Tuesday 1 March 2011

කතන්දර බ්ලොග් එකේ මුල්වරට පෝස්ට් එකක් ගැලවෙයි!


කතන්දර බ්ලොග් එකේ මේවන විට පෝස්ට් තුන්සියතිස් ගානක් පල වී ඇත.

ඕනැම දෙයක් පළමු වරට වෙන්න නියමිත දිනයක් තියෙනවානේ.

අද මේ බ්ලොග් එකේ මුල්වරට පෝස්ට් එකක් ගැලවෙන දිනයයි.

මට බුද්ධිමය දේපල හිමිකමක් නැති දෙයක් සහිතව අද උදේ පෝස්ට් එකක් දැම්මේ -මට විවෘත ඉල්ලීමක් ලැබුණු නිසයි.

නමුත් මේ වන විට තත්වය වෙනස් වී ඇත. බුද්ධිමය අයිතිය ගැන නම් නොවේ, මගේ පෝස්ට් එකේ තිබුණු තහනම් වචනයක් නිසා ය.

පෝස්ට් එක ගැලවූයෙමි.

හේතුව සඳහා මා දමා ඇති කමෙන්ට් එක බලන්න

-කතන්දරකාරයා

ප/ලි
ඊයේ වෙන්ට කතන්දර 100 ලයිස්තුව දැම්මට මං හිතුව විදියටම ඒ කියපු 104+ වලින් පිට එකක් නේ මුලින්ම පල කරන්න වුනේ!

13 comments:

  1. මට හිතුනා ලිස්ට් එක දැම්මට ට්‍රැක් එක පනියි කියල...හික්ස්..
    සුභ දවසක් කතන්දර...!!!!

    ReplyDelete
  2. මේක නිකං අපෙ ජාතික ගීය වගෙ නෙ, කිසි කික් එකක් නෑ! :/

    ReplyDelete
  3. සින්දුව හොඳයි. මේක නම් තහනම් කොරන එකක් නෑ. හොඳ විෂුවල් එකකුත් හැදුවොත් නරකද?
    ඔන්න බෑවා.

    ReplyDelete
  4. ඔය තහනම් වචනය සිරස ප්‍රවෘත්ති වලට යනවිට ‍ෆූක්..ගා හෝන් එකක් වදී.

    ReplyDelete
  5. හාන්කවිසියක් වත් දන්නෑ නොවැ
    අපි මෙපැත්තෙ එනකොට වෙන්න ඕන සන්තැසෙ වෙලා ඉවරයි ආයිබෝන්...............

    ReplyDelete
  6. හප්පා මමත් පරක්කු වැඩියි වගේ

    ReplyDelete
  7. මොකද්ද අප්ප ඒකෙ තිබුන තහනම් වචනෙ?

    ReplyDelete
  8. මේ පෝස්ටය දානකොට හිතුනේ නැද්ද කලින් පෝස්ටය අයින් කරන්න කලින් දැක්කේ නැති එවුන අනාත වෙනවා කියලා.

    දෙන්නකෝ ක්ලු එකක්. හොඳ "ප.ලි."යක් දාලා.

    ReplyDelete
  9. @All

    මං මුලින් දාපු පෝස්ට් එක සහමුලින් කපලා දාපු නිසා, පස්සෙ ආපු අයට වැඩේ තේරුනේ නෑ. නමුත්, බ්ලොග් රීඩර්ස්වල තාමත් ඒ මුල් පෝස්ට් එකේ හෙඩිම සහ මුල් වාක්‍යය විතර තියෙනවා.

    මෙන්න මේකයි සීන් එක.

    මට දවස් තුනකට කලින් ඊ-මේල් එකක් ආවා එම්පීත්‍රී එකක් එක්ක. ඒ ක්‍රිකට් වර්ඩ් කප් එක ගැන ලියවුනු සින්දුවක්. මේක මගේ යාළුවන් අතරට යවන්න කියලා ඉල්ලීමකුත් තිබුණා.

    ඒක කරන්න මට තියෙන හොඳම විදිහ කතන්දර බ්ලොග් එකේ දාන එකනේ.

    මං ඩීව්ෂෙයා එකට එම්පීත්‍රී එක අප්ලෝඩ් කරලා, සින්දුව ඔන්ලයින් අහන්නයි, ඕන්නං ඩවුන්ලෝඩ් කරගන්නයි ලින්ක්ස් අරගෙන, ඒවා දාලා පොඩි කතාවකුත් ලියලා පෝස්ට් එක දැම්මා.

    පෝස්ට් එකේ මාතෘකාව මේකයි:

    මෙන්න තවත් ක්‍රිකට් වර්ල්ඩ් කප් සින්දුවක් - පුළුවන් නම් තහනම් කරපල්ලා! Here-s another World Cup cricket song - Ban this if you can!

    ලින්ක්ස් වලට අමතරව මං දැම්මේ සින්දුවේ ලියපු, මියුසික් කරපු, රෙකෝඩ් කරපු, ගායනා කරපු අයගේ නම් ටිකයි තව පොඩි කරුණු දෙකක් විතරයි.

    එකක් තමා පහුගිය දවස්වල තහනම් කළාය කියන ක්‍රිකට් සින්දුව ගැන දේශපාලනිකව විරුද්ධ මත දරන අපේ සහෘද බ්ලොග් කාරයින් දෙන්නෙක්, සමාන මතවාදයක් ඉදිරිපත් කිරීම ගැන මගේ සතුටයි.

    අන්තිමට මං ලිව්වා මෙන්න මෙහෙම-
    මේ සින්දුව හොඳ නම් යාළුවන්ට කියන්න.

    සින්දුව හොඳ නැත්තං "අහවලා" ට කියන්න.


    ඔන්න ඔය "අහවලා" ගේ නම ආපු නිසයි ප්‍රශ්ණය ආවේ, සින්දුව ලියපු, මියුසික් කරපු කෂ්ටිය බය වුනා.

    පෘථග්ජනයෝ නේ...!!!

    කෝල් එකක් ආවා "අහවලා" ගේ නම අයින් කරන්න කියලා. මං කලේ මුළු පෝස්ට් එකම අයින් කිරීමයි!

    ඇත්තටම මේ වගේ අත්දැකීමක් මට කලිනුත් ලැබිලා තියෙනවා.

    ඒ ගැන ලියන්නම් හෙට.

    -කතන්දරකාරයා

    ReplyDelete
  10. මදැයි. දැන් අහවලා ඔය තරම් සින්දු පස්සේ දුවන පිස්සෙක් නොවේ. ඒත් බුවාට ඇහෙනකං අර සින්දුව නිල ගීතය වෙලා නෙ තිබ්බේ.

    ටැබුවාචාරින්ගේ බ්ලොග් පතේ ඕක ගැන ඇතිවෙන්න ලිව්වා නිසා විස්තර ලියන්නේ නැහැ.

    ReplyDelete
  11. දැන් ඉතින් සින්දුව අහන්න ලින්ක් එක විතරක් වත් පුබ්ලිෂ් කොරොත් වැරද්දක් වෙය්ද ?

    ReplyDelete
  12. හොඳ වැඩේ..කතන්දරට........

    ReplyDelete
  13. වෙරි ගුඩ් කතන්දර: අද කාලෙ පෘතක් ජනයොන්ට ඕනි හොද බාගෙ විතරයි.

    ඔබ්සර්වර්: මම නම් හිතන්නෙ ලින්ක් එක දාන්න ඕනි නැහැ කියල (හේතුව කතනදර දන්නව ). පෝස්ට් එකම ගැලෙවුවෙ ඒකයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.