෙ අසාධාරණයි. නිර්මාණයක ඕනෑම දෙයකට සජීවී හෝ අජීවී හෝ කතා කරන්න, හිනා වෙන්න පුළුවන්.

      උදාහරණයක්:

      හිරු මා හා කතා කළා - සඳු මා හා සිනාසුණා
      ඔබ මා හා කතා කළේ නෑ - ඔබ මා හා සිනාසුණේ නෑ

      Delete
    3. මං අදහස් කලේ අපි නං ඔතන ගිහින් වැඩ දෙකක් කරන නිසා එකක් හිනාවටයි, අනික කතාවටයි සමාන කරන්න පුළුවන්. නමුත් පිලිතුරු ඇහෙන්නේ, පෙනෙන්නේ නෑ නේ?

      දයාරත්න ගේ සින්දුවේ කියවෙන්නේ නොවෙන දේවල් සමාන කිරීමක් කියලා හිතන්නත් පුළුවනි. හරියට ඉබ්බන්ගෙන් පිහාටු, Pigs Fly වැනි උපමා වගේ.

      Delete
    4. කකා ඇනෝලත් එක්ක වෛරෙකින් ඉන්නෙ.. ඒකයි මේ ඇනෝගෙ විවරණය සමච්චලයට ලක් කරන්න උත්සාහ කරන්නෙ.. නමුත් එම ඇනෝගේ ඒ අදහස සරල ලෙසම ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බැවින් කකාගේ කොමෙන්ටුව තුල ඇති වෛරී චේතනා සැමට ප්‍රදර්ශනය වේ..

      -thush aiya

      Delete
    5. @ Thush Aiya,

      වෛරී චේතනා ???

      පුහ්, මාරයි!

      Delete
  6. අපිත් බ්ලොග් කෙරුවාවට ආවා. සපෝර්ට් එකක් දෙනවැයි.?

    ReplyDelete
  7. හන්ස ගීතයෙන් මල බෙර වයනා
    බ්ලොග් ලෝකයක නටබුන් අභියස
    පාලුගෙයි වලන් බිදිනා
    කාර්ඩ්බෝඩ් විරුවානෙනි..

    ඔබේ බ්ලොගේ ඇති පඩගද ගූ ගද
    ලොවම සිසාරා අපට දැනේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න බලන්න මගේ බ්ලොගයේ අතුරු පලයක්.

      පේනවා නේද තවත් කවියෙක් තටම තටමා බිහිවෙනවා!

      Delete
    2. හොඳ හැකියාවක් තියෙන ඇනෝවෙක් !!!!
      කවිය කියවා සතුටු උනෙමි !

      Delete
    3. දුවන පනින නටන ගයන විටදී අඳින පටි ජොකු ගැන
      බෙට්ටක් ගැන පඩයක් ගැන කමකට නැති කතා ලියන
      හුජ්ජ කරන රෙන එක ගැන නිතරම අනුසාසන දෙන
      පිළිගමු අපේ කක්ක (කකා) මැතිඳු නොමිලෙම මේ ආතල් දෙන

      Delete
    4. මෙන්න බලන්න මගේ බ්ලොගයේ අතුරු පලයක්

      මගේ බ්ලොග් එක චා වෙනවා...
      කුනු ඇනෝල මෙහි රෙනවා...
      කොමෙන්ට්ස් හිට්ස් වැඩි වෙනවා...
      මාව නිකන් උඩ යනවා...


      සැම දෙන විකුනන් කනවා...
      කාල කාල නිදියනවා..
      හෙට උදේට ඇහැරෙනවා...
      ඇනෝ නිසා ගොඩයනවා...

      Delete
  8. සූරියාඅරච්චි මහත්තයෝ...
    පුලුවන් නම් පෝස්ට් එකේ කමෙන්ට් ටික උදෙම්ම පබ්ලිස් කරලා දාන්ඩ... පෝස්ට් එක වගේම කමෙන්ට් ටිකත් රසවත් !!!
    පුලුවන් නම් මේ උලවු මොඩරේට් කිරිල්ල නවත්තලා දාන්ඩ... !!!

    ReplyDelete
  9. මම හිතන්නේ පළවෙනි කවේ තියෙන දුකත් එක්ක දෙවෙනි කවේ තියෙන සතුට වර්ධනය වෙලා පේනවා.ඒක ළමයි සීයක් විතර ඉන්න එකෙක්ට තව ළමයෙක් ලැබෙනවට වඩා අවුරුදු ගාණක් පෙරුම්පුරලා එක එක ඉරියවුවලින් වැඩේ කොරලා බලලා ඩොකාලා ගාව රස්තියාදුවෙලා බාර හාර වෙලා හදා ගත්තු ළමයා වටිනවා වගේ.

    මොකෝ වෙන එකක් එක්ක සෙට් වෙලා ආතල් එකේ ඉද්දි ඔය එක දැක්කට ඔය ආතල් එකම එයිද?අටලෝ දහම කැරකෙන්නෙත් ඔය වගේ සංසන්දනාත්මක චින්තනේකට කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඔව් අට ලෝ දහම නං සම සමව නෑ තමයි. නමුත් ලෝ ඔෆ් ඇවරේජස් කියලා එකකුත් තියෙනවානේ?

      Delete
  10. හොඳා හොඳා ඒක එහෙම නම් :)

    ReplyDelete
  11. Aug. 29th post eke boga daapu Ano. - dan onna wede hari ude 6 ta post eka eliyata awama comments eliyata enne sawasa 6 ta. dan onna hari pare yanawa apitath oone kale ooka thama. meke kaka hama dama liyanne eya vissa vijjale hitapu ekai, athe mokakda karapu eki. melo rahak nathi wachana peli tikak liyala kaiyak lu. anek ewath ehemi. pada,choo, jee, hotu, kana kasana eka. meyage kathandara walata wada honda comments. thawa bogala tikadenek boruwata meyage pita kasanawa. thamntama trumpet eka gaha gannawa. warna patallawa withari. Meyage yahalu bogekutath dan comments block karagana inna wedekala. Mata dawasak Pon Snake kiwwa, Atama nohoth Sujiyata.

    ReplyDelete
    Replies
    1. අවංකවම මට නං මේ ලියලා තියෙන දේ කියවන්නත් අමාරුයි, කියෝපු ටික තේරෙන්නේත් නෑ.

      Delete
  12. සාහිත්‍ය මාසෙට පල කරන පෝස්ට් දැක්කාම හිතාගත්ත හැකි රටට කෙලවිලා තියෙන තරම

    ReplyDelete
    Replies
    1. අන්න ඒ බව ඔහේලාට කියලා දෙන එක තමයි මගේ මේ ව්‍යායාමයේ අරමුණ!

      Delete
  13. සියළු දෙනාටම මගේ ස්තුතිය පිරිනමමි!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.