Wednesday 14 October 2009

අත්සන් කිරීම තහනම්











යුතනේසියා (Euthanasia) කියන්නේ සුඛිත, අනායාස මරණය කියන එකයි. ඒ කියන්නේ අසාධ්‍ය ලෙස මාරාන්තික රෝගයකින් දුක් විඳ විඳ ඉන්න කෙනෙකුට ඉක්මනින් මරණය ලඟා කර දීමයි. සමහර විට හොර රහසේ වෙන දෙයක්. හැබැයි නීතියෙන් තහනම්. මිනී මැරුමකට සමානයි පවතින නීතිය හමුවේ. යුතනේසියා කියන වචනය කලින් අහල පුරුදු නැති, තේරුම දන්නෙ නැති අයට මේක ඇහෙන්නෙ, යූත් ඉන් ඒසියා (Youth in Asia) කියලයි.

යූත් ඉන් ඒසියා ඊස් අ වෙරි කන්ට්‍රවර්ෂල් ටොපික් (Youth in Asia is a very controversial topic) කියල කවුදෝ කතාවකදි කියනව ඇහැණු කෙනෙක් මගෙන් ඇහැව්ව ආසියාවෙ තරුණයො කියන මාතෘකාව ඔච්චර විවාදාත්මක එකක් වෙන්නෙ කොහොමද කියල. මට මේ අවුල තේරුම් ගන්න සෑහෙන්න වෙලාවක් ගියා.

ඒක නෙමේ අද කතන්දරේ.

ඉස්සර අපි කුලියට හිටිය ගෙදරකට යන්න තිබුණු කෙටි පාරක් වැටිල තිබුනෙ වෙනත් ගෙවල් වගේකට යන පාරක් හරහා. මේකෙ බෝඩ් එකක් ගහල තිබුණ, දිස් ඉස් අ ප්‍රයිවෙට් රෝඩ් (This is a private road) කියල. මං පොඩි කාලෙ මෙතනින් යන එන කොට මේක කියවන්නේ දිස් ඉස් අ ෆේවරිට් රෝඩ් (This is a favourite road) කියලයි. සෑහෙන්න කාලයක් ගියා හරි වචනෙ හරි විදියට පෙන්න.

ඒකත් නෙමේ අද කතන්දරේ.

මං මුලින් කිව්ව කතා දෙකම ඉංගිරිසි වචන ඇහෙන හැටි, පෙනෙන හැටි ගැන කතා. ඒ සේරටම වඩා හොඳ කතාවක් මෙන්න. මේක සිංහල කතාවක්.

මං පොඩි කාලෙ, කෝච්චි ටිකට් එකක් දැක්ක ගමං කරන්නේ ඒකෙ පිටිපස්ස අත්සන් කරන එකයි. මේ මං දෙකේ තුනේ පන්තිවල ඉන්න කාලෙ. ඇත්තටම කියනවනම් මං අම්මගෙනුත් අහල ඉස්-ඉස්සෙල්ලාම අත්සන් කරන්න පුරුදු වුනෙත් මේ කෝච්චි ටිකට් වල පස්ස පැත්තෙ අත්සන් කරන්න ඕනැ වුනු හින්දමයි.

අත්සනක් ගහන්න, ඒ තරම් උනන්දුවක් ඇතිවුනේ ඇයි කියල දන්නවද?

හැම කෝච්චි ටිකට් එකක ම පිටු පස්සෙ ගහල තියෙනව "අන්සන්තක කිරීම තහනම්" කියල. ඒ කියන්නෙ තමන් ගත්ත ටිකට් එක වෙන කෙනෙකුට දීම තහනම් කියන එකයි. ඒ, කෝච්චි ටිකට් නිකුත් කල දවස පුරා වලංගු නිසා එක ටිකට් එකෙන් දෙතුන් දෙනෙක් යන එක වලක්වන්නයි. හුඟක් ස්ටේෂන් වල ටිකට් එකතු කරන්නෙ නෑනෙ ඒ දවස් වල.

අන්සන්තක කියන වචනෙ අහල පුරුදු නැති, තේරුම නොදන්න මං අන්සන්තක කිරීම තහනම් කියන වගන්තිය කියවන්නෙ "අත්සන් කිරීම තහනම්" කියලයි.

මගේ ඒ ඒකල විිරෝධතා ව්‍යපාරය ඉලක්ක වුනේ, මට තේරුණු විදියට, ඒ විදියට ටිකට් එකේ අත්සන් කිරීමට විරුද්ධව පණවා තිබුණු මෝඩ නීතියට එරෙහිවයි.

කතන්දර කාරයා
(add me as a friend in Facebook)

සේරම කතන්දර කියවන්නඃ http://kathandara.blogspot.com/

12 comments:

  1. නියමයි . . ඔයා පුංචි කාලේ ඉඳන් පෙරලි කාරයෙක් හා . . ? හොඳයි හොඳයි . . . ලොකු පුංචි කියල නෑ . . . වැරදියි නරකයි කියල හිතෙන දේට විරුද්දව පුලුවන් විදිහකින් නැගී සිටින්නයි ඕන . .

    ReplyDelete
  2. අනේ කොල්ලෝ තව කතාවක් කියපන්.................

    ReplyDelete
  3. Euthanasia සුඛ මරණය හැම රටේම අපරාධයක් හැටියට සැළකෙන්නේ නෑ. මම අහලා තියනවා සමහර රටවල් තියනවා දැඩි ලෙස අසාධ්‍ය මරණාසන්න රොගියෙක්ව ඥාතීන්ගේ කැමැත්ත ඇතිව මරණයට පත්කිරීම නිත්‍යානුකූල වන.

    ReplyDelete
  4. ඕක මනුස්ස ගතියක් නේද කතන්දර කාරයා....චිත්‍රපටියක් වැඩිහියන්ට පමණය් කිව්වමනෙ පොඩි උන්ට ඕක බලන්න හිතෙන්නෙ...නැත්තන් උන්ට ඕක ගානක් වත් නැහැ නේ.....(මටත් පොඩි කාලෙ එහෙම තමය් හිතුනෙ.... ;) ) කරන්න එපා කියන දේ කරන්නම නේ ආසාව තියෙන්නෙ.....

    ReplyDelete
  5. මේක මීට කලින් කලයුතු දෙයක්, පමාවීම ගෑන සමාවෙන්න.

    කතන්දරට, අපි හෑමොගේම ප්‍රනාමය හිමිවෙන්න ඕනා, මේ කතන්දර සංකල්පය පටන්ගෑණීම ගෑන. එසේ නොවුනා නම්, අපේ බ්ලොග් අවකාශය මිනිසුන්ගේ කුහකකම්, දේශපාලන සහ තාක්ශනය විතරක් පිරිච්ච මීටවඩා හාත්පසින්ම වෙනස් ස්තානයක් වීමට තිබුනා

    ReplyDelete
  6. ඕස්ට්‍රෙලියාවේ එහෙම තීන්දු උසාවියෙන් දීලා තියෙනවා.. (Emily Bauer is a successful psychologist who is living the ideal family life until she is suddenly diagnosed with the dreaded neurological condition called ALS better known as Lou Gehrig's Disease. In the beginning stages, she puts up a courageous fight against this terrible affliction but her condition is deteriorating which eventually leaves her in a vegetative state. Emily then pleads with her husband to help her die) Right to Die TV film synopsys from IMDB

    ReplyDelete
  7. හිකිස්.. මමත් හරිම කැමතියි එපා කියන වැඩ කරන්න..

    ReplyDelete
  8. මේ කතා‍වේ නම් මොකද්ද දෙයක් මට අහු වෙනවා ගොඩක් යටින් ...

    නියමයි. වචන හරිම සකසුරුවමින් පාවිච්චි කරල හත් වටයක් යටින් යන්න ගේමක් දීලා කියලයි කියන්න වෙන්නේ...

    මට මේ ගැන හෙටත් කල්පනා කරන්න වෙනවා.

    ReplyDelete
  9. එක මිසක්, මම බැලුවෙ මොකද්ද මෙ කතන්දර අයියගෙ අමුතු විනෝදාංශෙ කියල...

    ReplyDelete
  10. චෝක් කතන්දරේ... ඒ දවස්වල විතරක් නෙවෙයි මේ දවස්වලත් ටිකට් එකතු කරන්නෙත් නෑ...

    ReplyDelete
  11. හරිම අපූරුයි...!

    @ Ravimal, නෑ..නෑ...දැං ගොඩක් වෙලාවට ටිකට් එකතු කරනවා.....

    ReplyDelete
  12. සි‍නාරියෝ එක මටත් තියෙනවා ඔය වගේ කේස් එකක්...

    ඒක කියන්න ලැජ්ජයි... මාර අතීතේ ඒක....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.