Thursday 23 August 2012

සතියේ පඬි වැකිය - Nothing else to do today!


"ආයුබෝවන්" යන සිංහල ආශිර්වාදය ක‍්‍රම ක‍්‍රමයෙන් අප අතරින් ගිලිහෙමින් පවතී. එය අද වන විට සම්ප‍්‍රදානුකූල උත්සව අවස්ථාවන්ට පමණක් සීමා වී ඇත. ඒ වෙනුවට අද අපි, "How are you?" යන්නේ පරිවර්තනයක් ලෙස සැලකිය හැකි, "කොහොමද?" යන අර්ථ විරහිත පදය යොදා ගන්නට පුරුදු වී ඇත්තෙමු. ජාතික ඇඳුමට වඩා කලිසම ඇඟට පහසු වූවා සේම, "කොහොමද?" යන්න දිවට පහසු වූවා සේය.

බොහෝ විට "ආ-ඉ-බෝං" කියා උච්චාරණය කෙරෙන, "ආයුබෝවන්" යන පදයේ අප දන්නා පරිදි තේරුම නම් ඔබේ ආයුෂ වැඩි වේවා යන්නයි. මෙය ඉතා උසස් පැතුමකි. ආශිර්වාදයකි.

ජීවිතයේ අගය, ජීවත් වීමේ අගය, ඉතාමත් හොඳින් දැනෙන්නේ, ජීවිතය අවසාන වීමට ඔන්න මෙන්න කියා තිබී ඉන් ගොඩ ආ විටය. අවුරුදු සියයක් ජීවත්වීමට අවශ්‍යතාවයක් මෙන්ම දිරියක් ද එවිට ඇතිවේ. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මෙවැනි මරණමංචක අත්දැකීමක් ලැබ, ඒ ගැන අන් අයට පවසන්නට ඉඩ ලැබෙන්නේ අප අතරින් කිහිප දෙනෙකුට පමණි.

තමන් ගේ ආයු බෝ කර ගන්නට අවශ්‍ය නම්, තම ශරීර සෞඛ්‍යය ගැන තරමක හෝ සැලකිල්ලක් දැක්විය යුතුය. අසනීපයක් හැදුණ විට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම පමණක් මින් අදහස් නොවේ. නිසි වෛද්‍ය පරීක්‍ෂණ නිසි කලට කිරීම මෙන්ම පොදුවේ තම ශරීර සෞඛ්‍යය ගැන සු-සකී‍්‍රය (pro-active) ලෙස කටයුතු කිරීමද අත්‍යාවශ්‍ය වේ. මේ කරුණු අප අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. අනන්ත වාරයක් අසා ඇත්තෙමු. සමහර විටෙක, මද උනන්දුවක් ඇතිකර ගන්නෙමු. නමුත් අවාසනාවකට මෙන් මද කලකින් ඒ සියල්ල අමතක වී යයි.

හොඳ ශරීර සෞඛ්‍යය, පිරිසිදු වාතය මෙනි. අප අවට වාතය පිරිසිදුව තිබෙන තාක් කල් අප ඒ ගැන කිසි ලෙසක හෝ නොසිතා, ඔහේ ආශ්වාස ප‍්‍රාශ්වාස කරමින් සිටිමු. පිරිසිදු වාතය නැතුව ගිය විටය, එහි අගය දැනෙන්නේ. ඒ ලෙසින්ම, අසනීපයක් නැතුව සිටින තාක් කල් අපි ඒ ගැන නොසිතා, කෙළිදෙලෙන් කල් ගෙවන්නෙමු. හොඳ ශරීර සෞඛ්‍යය නැතුව ගිය විට, එහි අගය දැනේ.

ගද්‍ය හෝ වේවා, පද්‍ය හෝ වේවා, රංග , නර්තන, නූර්ති, වාදන, ගායන හෝ වේවා, මොනයම් හෝ සංස්කෘතික අංගයක රස හොඳින් විඳින්නට වුවද, හොඳ ශරීර සෞඛ්‍යයක් තිබිය යුතු බව මගේ අත්දැකීමයි.

සති අන්තයේ උණ සෙම්ප‍්‍රතිශ්‍යාව බෝකර ගත් මා අද ජනප‍්‍රිය හයවෙනි දවසේ ද ඉන් පීඩා විඳිමින් පසුවෙමි.

මට සුව ප‍්‍රාර්ථනා කළ සැමට මෙන්ම උණ සෙම්ප‍්‍රතිශ්‍යාව වැඩිවී "නිව්මෝනියාව" වැළදේවා යැයි පැතූ ඇනෝනිමස්කාරයාට ද මගේ අවංක ආදර ස්තුතිය මෙයින් පිරිනමමි.

ඔබ සැමට ආයු-බෝ-වේවා!!!

-කතන්දරකාරයා


55 comments:

  1. ආවඩා ආයු බොහෝ වේවා :)

    ReplyDelete
    Replies
    1. අයියෝ.. නිව්මෝනියාව හැදෙන්න කියල මම කිව්වෙ විහිලුවටනෙ.. ඕක ඔච්චර සිරා ගන්න එපා..
      හීනියට පොඩි ශොට් එකක් දෙකක් දාගන්න.. ලෙඩ දුක් නිවාරනයි..

      -thush aiya

      Delete
  2. DAN PNEUMONIA SANEEPADA ? MEKATA MOKAK DA API DANA COMMENT EKA.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ට් එක නම් මොකක් වෙයිද කියලා නම් දන්නේ නෑ.. ඒත් කතන්දරයගේ රිප්ලයි එක නම් ,

      අද මේ පෝස්ට් එක දැම්මේ ඔබ (සහ ඔබ වැනි ඇනෝලා) වෙනුවෙනි.

      අදහස් දැක්වීම ගැන ස්තුතියි!

      Delete
  3. භාශාව පිළිඹදව කථා කිරීමේදී ,භාවිතයේ පහසුව උදෙසා එහි යෙදීම් වෙනස් වීම් පිලිඹදව අප සතුටු විය යුතු සේම ඒ වෙනස අර්ථවත් කරගැනීමටද උත්සහ කළ යුතුවය . භාවිතයේ පහසුව උදෙසා යෙදීම් වෙනස් නොවුන විට සිදු වන්නේ එම භාශාව මළ භාශාවක් වීමය . භාශාව වනාහී පරිනාමය විය යුතු දෙයකි . වෙනස පිටු දැකීම වෙනුවට කළ යුත්තේ අර්ථවත් කිරීමය

    ReplyDelete
  4. ඔය ලෙඩෙන් ඔයා කීප සැරයක් පීඩා වින්දා මට මතකයි. නරකෙයි ඊ ඇන් ටී පොරකට පෙන්නුවනම්. මටත් ඕක තිබිලා ඉස්පැසලිස්ට් කෙනෙක් තමයි ගොඩ දැම්මේ..

    ගෙට් වෙල් සූන් හොඳේ....!!!!

    ReplyDelete
  5. ආයුබොහෝ වේවා...ඉක්මනට සනීප වෙන්ට.:)

    ReplyDelete
  6. ඕක නම් බලාගෙන ඉදලා බෑ මහත්තයෝ... දවස් 6ක් හෙම්බිරිස්සාවක් තියෙනවා කිවුවම සෙල්ලං යෑ...

    ReplyDelete
  7. ඇත්ත කියනවා. විමල් වීරවංශ සෙන්පති තුමාට කිණ්ඩියට නේද අදම මේක ලිව්වෙ? දේෂ ද්‍රෝහියා!

    http://www.lankadeepa.lk/index.php/articles/60405

    ReplyDelete
  8. ඔය උඩින් තියෙන නිරූපන චිත්‍රය (ග්‍රැෆික් එක) අයින් කරලා මේකට ඔබා මාමගේ පින්තූරයක් දැම්ම නම් කස්ටියට වැඩිය හොඳට වදිනවා! අදහස සලකා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ග්‍රැෆික් එකේත් කතන්දරයක් ඇත...!!!

      Delete
  9. හප්පොච්චියේ දැනුයි දැක්කේ. අර පේරාදෙණියේ සිංහයාට කඩුවක් නැත්තෙ මොකද? දැන් ඔය හැට හුටහමාරක් අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයෝ යුද්දෙට එනකොට ඒකා සටන් කොරන්නෙ අහවල් ලබ්බෙන්ද? මේක නම පැහැදිලිවම අන්තර්ජාතික කුමන්ත්‍රණයකි. අනුන්ට අභියෝග කරන කාලෝ ෆොන්සේකා පේරාදෙණියේ සිංහයාට කඩුවක් නැතිවීම ගැන නිශ්ශබ්ද ඔහු පල්ලියේ ඒජන්තයකු නිසාද?

    ReplyDelete
    Replies
    1. කඩුව බටේ නෙහ් !

      Delete
    2. මොනවද අයිසේ, ඔය විශ්වවිද්‍යාලෙ ඉන්නේ හරියට සංස්කෘත පාඨයක් දේවනාගරී වලින් ලියාගන්ට බැරි එවුන්ද?

      "සර්වාස ලෝචනම් ශාස්ත්‍රම්" - सर्वासा लोचनं शास्थ्रम

      "විද්‍යා දදාති විනයම්" - विद्या धधाथी विनयम

      දැන් ඔය ලියලා තියෙන මළ ඉලව්ව මේකෙන් කෝකද කියලා කියන්න පුළුවන්ද? ඕක දේවනාගරී නෙවෙයි වෙන මොකද්ද ඉළව්වක්. මට පේන්නෙ ක්‍රෙස්ට් එක ඇඳපු එකා තමන්ට පෙනිච්චි විදියට ඇඳලා.

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. මට අමතක උනා... උම්බෑ....උම්බෑ......දැන් තමයි සනීපයක් දැනුනේ .....

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  11. රජෙකු වුනත් ගිලන් වෙලා //
    එක්තැන් වුණ දා
    කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //

    ඉසුරු සමඟ හාද වෙලා //
    නොසතුට ආදා
    දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //

    බැරිවුණදා නෑදෑයන් //
    අතහැර ගියදා
    හිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //

    (ගායනය: සුනිල් එදිරිසිංහ)

    නිරෝගී වේවා....සුවපත් වේවා...ආයුබෝවේවා!

    ReplyDelete
  12. නිදුක් නිරෝගී සුව ලැබේවා..!!

    ReplyDelete
  13. නිව්මෝනියාව පැතු එකා ගැන පෝස්ට් එකේ සදහන් කර... වසර 2ක් හෙම්බිරිස්සාව පැතු මා අමතක කලේ ඇයි... ඔබ ගුනමකුවෙකි....


    ඔබේ හෙම්බිරිස්සාව තව වසර 5ක් වත් පවතීවායි මම නැවත ප්‍රාර්ථනා කරමි....

    ReplyDelete
  14. කතන්දර ලියැවේවා.
    ඇනෝලා වැඩි වේවා
    ලෙඩේ සුව වේවා
    කකාට ආයුබෝ වේවා.

    ReplyDelete
  15. ඕක මේ දවස් වල මේ පැත්තේ හැමෝටම තියෙන ලෙඩක් නේ :( . කාලගුනේ වෙනස් වෙන නිසා වෙන්න ඇති. අපේ ගෙදර අනිත් දෙන්නටම හැදිලා.
    කතන්දරට ඉක්මන් සුව! ගෙදර අනිත් අයට බෝ නොවේවා කියල පතනවා.

    ReplyDelete
  16. ෆොන් එක තියන කොට බුදු සරණයි කියන්න පුරුදු උනාලුනේ... ආයිබෝනුත් පුරුදු වෙයි... කැම්පේන් එකක් පටන් ගත්තනම්....

    ReplyDelete
  17. නයා ඇදුරුතුමාගේ එකාටත් වඩා දිගයි වගේ! ඔහොම තමයි ඕක හැදුනහම. නරකද පොඩි අඩියක් ගැහුවොත්!

    ReplyDelete
    Replies
    1. එක්ලක්ස හතලිස හතරදාහ තාම අකුරු හතරේ බැංකුවේද?

      Delete
  18. කකා මේ ඇනෝලට වෙන මොකුත් වැඩ නැත්ද බං. ඔය කාලය පෝස්‍ටුවක් කොටන්න යෙදෙව්වානම් ඒවගේ ආතල් ගන්න කැමති උන් හරි ගෙහුන් කියවන්නේ නැතැයි.
    ගෝත #@තලා බං.!
    එනිවේ, උඹට ඉක්මන් සුවය. ආයුබෝවන්....!

    ReplyDelete
    Replies
    1. කකා ඇනෝ වැහුවොත් අපි සියදිවි නසා ගන්නවා. කකාගෙයි ඇනෝලගෙයි සම්බන්ධෙ ඔබතුමා තාම දන්නෙ නැතුව වගේ. කකා සහ ඇනෝ කියන්නෙ ජාඩියට මූඩිය, වල්ලට පොල්ල, නරියට කැලෑව වගේ. කකාගෙ කතා වලට වඩා ඇනෝලගෙ කමෙන්ට් බලන්නම මෙතෙන්ට එන කී දෙනෙක් ඉන්නවද.

      Delete
    2. අර එකෙක්ට "බට්" අමාරුවක් තියෙනව. තව එකෙක්ට "සෝ" අමාරුවක් තියෙනව. උඹට තියෙන්නෙ "එනිවේ" අමාරුවක්ද?

      Delete
    3. ඇනෝ කමෙන්ට් නැත්නම් කතාවේ මෙලෝ රහක් නැතුව යනවා !
      ඒ නිසා ඇනෝ කමෙන්ට් තිබිච්චදෙන් !

      Delete
    4. @ ඇනෝ

      උඹ හරියටම කිව්වා ඇනෝ මට ඒ අමාරුව තියනවා. ස්තුතියි හදුනා ගැනීමට සහ දැනුවත් කිරීමට.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  19. ඔය පැත්තෙ වහිනවයි

    ReplyDelete
  20. කකාට ආයු බෝ වේවා!

    ReplyDelete
  21. කෝපි කඩේ පටන් ගත්තු කාලේ මේ වගේ එපිසෝඩ් එකක් තිබුණා.

    මුදලාලි කඩේ කරගෙන යාම හරි නෑ කියලා හාමිනේයි, පුතයි, දුවයි විරෝධතා දක්වනවා. (මේකේ යටි අර්ථයක් තිබුණා. මුදලාලි කිව්වෙ ජේ.ආර්. හාමිනේ සිරිමා, පුතා අනුර. නමුත් මේ කතාවට ඒක වැදගත් නෑ.)

    මුදලාලි ඉතින් කල්පනා කරනවා තුන්දෙනාට එක දවස ගානේ කඩේ වැඩ බාර දෙන්න. තුන්දෙනාම අල කර ගන්නවා. කොහොමද කියලා හරියටම මතක නෑ. නමුත් අවසාන විනිශ්චය දෙන්නෙ එන්සිනා: "අනේ තොපි කරන ලඩ!"

    ඉතින් මුදලාලි ආපහු කඩේ බාරගන්නවා. එතෙකොට එන්සිනා මෙහෙම කියනවා: "අනේ අපේ මුදලාලි විතරයි ලඩේ වුණත් කඩේ විදියට කරන්නෙ!"

    මෙන්න මගේ විනිශ්චය:

    "අනේ අපේ කතන්දර විතරයි බොගේ වුණත් බ්ලොගේ විදියට කරන්නෙ"

    ReplyDelete
  22. හීනමානයක තරම! මොරටුව ඇත්තේ පෙරදෙණියට යටින්ය.

    ReplyDelete
    Replies
    1. මෙන්න සතියේ කමෙන්ටුව!

      ඇත්තටම මගේ අසනීපෙත් සනීප වුනා මේක දැකලා.

      මෙය ලියූ පුද්ගලයා මොරටුව විවියේ සිසුවෙක් හෝ සේවයකරන්නෙක් කියා සිතා ඒ විශ්ව විද්‍යාලයට අපහාස කරන්නට මං කැමති නෑ.

      කොගොම වුනත් මේ කමෙන්ටුව නිසා මගේ ලබන සතියේ පඬි වදනට මාත්‍යකාවක් ආවා. ස්තුතියි ඇනෝ.

      Delete
  23. ආයු බොහෝ වේවා!!

    ReplyDelete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  25. Get well soon Kaka..!

    ReplyDelete
  26. ලෙඩේ සුව වෙන්නට පතමි ! කාමරේ පැත්තට එන්නට ඇරයුම් කරමි... මේ දිනවල අප කරන්නට යන සත්කාරයට හැකිනම් සහයෝගයක් දෙන්න... විස්තර කාමරෙන්...

    ReplyDelete
  27. හොඳ ඔවදනමක් වගේම ඉක්මන් සුවය ලැබේවා.

    ‍ටුවරිසම් වලදිනම් ආයුබෝවන් පාවිච්චි වෙනවා හරියට..

    ReplyDelete
  28. කකාට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  29. නිරෝගී සුවය පතමි !

    ReplyDelete
  30. මටත් ඊ‍යේ හැදුනා. කකාගේ බ්ලොග්රෝලේ ඉඳල මගේ බ්ලොග් එකට එනකට්ටියගෙන් බෝ වුනා වගේ. එහෙනම් ඔබටත් මටත් ආයුබෝවේවා.

    ReplyDelete
  31. @ All

    මට සුවය පැතු හැමටම ඉතාමත් ස්තුතියි.

    දැන් මට තරමක් සුවයි. අද බැරි බැරි ගාතේ වැඩටත් ගියා සතියකට පස්සේ.

    සතියේ පඬි වදන කවුරුත් හිතට ගන්නට ඇතැයි සිතමි.

    ලබන සතියේත් මෙවැනි පඬි වදනක් ලිවීමට සිත්විය!

    ReplyDelete
  32. අර උඩ තියෙන ඒවගේ කතන්දර ඉගැන්නුවද? මුල් දෙකට ගියා කියමුකෝ. අනික් ඔක්කොම ඒවගේ ඉගැන්නුවනං කතන්දරට සෑහෙන වයසයි නොවෑ

    ReplyDelete
  33. මචෝ ! .කාලෙකින් ලියන්නේ . මේ university උඹ සහ පරපුර වැස්සට ගිය ඒවායැයි අනුමාන කරමි.

    ReplyDelete
  34. SUJIYO, ME PATHTHATA PAYANAWA, ( ATAYA )= One end of that thing

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.