Wednesday 23 March 2011

කොයි ඉස්කෝලෙ ද මල්ලී ස්ටඩි කලේ?


අපි පාසල් යන කාලේ කවුරු හරි සම වයසේ කෙනෙක් "කොයි ඉස්කෝලෙද ඔයා ඉගෙන ගන්නේ?" කියල ඇහැව්වාම, එහෙම නැත්තං, වැඩිහිටියෙක් "කොයි ඉස්කෝලෙද පුතා ඉගෙන ගන්නේ?" කියල ඇහැව්වාම උත්තර දෙන එක ඉතා ලේසියි.

කැම්පස් ගියාම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ නං අහන්නේ "තෝ කොයි ඉස්කෝලේ ද යකෝ අන්ඩර කෑවේ?" කියලයි. ඒකට උත්තර දෙන්නත් ලේසියි.

නමුත් පස්සෙන් පහු "කොයි ඉස්කෝලෙද ඉගෙන ගත්තේ?" කියල ඇහැව්වාම උත්තර දෙන එක මට නම් ටිකක් පැටලිලි සහිතයි.

මං පොඩි කාලේ ගියා ගමේ ඉස්කෝළෙට යි.

පහේ පන්තියේ තිබුණු තරග විභාගෙන් පස්සේ මට යන්න පුළුවන් වුණා, අපේ පලාතේ තිබුණු හොඳම පාසල වුණු මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ලොකු ඉස්කෝලේ හිටියා අවුරුදු හතරක් නමයේ පන්තියේ අවසානය දක්වා.

ඊට පස්සේ කරුමෙට වගේ මට යන්න සිදුවුණා කොළඹ ටවුමේ ඉස්කෝලෙකට.

කරුමේ කියලා කිව්වේ, ඊට කලින් හතේ බස් එකේ ගිය ගමන එදා ඉඳලා පහයි හතලිස් පහේ බස් එකේ යන්න වීම සහ දෙකයි කාලට ගෙදර ආපු එක, තුනයි හතලිහ දක්වා දික්වීම නිසයි. එතන අවුරුදු තුනකුයි මාස පහක් ගිටියට පස්සේ ඒ-ලෙවල්ස් කලාට, අස්වීම් සහතිකය නං ගත්තේ තවත් අවුරුද්දක් ගියාට පස්සේ කැම්පස් යන්න මාසෙකට විතර කලිනුයි.

දැන් මේ සේරම සිද්ධි වෙලා අවුරුදු බර ගාණකට පස්සේත් සමහරු අහනවා, "කොයි ඉස්කෝලෙද ඉගෙන ගත්තේ?" කියලා.

දැන් මං මොකක්ද දෙන්න ඕනෑ උත්තරේ?

අවුරුදු පහක් ඉගෙන ගත්තු කණිෂ්ඨ විද්‍යාලයේ නම කියන්නද?

ඊ ලඟට අවුරුදු හතරක් ඉගෙන ගත්තු මධ්‍ය මහා විද්‍යාලයේ නම කියන්නද?

නැත්තං දහයේ පන්තියේ ඉඳලා උසස් පෙල කරන තුරු අවුරුදු තුන හමාරක් ඉගෙන ගත්තු කොළඹ ඉස්කෝලේ නම කියන්නද?

පොලිටිකලි කරෙක්ට්, ෆැක්චුවලි කරෙක්ට් උත්තරයක් දෙන්නත් එපායැ!

මං කියන්නේ මෙහෙමයි.

මං ඒ-ලෙවල්ස් කලේ XXXXඒ.

-කතන්දරකාරයා

ප/ලි :
ඔය උඩින් තියෙන කතන්දරේ ට මුල්වුණු ඇත්තම කතන්දරේ මෙන්න මෙහෙමයි.

ඔන්න මේ ලඟදී පාසල් අධ්‍යාපනය හමාර කරපු අවුරුදු විස්සක විතර කොල්ලෙක් අපිට හමුවුණා. අපේ එකෙක් උගෙන් ඇහැව්වා ඔය ප්‍රශ්ණේ.

අපේ එකා: මල්ලී ඔයා කොහෙද ස්ටඩි කලේ?
කොල්ලා: ස්ටඩි කළා කියල නං කියන්න බෑ අයියේ. මං ගියේ නං XX කොලේජ් එකටයි.


(image credit: www.santabanta.com)

28 comments:

  1. මොනාවුනත් ඇත්ත කියන කොල්ලෙක්.. අපිත් ඉතිං ඉස්කෝලෙ ගියාට 'ස්ටඩි'නං කලේ නෑ වගේ තමා දැං බැලුවම (කොරන්න ඕන අනිත් ජාති හැමඑකම වගේ කොලා හැබැයි).. :)

    ReplyDelete
  2. ඔය ප්‍රශ්නෙ ඇහුවම තව එක්කෙනෙක් කියාපි "මම ඉස්කෝලෙ ගිහින් නෑ , මම ගියේ කොලේජ්" කියල

    ReplyDelete
  3. මගෙන් කවුරුහරි ඒ ප්‍රශ්නේ ඇහුවනම් මටත් දෙන්ට වෙන්නේ ඒ උත්තරේම තමයි :D

    ReplyDelete
  4. ඉස්කෝල 4 ක විතර ඉගෙන ගත්ත නිසා මටත් ඔය ප්‍රස්නෙ තියෙනව. හැබැයි මම නම් කියන්නෙ වැඩිම කාලයක් ගිය ඉස්කෝලෙ නම තමා. (4 වසරෙ ඉඳන් A/L දක්වා)

    ReplyDelete
  5. මමත් කතන්දර වගේම ස්කෝල තුනකට ගියා. ඒකට ප්‍රධාන හේතුව වුනේ මගේ තාත්තා රට වටේම යන රැකියාවක් කරපු එක. ඒ නිසා දැන් කාලේ වගේ ස්කෝල වලට ඇතුල් කරන්න දුක් විදින්න ඕන වුනෙත් නැහැ.

    දැන් හැමෝම වගේ ,කොහේ හරි , මොකක් හරි ස්කෝලෙකට ගිහින් තියනවා. ඒක කොච්චර දෙයක් ද. හැබැයි ඉතින් ඔය පිලිවල නැතිව , කෙලින්ම නගරයේ පාසලට ස්ටඩි කරන්න දරුවව ඇතුල් කරන්න තමයි දැන් කාලේ නම් අර අදින්නේ.ඒක ළමයින්ට කරන අසාධාරණයක් විදිහටයි මට පෙනෙන්නේ. මොකද ගමේ ස්කෝලෙ ලමයා ගෙදර ඇවිත් නාලා , කාලා සෙල්ලම් කරල නින්නදකුත් නිදාන ඇහැරින කොට තමයි නගරෙට පාසල් ගිය ළමය ගෙදර එන්නේ. ( ඔන්න ඉතින් මම කියන්නේ නැහැ ගමේ ළමයි යන්න ඕනි ගමේ ස්කෝලෙට කියල)

    මම ඉන්න ප්‍ර දේශයේ තියනවා කණිෂ්ඨ විද්‍යාලයක්. ඒකෙ පන්ති තියෙනවා සා/පෙල දක්වා. ඒ වගේම තමයි ශිෂ්‍යත්ව විභාගය ලියන ළමයින්ගෙන් 96%ක් විතරම පාස් වෙනවා.

    ඉතින් මේ පාසලට ළමයි ඇතුලත් කර ගන්න තියෙන්නෙ හරිම තරගයක්. කොච්චර තරගයක් ද කියනව නම්, ඒ ප්‍රෙද්ශයේ කඩකාමර වලත් පවුල් පිටින් පදිංචි වෙලා ඉන්නවා. ශිෂ්‍යත්වය පාස් වෙන ළමයි කතන්දර වගේම නගරයේ පාසලට ඇදෙනවා.

    ඉතිරි ටික ඒ ස්කෝලෙම රැදෙනවා. හැබැයි මේ පාසලෙන් සා/පෙල සමත් වෙන්නේ සෑහෙන අඩු පිරිසක්.

    ස්කෝලෙ යන හැම කෙනාම මොනම හරි දෙයක් ඉගෙන ගන්නවා කියල මම නම් විශ්වාස කරනවා. ඒ නිසා පාසල් යෑම වැදගත්.

    “ වැස්සකට හරි ස්කෝලෙකට ගොඩ වෙලා තියෙන්න ඕනි “

    ReplyDelete
  6. නියම උත්තරේ.මොකද්ද දන්නෙනෑ ඒ කොලීජිය?

    ReplyDelete
  7. ඈත්ත නේන්නම්.... අපි උනත් දෙන්නෙ අර මල්ලි දුන්න උත්තරේ තමයි. ඇපි ගියා ඉස්කෝලෙකට ඒත් ස්ටඩි කරේ නෑහෑනෙ....

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  8. "ස්ටඩි කළා කියල නං කියන්න බෑ අයියේ. මං ගියේ නං XX කොලේජ් එකටයි."

    කොල්ලා ඇත්තම කියපු එක අගයකරන්න ඕනා.අපේ සමහරු වැඩ බැරිඋනත් ගම ගාල්ලෙ නේ.
    ලොකු ලොකු ඉස්කෝල වලට ගිය හොරු,මන්කොල්ලකාරයෝ,කුඩුකාරයෝ කොච්චර ඉන්නවද?.

    ෆැක්චුවලි කරෙක්ට් උත්තරේ නම් ඒ ලෙවල් කරපු එක තමයි.

    ReplyDelete
  9. අන්න ඉස්කෝලෙ ගිහිල්ල නියම ඵල නෙලාගත්තු එල කොල්ලෙක් !
    ඇත්තටම අපි ඉස්කොලෙවල කරන්න Study ද Learning ද?

    ReplyDelete
  10. ලියන්ඩ දෙයක් නැත්තං වාක්‍ය රචනාවක් හරි ලියලා පරණ ලිපි වලට ලින්ක් දාගන්නවා නේද?
    කතන්දර කොහොමටත් වෙන බ්ලොග් වලට කමෙන්ට් දාන්නෙත් තමන්ට ලින්ක් එකක් ඔබාගන්න පුලුවන්නම් විතරයිනේ

    ReplyDelete
  11. @බුරා
    @පූසා
    @අළුත් කොල්ලා

    කතන්දරේට නිමිත්ත දුන්නු මල්ලි කොලුවා ට යාළුවෝ ගොඩයි වගේ!

    ReplyDelete
  12. @චානක

    කොලේජ් ඔෆ් ෆූල්ස් වෙන්න ඇති!

    ReplyDelete
  13. @රංග

    හතරේ ඉඳලා දොලහට ගියා නං වෙන මොනවා කියන්නද? මගේ නං 5, 4, 3+.

    ReplyDelete
  14. @වත්

    ඒ ඉස්සර වැස්සකට ඉස්කෝලෙට ගොඩ වුනේ. දැං කාලේ ඒවා ගේට්ටු දාලා, ඉබ්බෝ දාලා වහලා.

    ReplyDelete
  15. @නදී

    ඒ කොලීජිය තමයි ** කොලේජ් එක!

    ReplyDelete
  16. @රංජිත්

    ලොකු ඉස්කෝලවලට ගියා නම් උං ලොකු හොරු, ලොකු මංකොල්ලකාරයෝ සහ ලොකු කුඩුකාරයෝ. ඔය අනිත් පොඩි හොරු, පොඩි මංකොල්ලකාරයෝ සහ පොඩි කුඩුකාරයෝ වගේ නෙමේ!

    ReplyDelete
  17. @නවම්

    ඔය දෙකෙන් එකක් කරනව නං, ඒ මදෑ.

    ReplyDelete
  18. @ලෝඩ් ඔෆ් ද මැනර්

    ඔය ලින්ක් කතාව කියන්නේ මටද, අළුත් කොල්ලා ට ද?

    මට ලියන්න දෙයක් ඇත්තේම නෑ තමා - මේ බලන්න.
    http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

    ReplyDelete
  19. කතන්දර ඔයින් බේරුනා ඇති!
    අපේ අක්කාගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවනම් මාර අමාරුවක වැටෙන්නේ
    එයා ඉස්කෝල 6 කට වත් අඩුම තරමේ ගිහින් තියෙනවා =D

    ReplyDelete
  20. මගේ පිලිතුරත් ඔකම තමයි.මෙ තියෙන්නේ එ ගැන මම කලින් ලියපු ලිපියක්.

    ඔබේ පාසල කුමක්ද?- http://www.kedapatha.info/2008/12/blog-post_22.html

    ReplyDelete
  21. පොලිටිකලි කැරෙක්ටි වෙන්න කොළඹ ඉස්කෝලේ නම කියන් එක තමා හොඳ... A/L කොහෙන් කළා උණත්....

    ReplyDelete
  22. මමත් ඉස්කෝලේනම් ගියා. හැබැයි ස්ටඩී කලේනම් නැහැ... :D

    ReplyDelete
  23. අවාසනාවකට මට ඉස්කෝලේ නම කියන්න වුණු බොහොමයක් අවස්තාවල මගේ ඉස්කෝලේ නම කියන්න හැකියාවක් තිබුණේ නැහැ...

    පුරුද්දක් විදියට ඒ වෙලාවට අපි හැමෝම කිව්වේ අල්ලපු වැටේ ඉස්කෝලේ නම...

    ReplyDelete
  24. මම නම් හිතන්නේ ගියපු ඔක්කෝම ඉස්කෝල ‍ගැන කිව්වොත් හොඳයි කියලා....ඉස්සෙල්ලා උ/පෙ කරපු ඉස්කෝලේ කියලා ඒකට එන්න කලින් හිටිය එක ඉස්කෝලෙයක්වත් කියන්න පුළුවන් නම් හොඳයි.....

    ReplyDelete
  25. අන්න පොර... ස්ටඩි කරලා නැති බුවෙක්... ඇත්ත කිව්වනේ ඌ... ඒ ඈති...

    ReplyDelete
  26. නියම උත්තරෙ...
    ස්ටඩි කළා කියල නං කියන්න බෑ අයියේ. මං ගියේ නං XX කොලේජ් එකටයි.

    ReplyDelete
  27. @All
    සියළු දෙනාටම පොදු පිළිතුරක් ලියන්නම්.

    මං අන්තිම ඉස්කෝලෙට ගියේ දහයේ පන්තියට. එදා ඉඳලා අවුරුදු තුනකුත් මාස පහක් ගියා ඒ ලෙවල්ස් කරන්න. මාසයක් ආච්චිලා ගේ ගෙදර ගිහින් ඉඳලා ආයෙත් දවස ගානේ ඉස්කෝලේ ගියා තවත් මාස හතක් ම.

    කැම්පස් එකේ දී අහන්නේ කොයි ඉස්කෝලෙන්ද ආවේ කියලනේ. එතකොට කියන්න ඕනෑ ඒ ළෙවල්ස් කරපු තැන තමයි.

    දැන් අවුරුදු ගාණකට පස්සේ තමයි ප්‍රශ්ණේ එන්නේ. මගේ පලමු උත්තරය ඊට කලින් හිටිය ඉස්කෝලේ ගැන ප්‍රශ්ණයකට හැරෙනවා බොහෝ වෙලාවට.

    හැමට තුති.

    ReplyDelete
  28. සෑහෙන කස්ටියකට ගැලපෙන උත්තරයක්...........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.