Tuesday 15 December 2009

කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3



සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු ගැන කතන්දර කීපයක් තමා මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස අයි ඩෝන්ට් නෝ වයි ඔන්න මෙතනින් බලන්න. දෙවන කොටස වීසා ඔන් ඇරයිවල් ලියමින් ඉන්න වෙලේ කැම්පස් ඉන්න කාලෙ ලියපු කවියක් මතක් වුනා.

මෙන්න ඒක.

මවඃ
මිදුණු කඳුළැලි දෙනෙත වසාගෙන සිරවෙලා
නැමුණු හිස වකුටු වුනු සිරුර තුල සැඟවිලා
ගැමුණු ඔබ කිමද පුත නිදන්නේ ගුලිවෙලා
කියණු කිම කාරණා, කියනු නොම සඟවලා

පුතාඃ
එක පසෙක තුවක්කුය හිසට ඇත එල්ල කර
අනෙක් පස කැන්ටිමය කුසම ඇත මෙල්ල කර
අනෙක් පස ෆැකල්ටිය සිහිය ඇත විකල් කර
මා කෙලෙස නිදන්නද සුවෙන් අත පය දිගැර

ගියපාර දාපු දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2: වීසා ඔන් ඇරයිවල් කතාවෙදි මං කිව්ව නේද දුටුගැමුණු කොළු ගැටය කාලෙ තාත්ත එක්ක ඔරොප්පු වෙලා තාත්තව කිච කරන්න බ්‍රෙෂියර් පාර්සලයක් ඇරිය කියල.

මං දන්න තරමින් 1979 දී විතර, ලංකාවෙ මුල්ම කාටූන් චිත්‍රපටිය හැදුවෙ දුටුගැමුණු ගැනයි. අධ්‍යක්‍ෂණය කලේ ප්‍රියසාද් සහ අර්ථසාද් කියන දෙසොහොයුරෝ. හැබැයි ඒ ෆිල්ම් එක එක දවසෙන් ම තහනම් කළා ආණ්ඩුවෙන්. හේතුව ඔය තාත්තට බ්‍රෙෂියර් පාර්සලේ යවපු සීන් එක වගේ ඒව වෙන්න ඕනැ. කොහොම වුනත් දුටුගැමුණු ලොක්ක වගෙ කෙනෙක් ගැන කාටූන් චිත්‍රපටියක් හදන එක හොද නැහැයි කියලත් සමහරු හිතන්න ඇති.

දන්නව නේද? පහුගිය දවස්වල දුටුගැමුණු ගැන ෆීචර් ෆිල්ම් එකක් ම හදන්න පටන් ගත්තු බව. මේක අධ්‍යක්‍ෂණය කරන්නේ "දඬුබස්නාමානය", "අකාල සන්ධ්‍යා", "අග්නි දාහය" වගේ ඓතිහාසික පසුබිම ඇති නිර්මාණ ගොඩක් කරපු ජයන්ත චන්ද්‍රසිරි.

ඒ විත්‍රපටියෙ රඟපාන නිළියො ටික තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ!

එලාර ට ඉන්නෙ "අබා" හදපු ජැකා ලු.

බලමු මොනව වෙයි ද කියල!

දුටුගැමුණුල ගැන තව කතන්දරයක් තියෙනව. ලඟදීම ලියන්නං.

මෙන්න හතරවෙනි කොටස:

http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html

කතන්දරකාරයා -
දෙසැම්ර් 19 සාදයේ දී හමුවෙමු.

8 comments:

  1. ශෝක් කවිය.. දැන් මෙහෙම කවි ලියන්නේ නැතැයි.? කතන්දර විතරක් ලිය ලිය ඉන්නේ

    ReplyDelete
  2. මලී,
    කවුද කිව්වෙ ලියන්ණෙ නැ කියලා. අර අවුරුදු 16 දී පෙම් කවියක් ලියපු දා ඉඳලා තාම ලියනවා. ඔහොම ඉන්න තව ඉස්සරහට කවි එනවා.
    ක.කා.

    ReplyDelete
  3. kavith ehenam balaporoththu wen imu katandara blog eke ma . . nama wenas koranda wei da??? kavi saha katandhara kiyalaa . .. ?? hiks

    ReplyDelete
  4. දුටුගැමුණු චිත්‍රපටියට කෙල වුනා.. දැං ඒක කරන්න වෙන්නෙ නෑ.. චිත්‍රපටය අතහැරල තියෙන්නෙ.. එලාර ලොක්කගෙ වැඩක් කියල තමා ආරංචි.. අපරාදෙ තඩි බජට් ෆිල්ම් එක. බබාට වඩා දුටු ලොකු වෙයි කිලය බය හිතෙන්නැති.

    ReplyDelete
  5. අනූ ස්තුතියි ආරංචියට.

    මටත් ඕක වටින් ගෙඩින් ආරංචි වෙලා තිබුනේ. ඒකයි මං ලිව්වේ "බලමු, ඟොනව වෙයිද කියල" ඉඟියෙන්.

    අර්තසාද් ගෙයි, ප්‍රියසාද් ගෙයි කාටූන් ෆිල්ම් එක නං එක දවසක් හරි පෙන්නුවා. මේක ලත් තැණම ලොප් වුනා වගෙයි.

    මේක ජයන්ත චන්දුසිරි - ජැක්සන් ඇන්තනි සුසංයෝගයේ අවසානය ද?

    කකා

    ReplyDelete
  6. @Dukaa

    දුකෝ, නොදන්නව වගේ කියන්නෙ, ඇයි හැම කවියකම පසුපස්සෙ කතන්දරයක් තියෙනව නේද?

    ReplyDelete
  7. පොඩි සන්දියෙ ඉඳන් යාලුවෙ ඔහොමත් තරහ වෙයිද?

    ReplyDelete
  8. බ්ලොග් අවකාසේ රවුමක් ගහද්දි වැස්සට වගේ ගොඩ වැදුණේ.. දුටුගැමුණු ආයේ වැඩ යනවා නෙව.. තව මාස කීපයකින් ඉවර කොරයි කියන්නේ.. කියවගෙන එද්දී මතක් වෙච්ච එකක් තමා ඔයි කාටූන් එක තහනම් කොරලා තියෙන්නේ ඒකේ අලියෙක්ගේ නැට්ටෙන් අල්ලලා පොළේ ගහන එකක් තිබ්බ නිසාලු.. එහෙම තමා මම අහලා තියෙන්නේ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.