Tuesday 23 March 2010

ඕපන් යුනිවසිටි එකට ජනාධිපති ආපු දා - The day President visited the Open University


මේ කතාව මට කිව්වෙ මගෙ හොඳම යාළු පොරක්. මේ අපූරු චිත්තරේ ඇඳල දුන්නෙ සයිබර්යාය ලියන අපේ හිතවත් බුද්ධි බ්ලොග්කරුවායි.

සිද්ධිය වෙලා තියෙන්නෙ දැනට අවුරුදු බර ගාණකට කලින්. මේ මාතෘකාවෙ කියන ජනාධිපති ගොයිය මිය පරලොව ගිහිනුත් දැන් කලක් ගතවෙලා.

ශ්‍රීමත් ජනාධිපතිතුමා තම රාජධානියෙ යම් ස්ථානයකට සැපත් වෙනව කියන්නෙ ඉතිං එසේ මෙසේ සිදුවීමක් නෙමෙයිනෙ. හැබැයි ඔය ජනාධිපතිල ඉතිං යුනිවසිටිවලට එන්නෙ නම් ඉතාමත් කලාතුරකින්. කැම්පස් එකේ කොල්ලො කෙල්ලො නැති කැම්පස් වහල තියෙන කාලෙට ඇවිත් යනව වෙන්න ඇති. ඕපන් යුනිවසිටි එකේ නං ඉතිං කොල්ලො කෙල්ලො ඉන්නවාද නැද්ද කියල අවුලක් නෑනෙ.

කොහොම හරිං ජනාධිපති එන දවස ලංවුණා. බරටම ලක ලෑස්තිය. ගමකට ආරක්‍ෂක විධි විධාන. වැඩේ බරපතලයි. මේ සිද්ධියෙන් වෙච්ච එක හොඳක් තමා සෙකියුරිටි ගාඩ්ලට වෝකි ටෝකි සැට් ලැබීම.

කවද කාපු ටකරන් ද කිව්වළු. සෙකුරිටි ගාඩ්ල කෂ්ටියට නිකං අවුරුදු වගේ. මුං ටික තමන්ගෙ වෝකි ටෝකි අරගෙන කැම්පස් එක හතර අතේ යනව, වෝකි ටෝකි වලින් කතා බහ කරනව, වැඩ කෝටියයි.

ඔන්න ඉතිං මෙතන සෙකුරිටි පොරවල් දෙකක් අළුතෙන් ලැබිච්ච ක්‍රීඩා භාණ්ඩෙ චෙක් කරන්න කියල දෙපැත්තට පිටත් වුනා. දෙන්න කැම්පස් එක වටේම රවුං ගහමින් අළුත්ම ආරක්‍ෂක තත්වය වාර්තා කරමින් එනව.

ඔතන තිබුන දිගම දිග කොරිඩෝර් කිහිපයක්ම. දැං ඔන්න මේ දෙන්න කතා ආරක්‍ෂක තත්වය ගැන පොඩි මොක් අප් කතාවක් දාගෙන එනව.

"උඹ දැන් ඉන්නෙ කොයි හරියෙද?"

"මං දැං ඉන්ජිනියරිං ඩිවිෂන් එක ලඟ."

"බොරු කියන්න එපා, මාත් ඉන්නෙ එතනනෙ බං."

"මට පේන්නෙ උඹයි බොරු කියන්නෙ, මං ඉන්නෙ නං ඉන්ජිනියරිං එක ලඟ."

දෙන්නටම හිතුන සමහර විට දෙන්න එකම කොරිඩෝර් එකේ දෙපැත්තට යනව වෙන්න ඇති කියල. එහෙම නං ඉස්සරහට පේන්නෙ නෑනෙ. ඔන්න ඒ පාර දෙන්නම ආපහු හැරිල වෝකි ටෝකි වලින් කතා කර කර පිටිපස්සට ඇවිදින්න පටන් ගත්ත.

"කෝ බං මට උඹව පේන්නෙ නෑනෙ."

"මටත් පේන්නෙ නෑ."

"මචං, මේ වෝකි ටෝකි වල පොඩි වරදක් තියෙනව වගේ නේද බං? මට නිකං දෝංකාරයක් වගෙ ඇහෙනව."

"ඔව් බං, මටත් නිකං උඹ කියන දේවල් දෙපාරක් ඇහෙනව වගේ."

ඩෝං!

ඒ සද්දෙ මොකක්ද දන්නවද? අපේ සිකුරිටි පොරවල් දෙන්නගෙ පස්ස පැත්තවල් හැප්පෙන සද්දෙ!

හෑන්ඩ්සෙට් වල වරදක් හින්ද එන දෝංකාරයක් නෙමේ ඒ ඇහිල තියෙන්නෙ ඇත්තටම කතාකරන සද්දෙයි, වෝකි ටෝකියෙන් එන සද්දෙයි එකට පටැලවිලා! පස්ස හැප්පෙනකංම පස්සෙන් පස්සටනෙ ආවෙ!

කතන්දරකාරයා

9 comments:

  1. පවි අප්පා! :D බඩ පැලෙන්න හිනා..:D :D :D

    ReplyDelete
  2. වඳුරන්ට දැලි පිහි අහු උනා වගේ තියෙන්න ඇති

    ReplyDelete
  3. මේකත් වෝකි ටෝකි කතාවක්.
    වෝකි ටෝකි එකට හමුදාවේ කියන්නෙ ''සෙට්'' එක කියලා.
    හමුදාවේ පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමට එක සෙට් එකකුයි සිවිල් සේවකයෙකුයි එක්ක ඔත්තු බලන්න යන්න උනා. මගදි හමුදා භටයෝ පස් දෙනා බිම් බෝම්බයකින් මලා.සිවිල් සේවකයායි සෙට් එකයි ඉතුරු උනා.
    ඒ අතරතුර ප්‍රධාන කදවුරෙන් සෙට් එකට ඈමතුමක් ආවා.
    '' චාලි බ්‍රාවෝ වන් එක්ස්ප්ලේන් ද සිටුඒෂන්''කියලා.
    සිවිල් සේවකයා දන්නව යෑ සෙට් එකෙන් කතා කරන බාසාව.(හමුදාවේ කට්ටිය සෙට් එකෙන් කතා කරන්නෙ වෙනම බාසාවකින්. හතුරට තේරෙන්නෙ නැති වෙන්න.)
    ඒයා කිව්වා
    ''චාලි බ්‍රාවෝ මම දන්නෑ සර්! ආපු පස් දෙනාම මෙතන මැරිලා. ඉක්මනට ඈවිල්ල මාව එක්කං යන්ඩ '' කියලා.

    ReplyDelete
  4. පව් දෙයියනේ :P

    ReplyDelete
  5. සික්කන්ට නම් වදුරට දැලි පිහිය අහු උනා වගේ ඇති...

    බුද්දි ය කියපු කතාවට නම් දුක හිතුනා.

    ReplyDelete
  6. @ All
    Thanks for comments.

    @ Buddhi
    දුකයි සහෝ ඒ කතාවටනං. අපරාදෙ නාස්තිවුණු ජීවිත!!!

    Thanks heaps for your art work.

    ReplyDelete
  7. OH ..!! hi hi hi

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.