Friday 26 February 2010

ජොලි සීයගෙ කතන්දරේ


අපෝ නෑ! කලබල වෙන්නෙ නැතුව ඉන්න. මේ කතන්දරේ එයා (ලංකාවෙ මේ දවස්වල ප්‍රසිද්ධ එක්කෙනා) ගැන නං නෙමේ. මේක කතන්දරකාරයගෙ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ සීය ගැන කතන්දරයක්!

මං මේ කතන්දරේ ඔය විදියට පටන් ගත්තෙ මේකෙ මාතෘකාව දැකල අපේ ඇඩ්මින් කෂ්ටිය කතන්දර බ්ලොග් එකත් අර පොලිටිකල් ටැබ් එකට ඇදල දායි කියල හිතුන හින්දයි.

මාතෘකාව නිසා පොට වරද්ද ගත්තු අය ඉස්සෙල්ලාම මෙන්න මේ ටික අහල ඉන්නකෝ.

අපේ සීය හරිම ජොලි පොරක්. මට මතක ඇති කාලෙ ඉඳල පැන්ෂන් සුවයෙන් තමා කාළෙ ගත කලේ. හැබැයි පොර බෝතලේට නං පැන්ෂන් දීල තිබුණෙ නෑ. දිව්‍යලෝකෙ යන්න කලින් සීය අසනීප වෙනකම්ම හොඳ ජොලියෙන් ජීවිතේ ගත කළා. අපි බොහෝ දෙනෙකුට ආදර්ශමත් විදියට. ඒකයි මං ජොලි සීය කියල කිව්වෙ. උන්දෑට නිවන් සුව ලැබේවා!

දින දෙකතුනකට කලින් ලියපු මේ කතන්දරේ අදම දාන්න හිතුනෙ මගේ පොර ළමයා කතන්දරේ බලල ඉන්දික ලියල එවපු සීය බූව ගෙ කතන්දරේ හින්දත් ඒක දැකපු ටැබූ සර් ලියල එවල තිබුණු බ්ලූ බලපු සීය ගෙ කතාවත් නිසයි.

මෙන්න දැන් ජොලි සීයගෙ කතන්දරේ.

සීයා පැන්සොන් අරං හිටියෙ රජයේ ගුරු සේවයෙන්. මුලින් උපගුරුවරයෙක් විදියට වැඩ කරල පස්සෙ අවුරුදු ගණනාවක් ම එක එක කණිෂ්ඨ විද්‍යාලවල මුල්ග්‍රරුවරයා ලෙස වැඩකරල තිබුන. මේක අපේ සීය උප ගුරුවරයෙක් විදියට ගම්බද පාසැලක උගන්වන කාලෙ වෙච්ච කතාවක්.

කොයි ඉස්කෝලෙත් තියෙනවනෙ ගුරු කාමරයක්. ඕෆ් පීරියඩ්ස් වල, ඉන්ටර්වල් එකේ ගුරුවරු ඕකට තමයි සෙට් වෙන්නෙ. ගෙදරින් ගෙනාපු පාං, සීනි සම්බෝල, රොටී, ඉඳි ආප්ප මුල් අරගෙන, උණුවතුර ප්ලාස්ක් වල දාපු ප්ලේන් ටී අරගෙන විවේක පාඩුව සප්පායං වෙන්න.

සීය වැඩ කරපු ඉස්කෝලෙ මුල් ගුරුවරය තමයි ජෝන් මහත්තය. පොරත් හැමදාම ඉන්ටර්වල් එකේ එනවළු ගුරු කාමරේට තේ බොන්න. මිනිහ කාමරේට ඇතුල් වෙලා අනිකුත් ගුරුවර ගුරුවරියො තේ බොන පැත්ත බලල අහනවළු මෙන්න මෙහෙම.

"කව්ද අද පාන් නොකා ඉන්නේ.. .. ..?"

එහෙම අහන්නෙ පොරටත් පාන් පෙත්තකුයි, සීනි සම්බෝල ටිකකුයි ඉල්ල ගන්නයි. ඕක ඇහෙන ඔතන ඉන්න ගුරුවරියො ටික ලැජ්ජාවෙන් බිම බලා ගන්නවළු.

අපේ සීයට මේ වැඩේ ඇල්ලුවෙ නෑ, ඒ ඉස්කෝළෙට ගිය දවසෙම. දවසක් දෙකක් බැළුව. ජෝන් මහත්තය ගුරු කාමරේට තේ බොන වෙලාවට ආවොත් නොවැරදීම ඔය ප්‍රශ්ණෙ අවනවමයි.

හැබැයි, ජෝන් මහත්තය ගෙ ඒ පුරුද්ද එක දවසකදි නතර වුනා.

ඒක වුනේ මෙන්න මෙහෙමයි.

ඔන්න එදත් ජෝන් මහත්තය ආව ගුරු කාමරේට ගුරුවරු තේ බොන වෙලේ මෙහෙම කියාගෙන.

"කව්ද අද පාන් නොකා ඉන්නේ.. .. ..?"

අපේ සීය කිව්වළු මෙන්න මෙහෙම.

"පාන් නොකා නෙමේ, ජෝන් මහත්තය, පාන් ජොකා!"

කොහොමද කතන්දරකාරය ගෙ ජොලි සීයගෙ වැඩ?

කතන්දරකාරයා
ප/ලි (28/02/2010)ඃ
ඔය ෆොටෝ එකේ ඉන්නෙ කවුද කියල දන්නවනෙ?

16 comments:

  1. හෆොයි මට හිනාව නවත්තගන්න බෑ

    ReplyDelete
  2. කුනුහරුපයක්නේ මේක කියලා තියෙන්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  3. ela buwekne KK ge seeya . .. hik hik . ..

    ReplyDelete
  4. හික්ස්...
    ජොලි සීයෙක් තමා

    ReplyDelete
  5. hahahhahaa..
    :D
    ලොලේ ලොල්

    ReplyDelete
  6. හි හි.. පාන් ජොකා සීයට මොනාද දන්නෑ කීවෙ...

    ReplyDelete
  7. මේ දැන් මේකට සම්බන්ධ කතාවක් මතක් වුනා.

    සැරයක් ප්‍රේමසිරි කේමදාස මොකද්දෝ පරණ තරහක් උඩ, සංගීත ප්‍රසංගයකදි දෙකක් දාගෙන හිටි වෙලාවක පත්තරකාරයකුට බැනලා තිබුණා.

    ඊළඟ සුමානෙ පත්තරේ ඒ ගැන ලියැවෙනවා මෙහෙම.

    "මොහු සංගීතයට පංචසිඛයකු හා සමානය. ඒත් දෙකක් දාගත් විට පංචසිඛයා අනිත් පැත්ත හැරෙයි."

    මටත් හොඳයි නේද කතන්දර බ්ලොග් එකක් පටන් ගත්ත නම්?

    ReplyDelete
  8. සියළු දෙනාටම
    කොමෙන්ට්ස් වලට ස්තුති වේවා!

    @ Taboo
    ටැබූ කතන්දර කියන් පටන්ගත්තොත් මං විනාසයි වගේ.
    කියන්නෙත් හොඳ ලුණු ඇඹුල් ඇති කතන්දරනේ!

    ReplyDelete
  9. නෝටි සීය :D

    ReplyDelete
  10. හත්තිලව්වයි !!!

    ReplyDelete
  11. ජොලි සීයා පැන්සොන් ගියේ එදායින් පස්සෙ වෙන්ටැති

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.