Monday 26 March 2012

ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority complex?


මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී හිටපු හොරණ පැත්තේ කඩෙන් සුදු කමිසයක් ගන්න ගිහින් අන්තිමට ජොක්කු සයිස් එක තෝරන්න වෙච්ච කතන්දරේ නං ඉතිං කතන්දර බ්ලොග් එක කියවන බහුතරයක් දෙනා කියෝලා තියෙනවානේ මේ වෙනකොට.

ඒකේ දාලා තියෙන ඔසී පිලේ ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ගේ ෆොටෝ එකට ගෑල්ළමයි සමහරු බයයි වගේ.

අද කියන්න යන්නේත් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බක් ගැන කතන්දරයක්.

මේ පාර සිද්ධිය වුනේ පිළියන්දල කඩේකදී. සාප්පුවේ නම නං හරියටම මතක නෑ. ටවුමේ කැස්බෑව පැත්තට වෙන්න කොළඹ යන්න බස් නවත්තන පැත්තේ තියෙන ලොකු කඩ කීපයෙන් එකක් මේක. පාරේ ඉඳලා කඩේට ඇතුල් වුණාට ඒ දවස්වල සල්ලි ගෙවා පිටවෙන්න තිබුණේ බිම් මට්ටමට වඩා යටින් තියෙන තට්ටුවක ඉඳලා පඩි නැගලයි.

ඔන්න ඔය බේස්මන්ට් එකේ සල්ලි ගෙවන තැනදී තමයි මේ සිද්ධිය වුනේ.

මං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ජොක්කු තුන් දෙනෙක්ම ගත්තා එදා. එකක් රුපියල් 160 කියලා හැම පෙට්ටියකට ස්ටිකර් එකක් ගහලා තිබුණා.

ඉතිං 160x3=480 යි නේ. මං පෙට්ටි තුන කැෂියර් කෙල්ලට දිලා යි දාහේ පටියකුත් ඇදලා දුන්නා සල්ලි ගන්න.
පොඩි එකෙක් වුනත් දන්න විදියට 1,000-480=520 යි නේ. ඉතිං මං පන්සීයේ කොලේකුයි, විස්සේ කොලේකුයි ඉතුරු සල්ලි විදියට ලැබෙන කං බලං හිටියා.

මං දැක්කා කෙල්ල සීයේ කොල ගණිනවා. එතකොට මං හිතුවේ පන්සීය වෙනුවට සීයේ කොල පහක් දෙන්නයි යන්නේ කියලායි.

ජොක්කු පෙට්ටි දාපු උරේයි, බිල් තුණ්ඩුවයි එක්ක මට ලැබුණේ රුපියක් 400 යි. මුං මගෙන් 600 ක් අරං.

"මෙතන සල්ලි අඩුයිනේ. එකක් 160 ගානේ සේරම 480 නේද? මට 520ක් ලැබෙන්න ඕනෑ."

"නෑ, නෑ, මේවා අද ස්පැෂල් සේල් නිසා 20% ක් අඩුයි. සාමාන්‍ය ගාණ එකක් 250 යි. එතකොට තුනට 750 යි. සේල් ඩිස්කවුන්ට් එක අඩු කළාම 600 යි. ඉතුරු සල්ලි 400 තමයි ඔය මං දුන්නේ."

"ඉතිං සේල් එකක් තියෙනවා නං, ඒ සේල් ගාණ මේ ස්ටිකර් එකේ තියෙන ගාණට අඩු වෙන්න ඕනෑනේ. සේල් ප්‍රයිස් එක කොහොමද ස්ටිකර් එකේ තියෙන ගාණට වඩා වැඩි වෙන්නේ?"

"මං දන්නේ නෑ. මං ගත්තේ හරි ගාණ කෙල්ල කිව්වා."

"ඔය කියන 20% සේල් එක තියෙනවා නං මගෙන් ගන්න ඕනෑ රුපියල් 480ටත් වඩා 20%ක් අඩුවෙන් නේද? දැන් මගෙන් ඔයා වැඩිපුර 20%ක් අරං නේ!"

මාත් අතහැරියේ නෑ. මොකටද කඩකාරයින්ට සල්ලි නිකං දෙන්නේ, අර පාරේ ඉන්න හිඟන්නෙකුට හරි, ස්වීප්කාරයෙකුට හරි දෙනවානේ.

"මිස්...!!!" කෙල්ල කෙඳිරි ගෑවා.

මිස් එතනට ආවා.

ගත්තා බඩුයි, බිලයි, ඉතුරු සල්ලියි.

ගණං හැදුවා.

මගේ අතට රුපියල් 520 කුයි, බඩු ටිකකයි, අළුත් බිලකුයි දීලා යන්න හැරුණා.

"ඉතිං එච්චරද?" මං ඇහැව්වා.

"ඔව්! එකක් 160 ගානේ තුනට 480 යි. ඉතුරු සල්ලි 520 ක් දීලා ඇති."

"ඒක හරි. නමුත් මගෙං වැඩිපුර සල්ලි ගන්න ගිය එක ගැන අඩු ගානේ සොරි කියලාවත් කියන්නේ නැද්ද?"

මිස් ගේ මුණ නිකං හිස් කඩදාසියක් වගේ. ජීවිතේට සොරි කියලා වචනයක් හෙම අහලා නෑ වගෙයි.

කෙල්ලත් අනේ මට මක්කෙයි වගේ ලුක් එකක් දාගෙන ඉන්නවා.

"ඕ ගොල්ලන් ගේ පුදුම පාරිභෝගික සේවාවවක් නේ තියෙන්නේ. හරිම ලස්සනයි"! මං කිව්වා.

මිස් ගස්සගෙන යන්න ගියා.

කෙල්ලත් මාව නිග්ළෙක්ට් කරලා පෝලිමේ ඊලඟට හිටිය පොර පැත්තට බෙල්ල උස්සලා බැලුවා.

මාත් ඒ පැත්ත බැලුවා. පෝලිමේ උං ටිකත් නිකං ගල් ගිල්ලා වගේ ඉන්නවා.

කේන්දියකටත් වඩා මට දැනුණේ මහා සංවේගජනක හැඟීමක්.

අනේ අපේ රට! අනේ අපේ ජාතිය!!

තමන් අතින් වෙච්ච වැරැද්ද පිළිගෙන සමාවෙන්න කියන්න දිව නැවෙන්නේ නැත්තේ අපි ලෝකෙන් උතුම්ම රටේ ඉන්න ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය නිසා වෙන්න ඕනෑ!!!

-කතන්දරකාරයා

ප/ලි:
මේවා ලියනවාට වඩා හොඳයි අර වවුල් ජොකෙක්වත් හොයාගෙන මූණේ මුකවාඩමක් බැඳගත්තා නං.


(image: http://www.panoramio.com/photo/35139630)

54 comments:

  1. ඕක අද හැමතැනකම වෙනවා සුපිරි පැලැන්තියෙ කඩ වල විශෙෂයි

    ReplyDelete
  2. අපේ එවුන්ට මුල ඉඳලා හැදියාව කියලා දෙන්න ඕන...
    කොහෙද ඉතිං... ඉහල තැන ඉඳලා පහලම තැන දක්වා තියෙන්නෙ මහන්තත්තෙ නෙ...
    එකෙකුට එකෙක් නිහතමානි වෙන්න දන්නෙ නෑ...
    මට නං මේවා කියලා ඇති වෙලා....
    ඒක නිසාම කියන්නෙ නෑ...
    අපේ එකෙක් හදාගන්නවා ඇරෙන්න....

    ඇල්

    ReplyDelete
  3. CIB eka neda?

    ReplyDelete
  4. පුදුමේ කියෙන්නේ "ඔය කියන දේවල්" ගන්ට ගිය වෙලාවෙම ඔය කියන දේ සිද්ධ උනු එකනේ. :D

    ReplyDelete
  5. ලෝකෙන් උතුම් රට ලංකාවයි..!! මෙන්නෝ, විජාතික බලවේග රටට අවමන් කරනෝ..!!

    ReplyDelete
  6. කතන්දරගෙ කතාව හරි. අපේ රටේ කඩ සාප්පු වල කස්ටමර් සර්විස් කියන එක නම් අන්තිමයි. මම ගිය වර ගියා සාප්පුවකට ඉලෙක්ට්‍රික් බඩු විකුණන. හිටිය එකම කස්ටමර් මම විතරයි. කඩේ හිටි කොල්ලො දෙන්න බර වාදයක්. කවුද ආවෙ ? හොරෙක්ද? කියලවත් ගානක් නෑ. මම විනාඩි තුනක් විතර බලා ඉඳල ඇහුව බැරිම තැන මෙතන වැඩ කරන කවුරු හරි ඉන්නවද කියල.

    ReplyDelete
  7. හරිනං කතන්දර මහත්තයා තමයි "සොරි" කියලා කියන්න ඔනේ, මොකද අර රාජකරි කන්දරාවක් කර කර හිටිය "මිස්" නෝනාව මේ රුපියල් 120කට කැෂියර් කුඩුව ළඟට ගෙන්න ගත්ත එකට....

    කොහොමත් ඔය " සොරි" කියන වචනේ තියෙන්නේ අනිත් අයට අපිට කියන්නනෙ.ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට අපිට පුළුවන්ද අනිත් අයට "සොරි" කියන්න,ශ්‍රේෂ්ඨකමේ තත්වයට හොඳ මදිනේ..

    ReplyDelete
  8. මේ වගේ මූලික ගුණධර්ම අපේ නායකයන් විසින් ආදර්ශයෙන් පෙන්වා දිය යුතු දේ.
    මං මේ නයෙක් අරිනවා නොවෙයි. අපි හැමෝම ගරු කරන නායකතුමෙක් ගැන මට හිතුනා ඔය දේම, එතකොට එතුමා පොඩි ඇමති කෙනෙක්. විදේශයක සේවයේ යෙදී සිටියදී එතුමා අප සේවය කල තැන බලන්න ආවා. එතුමා යම් පොඩි දෙයක් ඉල්ලුවා මා එය ලබාදුන්නා.
    මට එදා ස්තූතියි නොකීවාට යම් චූටි සිත් තැවුලක් ඇති උනා.

    ReplyDelete
  9. එහෙමත් සොරි කියන්න පුලුවන්ද ? ඒකට අය කරලා නෑනේ ...

    ReplyDelete
  10. කෙල්ලයි , මිසුයි දෙන්නම හරි. වරද 160 කියල ප්‍රයිස් ටැග් එක ගහපු එක්කෙනාගෙ. ගණිතය අනුව එතන ඩිස්කවුන්ට් එක 36%ක්. It is not my job කියන තියරි එක තමයි එතන තියෙන්නෙ.

    ReplyDelete
  11. මටත් ඔය වගේ දෙයක් වුනා මහරගම සවීනා එකේදි.මාත් සාමාන්‍යයෙන් ගත්ත දේවල් වල මිල ගනන් හිතෙන් එකතු කරගෙන තමා බිල් කරන්න යන්නෙ.ඔන්න බොලේ දඩාර බිලක් වැටුනා.මං හොල්මන් වෙල ගියා.මං කිව්වා මෙච්චර මං ගනන් වෙන්න දේවල් ගත්තෙ නෑ කියලා.කැශියර් ගෑණු ලමය කියනවා හරි කියලා.එතන හිටපු මිස් ඇවිත් ගත්ත බඩුයි ගනන් කරලා බිල බැලුවාම එක බඩුවකින් දෙකක් ගත්ත එකක් අර ලමය 20යි කියලා ටයිප් කරලා.ඉතිං බිල වැඩි වෙන එක අහන්නත් දෙයක්ද. ඒ පාර වැරැද්දත් නිවැරදි කරලා.අර දෙන්නම මගෙන් සමාව ගත්ත දෙපාරක් තුන්පාරක් විතර.ඉතිං ආයෙ ආයෙ ඒ කඩේට යන්න හිතෙනවානෙ. ඔන්න මං හොද කඩයක් ගැන කිව්වා.

    ReplyDelete
  12. අපේ රටේ උඩ ඉඳන් යටටම තියෙන කම්පැනිවල කස්ටමර් සර්විස් අන්තිමයි.. (වෙන රටවලට ගිහින් නෑ.. ඒවල කතා අහලා තියෙනවා විතරයි.. )

    කඩේකට වුනත් එන මිනිස්සුන්ට සළකන්නෙ බල්ලො බළල්ලු ගානට.. හරියට උන්ගෙ සල්ලි වලින්ම අපි බඩු ගන්න ආවා වගෙයි..

    අනිත් එවුන් සික්කො.. හොඳට කිටක් එහෙම ගහලා ගියාම මහත්තයා කියලා දෙකට නැමෙනවා.. බැරිවෙලාවත් හදිස්සියට එහෙම මෙහෙන් ඇඳලා ගියොත් උන් බලන් ඉන්නෙ අපි උන්ට මහත්තයා කියන කන්...

    මම නම් කඩේට ගියාම ගණන් ගත්තේ නැත්නම් යනවා වෙන එකකට..

    මේකත් කියන්න ඕනා...මේ දවස්වල මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් සමහර සයිට් වලට යන්න බෑ.. අයිපී එකේ අවුලක් වගේ.. කම්ප්ලේන් කෙරුවෙ බ්‍රස්පතින්දා.. වරද බලන්න කාලය අවශ්‍යයයි කිව්වා තාම කෝල් කරේ නෑ.. අදට දවස් කීයක්ද?

    ඔන්න ලංකාවෙ කස්ටමර් සර්විස්..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  13. ලංකාවේ භාණ්ඩ සේවා හැම දේකම ඕක තමයි තත්වේ , ටෙලිකොම් එකට කථා කලාම රවුටරේ බලුබ් ගාන අහනවා , විදුලි බල මණ්ඩලේට කථා කලාම 'ගෙදර ටිප් එක වැටිලද ' අහනවා , විදුලි උපකරණ කඩ වල ඉන්න උන් ඒවායේ ෆීචර්ස් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ .

    ඉන්දීය සාගරයේ (අ)මුතු ඇටේ හැටි තමා

    ReplyDelete
  14. කස්ටමර් සර්විස්..ඒ මොකද්ද ඒ?!!!

    ReplyDelete
  15. කතන්දරටත් ඉන්නේ හරිම කස්ටමර්ලා ටිකක් තමා . පව් කතන්දර.

    ReplyDelete
  16. මෙහෙ ලොකු ඩිපාට්මන්ට් ස්ටෝස් වල නම් ඒ වගේ වැරද්දක් වුනොත් බඩු නොමිලෙ දෙනව. මට ඒ වගේ බඩු නොමිලෙ ලැබිල මන් ඇහුව වැරැද්ද කරපු කෙනාට අතින් ගෙවන්න වෙනවද කියල. නෑ කිව්ව.

    ReplyDelete
  17. මේ කියන්නේ ප්‍රසාද් එක ගැන වෙන්න ඕනේ!

    ReplyDelete
  18. මම නම් ජොකා ගේ කතාවට වඩා ගත්තේ ගොළුවන්ගේ කතාව. මම දැක්කා මෑතකදි ගොළු දැරියකට කට හඬ දෙන්න සල්ලි එකතු කරනවා ඔපරේෂන් එකකට. මම හිතන්නේ ලංකාවේ ඔක්කොම අය ඒ ඔපරේෂන් එක කර ගත්තනම් හොඳයි වගේ.. සොරි.. ඇක්ස්කුස් මී.. එකමුතුකම්.. පොඩි කාළේ ඉඳලම උගන්වන්න ඕන..

    ReplyDelete
  19. මම නම් ජොකා ගේ කතාවට වඩා ගත්තේ ගොළුවන්ගේ කතාව. මම දැක්කා මෑතකදි ගොළු දැරියකට කට හඬ දෙන්න සල්ලි එකතු කරනවා ඔපරේෂන් එකකට. මම හිතන්නේ ලංකාවේ ඔක්කොම අය ඒ ඔපරේෂන් එක කර ගත්තනම් හොඳයි වගේ.. සොරි.. ඇක්ස්කුස් මී.. එකමුතුකම්.. පොඩි කාළේ ඉඳලම උගන්වන්න ඕන..

    ReplyDelete
  20. ඉස්සෙල්ලම පිංතූරෙ ගැන:
    ගෑල්ලමයි බය නිසා කියල මයිකල් ක්ලාක් අයින් කරල ටවර් එකක් දාල තියෙන්නෙ ........? අනික මේක ජොක්කු පිලිබද පෝස්ටුවක්!

    කකාට 520ට වැඩිය ලැබෙන්න එපැයි 20%ක් අඩු කරල. හැබැයි හොද ගෑල්ලමයි ඉන්න තැනුත් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔය ටවර් එක තියෙන්නෙ පිළියන්දල නෙ.

      Delete
    2. අපොයි ඔවු.. නුගේගොඩ කීල්ස් එකෙන් මම ගත්ත බෝතල් එකහමාරකටම හොඳ ගෑණුළමයෙක් එකක ගාණ දාලා තිබ්බා...

      Delete
    3. හැබැයි පවු උන් අතින් ගෙවන්න ඕනෙ

      Delete
  21. කොහේ ගියත් කතන්දරට ජොක්කු මයි සෙට් වෙන්නේ ...!

    ReplyDelete
    Replies
    1. මුකුත් නිසා නෙමෙයි, මිනිහගෙ ඇටයක් ලොකුයි, ඉතින් හැමවෙලාවෙම ගන්න ජොක්කු ඉක්මනට සවුත්තු වෙනවා.....

      Delete
    2. @AnonymousMar 26, 2012 04:21 AM : ඔහේට නම් ජෝක්කු ඕනිම නැහැනේ.. කුට්ටම නැති එකේ නිකන් ජෝක්කු ඇඳලා දාඩිය දාගන්නේ මොකෝ...

      Delete
  22. මේ කියන්නෙ පිලියන්දල CIB එක ගැනනේ.මටනම් මේ සප්පුව ඇතුලට ගියාම නිකන් හුස්ම හිර වෙනවා වගේ. කිසිම ඉඩ පහසුවක් නෑ.මමනම් යන්නෙම පිලියන්දල ප්‍රසාද් එකට.ඔයාටත් වෙන්නේ හරිම වැඩ තමා

    ReplyDelete
    Replies
    1. ඔයා යන්නෙ ජන්ගි ගන්නද?

      Delete
    2. @AnonymousMar 26, 2012 04:22 AM: මෝඩයෝ ඉඩ කඩ නැති තැනක ජංගි ෆිටෝන් කරන්නේ කොහොමද ?

      Delete
    3. කාව්‍යා කිව්වේ මටත් හොදට හුරු තැනක්. ඒත් ප්‍රසාද් එකේ ලස්සන ඇදුම් නෑ...

      Delete
  23. සොරි කිව්වම මොකද වෙන්නෙ එතන. අපිට සන්තෝස හිතෙනවද? ඇයි එහෙම සන්තෝස හිතෙන්නෙ ?

    ReplyDelete
  24. කඩේ නම නම් කලින් කෙනෙක් කියල තිබුන හරියටම. CIB එක විතරයි ඔය කියල තියන විදියට පොලොව යටින් එලියට එන්න තියෙන්නෙ.දාල තියන පොටෝ එක්කේ තියන කනුව නම් බොහොම ප්‍රසිද්ද එකක් පිලියන්දල ඔරලෝසු කනුව.ලංකාවෙ තියන උසම ඔරලෝසු කනුව.අපි පොඩි කාලෙ හවසට ඔතනට ගියහම අපේ මන්තිරිතුමාව මුනගැහෙන්න පුලුවන්කම තිබුනා.සෝමවීර චන්ද්‍රසිරි ගැන අහපු අය ඉන්නවද? අන්න එයා.හවසට ඔතනට ඇවිත් දෙකක් දාගෙන ,කවුරුහරි කසිප්පු ටිකක් දුන්නොත් ඒකත් බීල, මිනිස්සු එක්ක කතා කර කර ඉන්නවා.බොඩි ගාඩ්ලා නෑ.

    ReplyDelete
  25. මේ ඉතින් සිරි ලංකාව නේ.. ඔව්වා ඔහොම තමයි... වැරදිලා වත් සොරි කිව්වා නම් තමයි post එක දාන්න ඕන..

    ReplyDelete
  26. සමහරුන්ගේ ශබ්ධ කෝශයේ ඔය වචනේ නෑ.. අන්න ඒ වෙනුවට කතන්දර අයියා ඒ ගෑණු ළමයට " සොරි ආයෙම ගනන් හදන්න මහන්සි කරන්න උනාට.." කියලා කිවුවනම් ඔයිට වඩා හොද ප්‍රතිචාර ලැබෙනවා..

    ReplyDelete
  27. ඉස්සො කොටුවේ ලාලිත්‍ර26 March 2012 at 18:15

    මේකනේ මල්ලි සීන් එක.. කෙල්ල හිතන්න ඇති උබ ඒකිට ට්‍රය් කියල.. මොකද උබ ජෝක්කු තුනක් අරගෙන උබ පිරිසිදුවට ඉන්න එකෙක් කියල ඒකිට ඒත්තු ගන්නන්න තමය හදන්නේ කියල හිතන්න ඇති... දන්නැද්ද හුගක් කෙල්ලෝ හිතන විදිහ ... ඕව ගණන ගන්න එපා මල්ලි .. ඕව අමතක වෙන්නත් එක්ක හොඳ ලස්සන කෙල්ලෙක් ඉන්න ෆර්මච්ය් එකකට ගිහින් කොන්ඩම් 3 ක ඉල්ලන්න .. හිත හදාගෙන ගෙදරයන්න.. කෙල්ලත් එක්ක සතුටින් ජීවත් වෙන්න.. අර ජෝක්කු තුනේ දැන් හිල් ඇති නේද.. අලුත් තුනක් ගන්න අර කඩේටම ගිහින් ඔයාගේ කෙල්ලත් එක්කම අරකි කැශියර් එකේ ඉන්න වෙලාවක.. කිඳී හින්වක් දාල යන්නම් කියල පිටවෙන්න .. අරකි ඊළඟ මාසේ මාරුවෙනකන් උබගන හිතල දුක වෙනවා සහතිකය්..

    ReplyDelete
  28. අද වෙද්දී අපේ රට ඔය අතින් නම් අන්තිමයි කසූ....කියලා වැඩක් නෑ....සමාවෙන්න කියන්න නම් දිව නමන්න නම් යකඩ වගේ රත් කරන්න ඕනේ....

    ReplyDelete
  29. kk hena amdaden ge munak dagena yanne ati jokala ganna..itin kellatath owa amataka wenna nati eka ahannath dyak tiyeda :D

    ReplyDelete
    Replies
    1. බොට ජොකා මතක වුනාමත් මෙව්වා වුනාට කකා එහෙම නැහැ. අත් දැකීම් වලින් පිරිපුන් මහත්මයෙක්.

      Delete
  30. අපි කියලා ඉතින් ඕවට විරුද්දව නැගී සිටින්න ඈ??අනිත් දවසේ ඒ වගේ ෂොප් වලට නොයෑ ඉදීම තමා හරි.

    ReplyDelete
  31. සොරි කියන්න වැරැද්දක් කරල තියෙන්න එපායැ. හරියටම ඉතුරු ගණන දීල තියෙද්දි, කළින් වෙච්ච සිද්දියක් ඇදගෙන කෑ ගහනව, ඔයත් හරියට චැනල් 4 වගේනෙ.

    ReplyDelete
  32. කස්ටමර් සර්විස් ගැන නම් කියලා වැඩක් නෑ. මරාගෙන මැරෙන්න හිතෙනවා. ඔය බිස්නස් වල අයිතිකාරයෝ මේ ගැන දන්නෙම නැත්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
  33. කෙලින්ම මැනේජර් කාරයටම වලිය දැම්ම නං අහවරයි

    ReplyDelete
  34. ඉදා ... මොකටද අර අහිංසක කෙලි පැටික්කි සොරි කියන්නේ .. මොකෝ ඔය ගත්ත දේවල් ඒ ළමයට ඕනවට අදින්න ගත්ත ඒවා නෙවෙයිනේ ...

    මොනවා උනත් ක. කා කියල තියෙන්නේ ඇත්ත, අපේ රටේ ගොඩක් තැන් වල / අයගේ ඔය වැරැද්ද පිළිගැනීම හෝ තමා අතින් වුන වැරැද්දට සමාව ඉල්ලා සිටීම නෑ. ඔබා අයියා කිව්වා වගේ මම දැනට ඉන්න රටෙත් සාප්පුවකදී ඔය වගේ දෙයක් උනත් / නොවුනත් ඒ අය තමාගේ පාරිභෝගිකයන්ට ගොඩක් හොදින් සලකනවා, විශේෂයෙන් මොකක් හරි අත පසුවීමක් හෝ වරදක් සිදු උනොතින් ' සමා වෙන්න , මගේ අතින් වරදක් උනේ ' කියල කියන්න ඒගොල්ල පැකිලෙන්නේ නෑ.

    ඇවිත් බලලා පදිංචි වෙන්න : www.thunsitha.tk

    ReplyDelete
  35. මේ වගේ දේවල් වලින් කරපට් වෙලා හොඳට සර්විස් එක දෙන සමහර තැන් වලට ගියාම බයත් හිතෙනවා....

    ReplyDelete
  36. කකා පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබල්

    ReplyDelete
    Replies
    1. එතකොට නගින්න ලේසියිනේ!

      Delete
  37. අපි තමයි පොරවල් අනිත් ජාති ආගම් ඔක්කොම කමකට නෑ... වෙන එකක් තියා අපේම එකෙක් උණත්.. අපි එක එකාට නැවෙන ජාතියක් නෙවේ... අපි පයිං යනකොට වාහන අපිට තැන දෙන්න ඔනේ.. වාහන වල යනකොට පයිං යන සෙප්පඩයො අපිට තැන දෙන්න ඔනේ.. අපි මොකෝ කාටවත් සොරි කියන්නෙ.. මේක අපේ තැන

    ReplyDelete
  38. ලංකාවේ ඉන්න අය කවද මේවා පුරුදු වෙයිද දන්නේ නැහැ ,please, thank-you, you're welcome, sorry, excuse me

    ReplyDelete
  39. ලංකාවේ ඉපදිලා වෙනරටකට නොගිහින් ලංකාවේම මැරිලයන්න ඉන්න අයට ඕවා ප්‍රශ්ණ නෙවෙයි. මම නිතරම ඔය වගේ අත්දැකීම් ලබනවා අර "ගෙදරයන ගමන්" යන කඩෙන්. අත්දෙක උස්සලා ආයුබොවන් කයල බිල ගහන්න පටන්ගත්තට වැරදීමක් පෙන්නල දුන්නොත් "සමාවෙන්න සර්" කියන්න උගන්නලා නැහැ. මම නම් පිළිපදින්නේ මේ උපදේශයයි.
    " when in Rome , Do as Romans do !

    batcha

    ReplyDelete
  40. අපෝ කකා අයියා මේ ගැන නම් කියලා වැඩක් නෑ. ලංකාවේ කස්ටමර් කෙයාර් ගැන..ගොඩක් සාප්පුවල ගෑනු ලමයි හැසිරෙන්නේ අපි එයාලගෙන් ණයක් ඉල්ලන්න ගියා වගෙයි..හරියට චැනල් සර්විස් වල දොස්තරලා වගේ..අපේ රටට අපහාස කරනවා නෙමෙයි අපේ මිනිස්සු කිසිම ආචාරශීලි බවක් සමහර වෙලාවට දක්වන්නේ නෑ..
    අපි ඉන්න මේ රටවල ලිෆ්ට් එකෙන් එලියට එන අය ඒකට නගින්න ඉන්න අයට සුබ පතාගෙනයි යන්නේ..ඒකට ඇදුනුම් කමක් ඕනේ නෑ.ඒත් අපේ අය එන්නේ පුරුවේ වයිරක්කාරයෝ වගේ :D..
    පිලියන්දල සරසවියෙන් මම ගිය අවුරුද්දේ පොත් ගන්න ගියාම මට සයිමන් නවගත්තෙගමගෙ පොතක් හොයාගන්න බැරිව උදව් ඉල්ලුවම සාරියක් ඇදගත්ත ලලනාවක් නිකන් හැසිරුනේ මම එයාගෙන් බෙහෙත් ගන්න ගිහින් වගේ..අනේ අපරාදේ කියන්න බෑ එතනම හිටපු පිරිමි ළමයා සෑහෙන්න මම වෙනුවෙන් මහන්සි උනා :D..

    ReplyDelete
  41. සම්පුර්ණ ඇත්ත.. වැඩියෙන් ගාන ගන්නවා හොඳ කල්පනාවෙන් නොහිටියොත්.. සමාවෙන්න කියන එක අපේ සබ්ද කෝෂයෙන් අයින් කරලානේ..

    ReplyDelete
  42. හිතන්න අනිත් පැත්තත්. සමහරක් පාරිබෝගිකයොත් ඉන්නවා මළවාත.ඔක්කොමල කඩවල් වල ඉන්න උන්ට බනින එක හරිම වැරදියි. කස්ටමර් ඊස් කීං තියරිය ලංකාවට ගැලපෙන්නැ.සතියක් කඩයක වැඩ කරලා බලන්න මම කියනදේ තේරැර්‍ම ගන්න පුළුවන්.දවසක් එක ගැණු කෙනෙක් අයිටර්‍ම 7ක පැකින් කැඩුවා.එකක්වත් ගත්තේ නැ.ගැරන්ටි කාඩුත් දැර්‍මමා. දාලා යන්න ගියා.තවත් ගැණු පරානයක් මීටර් 100ක් වීතර ඇතට බඩු උස්සගන යන්න ආවෙ නැ කියලා සෙල්ස් කරන අයට තිරිසන්නු කියලා බැන්නා.පාගන්න පුළුවන් තැන අසරනයින් පාගන එක අපේ මිනිස්සුන්ගේ හැටියක්.මම දන්නවා කඩයට එන උන් පිඩනයට ලක් කිරිම සහ හාර්‍මපුතූන් ශ්‍රමයට නියම වටිනාකම නොගෙවිම නිසා සාප්පු සෙවකයින් ඉන්නේ බොහොම කලකිරිමෙන්.එ මානසිකත්වයත් එක්ක තමයි ඔය නොසැලකිලිමත් බව ඇතිවෙන්නේ.අපේ රටෙ අඩුම වරප්‍රසාද ලබන .වැඩියෙන්ම ශ්‍රමය සුරාකැමට ලක්වන.පීඩිතම කොටස තමයි සාප්පු සේවකයො.ලබන වැටුප කන්ඩවත් මදි.සමහරක් අය දවසකට පැය 16ක් වැඩ කරනවා කිසිම අතිකාල දිමනාවක් නැතූව.සතූටින් ඉන්න මිනිහෙක් සහ කලකිරැනු මිනිහෙක් වැඩ කරන ක්‍රමය ගොඩක් වෙනස්.ඔය වැරදි ඇතූලේ හැංගිලා තියෙන්නේ එ මිනිස්සුන්ගේ අසරකම

    ReplyDelete
  43. ශ්‍රේෂ්ඨතම ජාතිය වෙන්න යද්දි එහෙම දේවල් වෙනවා :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.