Wednesday 14 March 2012

ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!


හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.

මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.

අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.

කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.

මේක ආන්දෝලාත්මක කවියක්. ඒ නිසා, අවශ්‍ය අයට පුළුවන් පහලින් තියෙන ලින්ක් එකෙන් මෙතනින් වෙන හොඳ තැනකට යන්න.

http://kathandara.blogspot.com.au/2009/11/blog-post_08.html

නොගිය අයට මෙන්න ඒ කවිය.

||
||
||
||
||
||
||
||
||
||
||
||
\/









රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!


කොහොමද, වෙඩි වගේ නේද?

මේ කවියේ යටින් තිබුණු නම අපේ ජූනියර් බැච් එකක පොරකගේ බව මට හොඳට මතකයි.

මීට කලින් දවසක මේ කවිය සිහියට ආපු වෙලාවක පොරගේ ඊ-මේල් එක මා ලඟ තිබුණු හින්දා මං අහලා යැව්වා මේ කවිය ලිව්වේ පොරමද කියලා. ඌ උත්තරයක් එව්වේ නෑ!

එහෙම අහන්න හේතුව තමයි මේ වගේ කවියක් ලියන්න නිර්මාණාත්මක හැකියාවක් සහ භාෂා පරිචයක් තිබුණු කෙනෙක් තව කවි සහ නිර්මාණ අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනෑ.

නමුත් පොර මීට පෙර සහ පසු ඒ වගේ කවි ලියා පලකළාය කියලා මගේ මතකයේ නෑ!

මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.

ඔහෙලාට මක්කයි හිතෙන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
ආයේ ඊ-මේල් එකක් දාලා අහන්න ඕනෑ මේ කවිය ලිව්වේ පොරමද කියලා!

(image: http://www.art.com/products/p610878358-sa-i4038936/miller-john-one-rotten-apple-amongst-other-green-apples.htm)

42 comments:

  1. මැක්සා!! යකඩෝ මට ඔ‍හොම අදහස් පහල වෙන්නෑ නෙවැ කවි ලියන්ට.. :(

    ReplyDelete
  2. ඕක ලිව්වේ මම ..

    ReplyDelete
    Replies
    1. අනේ තව එකක් ලියන්නකො!

      Delete
    2. පස්සේ පස්සේ ... දැන් වැඩ ... !! LOL

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සුපිරි කයි පද බැඳිල්ලක් නොවෑ.

    ReplyDelete
  5. E-fac නිර්මාණ පුවරුවට අයෙත් මෙ කවිය දැම්මට කමක් නැතිද දන්නේනැ :D

    ReplyDelete
  6. වෙඩි වගේ තමයි !!!

    ReplyDelete
  7. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ
    සමහරු...

    රවුල් කපති පින් පාටට හිස බූ ගාති
    රට පිලිගනුමට අසපු වලම වෙසෙති
    පොෂ් වීමට පන්සල් නොයති අසපුව වෙතම වඩිති
    ටි.වී එකේ පෙනී සිටිති ඇතමුන් රහත් බවද කියති

    ReplyDelete
  8. වදින්න ඕන තැනට මල්ටිබැරල් ගහලා තියෙන්නේ....මරු නිර්මාණයක්....

    ReplyDelete
  9. සම්බුදුවෙසින් කහ සිව්රෙන් විළිවහන
    ම...විහාරේ එම්බල මුඩු මහණ
    ඇඳි සිල්වතෙන් ගුණදම් පළවෙද්ද
    දෙව්දතුනටත් තිබුනා ඔය කහරෙද්ද

    ReplyDelete
  10. කවියට 10/10!

    ReplyDelete
  11. වචන නම් වෙඩි වගේ තමයි, නමුත් අනුන්ගෙ සැපතට ඔය විදියට ඊරිසියා කරන හරි නැහැ නේද?

    අනික සමස්තයක් විදියට ඕනෙම ආයතන ලොක්කෙක් ඔය වගේ නේද?

    මේක ලියල තියෙන්නෙ වැනසී යන බෞද්ධාගම ගැන වේදනාවෙන් නම්, ("...තවමත් මුන් සිවුරෙ වෙසෙති!":- ඕවා කලාට කමක් නැහැ, සිවුරෙ ඉඳගෙන කරන එකයි වැරැද්ද වගේ) මේ කවිය තේරුමක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ බෞද්ධ සමාජ සෙටප් එකේම නේද? මම කියන්නෙ මුදුන්මල්කඩ ගැන තියෙන අවිචාරවත් ශ්‍රද්ධාව වගේ ඒවායින් නෙමෙයිද මේවා පෝශනය කරන්නෙ?

    - සනාත

    ReplyDelete
    Replies
    1. සනාත දාල තියෙන්නෙ අනාත කමෙන්ට් එකක්නෙ.
      මේ කෑල්ල දැක්කෙ නැද්ද?
      //මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.//

      Delete
    2. හරි ඉතින්... ජනප්‍රිය කුනුහරුප සින්දු වලත් වචන ගැලපුම / නිර්මානාත්මක බව ඉතාම ඉහලයිනෙ. විවාදයකට නෙමෙයි මගේ අදහසයි කිව්වෙ..කමක් නෑනේ?

      - සනාත

      Delete
  12. එදත් අදත් කොතැනත් ඔය කාරණය
    පුවත් මවත් නිරුවත් කර සාසනය
    සිතත් මඩිත් කිව්වත් මහ දේසනය
    රටත් දැයත් වනසනු ඇත මේ විනය ......

    ReplyDelete
  13. තරු දහයෙන් දහයක් ඒ නිර්මාණාත්මක හිතට

    ReplyDelete
  14. එක ඇහැයි ඇරං උන්නෙ. කියෙව්වට පස්සෙ අනිකත් ඇරුන.

    ReplyDelete
  15. eka liwwe e porama wenna puluwan.
    Ahala nadda ara "S. Nipun Sanath Nandasiri ' gayana karana
    "Eda meda thura , kandulata wiwararunu" kiyana sinduwa.

    ReplyDelete
  16. මේ නිර්මාණය එයාගෙ පළමුවැනි සහ අවසාන නිර්මාණය වුනානම්, කොහෙදි හරි දැකල හිතට අල්ලපු නිසා ලියල කලාකවය පුවරුවට දැම්ම වෙන්නත් පුළුවන්.
    නිර්මාණාත්මකව ඉස්තරම් කවියක් තමයි. හුඟක් අයට ඔය වගේ අදහසක් ඉදිරිපත් කරන්න කුනුහරප දෙකක්වත් කවියට ඇතුළත් කරන්න වෙනව.

    ReplyDelete
  17. පොර තාම හොඳින් ඉන්නවද?

    ReplyDelete
  18. අම්මප සහතික ඇත්ත.....
    දැන් වැඩියෙන්ම සිවුරු පොරෝ ගෙන ඉන්නෙ ඔය වගේ උන් තමයි.

    ReplyDelete
  19. වෙඩි වගේ! අදවගේ කාලෙක ලිව්වනං ලිස්ට් එක දිගවෙන්න පුළුවන්. මොනව කරන්නද.

    ReplyDelete
  20. කුසලානේ ලු මිදි යුශ
    කුසලානෙ හැඩය ගනී
    කුසලානෙ ලූ විෂ වුව
    කුසලානෙ හැඩය ගනී

    ඕකත් මට නිතර මතක් වෙනවා. හැබැයි ලිව්වෙ මම නෙමේ. මේක ලියලා තියෙන්නෙ ප්‍රසිද්ධ කවියෙක්... දැන් නම මතක නෑ

    ReplyDelete
    Replies
    1. මහගමසේකරගෙ කවියක්.......

      Delete
  21. හප්පේ.... මාර පාරක්නෙ දීලා තියෙන්නෙ.

    ReplyDelete
  22. පවුඌඌඌඌ... සාධුලා අඬයි....

    මේක දාන්න තියෙන්නේ බ්ලොග් එකේ නෙමෙයි... ස්ටේෂන් වල, බස් ​හෝල්ට් වල... ගෑණු ඇදන් කාමර අස්සට යන හාමුදුරුවරු ඉන්න පන්සල් වල...

    ReplyDelete
  23. ගණින්නාන්සේලා කිව්වොත් වඩා ගැලපෙනවා.

    ReplyDelete
  24. අමුතුම සිතුවිල්ලක් සමාජයේ අමුතුම පැත්තකට යද්දි ඒක හරි අමුතුයි..

    ReplyDelete
  25. ආ ඔය කවිය ලියපු එකා පොරක් කියල හිතාගෙන ඇති...
    අපි දැන්ම එවනව සුදු වෑන් එකක්.
    මුං හිතං ඉන්නෙ මේ රටේ නීතිය බල්ලට ගිහින් කියල.
    නීතිය ගිහින් තියෙන්නෙ බල්ලට නෙවෙයි ගෝතට!

    ReplyDelete
  26. මොනා උනත් මරු නිර්මානයක්...........

    ReplyDelete
  27. මම බැලුවෙ අර කොල ඇපල් ගෙඩි ටික යාන්තම් පොතු ඇරල පෙති කපල හොඳට මිරිස්කුඩු ටිකක් ලුනු කුඩු ටිකක් දාල ගත්ත නම්...ම්ම්ම්ම්...(අනේ මට කවි තේරෙන්නෙ නෑ ඒ නිසා ඇපල් ටික ගැන හිතුවෙ.)

    ReplyDelete
  28. මම හිතුවේ ඇපල් මල් ගැන කියන්ට හදනවා කියලා. එහෙමත් සිංදු තියනවනේ නේද?

    මමත් ඉතින් කවුරු හරි කවියක් ලියලා එව්වොත් මිසක් කවි ගැන දන්නේ නෑ.:D

    ReplyDelete
  29. වසිලිස්සා15 March 2012 at 11:55

    නියම කවිය! කවුරු ලිව්වත් වදින තැනට නියමෙට වදිනවා :)

    ReplyDelete
  30. නියමයි කතන්දර . . . "Don't kill the messenger!" hahaha :D

    ReplyDelete
  31. වෙඩි වගේ තමා!

    ReplyDelete
  32. කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?

    කතන්දරය වෙඩි වගේය...

    "comment කෙරූ එකෙකුට හැර අනෙකුන්ට අවබෝධ වී ඇත.."

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.